මාධ්‍යවේදීන්ට තිබෙන අලුත් හිසරදය – අන්තර්ජාල හිංසා සහ වැරදි තොරතුරු – අපි සූදානම් වන්නේ කෙසේද?

0
5
ඡායාරූපය: Pexels

එරික් ලිට්කේ 15 වසරක අත්දැකීම් සහිත වාර්තාකරුවෙකි. තම  වෘත්තීය ජීවිතය තුළ එරික් ලිට්කේගේ කථාවලින් කෝපයට පත්වන්නෝ බොහෝය. ඔහු එවැනි   මිනිසුන්ගෙන් යම් ආවේගාත්මක  ඊමේල් පණිවිඩයක් හෝ  සමාජ මාධ්‍ය පණිවිඩයක් සැම විටෙකම බලාපොරොත්තු වෙයි.

USA Today පුවත් පතට වැඩ කරන ලිට්කේ  තම පුවත් වාර්තාකරණයන්වලදී කරුණු නිරවද්‍යතාව පරීක්ෂා කරන්නේ මිල්වෞකි ජර්නල් සෙන්ටිනල් සහ ලාභ නොලබන පොලිටිෆැක්ට් සංවිධානය අතර හවුලක් වූ පොලිටිෆැක්ට් විස්කොන්සින් Poly Fact Wisconsin)  නම් කරුණු පරීක්ෂා කිරීමේ  (Fact Checking) ඒකකය මගිනි. ඔහු මේ කරුණු නිරවද්‍යතාව සහිතව වාර්තා කරන්නට පටන් ගත් දා සිට ඔහුගේ වැඩ සම්බන්ධයෙන් මහජන ආකල්පවල  ලොකු වෙනසක් සිදුව ඇති බව ඔහුට වැටහිණි. ඔහු තම වාර්තා සමාජ ජාල හරහා හුවමාරු කරද්දී එයට ලැබුණු ප්‍රතිචාර ඉමහත්ය. මේ සුබවාදී ප්‍රතිචාර සමඟ මෙම වාර්තා දැඩි සේ ප්‍රචලිත වන්නට විය. එසේ වුවද පසුගිය වසර තුන තුළදී ඔහුට වඩාත් පෞද්ගලික මට්ටමින් ලැබෙන අපයෝජන පණිවිඩ වඩාත් පෞද්ගලික වී ඇති අතර වැඩි වැඩියෙන් පැමිණෙන්නේ ඔහුගේම වළල්ලේ සිටි පුද්ගලයන්ගෙනි.  

කරුණු නිරවද්‍යතාව (Fact checking)   නිසි ලෙස සොයා බලා ආවරණය කරන අදාළ විෂය නියම ආකාරයෙන් පළ කිරීම  තුළින් ඔහුට ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය තුළ අන්තර්ගත කරන ලද වාර්තාවල ගුණාත්මක බව ඉහළ නැංවීමට සමත් වුවද එමගින් තාර්කික නොවන  හා දැඩි චිත්තවේගී ප්‍රතික්‍රියා සමාජයේ ඇතැම් කොටස් තුළින් මතු වූ බව ඔහුට වැටහිණි..

“කරුණුවල නිරවද්‍යභාවය පරීක්‍ෂා කිරීමේ කාර්යභාරයේ මා යමක් කරන විට එයට ප්‍රතිචාර වශයෙන් දැක්වූ අදහස් වල ස්වභාවය මා ගවේෂණාත්මකව  යමක් කරන විට ලැබෙන ප්‍රතිචාරවලට වඩා බෙහෙවින්ම වෙනස් ” යනුවෙන් ලිට්කේ පවසයි. තර්ක ,දත්ත සහ විවේචනාත්මක චින්තනය සමඟ යමක් දෙස බැලීමට මිනිසුන් උනන්දුවක් නොදක්වන ආකාරයක් පවතිනවා. ඔවුන් බලන්නේ, අප වාර්තා කළ කාරණයටත් වඩා එය වාර්තා කළ ආකාරය සම්බන්ධයෙන් . ඒ හේතුවෙන් අපට විවිධ ප්‍රතිචාර එල්ල වෙනවා. එය ඇතැම් විට හරි, ඔබ මේ පුද්ගලයා මේ ආකාරයට ඇගයීමට ලක් කළා, ඒ නිසා ඔබ මේ පොළොවේ කුණුහරුපයක්, නැත්නම් ඔබ ප්‍රශංසාවට ලක් කළ හැකි දීප්තිමත් පුද්ගලයෙක්. මේ හොඳ නොහොඳ ඇසීම පිළිබඳව තීරණය වන්නේ අප එය වාර්තා කළ ආකාරය මත පදනම්වයි.“ ලිට්කේ තවදුරටත් පවසයි.

ලිට්කේ මුහුණ දී ඇති වඩාත් බරපතල අත්දැකීමක් වන්නේ  ආගන්තුකයෙකුගෙන් ඔහුට නොපැහැදිලි තර්ජනයක් සහිත ඊමේල් පණිවිඩයක් ලැබීමයි. එය  ඔහු සහ ඔහුගේ කතුවරුන් පොලිසියට දැනුම් දීමට තරම් බරපතළ යැයි තීරණය කිරීම ඔහුට වෙනස් අත්දැකීමකි.

“මෙවැන්නක්  මීට පෙර මගේ වෘත්තීය ජීවිතයේ සිදු වී නෑ ,” ඔහු පවසයි. “මෙවැනි විද්‍යුත් පනිවිඩ සැබැවින්ම අප සිටින තැන මෙය ඇතැම් අය පිළිගන්නා ආකාරය පිළිබඳව මෙන්ම අප යා  යුතු මඟ පිළිබඳව දැක්වෙන එක්තරා දර්ශකයක්.   මම හිතන්නේ නැහැ ඔවුන් මගේ ගෙදරට එයි කියා, නමුත් අප ඔවුන්ට පහසුවෙන් හඳුනා ගත නොහැකි තරමට අපි සෑහෙන්න දුරස් වී සිටිය යුතුයි  ”

වාර්තාකරුවන්ට තම වාර්තා හේතුවෙන් විවිධ සතුරු බලපෑම්වලට විවිධ ආකාරයෙන් මුහුණ දෙන්නට සිදුවෙයි.  ශාරීරික තර්ජන, අන්තර්ජාලය හරහා විවිධ තාඩන පීඩන එල්ල කිරීම , අන්තර්ජාලය හෝ සමාජ මාධ්‍ය ජාල හරහා චරිත ඝාතනය වැනි තර්ජන ඊට නිදසුන්ය.  එවැනි ප්‍රහාරවලින් වාර්තාකරුවන්ගේ ආරක්ෂාවට සැබෑ ජීවිත තර්ජන සිදුවිය හැකිය. තම අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සීමා කළ හැකි අතර, මාධ්‍යවේදීන්ට කර්මාන්තයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වීමට පවා පෙලඹවිය හැකිය.

තමන් අදාළ විෂය පිළිබඳව සත්‍යය තම වාර්තා  තුළින් අනාවරණය කිරීමේදී මාධ්‍යවේදීන් මේ තර්ජන පිළිබඳව අවබෝධ කර ගත යුතු සේම  ඔවුන් තම ඩිජිටල් ආරක්ෂාව ගැන ද දෙවරක් සිතිය යුතුය.

වැරදි තොරතුරු සහ අන්තර්ජාල හිංසනය – වෙන්කළ නොහැකි සම්බන්ධතාවක්

අන්තර්ජාලය ඔස්සේ හිරිහැර කිරීම යනු පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් විසින් වෙනත් අයෙකු දැඩි ලෙස සහ වඩාත් පැතිරුණු සහ  හානිකර ආකාරයෙන් අන්තර්ජාලය තුළ ඉලක්ක කර ගැනීමයි. වෛරී කථාව, ලිංගික හිංසනය, අනවසරයෙන් සමාජ ජාල ගිණුම්වලට ඇතුළු වීම සහ පීඩා කිරීම ඇතුළු උපක්‍රම කිහිපයක් මීට ඇතුළත්ය.   එයින් අරමුණු කරන්නේ කෙනෙකුගේ පෞද්ගලික තොරතුරු අන්තර්ජාලය හරහා ප්‍රචාරය කිරීමෙන් ප්‍රතිරූපයට හානි කිරීමය.

මෙවැනි ප්‍රහාරයන්ගෙන්  අසමාන ලෙස වධ හිංසාවලට ලක් වන්නේ මාධ්‍යවේදීන්ටත් වඩා මාධ්‍යවේදිනියන්ය.  එක්සත් ජාතීන්ගේ අධ්‍යාපන, විද්‍යා හා සංස්කෘතික සංවිධානය (යුනෙස්කෝ) සහ මාධ්‍යවේදීන් සඳහා වූ ජාත්‍යන්තර මධ්‍යස්ථානය මෑතකදී නිකුත් කළ වාර්තාවක් මඟින් අන්තර්ජාල හිංසනය ප්‍රකාශයට පත් කළේ “කාන්තා මාධ්‍යවේදීන් සඳහා වන නව ඉදිරි පෙළ සටන ” ලෙසින්ය.  පුවත්පත් කලාවේ කාන්තාවන් 700 කට වැඩි සංඛ්‍යාවක් පිළිබඳ සිදු කෙරුණු ගෝලීය සමීක්ෂණයකදී 73% ක් කියා සිටියේ ඔවුන් යම් ආකාරයක හෝ අන්තර්ජාල  හිංසනයකට ඔවුන් මුහුණ දුන් බවයි. එයින් ම ඔවුන් පෙළන අර්බුදයේ තරම පැහැදිලි වෙයි.

මෙවැනි හිසංනයන්ට ගොදුරු වූ මාධ්‍යවේදිනියන් ගෙන්  බහුතරයක්  කියා සිටියේ තමන්ට ලිංගික හිංසනය සහ ශාරීරික හිංසනය, ඩිජිටල් ආරක්‍ෂක ප්‍රහාර, අපහාසාත්මක ලෙස සංස්කරණය කරන ලද  ඡායාරූප, අපයෝජන හා අසභ්‍ය පණිවිඩ, ඔවුන්ගේ පෞද්ගලික කීර්තිනාම හා වෘත්තීයමය විශ්වසනීයත්වය බිඳ දැමීමට උත්සාහ කිරීමේ ප්‍රකාශ  සහ මූල්‍ය තර්ජන යන තර්ජන ඔවුන් වෙත අන්තර්ජාලය හරහා ලැබී ඇති බවයි. ඔවුන් අතරින් සියයට 40ක්  පමණ කියා සිටියේ ඔවුන්ගේ ප්‍රහාර සැලසුම් සහගත ලෙස මෙම වැරදි ප්‍රචාරක ව්‍යාපාර සමඟ සම්බන්ධ වූ බවය.

මාර්ගගත හිංසනය බොහෝ විට පුවත්පත් සහ අනෙකුත් ප්‍රජාතන්ත්‍රවාදී ආයතන අපකීර්තියට පත් කිරීමට උත්සාහ කරන අසත්‍ය ප්‍රචාරණ ව්‍යාපාර සමඟ “වෙන් කළ නොහැකි ලෙස බැඳී” ඇති නමුත් එය එක් එක් තනි වාර්තාකරුවන් වෙත ද යොමු කළ හැකි බව මාර්ගගත PEN ඇමරිකා ආයතනයේ  නෝරා බෙනවිඩෙස් පැවසීය.

“මේවා අන්තර්ජාලය තුළ පැතිරී ඇති සහ සමහර විට විවිධ ආකාරවලින් ආයුධ ලෙස භාවිතා කරන දේවල්.   නමුත් ඔවුන්ගේ උපක්‍රමය වාර්තාකරණය පිළිබඳව විශ්වසනීයත්වය පළුදු කිරීම සහ ඒ වාර්තා පිළිබඳව  සැකයක් නිර්මාණය කිරීමයි. ඒ වගේම ඔවුන්  තම පාඨක ප්‍රජාව තුළ අපකීර්තියට පත් කිරීමටත් උත්සාහ කරනවා.“  යනුවෙන් ඇය පැවසුවාය.

මෙවැනි අවස්ථාවලදී  වින්දිතයාට අහඹු ලෙස බෝම්බ හෙළන බවක් පෙන්නුවද මෙම එල්ල වන ප්‍රහාර එකිනෙක අතර සබඳතාවක් පවතින බව පසුව අවබෝධ කර ගත හැකිය.  (Media Manipulation Casebook  යනු වසංගතයේ මුල් අවධියේදී අන්තර්ජාලය පරිහරණය කරන  කළු ප්‍රජාවන් තුළ ව්‍යාප්ත වීමට පටන් ගත් කෝවිඩ් -19 පිළිබඳ වැරදි වෛද්‍ය තොරතුරු ඇතුළු සබැඳි හිරිහැර හා වැරදි තොරතුරු ප්‍රචාරණ වැඩසටහන්වල ඉහළ සම්බන්ධීකරණයක් පෙන්නුම් කරන ගැඹුරු විමර්ශන එකතුවකි.

“මම හිතන්නේ අන්තර්ජාල හිරිහැර සහ වැරදි තොරතුරු එකම කාසියක දෙපැත්තක්, නැත්නම් සමහර විට එකම හෙල්ලයේ කරල් දෙකක් වගේ ” PEN ඇමරිකා ආයතනයේ  ඩිජිටල් ආරක්‍ෂාව සහ නිදහස් ප්‍රකාශන වැඩසටහන් අධ්‍යක්ෂ වික්ටෝරියා විල්ක් එය දකින්නේ එලෙසිනි. මෙම අවස්ථා දෙකේදීම අරමුණ වන්නේ සමූහයක් කෙරෙහි වැරදි තොරතුරු ප්‍රචාරය කිරීම හෝ නොමඟ යැවීමය . ඔවුන්ගේ උත්සාහය කීර්තිමත් සහ විශ්වාසදායී මූලාශ්‍රවලින් එන විශ්වසනීය තොරතුරු වැරදි බවට ගර්හාවට ලක් කිරීමය.  ඒ  සඳහා, එම වෘත්තීය පිළිගත් මූලාශ්‍ර විශ්වාසදායක හෝ පදනමක් රහිත බව ඔවුන් ඔප්පු කළ යුතුයි . එහිදී ඔවුන් නිවැරදි තොරතුරු   අඩපණ කිරීමට හෝ දියාරු  කිරීමට කටයුතු කරනවා.   එහිදී ඔවුන් භාවිත කරන උපක්‍රමයක් වන්නේ  වෘත්තීයමයභාවයකින් යුතුව නිපදවන ලද තොරතුරු පිටුපස සිටින වාර්තාකරුවන් අපකීර්තියට පත් කිරීම ,  බිය ගැන්වීම සහ නිහඬ කිරීමය.  ” විල්ක් තවදුරටත් එය එසේ විග්‍රහ කරයි.

නමුත් එයින් ගැටලු දෙක සැම විටම එකට යන බව අදහස් වන්නේ නැත.  සිදුවන සියලුම අන්තර්ජාල හිංසනයන්  එකම ව්‍යාපාරයක කොටසක් වන්නේ ද නැත.  සමහර විට එය සැබවින්ම අවුල් සහගත ය, මන්ද කෝපයට පත් සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් තමන් පෞද්ගලිකව ඉලක්ක කර ගත් අය වෙත ද ඇතැම් විට මේ ආකාරයෙන් චෝදනා එල්ල කරන නිසාය

වැරදි තොරතුරු ප්‍රචාරණ සහ අන්තර්ජාල හිංසනය අතර සමානකම් තිබුණද, සාවද්‍ය තොරතුරු සහ අන්තර්ජාල හිරිහැර කිරීම් අධ්‍යයනය කිරීමේදී එය එකම ආකාරයකට තේරුම් ගැනීමක් සිදුවන්නේ නැත. එනම් මෙම  දෙක හදුනා ගන්නා ආකාරය වෙනස්ය.   බෙනවිඩෙස් සහ විල්ක්ට අනුව වැරදි තොරතුරු පර්යේෂණ බොහෝමයක් නරක බලපෑම් කරන්නන්, සමාජ මාධ්‍ය බොට් සහ ව්‍යාජ පුද්ගලයන්  හෙළිදරව් කිරීම සඳහා කැප වී ඇති අතර, අන්තර්ජාල හිංසනය සම්බන්ධයෙන් සිදුවන්නේ සාපෙක්ෂව අඩු විද්‍යාත්මක විමර්ශණයකි. පර්යේෂකයින් සහ වාර්තාකරුවන් බොහෝ විට අවධානය යොමු කරන්නේ ප්‍රහාර පිටුපස ඇති යාන්ත්‍රණයන් හාරා බලනවා වෙනුවට දැඩි ලෙස පීඩාවට පත් වූ හෝ වෙනත් ආකාරයකින් ඉලක්ක කරගත් පුද්ගලයින්ගේ කථා ගැන අවධානය යොමු කිරීමට ය.

“මේ කාරණා සම්බන්ධයෙන් ඉතා  හොඳ වෝහාරික විමර්ෂණයන් සිදු නොවන බැවින්  අපට බොහෝ සාක්ෂි හඳුනා ගත හැකි වන්නේද  නැත. ” යනුවෙන් විල්ක් පවසයි. 

යමකුගේ ඉලක්කයක් වීමට පෙර ඔබේ අන්තර්ජාල ආරක්ෂාව තද කර ගන්නේ කෙසේද?

 බොහෝ සෙයින් දක්නට ලැබෙන තත්ත්වයක් වන්නේ මේ පිළිබඳව මාධ්‍යවේදීන් තුළ පවතින අනවබෝධයයි. ඇතැම් විට ප්‍රාද්ශීය මාධ්‍යවේදීන් කල්පනා කරන්නේ මෙවැනි අන්තර්ජාලය හිංසනයන්ට සහ සමාජ ජාල අපහාසයන් වැනි තත්ත්වවලට ගොදුරු වන්නේ ජාතික මට්ටමේ මාධ්‍යවේදීන් හෝ ජාත්‍යන්තර මට්ටමේ මාධ්‍යවේදීන් පමණක් කියාය. එහෙත් අද මාධ්‍යවේදීන්ගේ වෘත්තීය වපසරියන් සැලකීමේදී මෙය සෑම මට්ටමකදීම දැකිය හැකි තත්ත්වයක් බව ලිට්කේ පවසයි. “සමහර විට ඔබට හෝ ඔබ සමීපව දන්නා කෙනකුට මෙම අත්දැකීමට මුහුණ දෙන තෙක් ඒ පිළිබඳව හරි වැටහීමක් ලබා ගත නොහැකි වේවි“ ලිට්කේ තවදුරටත් පවසයි.

නමුත් මාධ්‍ය තුළ සිදුවන  පොදු කතිකාවන්හී  සෑම අංශයක් තුළටම වැරදි සහ වැරදි තොරතුරු රිංගා යද්දී, වාර්තාකරුවන් අපයෝජකයින් විසින් මාර්ගගතව ඉලක්ක කර ගැනීමේ ඉඩකඩ වැඩිවේ. PEN ඇමරිකා විසින් සංස්කරණය කළ  Online Harassment Field Manual අත්පොතට අනුව  අන්තර්ජාලය හරහා යම් යම් හිංසනයන්ට ගොදුරු වීමේදී  හිංසනයට ලක්වීමේදී ඊට ප්‍රතිචාර දැක්වීමට වඩා ඵලදායක වන්නේ මේ තත්ත්ව සම්බන්ධයෙන් පෙර සූදානමක් ඇතිව එවැනි ප්‍රහාර ඉලක්ක මඟ හැර යාමේ තත්ත්ව පිළිබඳව නිසි අවබෝධයක් ලබා ගැනීමය.

දකුණු ෆ්ලොරිඩාවේ සෙමිනෝල් ට්‍රිබියුන් හි වාර්තාකරුවෙකු වන ඩේමන් ස්කොට් සමාජයේ පැතිරෙන වැරදි තොරතුරු සම්බන්ධයෙන් වාර්තා කරන මාධ්‍යවේදියෙකි. ඔහු පවසන්නේ මේ අංශය වාර්තා කිරීම අනෙක් සෙසු සෑම අංශයක් වාර්තා කිරීමකම වඩා වෙනස් බවය.  2020 දී ඔහු ගෝලීය කරුණු පරීක්‍ෂා කරන ෆස්ට් ඩ්‍රාෆ්ට් හි ප්‍රවෘත්ති මාධ්‍යවේදියකු ලෙස මාධ්‍ය සහ සමාජ මාධ්‍යවල පැතිරෙන වැරදි සහ වැරදි තොරතුරු නිරීක්ෂණය කළේය. ඔහු පසුගිය වසරට පෙර වැරදි තොරතුරුවලට මෙතරම් ගැඹුරු කිමිදීමක් සිදු නොකළ බව ඔහු පැවසීය.

“අපි අධ්‍යයන කටයුතුවලදී කළාක් මෙන් මම කිසි විටෙකත් වාඩි වී මෙම වැරදි තොරතුරු අන්තර්ජාල හිංසනයේ තරම කෙබඳුදැයි විශ්ලේෂණය කර තිබුණේ නෑ. මෙම වැරදි තොරතුරු පිළිබඳ ව ගවේෂණය  මගේ මනෝභාවයට  කෙසේ බලපායිද යන්න පිළිබඳව මට  සූදානමක් තිබුණත් නෑ, නමුත් මම හිතුවාට වඩා මේ අත්දැකීම පීඩාකාරී වුණා. මට එය යළිත් කරන්න සිදුවුණේ  නම් යළිත් හරියටම කරන්න පුළුවන් වේවි යයි මම හිතනවා.  එය මා සිතනවාට වඩා බොහෝ දෑස් විවර කළ හැකි  දෙයක් .” ඩේමන් ස්කොට් තම අත්දැකීම් විස්තර කර ඇත්තේ එලෙසිනි.

ඩේමන් තම වාර්තාකරණයන් හේතුවෙන් සමාජ මාධ්‍ය තුළ දැඩි ද්වේෂයට ලක්වූ පුද්ගලයකු විය. ඔහුට වගකීම් විරහිතව ඇතැම් සමාජ මාධ්‍ය ප්‍රවර්ධකයෝ කටයුතු කළහ.. ෆ්ලොරිඩාවේ විශේෂිත තොරතුරු ගැන ප්‍රවෘත්ති  නිපදවීමට බොහෝ දුරට තිරය පිටුපස වැඩ කළ ප්‍රාදේශීය වාර්තාකරුවෙකු වශයෙන්-ඔහු සමාජ මාධ්‍ය තුළ වගකීම් සහිතව හැසිරෙන්නට පටන් ගත්තේය. ඔහු බොහෝ අය තම ෆේස්බුක් ගිණුමෙන් ඉවත් කළේය.  සිය ඩිජිටල් ආරක්ෂාවට අදාල විවිධ උපක්‍රම ඔහු අනුගමනය කළේය.තම පරිශීලක නාමයන් පවා ෆේස්බුක් ගිණුම තුළ ඔහු වෙනස් කළ අතර තම ගිණුම උපරිම වෘත්තියභාවයකින් යුතුව පවත්වාගෙන යාම කෙරෙහි උත්සාහ ගත්තේය.

අන්තර්ජාල හිංසනයට එරෙහිව ආධාරක ජාලයක් ගොඩ නැගීම

ආධාරක ජාලයක් ගොඩ නැගීම (Building a support network)  මෙවැනි සාවද්‍ය තොරතුරුවලට එරෙහිව සහ අන්තර්ජාල හිංසනයන්ට එරෙහිව ක්‍රියාත්මක වීමට භාවිත කළ හැකි  තවත් ඵලදායි ක්‍රමයකි. සවිස්තරාත්මක පැහැදිලි කිරීම් සහිත ස්ථාවර තොරතුරු සහිත වාර්තා සකසන වාර්තාකරුවන්ට  ඔවුන් ගේ අන්තර්ජාල ප්‍රජාවන් තුළ විශ්වාසවන්ත සම්පත් බවට පත් වීමට එය ආධාරකයක්  වෙයි.  එවැනි විශ්වසනීයත්වයක් ගොඩ නගා ගත්තවුන් මෙවැනි හිංසාකාරී සමාජ මාධ්‍ය භාවිත කරන්නන්ගේ ගොදුරු බවට පත්වීමට ඇති ඉඩකඩ අවමය.

උදාහරණයක් වශයෙන්, වාර්තාකරුවෙකු ඔවුන් සමාජ මාධ්‍ය තුළ යම් හිංසනයනට ගොදුරු වන්නේ නම්  එය දැනගත් පසු  එම ගිණුම තාක්‍ෂණ සමාගමකට වාර්තා කරන ලෙස තම ජාලයෙන් ඉල්ලා සිටින විට එය ඉක්මනින් ඉවත් කිරීමේ හැකියාව වැඩි කරයි.

“එම අවස්ථාවේ දී ඒ ගැන කතා කිරීම ඉතා වැදගත්” යනුවෙන් විල්ක් පැවසීය. “කියන්න,  මේ මම නොවේ, මේක ව්‍යාජ ගිණුමක් . මා වේශයෙන් පෙනී සිටින වෙනත් අයෙක්. කරුණාකර මට මෙම ගිණුම වාර්තා කිරීමට (රිපෝට් කිරීමට ) උදව් කරන්න.  මෙම ගිණුමෙන් එන කිසිවක් විශ්වාස නොකරන්න. ” යනුවෙන් ඔබට ඉල්ලා සිටිය හැකිය. ආධාරක ජාලයක් මඟින් එවැනි හඩක් එල්ල වෙයි නම් එයින් හානිකර දේ පළ වීම බොහෝ දුරට මෙල්ල කළ හැකිය. 

වාර්තාකරුවන්ට තම ජාලය තුළ විශ්වාසය ගොඩනඟා ගැනීමට ඇති එක් ක්‍රමයක් නම් සමාජ මාධ්‍ය භාවිතා කර ඔවුන්ගේ ප්‍රවෘත්ති එකතු කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව පැහැදිලි කිරීමක් සහ අවබෝධයක් ලබා දීම බව බෙනවිඩෙස් පැවසීය.

අතවර කරන්නන්ගෙන් පියවරක් ඉදිරියෙන් සිටීමට තවත් ක්‍රමයක් නම් කෙනෙකුගේ සමාජ මාධ්‍ය ගිණුම්  සහ අන්තර්ජාලයේ ඔබේ භාවිතාවන් සම්බන්ධයෙන් ඇති ආරක්ෂක පියවර දැඩි කිරීමය.

“වාර්තාකරුවන් සම්බන්ධයෙන් ඇති හොඳම කතාව නම්  ඔවුන්ට යම් යම් ගවේෂණාත්මක දේවල්  විමර්ශනය කිරීමට පුහුණු කර තිබුණත් ඔවුන් එය කිසි විටෙකත් තමන් වෙනුවෙන් ප්‍රයෝජනවත්  ලෙස භාවිත කර නොගැනීමය. ” යනුවෙන් ඇය පවසයි. “නමුත් ඔවුන් කළ යුත්තේ එයයි – එහි ඇත්තේ කුමක්ද සහ එම තොරතුරු  ගන්නේ කෙසේද යන්න අවබෝධ කර ගැනීම සඳහා ඔවුන් මූලික වශයෙන් අන්තර්ජාල හිංසා කරන්නකු  මෙන් සිතා අන්තර්ජාලයෙන් තමන් ගේම පා සලකුණු හාරා ගැනීම ආරම්භ කළ යුතුයි.”

ඔබම ඔබ ගැන ගූගල් කරගන්න

 මෙය බැලූ බැල්මට “හාස්‍යයට කරුණක්” ලෙස පෙනුණත් ඔබේ නම, ගිණුම් හසුරුවීම්, දුරකථන අංකය සහ නිවසේ ලිපිනය විවිධ සෙවුම් යන්ත්‍ර හරහා ක්‍රියාත්මක කිරීමෙන් සෙවීම අරම්භ කරන්න. ගූගල් සමඟ ආරම්භ කරන්න, නමුත් එතැනින් නතර නොවන්න. ගූගල් විසින් සෑම පරිශීලකයෙකුටම සෙවුම් ප්‍රතිඵල ලබා දෙයි, එයින් අදහස් කරන්නේ යම් හිංසාකාරී උත්සාහයක් දරන පුද්ගලයකු  ඔබේ පෞද්ගලික තොරතුරු සොයන විට විවිධ ප්‍රතිඵල ලැබෙන බවය.  පරිශීලකයින්ගේ පෞද්ගලිකත්වයට ප්‍රමුඛස්ථානය දෙන DuckDuckGo, වැනි සෙවුම් යන්ත්‍රයක් භාවිතා කරන්න. ඔබේ මාර්ගගත පා සලකුණ පිළිබඳ වඩාත් සවිස්තරාත්මක දසුනක් සඳහා චීන සෙවුම් යන්ත්‍රය වන බයිදු  (BAIDU) හා ඔබේ තොරතුරු ක්‍රියාත්මක කරන්න.

ඇඟවීම් (Alerts) සකසන්න:

 ඔබේ නම සහ පෞද්ගලික තොරතුරු ගැන සඳහන් කිරීම ගැන පැය 24 පුරාම ඔබට නිරීක්ෂණය කළ නොහැකිය.  – එසේ කළ යුතුද නැත. ඔබට ගූගල් හි ඇලර්ට් (Google alert)  සක්‍රිය කළ විට ඔබ පිළිබඳව පෞද්ගලිකව සොයන යමකු සිටී නම් ඒ පිළිබඳව දැන්වීමට ගූගල් කටයුතු කරයි.  ඔබේ නම, ගිණුම් හැසිරවීම්, දුරකථන අංකය සහ නිවසේ ලිපිනය සඳහා ගූගල් ඇඟවීම් සකසන්න. අවම වශයෙන් ඔබේ තොරතුරු අන්තර්ජාලය හරහා සංසරණය වීමට පටන් ගනී දැයි ඔබ දැන ගනු ඇත.

ඔබගේ අන්තර්ජාල නියෝජනය  විගණනය කරන්න:

ඔබ විසින් ගත යුතු වැදගත්ම පියවර වන්නේ ඔබේ සමාජ මාධ්‍ය ගිණුම්වල සැකසුම් (settings)  දැඩි කිරීමය. එවිට යම් නරක චේතනාවෙන් ඔබේ සමාජ ගිණුම්වලට ඇතුළු වන්නට යමකු උත්සාහ කළහොත් ඔවුන්ට ඒ කටයුත්ත කර ගන්නට අසීරු විය හැකිය. විල්ක් නිර්දේශ කරන්නේ සමාජ මාධ්‍ය ගිණුම් භාවිතයේදී කරන කාර්යය අනුව සහ පළ කරන දේවල් අනුව  ඒවා හැසිරවීමේදී යම් ක්‍රමෝපායයික බවක් තිබිය යුතු බවය. ටිව්ටර් වැනි ගිණුමක් හසුරුවන්නේ නම් ඔබේ කතා බෙදාහදා ගැනීමට, සගයන් සමඟ සබඳතා පවත්වා ගැනීමට සහ ඔබේ ප්‍රේක්ෂකයින් සමඟ අන්තර් ක්‍රියා කිරීමේදී  වාර්තාකරුවෙකු නම්, එය දැඩි ලෙස වෘත්තීය මට්ටමක තබා ගැනීම වැදගත් බවය. ඥාතීන් සමඟ ඔබේ බළලාගේ හෝ නිවාඩුවේ පින්තූර ගැනීමට මෙය සුදුසු ස්ථානය නොවේ.   අපහසුතාවට පත් විය හැකි ට්වීට් සහ ඡායාරූප ඔබට අමතක වූ විට එය ගිල දැමීම ඥානවන්තය. ඔබ ජීවත් වන ස්ථානය, ඔබේ උපන් දිනය, ඔබගේ ජංගම දුරකථන අංකය හෝ ඔබව සොයා ගැනීමට භාවිතා කළ හැකි වෙනත් කිසිවක් එහි නොයෙදිය යුතුය. “ඔබ ඔබේ බල්ලාගේ සහ ඔබේ දරුවාගේ ඡායාරූප සඳහා ඉන්ස්ටග්‍රෑම් භාවිතා කරන්නේ නම්, ඔබ ඔබේ ඉන්ස්ටග්‍රෑම් පුද්ගලිකකරණය කර ඔබට අවශ්‍ය ඕනෑම දෙයක් එහි තැබිය යුතුයි,” ඇය පැවසුවාය. “නමුත් එය පොදු ගිණුම් වලින් වෙන් විය යුතුයි.”

පැරණි ජෛව දත්ත සොයන්න: අන්තර්ජාලයේ එතරම් ඈත නොවන යුගයකදී මාධ්‍යවේදීන් සහ අධ්‍යයන පර්යේෂකයන් තම පෞද්ගලික තොරතුරු සියල්ල අන්තර්ජාලයට එකතු කිරීම  සාමාන්‍ය දෙයක් විය. තවමත් සබැඳිව ජීවත් වන සහ අන්තර්ජාල හිංසාකරුවන් සඳහා රන් ආකර ලෙස සේවය කළ හැකි අමතක වූ ලේඛන සොයන්න.

දත්ත තැරැව්කරුවන් ට හසු නොවන්න: වාර්තාකරුවෙකු වශයෙන්, ළඟා වීමට අසීරු මූලාශ්‍ර ලුහුබැඳ යාමේදී වාර්තාකරුවෙකු වශයෙන් ඔබට Spokeo සහ Whitepages  වැනි දත්ත තැරැව්කාර වෙබ් අඩවි හමු වී තිබිය හැකිය. එවැනි වෙබ් අඩවි පුද්ගලික තොරතුරු සඳහා අන්තර්ජාලය පීරා එය විකුණන අතර එමඟින් ඩොක්සර්වරුන්ට ඉලක්කයක් සෙවීමට පහසු ක්‍රමයක් ලබා දේ. වෙබ් අඩවියේ උදවු පිටුවේ ඇති පියවරයන් අනුගමනය කරමින් 2020 අගෝස්තු වන විට පරිශීලකයින්ට ඔවුන්ගේ පුද්ගලික තොරතුරු වයිට්පෙජස්.කොම් වෙතින් ඉවත් කරන ලෙස ඉල්ලා සිටිය හැකිය. පියවරෙන් පියවර ප්‍රොටෝකෝලයක් නොමැති වෙබ් අඩවි සඳහා, ඔබේ පුද්ගලික තොරතුරු ඉවත් කරන ලෙස විද්‍යුත් තැපෑලෙන් ඉල්ලා සිටිය හැකිය. එය එක්තරා වාර්තාකරුවෙකුට ආවරණය කිරීම දුෂ්කර විය හැකි නමුත්, එය කාලය අධික ලෙස ගතහොත්, DeleteMe හෝ PrivacyDuck වැනි දායක සේවා සලකා බලන්න.

හොඳ මුරපද සනීපාරක්ෂාවක් පුරුදු කරගන්න: මෙය වාර්තාකරුවන්ට පමණක් නොව සෑම කෙනෙකුටම අදාළ වේ.

ඔබේ සියලු සබැඳි ගිණුම් සඳහාම ඔබේ උපන් දිනය  සංකේත හයක මුරපදයක් ලෙස භාවිතා කරන්නේ නම් එයින්  අනවශ්‍ය ලෙස  පුද්ගලික තොරතුරු හැකර්කරුවන්ට හෙළිදරව්කරන දොරටුවක් විය හැකිය.  එවැනි මුරපදයකින් යමෙකු ඔබ ලෙස පෙනී සිටීම පහසු කරයි. මුරපදය දිගු වන තරමට එය වඩාත් ආරක්ෂිත වේ. සාධක දෙකකින් සත්‍යාපනය කිරීම වඩා හොඳ වන අතර සෑම ගිණුමක් සඳහාම වෙනස් මුරපදයක් භාවිතා කිරීම ඥානවන්ත ය.

ප්‍රවෘත්ති මැදිරි තම කාර්ය මණ්ඩලයට සහාය වන්නේ කෙසේද?

අන්තර්ජාලය තුළ නියෝජනය වීමෙන් මාධ්‍යවේදීන්ට බොහෝ සබඳතා ගොඩ නගා ගත හැකි  බව අප පිළිගත යුතුය. එසේ වුවද ඔවුන්ගේ සම්බන්ධතා  සමඟම  අසත්‍ය තොරතුරු සහ ඔන්ලයින් හිංසන යන නිවුන් රාක්ෂයන්ට එරෙහිව  සටන් කිරීමට වාර්තාකරුවන්ට සිදුවෙයි. ඔවුන්ට එවැනි අවස්ථා අවම කර රාජකාරියට උදව් දීම ප්‍රවෘත්ති අංශයේ  වගකීමකි.  කෙසේ වෙතත්, යුනෙස්කෝ වාර්තාවට අනුව බොහෝ මාධ්‍ය සේවා යෝජකයන් “අන්තර්ජාල ප්‍රචණ්ඩත්වය බැරෑරුම් ලෙස සැලකීමට මැලි වන බව පෙනේ. (අන්තර්ජාල හිංසනය ගැන සේවා යෝජකයන් සමඟ කතා කිරීම සඳහා PEN ඇමරිකා මාර්ගෝපදේශය Guide for talking to employers about online harassment. බලන්න.)

“අපි සියලු දෙනාම යම් දෙයක් කිරීමට අවශ්‍යයි,” විල්ක් පවසයි. “තනි තනි වාර්තාකරුවන් ලෙස අපට යම් යම් දේ කරන්න වෙනවා. ප්‍රවෘත්ති කාමර ඒවාට වඩා බොහෝ දේ කළ යුතුයි.  එමෙන්ම අන්තර්ජාල වේදිකා තුළ මාධ්‍යවේදීන් ආරක්ෂා කර ගැනීම සඳහා වඩා හොඳ මෙවලම් හා අංගයන්ගෙන් සන්නද්ධ විය යුතුයි. එය එතරම් ම විශාල ගැටලුවක් .මේ ගැටලුව විසඳීමට පාර්ශවකරුවන් රැසක් විසඳුමට එක් විය යුතුයි  ”

සාවද්‍ය තොරතුරු සහ අපකීර්තිමත් ව්‍යාපාරවලින් අපයෝජනයට මුහුණ දෙන කාර්ය මණ්ඩල සාමාජිකයින්ට උපකාර කිරීම සඳහා ප්‍රතිපත්ති සහ ප්‍රොටෝකෝල සකස් කිරීමෙන් ප්‍රවෘත්ති කාමරවලට නරකම අවස්ථාවන් සඳහා මුහුණ දිය හැකිය.

“අපකීර්තියට පත් කිරීමේ ව්‍යාපාර සත්‍ය යැයි පණිවිඩයක් දෙන අතර ප්‍රවෘත්ති කාමරය ඒවා ඉතා බැරෑරුම් ලෙස සලකන අතර වාර්තාකරුවන්ට තමන්ට සිදුවන දේ පිළිබඳව ආයතනය සමඟ සාකච්ඡා කර ඉදිරියට පැමිණීමට පහසු බවක් දැනෙන සංස්කෘතියක් නිර්මාණය කරන බව” විල්ක් පැවසීය.

විල්ක්  සැම විටම සාර්ථක නොවුණද  ඇය වාර්තාකරුවන් මුහුණ දෙන මෙවැනි හිංසනයන් වැළැක්වීමට අදාළව මාධ්‍ය ආයතනවල ප්‍රවෘත්ති අංශ තුළ යම් යම් ආරක්ෂක පියවර සංවර්ධනය කිරීම සඳහා සාධනීය ලෙස මැදිහත් වී තිබේ. විශේෂයෙන් දරුණු ප්‍රහාර එල්ල කිරීම සඳහා වාර්තාකරුවන් සඳහා අභ්‍යන්තර වාර්තාකරණ යාන්ත්‍රණයක් සකස් කරන ලෙස විල්ක් ප්‍රවෘත්ති කාමරවලට උනන්දු කරයි. එවිට ප්‍රවෘත්ති ආයතනයට  මෙම ගැටලුව තාක්‍ෂණ සමාගමකට, නීතිය ක්‍රියාත්මක කිරීමට හෝ පෞද්ගලික ආරක්‍ෂක සමාගමකට ලබා දී ඊට අදාල වැඩි දෙයක්  කර ගත හැකිය. ආන්තික තත්ත්ව යටතේ වාර්තාකරුවන් කළ යුතු දේ සඳහා පැහැදිලි මාර්ගෝපදේශන නිර්මාණය කිරීම ඉතා වැදගත් ය.

“සමහර විට, ඔබ ප්‍රහාරයක් මධ්‍යයේ සිටින විට දැඩි සේ  නොසන්සුන්, තැතිගත් සහ කම්පන සහගත අත්දැකීමකට මුහුණ දෙන්නට සිදුවේවි.එය ඔබ යම් තරමකට අප්‍රාණික කළ හැකියි. නමුත් ආයතනයක් තුළ සංවිධානගත කාර්ය පටිපාටියක් තිබෙනවා හෝ ව්‍යූහයක් තිබේ නම් ඔබට ඒ ඒ අවස්ථාවලදී කළ යුත්තේ කුමක්ද යන්න පිළිබඳව යම මඟ පෙන්වීමක් ලැබෙනවා.  මෙය සිදු වන විට මගේ ප්‍රවෘත්ති කාමරයේදී කා සමඟ කතා කළ යුතුදැයි මම දන්නවා. ”

එවැනි පීඩනයන්ට ලක්වන මාධ්‍යවේදීන්ට ඇතැම් විට මානසික උපදේශන අවශ්‍ය විය හැකිය. එසේම  නීති උපදෙස්ද අවශ්‍ය විය හැකිය. එසේම මෙම වැරදි තොරතුරු පිරිසිදු කිරීමේ අවශ්‍යතාවක් ඇති විය හැකිය.  මෙහිදී තොරතුරු පිරිසිදු කිරීමේ සේවාවන් ගේ දායකත්වය ලබා ගත හැකිය.  මානසික සෞඛ්‍ය සේවා සහ නීති උපදෙස් සඳහා ප්‍රවේශය ලබා දීමෙන්  ප්‍රවෘත්ති අංශවලට තම වාර්තාකරුවන්ට සහාය විය හැකිය. තවද, අවසානයේදී, වාර්තාකරුවෙකුට නිවසේදී අනාරක්ෂිත බවක් දැනේ නම් – සමහර විට ඔවුන් හිංසනයට ලක්  කර ඇති අතර ඔවුන්ගේ නිවසේ ලිපිනය බෙදාගෙන තිබේ නම් – ඔවුන්ට යාමට ආරක්ෂිත ස්ථානයක් තිබීම තහවුරු කිරීම ඔවුන්ගේ සේවායෝජකයාගේ වගකීම වන බව විල්ක් පැවසීය.

“ඇත්තම කිව්වොත් අපි මේ කතා කළාට බොහෝ තැන්වලදී එවැන්නක් සිදුවන්නේ නැහැ. නමුත් එවැනි පරිසරයක් හිංසනයට ලක්වන සහ වැරදි තොරතුරු මත අපහසුතාවට ලක්වන මාධ්‍යවේදීන් සඳහා සකස් කළ යුතුයි “ විල්ක් අවධාරණය කරන්නීය.

මේ වනවිට කොවිඩ් 19 වසංගතයත් සමඟ බොහෝ මාධ්‍ය ආයතන අතර අන්තර් සබඳතා නිර්මාණය වී තිබේ. ඒ වාර්තාකරණයේදී මතුවන අභියෝග ජය ගෙන සාර්ථක ව ක්‍රියාත්මක වීම සඳහාය. මෙවැනිම වූ සංවිධානගත ඒකරාශී වීමක් අන්තර්ජාලය හරහා හිංසනයන්ට ගොදුරු විමෙන් මාධ්‍යකරුවන් වළක්වා ගැනීමටද අවශ්‍ය බවට මත පළවෙයි.   මේ තත්ත්වය ඉදිරියෙදී තවදුරටත් වර්ධනය විය හැකි බැවින් මේ පිළිබඳව අවධානය යොමු කළ යුතුය.නිදසුනක් වශයෙන් ආයතන කිහිපයකට මේ වෙනුවෙන් එක් තාක්ෂණික හෝ ආරක්ෂක උපදේශකයකු පත් කර ගත හැකිය. ඔවුන්ගේ සේවය හරහා ආයතන ගණනාවක මාධ්‍යවේදීන් රැක ගැනීමේ වැඩ පිළිවෙළක් සකස් කළ හැකිය. මා හිතන්නේ අපේ ආරක්ෂාවේ අනාගතය තිබෙන්නේ එවැනි තැනකයි.“ විල්ක් යළි අවධාරණය කරයි.

වැරදි තොරතුරු ප්‍රචාරණය, අපහාස කිරීම  සහ මැතිවරණ ප්‍රචාරණය පිළිබඳව වාර්තාකරණ අත්දැකිම් රැසක් සහිත ඇමෙරිකාවේ මැඩිසන් විස්කොන්සින් හි නිදහස්  මාධ්‍යවේදියකු වන හොවාඩ් හාඩි Howard Hardee විසින් ලියන ලද ලිපියක් ඇසුරින් සැකසිණි.

මූලාශ්‍රය

Produced by the Global Investigative Journalism Network (GIJN)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here