Thursday, April 25, 2024
HomeResource Centerඩ්‍රෝනයෙන් බලගැන්වෙන මාධ්‍යකරණයේ අනාගතය ගැන මග පෙන්වීමක්

ඩ්‍රෝනයෙන් බලගැන්වෙන මාධ්‍යකරණයේ අනාගතය ගැන මග පෙන්වීමක්

ඩ්‍රෝන යානා මාධ්‍යකරණය වෙත ආගමනය පිළිබඳව   මුල් වරට නිව්යෝර්ක් ටයිමිස් පුවත් පත නිවේදනය කළේ  2011 දීය. මාධ්‍යවේදීන්ට ළඟා වීමට අසීරු  සිදුවීම් – විරෝධතා සහ පාරිසරික විපත් පිළිබඳව ආරක්ෂිතව වාර්තා කිරීමට මාධ්‍යව්දීන්ට සහය ලබා දෙනු පිණිස ප්‍රවෘත්ති කාමර ඩ්‍රෝන භාවියතට හුරු විය.

සන්නිවේදන විශාරදයන් වන ලීසා පාර්ක්ස්  සහ කැරෙන් කප්ලාන්  සඳහන් කරන  පරිදි, ප්‍රවෘත්ති මාධ්‍යවලට ඩ්‍රෝන සඳහා තෘප්තිමත් නොවන රුචියක් තිබුණි . ඩ්‍රෝන යානා ගෘහස්ථ අවකාශය  ආක්‍රමණය කිරීම පිළිබඳ බිය  මෙන්ම  ගිනි කඳු තුළ පියාසර කරන මිනිසුන් රහිත ගුවන් යානාවල නව්‍යතාවක අත්දැකීම්ද ලබා දෙන බව ඔවුහු පවසති.

ප්‍රවෘත්ති ලබා දෙන මාධ්‍ය ආයතනවලට  ඩ්‍රෝන යානා යොදාගෙන ජනතාව වඩාත් හොඳින් දැනුවත් කළ හැකිද?  ඩ්‍රෝන හෝ කුඩා මිනිසුන් රහිත ගුවන් යානාවලින් ලබා ගන්නා නව දත්ත ලබා ගැනීමක් හෝ දුරස්ථ කරුණු නිරවද්‍යතා පරීක්ෂණයක් සිදු කළ හැකිද?   ප්‍රචණ්ඩත්වය කෙරෙහි ඉලක්ක වන මාධ්‍යවේදීන් ආරක්ෂා කිරීමට ඩ්‍රෝන යානාවලට හැකිද? මේ පිළිබඳව දැඩි උද්‍යෝගයක් විය.එහෙත්  දශකයකට පමණ පසු එම උද්‍යෝගය හීන වී ගියේය.

ඩ්‍රෝන මාධ්‍යකරණයේ පීඨාධිපති ලෙස විරුදාවලි ලත් 2011 සිට ඇමෙරිකාවේ  නෙබ්‍රස්කා-ලින්කන් විශ්ව විද්‍යාලයේ ඩ්‍රෝන් පුවත්පත් විද්‍යාගාරයට නායකත්වය දුන් මැට් වේට් පවසන පරිදි ඩ්‍රෝන් පුවත්පත් කලාව දැනට ඇණහිට ඇත.

 “වසරක කිහිපයකට පෙර අප ඩ්‍රෝන යානා ගැන කතා කළ විට එයින් ලද හැකි උපරිම ප්‍රතිඵලය ලෙස දුටුවේ එය ඡායාරූප මාධ්‍යකරණය සඳහා කදිම වේදිකාවක් නිර්මාණය කරවන බවයි. කොවිඩ් වසංගතය සම්බන්ධයෙන් වඩාත් හිතට වැදුණු ගුවන් ඡායාරූප ලබා ගැනීමට ඩ්‍රෝනවලට හැකිවිය. නිදසුනක් ලෙස ආහාර බෙදා හැරීම, පරීක්ෂණ පහසුකම් සහ එන්නත් ස්ථාන සඳහා දිගු මෝටර් රථ පෝලීම් වෙයි.  අප මේ තැනින් ඩ්‍රෝන සමබන්ධයෙන් ඉදිරියට ගියත් නැතත් අද අපට පෙනෙන්නට තිබෙන දේ එයයි.

ඩ්‍රෝන යානාවලින් එන කරදරකාරී ඝෝෂාව සහ එහි පවතින ආක්‍රමණශීලී ස්වරූපය  සමඟින්, ඩ්‍රෝන යානා පිළිබඳ විවේචන සංවේදී වීමට හේතු වී තිබේ.  එමෙන්ම  අනවසරයෙන් ඇතුළු වීම ද ප්‍රවෘත්ති මාධ්‍යවල දී  ඩ්‍රෝන භාවිතයේ පවතින එක් දුර්වලතාවකි.  මෑතකදී ජපන් ටෙනිස් ක්‍රීඩිකාවක් වන නයෝමි ඔසාකා ප්‍රංශ විවෘත ටෙනිස් මාධ්‍ය සමඟ කතා කිරීම ප්‍රතික්ෂේප කිරීමත් ඊට උදාහරණයකි. ඒ අනුව මැට් වෙට් පවසන්නේ මහජනතාව බොහෝ විට ඩ්‍රෝන විශ්වාස නොකරන බවය.

ස්පාඤ්ඤයේ මල්ලෝර්කා දූපතේ වෙරළට යන අයගේ මෙම රූපය වැනි මිනිසුන්ට පහසුවෙන් ප්‍රවේශ විය නොහැකි ස්ථානවල ගුවන් ඡායාරූප ගැනීමට ඩ්‍රෝන බොහෝ විට භාවිතා වේ. නමුත් තවත් බොහෝ දේ කළ හැකිය. රූපය: Shutterstock

ඩ්‍රෝන දෙන පින්තූර

2021 වසර සැලකුවහොත් මාධ්‍යකරණයේදී  ඩ්‍රෝන් වඩාත් සුලභ ව භාවිත වූයේ ඡායාරූප මාධ්‍යකරණයේදීය. ඩ්‍රෝන ක්‍රියාකරන්නේ  මාධ්‍යවේදියාගේ කැමරා බෑගයේ තැන්පත් කර ඇති දුරස්ථ පාලක කාචයක් ආකාරයෙනි.

ඊශ්‍රායල පුවත් පතක් වන හාරෙට්ස් ඩේලි (Haaretz Daily)  හි ඡායාරූප ශිල්පියෙකු වන ටෝමර් ඇපෙල්බාවුම්  Tomer Appelbaum පැවසුවේ “ඉහළ සිට බැලීම  සරල සිදුවීමකට සිනමා දැක්මකට සමානත්වයක්  ගෙන එන්නක් බවය. . ඇපෙල්බාවුම් විසින් 2020 දී ඊශ්‍රායලයේ ටෙල් අවිව්හි දී එරට නායක බෙන්ජමින් නෙතන්යාහුට එරෙහිව සමාජයීය දුරස්ථභාවය රඳවාගෙන පැවැති විරෝධතාවක ඩ්‍රෝන මඟින් සමාජීය දුරස්ථභාවය රැක ගනිමින් සිදු කළ විරෝධය ඩ්‍රෝන මඟින් ඡායාරූපගත කිරීම වෙනුවෙන් ඔහුට සියෙනා සම්මානය හිමි විය.

එහෙත් ඊශ්‍රායලයේ බටහිර ඉවුර ඈඳා ගැනීමට එරෙහිව පෙළපාලියක් ආවරණය කරන අතරතුර ඡායාරූප මාධ්‍යවේදියාට ඡායාරූප සඳහා ඩ්‍රෝන ගුවන් ගත කිරීම එරට පොලිසිය නැවැත්වූයේ නැත.

ඡායාරූප මාධ්‍යකරණය සඳහා ඩ්‍රෝන යානා භාවිතා කිරීම පුදුමයක් නොවේ. මාධ්‍ය පරිභෝජනය වැඩිපුර දෘශ්‍යමය  දෙසට නැඹුරු වන පසුබිමක් තුළ එය වඩාත් ප්‍රබල බව   මිචිගන් ප්‍රාන්ත විශ්වවිද්‍යාලයේ විද්‍යාව, තාක්ෂණය ඉංජිනේරු විද්‍යාව සහ ගණිතය  පිළිබඳව ඉගැන්වීමේ මහාචාර්යවරියක වන මරිසා බ්‍රැන්ඩ්ට් පැවසුවාය.

 “ඡායාරූපයට නැගිමට සුදුසු වන ,  සහ සැලකිය යුතු පින්තූර ඩ්‍රෝනවලින්  ලබා ගැනීමට හැකි වීම සතුටක්,” ඇය පැවසුවාය. නමුත් ස්වයං සාක්ෂියක් සඳහා අවශ්‍ය මූලික අර්ථකතන ඉක්මවා ගිය තත්ත්වයක් සහ පෙනුමක් ඩ්‍රෝන මගින් ගන්නා ඡායාරූපයක් තුළට මුසු කිරීමට එහිදී තාක්ෂණය සමත් වන පසුබිමක් එයින් නිර්මාණය කරනවා.“ ඇය එසේ ද පවසයි.

මාධ්‍යවේදීන්ට  ඩ්‍රෝන යානා උපකාර කරගෙන  කළ හැකි වෙනත් දත්ත පදනම් වූ කථාන්දර තිබේ. තාප සිතියම්ගත කිරීම, ත්‍රිමාණ භූමි සිතියම්කරණය, සංවේද දූෂණය හෝ ගොඩනැගිලිවල ත්‍රිමාණ ආකෘති නිර්මාණය කිරීම සඳහා ඩ්‍රෝන යානා භාවිතා කිරීම දත්ත පදනම් වූ මාධ්‍යකරණය තුළ  අවස්ථා නිර්මානය කරවන බව  වේට් පවසයි.

මේ වනවිටත් එවැනි දේ නිර්මාණය වී ඇත. රේඩියෝලැබ්  Radiolab සහ WNYC’s Data News Team විසින් සිකාඩාස් නැමැති කෘමි විශේෂය පොළොවෙන්  මතු වන්නේ කවදාදැයි පුරෝකථනය කිරීම සඳහා භූ කම්පන හඳුනා ගැනීම සඳහා සංවේදක යොදා ගැනුණු ව්‍යාපෘතියක් දියත් කිරීම ඊට නිදසුනකි.

ඩ්‍රෝන උපයෝගී කරන ලද ලිඩාර් සිතියම් සහිත වර්ග සැතපුම් දහස් ගණනක පුරා විහිදුණු පුරා විද්‍යාත්මක නටඹුන් ගවේෂණය සඳහා  විද්වතුන් සහ මාධ්‍යවේදීන් ඩ්‍රෝන සහ ලේසර් සහිත ගුවන් යානා භාවිතා කිරීම පිළිබඳව නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පත වාර්තා කර ඇත.

ඩ්‍රෝන විද්‍යාවේ පීඨාධිපති ලෙසින් විරුදාවලි ලත්  වේට් පවසන්නේ සමස්තයක් ලෙස ගත් කල  ඔහු බලාපොරොත්තු වූවාට වඩා ඩ්‍රෝන භාවිතය සම්බන්ධයෙන් සිදු කර ඇත්තේ අඩු උත්සාහයක් බවය.  එයට හේතු තිබේ.  සංවේදක සහිත ඩ්‍රෝන යානා භාවිතා කිරීම සඳහා අවශ්‍ය ඉගෙනුම් වක්‍රය දැඩිය. ඒ සඳහා දැනුම මෙන්ම  විශේෂිත උපකරණ  ද අවශ්‍ය වේ. තාක්ෂණය ඇතැමි විට අපට ළගා විය නොහැකි තරමට මිල අධිකය. “එවැනි ආයෝජනයක් බොහෝ ප්‍රවෘත්ති කාමර සහ නිදහස් මාධ්‍යවේදීන්ට ළඟා විය නොහැක,”  ඒ වෙට්ගේ අදහසයි. .

එහෙත් එයින් සියල්ල අහිමි බව නිරූපණය නොවේ. දත්ත පුවත්පත් කලාව විවේචනාත්මකව ඉදිරියට ගෙන යාමට මාධ්‍යවේදීන්ට සහ ප්‍රවෘත්ති කාමරවලට ඩ්‍රෝන හෝ ඩ්‍රෝන වැනි තාක්ෂණය භාවිතා කළ හැකි ක්‍රම තිබේ.

ඩ්‍රෝන පිළිබඳ ඉතිහාසය කෙටියෙන්

ගුවන සමඟ කටයුතු කිරීම විනෝදාංශය කර ගත් අය දැනට වසර 25ක පමණ කාලයක් තිස්සේ විවිධ සෞන්දර්යාත්මක හෝ ක්‍රිඩා හෝ වෙනත් විනෝදාස්වාද කටයුතු සඳහා දුරස්ථ පාලක ගුවන් යානා භාවිත කර ඇත. මාධ්‍යවේදීන් මුලින්ම මතක තබා ගත යුතු කරුණක් වන්නේ එවැනි පසුබිමක් තුළ භාවිත වුණු මේ ඩ්‍රෝන යානා පසුව ඩ්‍රෝන ගුවන්  නිරීක්ෂණ, හමුදා ඔත්තු බැලීම් සහ ඉලක්කගත ඝාතනයන් සඳහා තාක්ෂණිකව වැඩි දියුණු කොට  භාවිතා කළ බවය.

විමර්ශණාත්මක මාධ්‍යකරණය සදහා වන කාර්යාංශය ( The Bureau of Investigative Journalism) විසින් එකතු කරන ලද දත්තවලට අනුව මිනිසුන් දහස් ගණනක් ලුහුබැඳ, තුවාල ලැබූ හෝ මරා දැමූ ඩ්‍රෝන යානා භාවිතා කර ඇත.විමර්ශණාත්මක මාධ්‍යකරණය සදහා වන කාර්යංශය විසින් එකතු කරන ලද දත්ත වලට  අනුව 2010-2020 දක්වා පකිස්ථානය, ඇෆ්ගනිස්ථානය, සෝමාලියාව සහ යේමනය වැනි රටවල දහස් ගණනක් මිනිසුන් පසුපස ලුහුබැඳීමට, ඝාතනය කිරීමට හෝ තුවාල සිදු කිරීමට මෙම ඩ්‍රෝන යානා භාවිත කර ඇත.

මේ අතර, ජාතික මහජන ගුවන්විදුලිය 2021 ජුනි මස මුලදී වාර්තා කළේ, කිසිදු ක්‍රියාකරුවෙකුගේ අධීක්ෂණයකින් තොරව ඩ්‍රෝන යානයක් ස්වයංක්‍රීයව ලයිබීරියාවේ දී  මිනිසෙකු සොයාගෙන මරා දැමීමක්  සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය විමර්ශනය කරන බවය. මිලියන සංඛ්‍යාත ජනයා සඳහා, “දෛනික ජීවිතය ගුවන් නිරීක්ෂණ සහ බෝම්බ හෙලීමේ අවතාරයෙන් හොල්මන් කරයි” ඩ්‍රෝන පිළිබඳව එසේ පවසන්නේ නිරීක්ෂණ යටිතල පහසුකම් පිළිබඳ විශේෂඥයෙකු සහ කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ සැන්ටා බාබරා හි කීර්තිමත් මහාචාර්යවරයෙකු වන පාර්ක්ස් ය.


ගෝල්ඩ්මන් සැක්ස් සටහන් කරන්නේ වාණිජ ඩ්‍රෝන වෙළඳපොලෙන් අඩුවෙන් ඇති නමුත් ආදායමෙන් වැඩි ප්‍රමාණයකට වගකිව යුතු බවයි. රූපය: තිර රුවක් (Screenshot)

ඇමෙරිකාව පදනම් කර ගත් බහුජාතික මූල්‍ය ආයතනයක් වන ගෝල්ඩ්මන් සැක්ස් හි වාර්තාවලට අනුව පසුගිය දශකය තුළ වැඩි වශයෙන් වානිජ සහ පෞද්ගලික කටයුතු සඳහා භාවිතයට පැමිණ ඇත. එහි වෙළෙඳපොල වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 100ක් පමණ වේ..කෙසේ වුවද මිනිසුන් රහිත ගුවන් යානා සහ මිනිසුන් රහිත ගුවන් පද්ධති  භාවිතයේ වැඩි ප්‍රතිශතයක් නියෝජනය වන්නේ ආරක්ෂක සහ නිතිය ක්‍රියාත්මක කිරීමේ අංශවලය.ඊට පසුව එම භාවිතාවන් වැඩි වශයෙන් නියෝජනය වන්නේ කෘෂි සහ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ය.

ඩ්‍රෝන නිරීක්ෂණ  විද්‍යා ප්‍රබන්ධවලදී දකිනවාට වඩා අශෝභන ලෙස පෙනේ නම්, එයට හේතුව වී ඇත්තේ 21 වැනි සියවසේ මුල් භාගයේ නිරන්තර සෝදිසි කිරීම් එදිනෙදා ජීවිතයේ සාමාන්‍ය අංගයක් බවට පත්ව තිබීමය.  අන්තර්ජාලයට සම්බන්ධ ළදරු මොනිටරවල සිට ජංගම දුරකථන ලුහුබැඳීමේ  කුළුණු දක්වා දේ සැලකුවහොත් ඩ්‍රෝන යානා ද එලෙසින්ම  වෙළෙඳපොළට ආවේ  යුධ තාක්ෂණයයෙන් අතරිනි. කෙසේ වුවද  එයින් එදිනෙදා ජීවිතයේ මිලිටරිකරණය තීව්‍ර කරවන  බව  පාර්ක්ස් පවසයි.

ඩ්‍රෝන් දත්ත සමඟින් ඔබේ කතන්දර  යළි යළි  ආරෝපණය කරන්න  

මාධ්‍යවේදීන්ට මෙම යථාර්ථයට මුහුණ දිය හැකිය. නීතිය බලාත්මක කිරීම, ඉදිකිරීම්, හෝ රක්ෂණ සමාගම් ඇතුළු අනෙකුත් අංශ විසින් එකතු කරන ලද ගෘහස්ථ ඩ්‍රෝන දර්ශන වෙත ප්‍රවේශය සෙවීමෙන් සහ ඒ පිළිබඳව වාර්තා කිරීමෙන් ආරම්භ කරන්න.

ඇමරිකා එක්සත් ජනපදයේ, කෙන්ටකි හි ජාතික මහජන ගුවන්විදුලි අනුබද්ධ සහ ස්වාධීන, පක්ෂග්‍රාහී නොවන ප්‍රවෘත්ති ආයතනයක් වන ඩබ්ලිව්එෆ්පීඑල් නිව්ස් WFPL News, ආයතනය ප්‍රාන්ත පොලිසිය විසින් ඩ්‍රෝන යානාවලින්  ගන්නා ලද  පැය 11කට වැඩි දර්ශනවල පිටපත් ලබාගෙන ඇත.

2020 දී ඇමෙරිකාවේදී සිදුවූ ආන්දෝලනාත්මක ඝාතනයන් වන අහමඩ් ආර්බරි, ජෝජ් ෆ්ලොයිඩ් සහ බෙරෝනා ටේලර්ගේ මරණවලින් පසුව එරට සිදුවූ දැවැන්ත මහජන විරෝධතා නිරීක්ෂණය කිරීම සඳහා ඩ්‍රෝන යානා පියාසර කරවිණි.. ඩබ්ලිව්එෆ්පීඑල් එම ඩ්‍රෝන දර්ශන ලබාගෙන ඒ පිළිබඳව  විමර්ශනයක් කළේය

 එහිදී ඔවුන්ට පෙනී ගියේ පෙලපාලිකරුවන් උසිගැන්වීමකින් තොරව පොලිසිය බලය භාවිතා කරන බවයි. එකී සාමාන්‍ය තත්ත්වයයෙන් පිටතට ගිය එක් අවස්ථාවක් වූයේ එක් විරෝධතාකරුවකු  ඩ්‍රෝන් යානයට වතුර බෝතලයක් විසි කළ අවස්ථාවයි. එවිට පොලිසිය ඔවුන් වෙත ගම්මිරිස් ඉසින උණ්ඩ වටයක් එල්ල කර ඇති  අයුරුද එම වීඩියෝ දර්ශනවල ඇත. එය හරිම විනෝදජනක වැඩක් යනුවෙන් පොලිස් නිලධාරියකු කළ ප්‍රකාශයේ ශ්‍රව්‍ය සටහනක්ද එහි ගැබ් ව ඇත.

එක්සත් ජනපදයේ සහ යුරෝපයේ ප්‍රවෘත්ති ආයතන  බොහෝ විට ජන සමූහ මතින්  ඩ්‍රෝන යානා පියාසර කිරීම සීමා කර ඇත. 2020 අග භාගයේදී, එක්සත් ජනපදයේ ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය (FAA) වාණිජ ඩ්‍රෝන් ක්‍රියාකරුවන්ට රාත්‍රියේ පියාසර කිරීමට ඉඩ සලසන නව මාර්ගෝපදේශ නිකුත් කළේය.

කෙසේ වුවද  මාධ්‍යවේදීන්ට අවශ්‍ය නම් එක්සත් ජනපදයේ, යුරෝපා සංගමයේ රටවලින් සහ එක්සත් රාජධානියේ තොරතුරු දැනගැනීමේ නිදහස පිළිබඳ පවතින නීති රීති හරහා  තොරතුරු ඉල්ලීම් භාවිතා කරමින්, නීතිය බලාත්මක කිරීමේ ෆෙඩරල් ආයතන විසින් ගනු ලබන ඩ්‍රෝන් දර්ශන ලබා ගත හැකිය.

මීට අමතරව, මාධ්‍යවේදීන්ට  චන්ද්‍රිකා ඡායාරූප ද ඉල්ලා සිටිය හැකිය. 2015 දී, ඇසෝසියේටඩ් ප්‍රෙස් හි විමර්ශණාත්මක වාර්තාකරුවන් විසින් ඩිජිටල් ග්ලෝබ් (දැන් මැක්සාර්) චන්ද්‍රිකා උපයෝගී කරගනිමින් භාණ්ඩ නැව් මගින් මියන්මාරයේ සිට වහල් මිනිසුන් ප්‍රවාහනය කරන ආකාරයත් මෙම මිනිසුන් මසුන් ඇල්ලීමට බලහත්කාරකමින් සේවයේ යොදවන බවත් තහවුරු කරන චන්ද්‍රිකා  සාක්ෂි ලබා ගත්හ. පුලිට්සර් ත්‍යාගයට පවා  සුදුසකම් ලද තායි මුහුදු ආහාර කර්මාන්තයේ වහල් ශ්‍රමය යෙදවීමේ කතාවට ඔවුහු මේ  දත්ත භාවිත කළහ. මේ කතාව පසුබිම් කරගෙන  “ඔබ මිලදී ගන්නා මාළු වහලුන් විසින් අල්ලන ඒවාද, Are Slaves Catching the Fish You Buy?”  යන හිසින් ප්‍රචාරය වූ කතාවෙන් පසුව මෙම වහලුන් 2,000ක් නිදහස් කරන ලද අතර විමර්ශනය එක්සත් ජනපදයේ ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයන්ට ලොකු බලපෑමක් කළේය.

චන්ද්‍රිකාවලට ආපදා වාර්තාකරණය සඳහා දත්ත සැපයිය හැකිය. ක්වාර්ට්ස් හි (Quartz) හි මාධ්‍යවේදී ඩේවිඩ් යානොෆ්ස්කි කැලිෆෝනියාවේ නියඟය මත සිතියම් සහ ප්‍රස්ථාර 100කට ආසන්න ප්‍රමාණයක් නිර්මාණය කිරීමට චන්ද්‍රිකා ඡායාරූප සහ දත්ත භාවිතා කළේය. ඩ්‍රෝන යානා තරම් කුඩා නොවූ වද ආයෝජනයට සාපෙක්ෂව විශාල පරාසයක ඉහළ මට්ටමේ අවබෝධයක් ලබා දීමට චන්ද්‍රිකාවලට හැකියාව ඇත.

ඩ්‍රෝන යානා මිල අධිකය. ඉගෙනීමට ද කාලයක්  ගත වේ

 විනෝදාංශය සඳහා භාවිත කරන මාදිලි වෙළෙඳපොළේ සාපේක්ෂව මිල අඩු වුවද  දිගු බැටරි ආයු කාලයක් සහිත වාණිජ ඩ්‍රෝන යානයක් යුරෝ 10,000 ($11,700 USD) ට වඩා වැඩි විය හැකිය. එසේම උපකරණ පිරිවැයට අමතරව, ඉගෙනීම සහ බලපත්‍ර ලබා ගැනීම සඳහා ද යම්  කාලයක් ගත විය හැකිය.

“ඩ්‍රෝන යානා භාවිතා කිරීම විශේෂිත නිපුණතාවක් ,” නිදහස් ඩ්‍රෝන් ක්‍රියාකරුවෙකු වන ජොනී මිලර් පවසයි. ජොනි මිලර් යනු  ගෝලපීය අසමානතාව තදබල ලෙස නිරූපණය කරන ඩ්‍රෝන ඡායාරූප ගැනිමේ ව්‍යාපෘතියක් වූ Unequal Scenes. (අසමාන දර්ශන) ක්‍රියාත්මක කළ චරිතයයි. ඔහුගේ  මෙම ඡායාරූප ටයිම්  (TIME) සඟරාව වැනි ප්‍රකාශනවල පළ වී ඇත.

‍ජොනී මිලර්  දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් හි  හි africanDRONE ව්‍යාපෘතියේ සමා නිර්මාතෘවරයෙකි.

“ඔබ ඩ්‍රෝන සම්බන්ධව කටයුතු කරද්දී ඒ සඳහා අතිරේක කුසලතා , විවිධ අනුපූරක කුසලතා අවශ්‍යයි,” මිලර් පවසයි. “අවශ්‍ය ප්‍රතිඵලය ලබා ගැනීම ;  තමන් ආරක්ෂා වීම ; තත්ත්වයන් පිළිබඳ නිසි අවබෝධයකින් යුතුව ක්‍රියාත්මක වීම වැදගත්ය.  සැබෑ ප්‍රතිඵල ළඟාකළද  ඩ්‍රෝනවලට යම් සංකීර්ණත්වයක් ඇත.

මෙය ක්‍රියාත්මක කිරීමේදී තත්ත්ව ඉක්මනින් නරක අතට හැරිය හැකිය. සාමාන්‍යයෙන් ඩ්‍රෝන මෙහෙයවන්නා   ඩ්‍රෝන යානය තමන්ට ඇසට පෙනෙන මානයේ  තබා ගත යුතුය.

එසේම  ආරක්ෂිතව ගොඩබෑමට හැකි විය යුතුය.  වාණිජ ඩ්‍රෝන යානාවක් නම් එය ගුවන් ගත කරන අවස්ථාවේ  බැටරි හොඳ මට්ටමක තිබිය යුතුය. අවම වශයෙන් විනාඩි විස්සකවත් ආයු කාලයක් තිබිය යුතුය. ආයු කාලය විනාඩි විස්සක් හෝ ඊට අඩු විය හැකිය.වරක් මාධ්‍යවේදියෙකු ගේ ඩ්‍රෝන යානයක් පියාසර කරන අතරතුර බැටරි බලය අඩුවීම නිසා සිදුවූ අලකලංචිය ඊශ්‍රායල ඡායාරූප මාධ්‍යවේදියා වන ඇපෙල්බාවුම් සිහිපත් කළේය. එය කඩා වැටුණද  වාසනාවකට මෙන් කිසිවෙකුට තුවාල සිදුවී නොමැත.

“ඩ්‍රෝන යානයේ ක්‍රියාවන්ට ඊට අණ දෙන්නා නියමුවා සැමවිටම වගකිව යුතුය. එය අහසින් වැටී යමෙකු මරා දැමුවහොත්, ඔබ හිරේ යයි.” මිලර් පවසන්නේ එලෙසිනි.

ඩ්‍රෝන භාවිතය සම්බන්ධ සම්පූර්ණ පුහුණුව ලබා දෙන වෘත්තීය පුහුණු සහ රසායනාගාර තිබේ. 2017 දී, ජනමාධ්‍යවේදීන්  පුහුණු කිරීමේ ආයතනයක් වන පොයින්ටර් (Poynter), ඇමෙරිකාවේ ජාතික පුවත්පත් ඡායාරූප ශිල්පීන්ගේ සංගමය, නෙබ්‍රස්කා විශ්ව විද්‍යාලයේ ඩ්‍රෝන මාධ්‍යකරණය පිළිබඳ විද්‍යාගාරය සහ ජනප්‍රිය චීන ඩ්‍රෝන් නිෂ්පාදකයෙකු වන ඩීජේඅයි  (Da-Jiang Innovation- DJI) සමඟ එක්ව එක්සත් ජනපදයේ මාධ්‍යවේදීන් 400 කට ආසන්න සංඛ්‍යාවක් නීත්‍යානුකූලව සහ ආරක්ෂිතව ඩ්‍රෝන  ක්‍රියාත්මක කිරීමට පුහුණුවක් ලබා දුන්හ.

නමුත් ඩ්‍රෝන භාවිත ය සම්බන්ධයෙන් පවතින රෙගුලාසි, කාලය සහ ඊට යන පිරිවැය කුඩා ප්‍රවෘත්ති ආයතන සහ ස්වාධීන නිදහස් සේවකයින් ට පුවත්පත් කලාව සඳහා ඩ්‍රෝන් [ප්‍රතිලාභ] ප්‍රයෝජන ගැනීමෙන් වළක්වයි.මේ හේතුවෙන් . බොහෝ පුහුණු වැඩසටහන් අත්හිටුවන්නට සිදුව ඇත.

වේට් පැවසුවේ කොවිඩ් 19 වසංගතයද නෙබ්‍රස්කා විශ්ව විද්‍යාලයේ ඩ්‍රෝන් මාද්‍යකරණය පිළිබඳ වැඩසටහන් පසුබෑමට ලක් කළ බවය. “අසමමුහුර්ත ඉගෙනීමේදී ඩ්‍රෝන යානා පිළිබඳ සදාචාරාත්මක සංවාද පැවැත්වීම දුෂ්කර ය,” ඔහු සඳහන් කළේය..

විකල්පයක් ලෙස, ප්‍රවෘත්ති කාමරවලට පළපුරුදු ඩ්‍රෝන් ක්‍රියාකරුවන් සහ විවෘත මූලාශ්‍ර දත්ත ව්‍යාපෘති(Open source)  සමඟ හවුල් විය හැකිය. නිදසුනක් ලෙස, ඇෆ්‍රිකන් ඩ්‍රෝන් africanDRONE යනු ඩ්‍රෝන් මාධ්‍යකරණය ද ඇතුළුව “හොඳ සඳහා ඩ්‍රෝන යානා භාවිතා කිරීමට කැපවී සිටින” සර්ව-අප්‍රිකානු සංවිධානයක් වන අතර ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා සිටින   ප්‍රජා හවුල්කරුවන් ඔවුහු සාදරයෙන් පිළිගනිති.

ඇෆ්‍රිකන් ඩ්‍රෝන් (africanDRONE) හි සම-නිර්මාතෘ ෆ්‍රෙඩ්රික් ම්බුයු චන්ද්‍රිකා ඡායාරූපවල සාවද්‍ය ලෙස හෝ අසම්පූර්ණ ලෙස නිරූපණය කර ඇති ටැන්සානියානු පහත්බිම් සහ මුඩුක්කු නැවත සකස් කිරීම සඳහා ලෝක බැංකුව සහ ටැන්සානියානු රජය විසින් අරමුදල් සපයන සැන්සිබාර්  සිතියම්කරණ ව්‍යාපෘතිය  (ZMI,) මෙහෙයවීය.

මෙම ව්‍යාපෘතිය නම්වුනේ රමණි හුරියා යන නමිනි. කිස්වාහිලි භාෂාවෙන් එහි අරුත අපේ සිතියම යන්නය. එම ව්‍යාපෘතිය, ගංවතුරෙන් වැඩි ප්‍රදේශ හඳුනාගත් ප්‍රවේශ විය හැකි සිතියම් සෑදීම සඳහා ඩ්‍රෝන සහ විවෘත ප්‍රවේශ සිතියම්කරණ මෘදුකාංගයක් වන ඕපන් ස්ට්‍රිට් මැප් (OpenStreetMap) භාවිතා කළේය. කාලයාගේ ඇවෑමෙන්, සිතියම් වඩාත් වැදගත්කමක් ගෙන ඇති අතර ප්‍රජාවන්ගේ ඉහළ මට්ටමේ තොරතුරු රාශියක් ඇතුළත් වේ.

මෙවැනි ව්‍යාපෘති ඩ්‍රෝන යානා අතින් තනිකරම සිදු වන්නක් නොවේ. බොහෝ ඩ්‍රෝන් ව්‍යාපෘතිවල සියයට 80ක් අවහ්‍ය වන්නේ නිසි ලෙස සැලසුම් කිරීම සහ විශ්ලේෂණයයි.  ඩ්‍රෝන් පියාසැරිය නියෝජනය වන්නේ සියයට 20ක් පමණක් බව ම්බුයු ( Mbuyu) සමඟ සහයෝගයෙන් කටයුතු කරන ජොනි මිලර් ගේ අදහසයි. . මෙම ව්‍යාපෘති සඳහා මාස කිහිපයක් ගතවේ.

“මෙය සාර්ථකව කිරීමට කණ්ඩායමක් අවශ්‍යයි, මෙම ඩ්‍රෝන යානා පියාසර කිරීමට ඉගෙන ගත යුතුයි. , සිතියම්වලට අවශ්‍ය රටා වට තුළ ඩ්‍රෝනය පියාසර කරවිය යුතුයි.  පසුව  තීරණාත්මක ලෙස ප්‍රජාව සමඟ අන්තර්මුහුණත  ලබා ගැනීමට ඔබ ප්‍රජාව  පුහුණු කළ යුතුයි. භූමියේ සිතියම් ගත කළ හැකි ප්‍රජාවේ පුද්ගලයින් හඳුනාගෙන ඔවුන්ගේ සහය ලබා ගැනීම  අවශ්‍යයි. එසේ නැතිව ඩ්‍රෝන යානාවලට පැරෂුට් එකක් වගේ ඇවිත්  කතාව කියන්න බැහැ. භූමියේ කතාව මුලින්ම හඳුනාගත යුතුයි.”ජොනි මිලර් එසේ සඳහන් කරයි.

හවුල්කාරිත්වයන් ඩ්‍රෝන ක්‍රියාකාරීත්වය අර්ථවත් කරවයි. ඒ මන්ද යත්  සිතියම් සෑදීමට භාවිතා කරන ලද eBee ඩ්‍රෝන යානා යුරෝ 10,000 සහ 20,000 ($11,700 සහ $23,400 USD) අතර වේ.

ලෝක බැංකුව සහ ටැන්සානියානු රජය විසින් අරමුදල් සපයන africanDRONE, ප්‍රජාවන් සහ මාධ්‍යවේදීන් සමඟ සහයෝගීව සිදු කරන ලද ඩ්‍රෝන් සිතියම්කරණ ව්‍යාපෘතියක් වන රමණි හුරියාට පෙර (වමේ) සහ පසු (දකුණ) Dar es Salaam හි සිතියමක්. රූපය: තිර රුවක් (Screenshot)

ප්‍රජා හවුල්කරුවන් සමඟ දිගුකාලීන ව වැඩේට බහින්න

ප්‍රවෘත්ති ආයතනවලට සහ නිදහස් මාධ්‍යවේදීන්ට කතන්දර කීම සඳහා ඩ්‍රෝන යානා භාවිතා කරන ප්‍රජා හවුල් ව්‍යාපෘති සංවර්ධනය කිරීම සඳහා අරමුදල් සඳහා ඉල්ලුම් කළ හැකිය.

එක්සත් රාජධානියේ සෙන්ස්මේකර් (Sensemaker) ව්‍යාපෘතිය මේ සම්බන්ධයෙන් යම් උපක්‍රමයක් අනුගමනය කළේය.  මධ්‍යම ලැන්කෂයර් විශ්ව විද්‍යාලයේ සිවිල් ඩ්‍රෝන් මධ්‍යස්ථානය, මැන්චෙස්ටර් ඊවිනින් නිව්ස්  සහ ක්‍රින්ගල් බෘක් ප්‍රාථමික පාසල අතර සහයෝගීතාවයක් ඇති ගූගල් නිව්ස් ඉනිෂියේටිව්  Google News Initiative අරමුදල් මත සිදු කරන ලද මෙම ව්‍යාපෘතිය පුවත්පත් කලාව සඳහා ඩ්‍රෝන ඇතුළු ‘සංවේදන’ යන්ත්‍ර භාවිතා කිරීමට උත්සාහ කළේය.

මධ්‍යම ලැන්කෂයර් විශ්ව විද්‍යාලයේ ව්‍යාපෘති ප්‍රධානී සහ සහකාර මහාචාර්ය ජෝන් මිල්ස් මේ පිළිබඳව පවසන්නේ මෙවැන්නකි. “පරිසර දූෂණය පිළිබඳ කතන්දර, පින්තූරවලින් එන  කතන්දර, අප තවමත් සිතාගෙන නැති දේවල් පිළිබඳ කථා. මේවා සියල්ල පුවත්පත් කලාවට දායක වෙනවා.”

මැන්චෙස්ටර් ඊවිනින් නිව්ස් (Manchester Evening News) හි ප්‍රකාශක පෝල් ගලගර් පැවසුවේ, කතන්දර කීම ආරම්භ වූයේ පවතින දත්ත කට්ටලයකින්  කතන්දරයක් සෙවීමට උත්සාහ කිරීමෙන් නොවන නිසා මෙම මුලපිරීම අද්විතීය එකක් වූ බවය. ඒ වෙනුවට, මාධ්‍යවේදීන් සහ ප්‍රජා හවුල්කරුවන් ප්‍රශ්න ඇසූ අතර සාර්ථක වාර්තාවකට පසුබිම් විය හැකි  දත්ත රැස් කළ බව ඔහු පවසයි. .

මැන්චෙස්ටර් හි ක්‍රින්ගල් බෘක් ප්‍රාථමික පාසලේ පරිපාලනය වායු දූෂණය ගැන සැලකිලිමත් වූ බව සහකාර ප්‍රධාන ගුරුවරයා වන ලුයිස් ටේලර් පැවසීය. ඇය නයිට්‍රජන් ඩයොක්සයිඩ් හඳුනාගැනීම කෙරෙහි අවධානය යොමු කළ සෙන්ස්මේකර් Sensemaker කණ්ඩායමකට සම්බන්ධ වූ අතර මැන්චෙස්ටර් ඊවිනින් නිව්ස් ඔවුන්ගේ උත්සාහයන් පිළිබඳව වාර්තා කළාය. නිරීක්‍ෂණය කිරීමෙන් පසුව, ගලාගර්  පැවසුවේ, ඔවුන් උදෑසන සහ මධ්‍යම රාත්‍රියේ පරිසර දූෂණය ඉහළ ගොස් ඇති බවත්, පාසල් හැර යන සහ රැගෙන යන වේලාවන් සමඟ සමපාත වූ බවත්ය. මෙම උත්සාහය පිළිබඳව පාසල දෙමාපියන්ට ප්‍රසිද්ධ ඉදිරිපත් කිරීමක් කළ අතර මෙය හැසිරීමේ වෙනසක් ඇති කළේය. අඩු කාර්, අඩු පරිසර දූෂණය එයින් ඔවුන් අවබෝධ කරගත් එක් දෙයකි.

පාසලේ ප්‍රධානී හෙලන් චේස් පැවසුවේ “එය අපි අන්තර්ජාලයේ ගූගල්වලින්  උකහා ගත් දෙයක් නොවේ. “එය දැන් මෙහි සිදුවන සජීවී දත්ත සහ සංඛ්‍යාලේඛන මත ඩ්‍රෝන උපකාරයෙන් අවබෝධ කර ගත් දෙයකි.  ඔවුන්ට ඒ ගැන තර්ක කළ නොහැක. එය අපට ශක්තියක් .“

රෙගුලාසි කෙරෙහි අවධානය යොමු කරන්න

ඩ්‍රෝන් සහතික කිරීමේ අවශ්‍යතා ජාතික වශයෙන් ක්‍රියාත්මක වන අතර වෙනස් වන අතර  එය  කාලයෙන් කාලයට  වෙනස් වේ

යුරෝපීය සංගමයේ ගුවන් සේවා ආරක්ෂණ ඒජන්සිය (EUASA) ඩ්‍රෝන් නියාමනය සඳහා අවදානම් මත පදනම් වූ ප්‍රවේශයක් භාවිත කරයි. ඩ්‍රෝන් භාවිතය විනෝදාස්වාද කාර්යයක් හෝ වාණිජ අරමුණු මත කියා වෙනස් වන්නේ නැත. ඒ වෙනුවට, ඩ්‍රෝන යානා නියාමනය කරනු ලබන්නේ එහි බර සහ ක්‍රියාකාරකම් මත පදනම්වය. යුරෝපා සංගමය  ඩ්‍රෝන් ක්‍රියාකරුවන් සඳහා  handy explainer නම් ප්‍රකාශනය  නියාමන කාණ්ඩ සහ බලපත්‍ර ලබා දීම පිළිබඳ තොරතුරු ඇතුළත් කර ඇත.

යුරෝපීය සංගමයේ නීතිය තවදුරටත් ක්‍රියාත්මක නොවන එක්සත් රාජධානියේ දී ඩ්‍රෝන යානාය භාවිතයේ අරමුණ කුමක් වුවද එම සියලුම ඩ්‍රෝන පරීක්ෂා කොට  ලියාපදිංචි කිරීම අත්‍යවශ්‍ය වේ.

එක්සත් ජනපදයේ, වාණිජ සහ විවේක ඩ්‍රෝන ක්‍රියාකාරකම් සඳහා ඩ්‍රෝන් සහතික කිරීමේ අවශ්‍යතා වෙනස් වේ. වාණිජමය භාවිතය සඳහා ෆෙඩරල් ගුවන් සේවා අධිකාරියේ කුඩා UAS රීතිය (107 කොටස) යටතේ, ඩ්‍රෝන් ක්‍රියාකරුවන් ආරක්ෂිත ක්‍රියා පටිපාටි, මෙහෙයුම් සහ රෙගුලාසි පිළිබඳ අවබෝධය ප්‍රදර්ශනය කිරීම සඳහා දුරස්ථ නියමු සහතිකයක් ලබා ගත යුතුය. සහතිකයට විභාග පරීක්ෂණයක්  ඇතුළත් වන අතර සෑම වසර දෙකකට වරක් එය  අලුත් කළ යුතුය.

රෙගුලාසි සහ ඒවායේ අසමමිතික ඇඟවුම් පිළිබඳ වාර්තා කිරීම ද ඩ්‍රෝන භාවිත කිරීමට  බලාපොරොත්තු වන මහජනතාව වෙනුවෙන් සිදු කරන සේවයකි.

“ඩ්‍රෝන යානයක් යනු එක්තරා පියස්සකි. ” මිලර් පැවසීය. “ඉහළ සිට සෑම කෙනෙකුම දැකීමට හැකිවීම ඓතිහාසිකව ධනවතුන්ට සහ ආණ්ඩු සඳහා වෙන් කරතිබුණි. . නමුත් දැන් හදිසියේම  සාමාන්‍ය පුද්ගලයෙකුට වුවද  තමා අවට භූමිය විශ්ලේෂණය කිරීම සඳහා ඩ්‍රෝන භාවිතා කළ හැකිය. ඒ අතින් එය ප්‍රජාතන්ත්‍රවාදී තාක්ෂණයක් විය හැකිය, නමුත් එය රිදී උණ්ඩයක් නම් නොවේ. හුදෙක් එය මානසිකත්වයේ  මාරුවක් පමණි ”

මෙම ලිපිය මොනිසා සෙන්ගුල් ජෝන්ස් (Monika Sengul-Jones) විසින් ලියන ලද අතර එය මුලින් ප්‍රකාශයට පත් කරන ලද්දේ DataJournalism.com හි ය

අතිරේක මූලාශ්‍ර ලිපි

Tips for Drone Journalism

Drones in Media Bring New Perspectives, Ethical Issues

What Journalists Can Learn from Navalny’s Investigative Team in Russia

ලේඛිකාව ගැන .

ආචාර්ය මොනිකා සෙන්ගුල්-ජෝන්ස්  නිදහස් පර්යේෂිකාවකි. ලේඛිකාවක් සහ ඩිජිටල් සංස්කෘතීන් සහ මාධ්‍ය කර්මාන්ත පිළිබඳ විශේෂඥවරියකි.

මූලාශ්‍රය

This story was originally published by the Global Investigative Journalism Network (GIJN)

RELATED ARTICLES
- Advertisment -

Most Popular

Recent Comments