Wednesday, April 17, 2024
HomeResource Centerවැරදි හෙළි කරන්නන් සමඟ වැඩ කරන හැටි

වැරදි හෙළි කරන්නන් සමඟ වැඩ කරන හැටි

දූෂිත හෝ නීති විරෝධී ක්‍රියාකාරකම් හෙළිකරන්නෝ සෑම ආයතනයකම සිටිති.  ඔවුන් මාධ්‍යවේදීන් සඳහා ඉතා වැදගත් තොරතුරු මූලාශ්‍රයකි. ආණ්ඩු තුළ  සමාගම් සහ අනෙකුත් සංවිධාන තුළ ඔවුන් සිටින ස්ථාවරයේ  සිට ඔවුන්ට  වංචාව සහ නාස්තියේ සිට තීරණාත්මක මග පෙන්වීම් සහ   සාක්ෂි මෙන්ම   සාපරාධී කුමන්ත්‍රණ සහ යුද අපරාධ දක්වා සියල්ල හෙළිදරව් කරන  නිසැක අපරාධ නිශ්චිත  සාක්ෂි  සැපයිය හැකිය.

කෙසේ වුවද මාධ්‍යවේදීන්ට මෙම  තොරතුරු හෙළි කරන්නන්ගේ සැබෑ අරමුණු හඳුනා ගැනීමත්  ඔවුන්ගේ තොරතුරු සත්‍යයද යන්න තහවුරු කර ගැනීමත් අතිශයින්  වැදගත් වේ. ඒ හා සමානව වැදගත් වන තවත් කරුණක් වන්නේ  මෙම  මූලාශ්‍ර වඩාත් හොඳින් ආරක්ෂා කර ගැනීමය.  වාසනාවකට මෙන්, ලොව පුරා විශේෂඥ දැනුමක් ඇති රාජ්‍ය නොවන සංවිධාන විශාල සංඛ්‍යාවක් ඇතුළුව, දූෂණ තොරතුරු හෙළි කිරීම පිළිබඳ තොරතුරු රාශියක් ඇත.

මෙම අභියෝගාත්මක බිමේ සැරිසැරීමට මාධ්‍යවේදීන්ට උපකාර කිරීම සඳහා, විමර්ශණාතේමක මාධ්‍යකරණය පිළිබඳ ව ගෝලීය ජාලය සම්පත් ලැයිස්තුවක් නිර්මාණය කර ඇත. එයට යම් කණ්ඩායමක් හෝ සම්පතක් ඇතුළත් කළ යුතු යැයි ඔබ සිතන්නේ නම්, [email protected] හි අපට ලියන්න.

  යම් සංවිධානයක දූෂිත, නීතිවිරෝධී, වංචනික හෝ හානිකර ක්‍රියාකාරකමක යෙදී සිටී නම්, ඔහු/ඇය සේවය කරන සංවිධානයේ අවශ්‍යතාව අභිබවා ගොස් මහජනතාවගේ අවධානය ඒ කෙරෙහි යොමු කරවා ගැනීම සඳහා සමාජයේ හඩ නගන  පිරිමියෙකුගේ හෝ කාන්තාවකගේ ක්‍රියාවක් දූෂණයට එරෙහි හඩ ගැනීමක් ලෙස දැක්විය හැකිය.

                          – රැල්ෆ් නාඩර්, පාරිභෝගික උපදේශක සහ ක්‍රියාකාරිකයෙක්

විශේෂඥයින්ගෙන් මග පෙන්වීම

වැරදි හෙළිදරව් කරන්නන් ඔබට තොරතුරු ලබා දීමට කැමති නම්, ඔවුන් විශේෂ සැලකිල්ලෙන් සැලකිය යුතුය.

GIJN විවිධ මූලාශ්‍රවලින් තොරතුරු හෙළි කරන්නන් සමඟ වැඩ කිරීම පිළිබඳ මාර්ගෝපදේශ සාරාංශ කර ඇත. වාර්තාවල වැඩි විස්තර ඇතුළත් වන අතර සම්පූර්ණ කියවීමක් ලැබිය යුතුය.

මාධ්‍යවේදීන් සඳහා වන පෙරුජියා මූලධර්ම The Perugia Principles for Journalist, “ඩිජිටල් යුගයේ තොරතුරු හෙළිකරන්නන්  සමඟ වැඩ කිරීම” යන උපසිරැසි සහිතව. එය 2019 දී ප්‍රකාශයට පත් කරන ලද අතර  ප්‍රවීන මාධ්‍ය වෘත්තිකයන් තුන්කට්ටුවක් වන ජුලී පොසෙට්ටි, ආචාර්ය සූලෙට් ඩ්‍රේෆස් සහ නයෝමි කොල්වින් විසින් එය ලියා ඇත.  2018 වසරේ අප්‍රේල් මාසයේදී ඉතාලියේ පෙරූජියා හි  දී  බ්ලූ ප්‍රින්ට් ෆෝ ෆ්‍රි ස්පීච් නම් සංවිධානයේ සත්කාරකත්වයෙන් පැවති ජාත්‍යන්තර මාධ්‍යවේදීන් සහ විශේෂඥයින් 20 දෙනෙකුගෙන් යුත් වට මේස සාකච්ඡාවකින් පසුව ඔවුන්ගේද  හවුල්කාරිත්වයෙන් සංවර්ධනය කරන ලද කෘතියකි.  පසුව කතුවරුන් පුළුල් විමර්ශණාත්මක පුවත්පත් කලාව, නීතිමය සහ ශාස්ත්‍රීය ප්‍රජාවන් සමඟ සාකච්ඡා කොට එයින් මූලධර්ම 12ක් උකහාගෙන ඇත.

1 පළමුව, ඔබේ මූලාශ්‍ර ආරක්ෂා කරන්න. යම් විටෙක නිර්නාමික භාවය සුරකින ලෙස ඉල්ලා සිටීනම් එය  ආරක්ෂා කරන්න.

2. හැකි සෑම විටම ඔබ පළමු සම්බන්ධතාව බවට පත් කර ගැනීමට මූලාශ්‍ර සඳහා ආරක්ෂිත ක්‍රම සපයන්න.

3. දූෂණ තොරතුරු හෙළිදරව් කරන්නන්  සඳහා එසේ සිදු කිරිමේදී කළ යුතු කැපවීම අවබෝධ කරගෙන අදාළ වාර්තාව පළ වීමෙන් පසුව ඇති වන තත්ත්වවලට මුහුණ දෙන්නේ කෙසේදැයි කල්තියාම සිතා බැලීමට ඔවුන් පොළඹවන්න.

4. පොදු අවශ්‍යතාව සඳහා වැදගත් වන තොරතුරුවල නිරවද්‍යභාවය පිළිබඳව වැඩි අවධානයක් දැක්වය යුතු වන අතර එම අවධානය ට යොමු විය යුත්තේ තම පෞද්ගලික ආකල්පවලට ගැලපෙන හෝ අදාළ තොරතුරු හෙළි කරන මූලාශ්‍රයේ අවශ්‍යතා හෝ ඉලක්ක වෙනුවෙන් නොවන බව වටහා ගත යුතුය.

5 ඔබගේ ඩිජිටල් ආරක්ෂාව සඳහා වගකීම භාරගත යුතුය. එසේම එහි තොරතුරු පිටතට නොයන ලෙස  සංකේතනය කළ යුතුය. සංකේතනය (encryption)  ඔබේ මූලාශ්‍රය සම්පූර්ණයෙන්ම ආරක්ෂා නොකළ හැකි වුවද, එය වැදගත් පළමු පෙළ ආරක්ෂාවක් සපයයි.

6. ඔබට සහ ඔබේ මූලාශ්‍රයට පවතින ලොකුම තර්ජනය නිර්ණය කරන්න. දෙදෙනාම ආරක්ෂා වීම සඳහා අනුගමනය කළ යුතු  නිශ්චිත පියවර මොනවාද යන්න තීරණය කරන්න.

7. ඔබේ මූලාශ්‍රයට හෝ තොරතුරු  හෙළි කරන්නාට ඩිජිටල් පසුබිමක් තුළ නිරාවරණය වීමේ පවතින අවදානම පැහැදිලි කරන්න. සංවේදී කථාවලදී   ඩිජිටල් ආරක්ෂාව සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු පිළිවෙත් පිළිබඳව පිළිබඳව ඔවුන්ට මූලික පුහුණුවත් සහ අවබෝධයක් ලබා දීම වැදගත්ය.

8.සෑම කතාවකදීම ඊට අදාල දත්ත කට්ටල සහ වාර්තාවල වැදගත්කම අවබෝධ කර ගත යුතුය. ඒ අනුව ආරක්ෂිත පසුබිමක් තුළ හැකිතාක් මුල්ම වාර්තාව සහ දත්ත කට්ටල සම්පූර්ණයෙන් ප්‍රකාශයට පත් කිරීමේ හැකියාව සොයා බලන්න.

9. සේවා යෝජකයාගේ බැඳීම්වලට අනුකූල වූ සාදාචාරාත්මක සහ නෛතික සීමාවලට යටත්ව එම දත්ත සහ තොරතුරු ඉවත් කළ යුතු බවට ඉල්ලීමක් වේ නම් ඒ පිළිබඳවද සලකා මූලාශ්‍ර සහ තොරතුරු හෙළිකරන්නන් විසින් සපයන ලද දත්ත ආරක්ෂිතව  මකා දැමීමට කටයුතු කිරීම වැදගත්ය.  

10. රහස්‍ය මූලාශ්‍ර සහ රහස් හෙළි කරන්නන් සඳහා ඕනෑම “ඩිජිටල් ඩ්‍රොප් බොක්ස්” එකක්   හොඳ මට්ටමේ ආරක්ෂාවක් සපයන බවට සහතික කර ගන්න.විශේෂයෙන් අවදානම් අවම කිරීම සහ   නිර්නාමික භාවය සුරැකීමේදි එය වැදගත්ය.

11 රහස්‍ය මූලාශ්‍ර සහ රහස් හෙළිකරන්නන් ආරක්ෂා කිරීම සඳහා රට, කලාපීය සහ ජාත්‍යන්තර නීතිමය සහ නියාමන රාමු අවබෝධ කර ගන්න.

12. මාධ්‍යවේදීන්ට මඟ පෙන්වීම සඳහා සුදුසු පුහුණුවක් සහ ඊට අදාළ ප්‍රතිපත්ති සකස් කිරීමටත්,  මාධ්‍යවේදීන්, මූලාශ්‍ර සහ දත්ත සහ තොරතුරු සඳහා  ආරක්‍ෂාව සැපයීම සඳහා  වගකීමක් සහිත වැඩපිළිවෙළක් සඳහාත්  ප්‍රවෘත්ති ප්‍රකාශකයන් දිරිමත් කළ යුතුය.

මෙම පෙරූජියා වාර්තා මඟින්  ඉහත මූලධර්ම පිළිබඳව විස්තර කරයි. එය රුසියානු, ග්‍රීක, ස්පාඤ්ඤ සහ ජර්මානු භාෂාවලින් ප්‍රකාශයට පත් කර ඇත.

වැරදි හෙළි කරන්නන්  සමඟ වැඩ කරන මාධ්‍යවේදීන් සඳහා උපදෙස් 10 ක් (10 Tips for Journalists Working with Whistleblowers).. රොවන් පිලිප්  විසින් රචිත මෙම ලිපිය 2019 වසරේ ජර්මනියේ හැම්බර්ග් හි GIJC 2019 සමුළුවේ ඉදිරිපත් කරන්නන්ගේ පණිවිඩ සාරාංශ කරයි.

වැරදි හෙළිදරව් කරන්නන් සමඟ වැඩ කිරීම:

මාධ්‍යවේදීන් සඳහා මාර්ගෝපදේශයක් එක්සත් ජනපද සංවිධාන දෙකක් විසින් නිර්මාණය කරන ලදී: මෙයින් එක් සංවිධානයක් වන්නේ වැරදි හෙළි කරන්නන් ආරක්ෂා කරන ලාබ නොලබන ආයතනයක් වන ඇමෙරිකාවේ රජයේ වගවීමේ ව්‍යාපෘති (Government Accountability Process- GAP)යි. අනෙක  වෘත්තීය මාධ්‍යවේදීන්ගේ සංගමයයි. එය 2017 දී ප්‍රකාශයට පත් කරන ලදී. “මාධ්‍යවේදීන්ට නොදැනුවත්වම තවදුරටත් පළිගැනීම්වලට නිරාවරණය කරනවාට වඩා, මාධ්‍යවේදීන්ට හොර රහසේ තොරතුරු හෙළි කරන්නන්ට උපකාර කිරීමට අපි බලාපොරොත්තු වෙමු” යනුවෙන් පිටු 36 කින් යුත් මාර්ගෝපදේශකයේ ඉදිරි පත්‍රිකාව සඳහන් කරයි. එයට පහත උපදෙස් ඇතුළත් වේ.

හෙළිදරව් කරන්නන් සඳහා පළිගැනීමේ අවදානම ඉහළ බැවින් සහ නීතිමය පසුබිම සංකීර්ණ බැවින්, මාධ්‍යවේදීන් සහ මූලාශ්‍ර දෙකම සේවක ප්‍රභවයක් විසින් සපයනු ලබන තොරතුරු මත ක්‍රියා කිරීමට පෙර GAP හෝ රහස් හෙළි කරන්නන්ගේ නීතිය පිළිබඳ දැනුමැති වෙනත් නීතිඥයින් සමඟ සාකච්ඡා කිරීමට හෝ සම්බන්ධීකරණය කිරීම ඇමෙරිකාවේදි සිදුවෙයි.

රහස් තොරතුරු හෙළිකරන්නන් සමඟ වැඩ කරන මාධ්‍යවේදීන් රහසිගත තොරතුරු මත පදනම් වූ ඕනෑම ප්‍රවෘත්තියක් හෙළිදරව් කරන්නාට නඩු පැවරීමට හේතු විය හැකි බව අවබෝධ කරගෙන කටයුතු කළ යුතුය.

වාර්තාව තුළට මාධ්‍යවේදියා ඇතුළත් නොවිය යුතුය. මෙම කතාවට අදාළ ක්‍රමෝපාය සකසන්නා නොවිය යුතු සේම ඒ පිළිබඳ ව මහජන සම්බන්ධතා පිළිබඳ උපදෙස් දෙන්නා ද නොවිය යුතුය .  ඔබට රහස් හෙළි කරන්නාගේ නීතිඥයා ද විය නොහැකිය. කෙසේ වුවද වැරදි හෙළි කිරීම සම්බන්ධයෙන් වන විශේෂිත අවධානයට ලක් කළ යුතු කරුණු ආශ්‍රිතව  විශ්වාසය වර්ධනය කර ගැනීමෙන් සහ වැරදි හෙළි කරන්නා  සමඟ සම්බන්ධ වූ සුවිශේෂී කරුණු කිහිපයක් පිළිබඳ දැනුවත්භාවය ප්‍රදර්ශනය කිරීමෙන්, ඔබට ඔබේ මූලාශ්‍රයේ ආරක්ෂාව උපරිම කරමින් වටිනා තොරතුරු වාර්තා දිරිමත් කළ හැකිය.

යම් ආයතනයක වැරදි හෙළි කරන  සේවකයකු විසින් යම් ආයතනයක මානව හිමිකම් උල්ලංඝනය කිරීම්, පාරිසරික තර්ජන හෝ ජාතික ආරක්‍ෂාව පිළිබඳ අවදානම් සම්බන්ධ  බරපතළ වැරදි ක්‍රියාවක් පිළිබඳ තොරතුරු විමර්ශණාත්මක මාධ්‍යවේදියකු හමුවට ගෙන එන්නට පුළුවන. එවැනි අවස්ථාවකදී   මාධ්‍යවේදීන් එම මූලාශ්‍ර සපයන  සේවකයා ගේ  නම්‍යශීලීත්වය ද රැකෙන අයුරින් කරුණු අනාවරණය කර ගැනිම සඳහා හොඳම සහ ආරක්ෂිතම වඩාත් ආරක්ෂිතම  තොරතුරු අනාවරණය කිරීමේ ක්‍රම අනුගමනය කළ යුතුය.

 තොරතුරු හෙළිදරව් කිරීම සඳහා හොඳම සහ ආරක්ෂිතම ක්‍රම පිළිබඳ තේරීම් කිරීමේදී සියලු විකල්ප සලකා බලන්න.

එක්සත් ජනපදයේ වෘත්තීය මාධ්‍යවේදීන්ගේ සංගමය විසින් The Whistleblower Project  මඟින් ආරක්ෂිත සන්නිවේදනයක අවශ්‍යතාවය පිළිබඳ සාකච්ඡාවක් ඇතුළුව මෙම මාතෘකාව පිළිබඳ ලිපි එකතුවක් සත්කාරකත්වය දරයි.

වැරදි හෙළිකරන්නන් ආවරණය කිරීම: මාධ්‍යවේදීන් සඳහා ඉඟි 6 ක් –

( Covering Whistleblowers: 6 Tips for Journalists )

 ඩෙනිස්-මාරි ඕර්ඩ්වේගේ මෙම 2019 ලිපිය GIJN හි පළ විය. ලිපියේ විස්තර කර ඇති ඉඟි හය මෙසේය.

  1. තොරතුරු හෙළි කරන්නෙකුගේ අනන්‍යතාව  පිළිබඳ තොරතුරු හෙළි කිරීමට පෙර, එම තොරතුරු වාර්තා කිරීමේ වටිනාකම, රහස් හෙළි කරන්නාට සහ වෙනත් අයට මුහුණ දීමට සිදු විය හැකි හානියට වඩා වැඩිද යන්න සලකා බැලිය යුතුය.
  2. වැරදි හෙලිකරන්නන් එසේ කිරීමට ඉදිරිපත් වන්නේ මන්දැයි අවධානය යොමු නොකරන්න.
  3. රහස් හෙළි කරන්නන් සහ තොරතුරු කාන්දු කරන්නන්  අතර වෙනස්කම් තේරුම් ගන්න.
  4. ආරක්ෂිත සන්නිවේදනය සඳහා උපාය මාර්ගයක් තබා ගන්න.
  5. ඔබ වාර්තා කරන රහස් හෙළි කරන්නාට අදාළ වන රහස් හෙළි කරන්නන්ගේ පිළිබඳ ආරක්ෂණ නීති පිළිබඳව අවබෝධයක් ලබා ගන්න.
  6. වැරදි හෙළි කිරීමේ  ගැටලු තේරුම් ගැනීමට උපකාර සඳහා යා යුත්තේ කොතැනදැයි දැන ගන්න.

වැරදි හෙළි කරන්නන් සමඟ වැඩ කිරීමේ කලාව – (The Art of Working with Whistleblowers)  යනු එක්සත් රාජධානියේ විමර්ශණාත්මක පුවත්පත් කාර්යාංශයේ (BIJ) කතුවරයකු වන මේරියන් ජෝන්ස්  Journalism.co.uk ට ලියූ  විශේෂාංග ලිපියකි. “වඩාත්ම වැදගත් පියවරක් ලෙස  ජෝන්ස් පවසා ඇත්තේ  ඔබේ මූලාශ්‍රයේ නිර්නාමිකභාවය රැකීම  සහ මූලාශ්‍රයේ ආරක්ෂාව . මේවා බිඳ වැටීමේ  සුළු හෝ අනතුරක් තිබේ නම්, කතාව කිසිසේත් පළ නොකිරීම හෝ සැලකිය යුතු ලෙස කපා දැමූ අනුවාදයක් ප්‍රකාශයට පත් කිරීම වඩාත් සුදුසු යයි ඇයගේ ලිපියේ සඳහන් වේ.

මාධ්‍යවේදීන් වැරදි හෙළිදරව් කරනන් ගැන දැනගත යුතු දේ (What Journalists Need to Know About Whistleblowers) ඇමෙරිකාවේ ජාතික වැරදි හෙළිදරව් කරන්නන්ගේ (US National Whistleblowers Center) හි මාර්ගෝපදේශයකි. එහි මාතෘකා පහක් ආවරණය කර ඇත: නීති දැන ගැනීම, නිර්නාමිකභාවය ආරක්ෂා කිරීම, රහස් හෙළි කරන්නා සඳහා අවදානමේ ඇති දේ දැන ගැනීම, “බුද්ධි තොරතුරු හෙළි කරන්නන්ට ඔවුන්ගේම නීති මාලාවක් ඇත” එමෙනම් තොරතුරු හෙලිදරව් කිරීම සහ තොරතුරු කාන්දු කිරීම පිළිබඳවද එහි සඳහන්ය.

Protecting Sources and Whistleblowers in a Digital Age. (ඩිජිටල් යුගයක මූලාශ්‍ර සහ තොරතුරු හෙළිකරන්නන් ආරක්ෂා කිරීම.)

 මෙම වාර්තාව සැකසෙන්නේ ලන්ඩන් විශ්ව විද්‍යාලයේ උසස් නීති අධ්‍යයන ආයතනයේ තොරතුරු නීතිය සහ ප්‍රතිපත්ති මධ්‍යස්ථානය 2016 සැප්තැම්බර් මාසයේදී විමර්ශණාත්මක මාධ්‍යවේදීන්, අදාළ රාජ්‍ය නොවන සංවිධාන සහ මාධ්‍ය සංවිධානවල නියෝජිතයින්, මාධ්‍ය නීතීඥයින් සහ විශේෂඥ පර්යේෂකයන් 25 දෙනෙකුගෙන් යුත් විශේෂඥ කණ්ඩායමක් සමඟ කළ සාකච්ඡා මත පදනම්වය. එම වාර්තාව මාධ්‍යවේදීන් සහ ප්‍රවෘත්ති සංවිධාන සම්බන්ධයෙන් නිර්දේශ කිහිපයක් මෙම තොරතුරු හෙලිකරන්නන් සම්බන්දයෙන් සකස් කර ඇත. :

  • ආරක්ෂිත තාක්ෂණය, මූලාශ්‍ර රැකවරණය සහ ආරක්ෂාව පිළිබඳ ප්‍රතිපත්ති ශක්තිමත් කරන්න.
  •  නිර්නාමිකව සිටීමට කැමති මූලාශ්‍ර සමඟ සම්බන්ධ වන ආකාරය සමාලෝචනය කරන්න.
  • මූලාශ්‍ර ආරක්ෂණය පිළිබඳ ප්‍රමාණවත් පුහුණුවක් ලබා ගන්න.

Protecting Journalism Sources in the Digital Age  ඩිජිටල් යුගයේ ජනමාධ්‍ය මූලාශ්‍ර ආරක්ෂා කිරීම

යුනෙස්කෝ සංවිධානය රටවල් 120 ක මූලාශ්‍ර ආරක්ෂණය සඳහා නීතිමය තන්ත්‍රයන් පිළිබඳ පුළුල් උපදෙස් සහ තොරතුරු සපයයි.

ජාත්‍යන්තර නීතිඥ සංගමය ද   2018 දී වැරදි හෙලිකරන්නන්ගේ ආරක්සාව – මඟ පෙන්වීෘමක් ( “Whistleblower Protections: A Guide”) ප්‍රකාශයට පත් කරන ලද අතර එය නීති පිළිබඳ හොඳ දළ විශ්ලේෂණයක් සපයයි. ජාතික නීති පිළිබඳ තොරතුරු සහිත උපග්‍රන්ථයක් ඇතුළත් වේ. IBA අඩවියට ගොස් “whistleblowers” සොයන්න.

ජාත්‍යන්තර  සංවිධාන

වැරදි හෙළිකරන්නන්ගේ ජාත්‍යන්තර ජාලය (Whistleblowing International Network) යනු මෙවැනි තොරතුරු හෙළි කරන්නන්  ආරක්ෂණයේ කටයුතු කරන රාජ්‍ය නොවන සංවිධාන සහ සිවිල් සමාජ කණ්ඩායම්වල ජාත්‍යන්තර ජාලයකි. ස්කොට්ලන්තය පදනම් කරගත් මෙම සංවිධානයේ  සාමාජිකයින්ට නීතිමය සහ ප්‍රායෝගික විශේෂඥතාවන් බෙදා ගැනීමට වේදිකාවක් සපයයි. දේශීය හා ජාත්‍යන්තර මට්ටමින් අනාවරණයන් කිරීමට ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිචාර වර්ධනය කිරීමට සහ ලොව පුරා තොරතුරු හෙළි කරන්නන් ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය හැකියාවන් වර්ධනයට  මෙම ජාලය  සහාය වේ. WIN විසින් ලොව පුරා තොරතුරු හෙළි කරන්නන් ආරක්ෂා කරන සහ සහාය දක්වන සිවිල් සමාජ සංවිධානවලට උපදෙස්, මෙවලම් සහ විශේෂඥ දැනුම සපයයි. EU Whistleblowing Meter මගින් යුරෝපා සංගමයේ රටවල් 2019 EU නියෝගයක් ජාතික නීතියට මාරු කිරීමට දරන උත්සාහයන් නිරීක්ෂණය කරයි.

ජාතික වැරදි හෙළි කරන්නන්ගේ මධ්‍යස්ථානය (National Whistleblower Center) යනු වොෂින්ටන්, ඩීසී හි පිහිටි ලාභ නොලබන ආයතනයකි, එය රටින් රට හෙළිදරව් කිරීමේ නීති සහ සම්පත් පිළිබඳ මාර්ගගත දත්ත ගබඩාවක් ඇතුළුව උපදේශනය, අධ්‍යාපනය සහ ආධාර ව්‍යාපෘති සඳහා අනුග්‍රහය දක්වයි. NWC සතුව මාධ්‍යවේදීන්, නිදහස් කථන උපදේශකයින්, නීතිඥයින් සහ රජයේ නිලධාරීන් සමඟ වැඩ කරන කුඩා ජාත්‍යන්තර වැඩසටහනක් ද ඇත. එය වැරදි හෙළි කිරීම සඳහා අලුතින් එක්වන අයට මාර්ගෝපදේශයක් (The New Whistleblower’s Handbook) 2019 දී ප්‍රකාශයට පත් කරන ලදී. NWC සතුව ක්‍රියාකාරී බ්ලොග් අඩවියක් ද ඇත.

රජයේ වගවීමේ ව්‍යාපෘතිය ( Government Accountability Project ), GAP වොෂින්ටන්, ඩීසී හි පිහිටි රජයේ වගවීමේ ව්‍යාපෘතිය පවසන්නේ එහි මෙහෙවර ප්‍රකාශය ලෙස  “අනාවරණය කරන්නන් ආරක්ෂා කිරීම, වෘත්තීය නිදහසේ කතා කිරීම සහ පුරවැසි ක්‍රියාකාරීන් සවිබල ගැන්වීම මගින් ආයතනික සහ රජයේ වගවීම ප්‍රවර්ධනය කිරීම”  බවයි. එය රහස් හෙළි කරන්නන් සඳහා මාර්ගෝපදේශ සහ පැවැත්ම පිළිබඳ ඉඟි ප්‍රකාශයට පත් කළේය. 1977 සිට, GAP රාජ්‍ය සහ පුද්ගලික අංශයේ තොරතුරු හෙළිකරන්නන් 8,000කට වැඩි පිරිසකට උපකාර කර ඇත. එය හෘදය සාක්ෂිය සහ වෘත්තිය ජීවිතය අතර මැදි වීම – ඔබේ අනන්‍යතාව හෙලි නොකර කරුනු හෙලිදරව් කිරීම (Caught Between Conscience & Career: Expose Abuse Without Exposing Your Identity) යන පොත ප්‍රකාශයට පත් කළේය. ැරදි හෙලිකරන්නන් වෙනුවෙන් වන මාර්ගෝපදේශයකි.

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් (Transparency International) දූෂණය නැවැත්වීමට සහ විනිවිදභාවය, වගවීම සහ අඛණ්ඩතාව ප්‍රවර්ධනය කිරීම සඳහා රජය, ව්‍යාපාර සහ සිවිල් සමාජය සමඟ කටයුතු කරයි. TI හි බර්ලිනයේ ජාත්‍යන්තර ලේකම් කාර්යාලය සමඟ ලොව පුරා ජාතික මට්ටමෙස් ආයතන  100කට වඩා ඇත. ජාතික TI කාර්යාල තුනකට වැරදි හෙළිදරව් කිරීම පිළිබඳ  විශේෂ ප්‍රවීණත්වයක් ඇත: ග්වාතමාලාවේ ඇක්සියෝන් සියුඩාඩනා, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් අයර්ලන්තය සහ ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් රුසියාව.

ඩිජිටල් විස්ල්බ්ලොවින් ෆන්ඩ් (Digital Whistleblowing Fund) යනු විනිවිදභාවය සහ ඩිජිටල් මානව හිමිකම් සහ පුනර්ජනනීය නිදහස පිළිබඳ හර්ම්ස් පදනමේ  සුලු මූල්‍ය ප්‍රදාන මත ඇරඹුණු ව්‍යාපෘතියකි. එය විමර්ශණාත්මක ජනමාධ්‍ය කණ්ඩායම් සහ මානව හිමිකම් බිම් මට්ටමේ සංවිධානවලට ආරක්ෂිත ඩිජිටල් ක්‍රමයක් ආරම්භ කිරීම සඳහා මූල්‍ය, මෙහෙයුම් සහ උපායමාර්ගික සහාය ලබා ගැනීමට අයදුම් කිරීමට හැකියාව ලබා දෙයි. ඔවුන්ගේ සමාජ මෙහෙවරේ කොටසක් ලෙස වැරදි හෙළි  කිරීමේ මුල පිරීම. ” ගවේෂණාත්මක වාර්තාකරණ ව්‍යාපෘතිය ඉතාලිය (IRPI) එක් ලබන්නෙකු වූ අතර, තොරතුරු හෙළිකරන්නන්ට තොරතුරු එවිය හැකි ආරක්ෂිත වේදිකාවක් පිහිටුවීමට අරමුදල් සම්පාදනය කරයි.

 ජාත්‍යන්තර දූෂණ විරෝධී සමුළුව(International Anti Corruption Conference)  යනු දූෂණයේ අභියෝග පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා රජයේ, සිවිල් සමාජයේ සහ පෞද්ගලික අංශයේ නියෝජිතයින් එක්රැස් කරන ගෝලීය සංසදයකි. සම්මන්ත්‍රණය සාමාන්‍යයෙන් වැරදි හෙළිදරව් කිරීම  සහ අදාළ ගැටලු ඇතුළත් වේ. ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් හි පිහිටි IACC කණ්ඩායම විසින් මෙහෙයවනු ලබන මෙම සමුළුව සෑම වසර දෙකකට වරක් පැවැත්වේ.

මෙවලම්

  • Secure Drop යනු එක්සත් ජනපදයේ නිදහස් මාධ්‍ය පදනම විසින් කළමනාකරණය කරනු ලබන විවෘත මූලාශ්‍ර තොරතුරු හෙළි කිරීම් ඉදිරිපත් කිරීමේ පද්ධතියකි. එය සියලුම මාධ්‍ය ආයතනවලට නිර්නාමික මූලාශ්‍රවලින් ලේඛන ආරක්ෂිතව පිළිගැනීමට භාවිතා කළ හැකිය. සැන් ෆ්රැන්සිස්කෝ නගරයෙන් ඇරඹුනු මෙම , Secure Drop භාවිතා කිරීම සඳහා තාක්ෂණික සහාය සහ පුහුණුව ද ලබා දෙයි.

GlobaLeaks යනු හඳුනාගත නොහැකි සන්නිවේදන සඳහා සැකසුණු අන්තර්ජාල මෘදුකාංගයක් වන  Tor හරහා පමණක් ප්‍රවේශ විය හැකි ආරක්ෂිත වේදිකා නිර්මාණය කිරීමට මෘදුකාංග සපයන අතර එමඟින් තොරතුරු හෙළි කරන්නන්ට ආරක්ෂිතව තොරතුරු කාන්දු කිරීමට ඉඩ සලසයි. එසේම  මාධ්‍යවේදීන්ට සහ මූලාශ්‍රවලට ආරක්ෂිතව අන්තර් ක්‍රියා කිරීමට ඉඩ සලසයි. එසේම ග්ලෝබල් ලීක්ස් යනු  යනු මාධ්‍ය සංවිධාන, ක්‍රියාකාරී කණ්ඩායම්, පොදු නියෝජිතායතන සහ සංගතවලට උපකාර කළ හැකි විවෘත මූලාශ්‍ර හෙලිදරව් කිරීමේ රාමුවකි. මිලාන්හි විනිවිදභාවය සහ ඩිජිටල් මානව හිමිකම් සඳහා වූ හර්මීස් මධ්‍යස්ථානය විසින් පවත්වාගෙන යනු ලබන GlobaLeaks විසින් තොරතුරු හඹා යාමේ ව්‍යායාමයට සහාය වීම සඳහා මුල පිරීම් සඳහා මෘදුකාංග මෙවලම් සපයයි.

විස්ල්බ්ලොවර්ස් සඳහා වූ මෙවලම් යනු (Tools for Whistleblowers ) යනු ඇමෙරිකාවේ පෙන්සිල්වේනියාවේ පිට්ස්බර්ග් හි වෙසෙන විමර්ශණාත්මක වාර්තාකරුවෙකු, නිදහස් සේවකයෙකු සහ කර්තෘවරයෙකු වන මයිකල් වෙරෙස්චැගින් විසින් එකතු කරන ලද සාරාංශයකි. ඔහු ප්‍රවෘත්ති සංවිධාන සහ තනි පුද්ගල මාධ්‍යවේදීන් විසින් භාවිතා කරන පද්ධති ලැයිස්තුගත කරයි.

රටවල්  අනුව සංවිධාන

පහත ලැයිස්තුවට රහස් හෙළිකරන්නන් වෙනුවෙන් පෙනී සිටින සහ  හෝ අනාවරණ සඳහා ආරක්ෂිත මාර්ග සපයන බොහෝ ලාබ අපේක්සාවෙන් තොරව ක්‍රියාත්මක වන කණ්ඩායම් ඇතුළත් වේ. සාමාන්‍යයෙන්, අපි  සමහර වෙබ් අඩවිවල ප්‍රයෝජනවත් තොරතුරු ඇතුළත් වුවද, රහස් හෙළි කිරීමේ භාවිතයන් සහිත නීති සමාගම් හෝ මෘදුකාංග සපයන සමාගම් ඇතුළත් කර නැත. අපි [email protected] හි යෝජනා සාදරයෙන් පිළිගනිමු.

අප්‍රිකාව (පොදු)

AfriLEAKS පවත්වාගෙන යනු ලබන්නේ තොරතුරු කාන්දු කිරීම්  සඳහා ආරක්ෂිත ඩ්‍රොප් බොක්ස් (dropbox) භාවිත කරන අප්‍රිකානු ප්‍රවෘත්ති සංවිධානවල සන්ධානයක් මගිනි. පුද්ගලයන්ට ලේඛන යැවිය හැකි අතර විමර්ශනයක් සිදු කළ යුතු එහි සාමාජික සංවිධානයන් තෝරාගත හැකිය. එය විනිවිදභාවය සහ ඩිජිටල් මානව හිමිකම් පිළිබඳ හර්මීස් මධ්‍යස්ථානය සමඟ ගවේෂණාත්මක වාර්තාකරණ මධ්‍යස්ථානවල අප්‍රිකානු ජාලයේ ඒකාබද්ධ ව්‍යාපෘතියකි.

Platform to Protect Whistleblowers in Africa  (අප්‍රිකාවේ වැරදි හෙළිකරන්නන්  ආරක්ෂා කිරීමේ වේදිකාව,)  පැරිසියේ පිහිටා ඇති අතර උපදේශන සහ නෛතික කණ්ඩායමකි. ඇන්ගෝලාවේ ජනාධිපතිවරයාගේ කෝටිපති දියනිය වන ඉසබෙල් ඩොන් සැන්ටොස් පිළිබදව  2020 දී ජාත්‍යන්තර විමර්ශණාත්මක මාධ්‍යවේදීන්ගේ සංගමයට යම් යම්  ලේඛන (ඊමේල්,  බහුමාද්‍ය ඉදිරිපත් කිරීම්  ඉන්වොයිසි සහ කොන්ත්‍රාත්තු වැනි ) ලබා දුන්නේ මෙම කන්ඩායමයි.

දකුණු අප්‍රිකාව

විවෘත  ප්‍රජාතන්ත්‍රවාදී උපදේශන මධ්‍යස්ථානයේ (Open Democracy Advice Center) මෙහෙවර වන්නේ විවෘත හා විනිවිද පෙනෙන ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රවර්ධනය කිරීමයි. ආයතනික සහ රජයේ වගවීමේ සංස්කෘතියක් පෝෂණය කිරීම; සහ මානව හිමිකම් පිළිබඳව පුරවැසියන් දැනුවත් කිරීම. මධ්‍යස්ථානය විනිවිදභාවය ප්‍රවර්ධනය කරයි. තොරතුරු සහ විවෘත දත්ත වෙත ප්‍රවේශය වැඩි දියුණු කරයි, සහ රහස් හෙළි කරන්නන්ට සහය දක්වයි.

යුරෝපය / යුරේසියාව

ජර්මනියේ බර්ලිනය පදනම් වූ තොරතුරු හෙළි කරන්නන්ගේ අයිතිවාසිකම් සඳහා වූ යුරෝපීය මධ්‍යස්ථානය(The European Center for Whistleblower Rights ) රහස් හෙළි කරන්නන්ට සහ උපදේශනයේ නිරත වීමට උපකාර කරයි. 2019 ගිම්හානයේදී එය  විස්ල් වයර් හි පළමු කලාපය ප්‍රකාශයට පත් කළේය.

වැරදි හෙළිකරන්නන්ගේ  ආරක්ෂණය පිළිබඳ අග්නිදිග යුරෝපයේ සන්ධානය (The Southeast Europe Coalition on Whistleblower Protection ) යනු රටවල් 12ක සංවිධානවල සන්ධානයකි.

Fishyleaks නිර්මාණය කරන ලද්දේ  , යුරෝපා සංගම් මුහුදේ නීති විරෝධී මසුන් ඇල්ලීමේ ක්‍රියාකාරකම් පිළිබඳ ඉඟි ආකර්ෂණය කර ගැනීම සඳහා ය. එය Funding Fish හි මුලපිරීමක් වන Our Fish ව්‍යාපාරය විසින් දියත් කරන ලද ව්‍යාපෘතියකි.

ඇල්බේනියාව

The Center for the Study of Democracy and Governance  (ප්‍රජාතන්ත්‍රවාදය සහ පාලනය පිළිබඳ අධ්‍යයන මධ්‍යස්ථානය) ඇල්බේනියානු භාෂාවෙන් වැරදි හෙලිකරන්නන් සහ වැරදි හෙළි කිරීම සඳහා මාර්ගෝපදේශයක් සකස් කර ඇත.

ඔස්ට්‍රියාව

 Whistleblowing Austria 2011 දී පිහිටුවන ලද්දේ පුරවැසියන්ට වැරදි සහ විෂමාචාර හෙළි කිරීමට පියවර ගැනීමට උපකාර කිරීම සඳහා සංවිධානයක් ලෙස ය.

ප්‍රංශය


Transparency International France
 ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ප්‍රංශය දූෂණය වාර්තා කිරීමට රහස් හෙළි කරන්නන්ට ඉඩ දෙන වෙබ් අඩවියක් පවත්වාගෙන යයි.

La Maison des Lanceurs d’Alerte යනු අධිකරණ ආධාර, මනෝවිද්‍යාත්මක සහ මාධ්‍ය සහය මෙන්ම අවශ්‍ය තොරතුරු හෙළි කරන්නන්ට මූල්‍ය ආධාර ලබා දෙන ප්‍රංශ සංවිධානයකි. එය මාර්ගගත සම්පත් (මාර්ගෝපදේශ, සම්බන්ධතා, ඉඟිය) ද සපයයි.

ජර්මනිය

Whistleblower Network යනු මාධ්‍යවේදීන් සහ තොරතුරු හෙළි කරන්නන් විසින් 2006 දී නිර්මාණය කරන ලද ස්වේච්ඡා සාමාජික සංවිධානයකි. සංගමය අවශ්‍ය විටෙක රහස් හෙළිකරන්නන්ට, පර්යේෂකයන්ට සහ මාධ්‍යවේදීන්ට උපදෙස් හා සේවය කරයි. වෙබ් අඩවිය වැරදි හෙළිදරව්  කිරීම පිළිබඳ තොරතුරු සඳහා වේදිකාවක් වන අතර දිනපතා යාවත්කාලීන පුවත් සහිත බ්ලොග් අඩවියක් සත්කාරකත්වය සපයයි.

හංගේරියාව

K Monitor Watchdog for Public Funds හංගේරියානු සහ ජාත්‍යන්තර දූෂණ සම්බන්ධ සිද්ධීන් ප්‍රවෘත්තිවල තබා ගැනීමේ සංසදයක් ලෙස 2007 දී ආරම්භ කරන ලදී. මෙම සංගමය විමර්ශණාත්මක මාධ්‍යකරණය  හරහා තොරතුරු සමාජයක් පිළිබඳ අදහස ප්‍රවර්ධනය කරන අතර වෙබ් අඩවිය මාධ්‍යවේදීන් සඳහා දත්ත ගබඩාවක් මෙන්ම තොරතුරු හෙළි කරන්නන් සඳහා සම්පත් ද පවත්වාගෙන යයි.

අයර්ලන්තය

Transparency International Ireland  ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් අයර්ලන්තය 2004 දී ආරම්භ කරන ලද අතර රාජ්‍ය සහ පෞද්ගලික අංශ සඳහා “මට්ටමේ ක්‍රීඩා පිටියක්” නිර්මාණය කිරීමට ක්‍රියා කරයි. එහි මෙහෙවර වන්නේ අධ්‍යාපනය, තොරතුරු සහ පර්යේෂණ තුළින් මිනිසුන් සවිබල ගැන්වීමයි. එහි Speak Up Safely Guide (එය මෙතැනින් බාගන්න) අයර්ලන්තයේ ව්‍යාජ නීති සම්පාදනය තේරුම් ගැනීමට කම්කරුවන්ට උපකාර කිරීම අරමුණු කර ගෙන ඇත

Creative Commons photo c / o Ollie Brown, Flickr

ඉතාලිය

IrpiLeaks යනු ගවේෂණාත්මක මාධ්‍යවේදය සඳහා වන ඉතාලි මධ්‍යස්ථානය වන IRPI හි අනාවරණ වේදිකාවයි. එය විශේෂයෙන් එක්සත් රාජධානියේ මාෆියාවේ කාන්දුවීම් සොයයි.

නෙදර්ලන්තය

House for Whistleblower වැරදි හෙළි  කරන්නන්ට උපදෙස් සහ මනෝ සමාජීය සහය ලබා දෙයි, රහස් හෙළි කරන්නන්ට සැලකීම සහ සමාජ අපයෝජනයන් පිළිබඳව පර්යේෂණ පවත්වයි, අඛණ්ඩතාව උල්ලංඝනය කිරීම් වැලැක්වීමට දායක වන අතර රහස් හෙළිකරන්නන් සහ රහස් හෙළි කිරීම පිළිබඳ දැනුම සපයයි.”

PubLeaks යනු ලන්දේසි මාධ්‍ය ආයතන 40කට අධික සංඛ්‍යාවකින් අනුබල දෙන ආරක්ෂිත වේදිකාවකි. 2013 දී ආරම්භ කරන ලද එය හර්මීස් මධ්‍යස්ථානය විසින් වැඩි දියුණු කරන ලද GlobaLeaks මෘදුකාංග පැකේජය මත පදනම් වේ.

පෝලන්තය

Stefan Batory පදනම යනු විවෘත, දැනුවත් සහ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් ගොඩනැගීමේ මෙහෙවරක් සමඟින් 1988 හි පිහිටුවන ලද ස්වාධීන පුද්ගලික පෝලන්ත පදනමකි.

රුසියාව

1999 දී ආරම්භ කරන ලද ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් රුසියා දූෂණයට එරෙහිව සටන් කිරීම සඳහා මාධ්‍ය ඇතුළු සිවිල් සමාජය බලමුලු ගන්වන අතර රාජ්‍ය සහ පෞද්ගලික අංශයන්හි විනිවිදභාවය සහ වගවීම පිළිබඳ මූලධර්ම ආයතනිකකරණය කිරීමට කටයුතු කරයි.

සර්බියාව

Pistaljka, සර්බියානු භාෂාවෙන් “විස්ල්”, විමර්ශණය කරයි යන අරුතක් දෙයි. මෙය  රහස් හෙළිකරන්නන්ගෙන් ඉදිරිපත් කිරීම් සඳහා ආරක්ෂිත වෙබ් අඩවියක් ඇති අතර  ඔවුන් නීතිමය සහාය ද ලබා දෙයි.

ස්පාඤ්ඤය

XNET වැරදි හෙළි කරන්නන්ගේ  ආරක්ෂාව සඳහා පෙනී සිටියි. එය සංකේතාත්මක වැරදි හෙළිදරව් කිරීමේ පද්ධතියක් පවත්වාගෙන යයි.

යුක්රේනය

Initiative 11  යනු යුක්රේනයේ රහස් හෙළි කරන්නන්ගේ ආරක්ෂාව ලුහුබඳින සිවිල් සමාජ සංවිධානවල සන්ධානයකි.

එක්සත් රාජධානිය

Protect , (කලින්  Public Concern at Work)ලෙසින් හැඳින්විණි), 1993 දී පිහිටුවන ලදී. මහජන යහපතට තර්ජනයක් වන අන්තරායන්, වැරදි ක්‍රියා සහ බරපතල අවදානම් බරපතල හානියක් සිදුවීමට පෙර අවම වශයෙන් අනාවරණය කර ගැනීමට  උපකාර කිරීම එහි අරමුණයි. PCW නොමිලයේ රහස්‍ය උපදෙස් මාලාවක් ක්‍රියාත්මක කරයි, අදාළ සංවිධානවලට සහාය සහ සේවා සපයයි, සහ ප්‍රතිපත්තිමය කටයුතු සහ පොදු අධ්‍යාපන ක්‍රියාකාරකම්වල නිරත වේ.

 The Whistler යනු ජාති, ආගම් හෝ දේශපාලන භේදයකින් තොරව සියලුම රහස් හෙළිකරන්නන් ආරක්ෂා කිරීමේ අරමුණින් Caromication in Care සහ විමර්ශණාත්මක මාද්‍යකරණ මධ්‍යස්ථානය Centre for Investigative Journalism එකට එක් කරන සහයෝගීතා සන්ධානයකි. එය රහස් හෙළි කරන්නන් සදහා  නෛතික, චිත්තවේගීය සහ මූල්‍ය කාරණා සම්බන්ධයෙන් වෘත්තීය සහාය, උපදෙස් සහ සහාය ලබා දෙන  රහස් හෙළි කරන්නන් විසින් සංවිධානය කරන ලද සංවිධානයකි.

ලතින් ඇමරිකාව / කැරිබියන්

ගෝතමාලාව

Accion Ciudadana 1996 දී ආරම්භ කරන ලද අතර එය 2006 සිට ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනයට අනුබද්ධ වූ ඒකකි.  එය ගෝතමාලාවේ විනිවිදභාවය සහ අඛණ්ඩතාව සඳහා ක්‍රියා කරන සිවිල් සමාජ සංවිධානයකි.

මෙක්සිකෝව

MexicoLeaks යනු මෙක්සිකානු සංවිධාන අටකින් පිටුබලය ලබන වේදිකාවකි.

උතුරු ඇමෙරිකාව

කැනඩාව

දූෂණ-විරෝධී සහ වගවීම කැනඩාව නොමිලේ මූලික උපදේශන ලබා දෙමින් තොරතුරු හෙළි කරන්නන්ට සහාය වේ.

එක්සත් ජනපදය

Creative Commons photo c / o Flickr

Government Accountability Project (GAP) රජයේ වගවීමේ ව්‍යාපෘතිය (GAP) යනු වොෂින්ටන්, ඩීසී පදනම් කරගත් ලාභ නොලබන, මහජන අවශ්‍යතා සමූහයක් වන අතර එය අනාවරණ කිරීමේ පුරුද්දට සහාය වේ.

Project on Government Oversight (POGO)  රජයේ අධීක්ෂණය පිළිබඳ ව්‍යාපෘතිය (POGO) යනු  යහපත් රාජ්‍ය ප්‍රතිසංස්කරණ සාක්ෂාත් කර ගැනීම සඳහා රහස් හෙළි කරන්නන්, මාධ්‍යවේදීන් සහ රජයේ නිලධාරීන් සමඟ වැඩ කරන වොෂින්ටනය පදනම් කරගත් ස්වාධීන නිරීක්ෂණ සංවිධානයකි.

National Whistleblower Center  යනු වොෂින්ටනය පදනම් කරගත් ලාබ නොලබන සංවිධානයක් වන අතර එය හෙළිදරව් කිරීම පිළිබඳ උපදේශනය, අධ්‍යාපනය සහ ආධාර ව්‍යාපෘති සඳහා අනුග්‍රහය දක්වයි.

Whistleblower Aid ද වොෂින්ටනය පදනම් කර ගත්  ලාභ නොලබන නීතිමය සංවිධානයකි. “නීත්‍යානුකූලව, රජයේ සහ ආයතනික නීති කඩ කිරීම් වාර්තා කරන පුද්ගලයින්ට අපි සහාය දෙමු.”යන්න ඒහි දැක්මයි

Whistleblower Support Fund යනු “උපායමාර්ගික උපදේශනය, චිත්තවේගීය සහ වෘත්තීය සහය, නීතිඥයින්, සමාජ සේවකයින්, වෘත්තීය උපදේශකයින් සහ / හෝ මාධ්‍යවේදීන් වෙත යොමු කිරීම සහ කුසලතා ඇති රහස් හෙළි කරන්නන් සඳහා තාක්ෂණික සහාය සපයන” ලාභ නොලබන ආයතනයකි.

Whistleblower Blog යනු “කතුවැකි ස්වාධීන පුවත් සහ තොරතුරු මූලාශ්‍රයකි”

The National Council of Nonprofits ලාභ නොලබන ජාතික කවුන්සිලය ලාභ නොලබන ආයතනවලට අදාළ රහස් හෙළිදරව් කිරීමේ ප්‍රතිපත්ති පිළිබඳ සම්පත් ලැයිස්තුගත කරයි.

ආසියාව

ඉන්දුනීසියාවේ ලීක්ස් තොරතුරු සපයන්නන්ට රහසිගතව තොරතුරු ඉදිරිපත් කිරීමට ස්ථානයක් සපයන අතර එය මාධ්‍යවේදීන් විසින් පසු විපරම් කරනු ලැබේ.

මූලාශ්‍ර

This story was originally published by the Global Investigative Journalism Network (GIJN)

RELATED ARTICLES
- Advertisment -

Most Popular

Recent Comments