Monday, April 20, 2026
24.5 C
Colombo

කොරෝනා කාලේ බදුල්ල මහ රෝහලේ ගැබිණි වාට්ටුවේ මව්වරුන් බිම නිදිකෙරෙව්වද?

ඡායාරූපය  2019 එකක් – රෝහල් අධ්‍යක්ෂක කියයි

බදුල්ල රෝහලේ මෙහෙම රෝගීන්ගේ වැඩි වීමක් වාර්තා වෙලා නෑ – ප්‍රදේශයේ මාධ්‍යවේදීන්

”ෆේස්බුක් එකේ මේ පින්තූරය දැකලා මගේ නංගි කෙනක් මට ඒ වග කිවුවා. ඒක  නිසා බදුල්ල මහ  රෝහලේ නතර වෙන්න යන්න බයෙන් තමයි හිටියේ. පස්සේ රෝහලේ වැඩ කරන කෙනෙකුගෙන් මගේ මහත්තයා අහල තිබුණා රෝහලේ ගැබිණි වාට්ටු පිරිලා ලෙඩ්ඩු බිම ඉන්නවද  කියලා. එයා කියල තිබුණ එහෙම ප්‍රශ්නයක් රෝහලේ නෑ කියලා” බදුල්ල හාලි ඇළ ප්‍රදේශයේ පදිංචි ගැබිණි මාතාවක් වන ශ්‍රීයා කාන්ති මහත්මිය (42) කියා සිටියා ය.

බදුල්ල මහ රෝහලේ ගැබිණි වාට්ටුව රෝගීන්ගෙන් ඉතිරී ගිය වග හඟවමින් සමාජ මාධ්‍ය තුල සංසරණය වූ ඡායාරූපයක්  ශ්‍රීයා කාන්තිගේ මේ බියට හේතුවී තිබේ. හුදෙක් එම බිය ශ්‍රීයා කාන්තිට පමණක් සිමා වුවක්ම නොවේ. ප්‍රදේශයේ තවත් ගැබිණි මව්වරුන් හටද එම පුවත බිය ගන්වන එකක් බවට පත්වී තිබිණි.

මෙවන්  පසුබිමක පසුගිය දිනයන්හි බදුල්ල මහ රෝහලේ ගැබිණි මව්වරුන්ගේ වාට්ටුවේ ඇඳන්  නොමැතිව විශාල මව්වරුන් සංඛ්‍යාවක් බිම නිදියමින් පීඩාවට ලක්වී සිටින බව දක්වමින් 2020 දෙසැම්බර් මස 28 වන දින සිට  ඡායා රූපයක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වීම නිසා රෝහලේ පරිපාලනයට මෙන්ම රෝහලට  නේවාසික ප්‍රතිකාර සඳහා ඇතුළු වීමට බලාපොරොත්තුවෙන් සිටි ගැබිණි මව්වරුන් හට ද  යම් බලපෑමක් එල්ල වී තිබේ.

එමෙන්ම මේ ආකාරයෙන් පල වූ ඡායා රූපය තවදුරටත් සනාථ කරමින් එම පලකිරීමට ප්‍රතිචාර දක්වමින් බොහෝ දෙනෙකු අදහස් දක්වා තිබූ අතර ඒ තුලින් ද එය කියවන්නන්ගේ සිත තුළ මේ තත්වය සම්බන්ධයෙන් කුතුහලයක් බියක් ගෙන දීමට හේතුවී තිබේ. ඒ ආකාරයන් පළවූ අදහස් අතර ”මෙහෙම තත්වයක් තුල අපි කොහොමද ප්‍රතිකාර ගන්න යන්නේ ” ගැබිණි වාට්ටුව විතරක් නොවේ හැම වාට්ටුවකම ඔහොමයි ,”මේ තවත් කොවිඩ් රැල්ලක් ”යන අදහස් කීපයක් පමණක් පෙන්වා දිය හැකිය.

කොරෝනා වෛරස් තත්වයේ බලපෑම හේතුවෙන් දිවයිනේ බොහොමයක් රෝහල් තුළ සෞඛ්‍යය යම්තාක් දුරට අවධානම්  තත්වයක පවතී. එයට ප්‍රධානතම හේතුව වන්නේ රෝහල් තුළ ප්‍රතිකාර ලබන රෝගීන් අතරින් කොරෝනා රෝගීන් වාර්තා වීමයි. එම නිසාම රෝගීන් හට නිසි සෞඛ්‍ය ආරක්ෂාව තිබෙනවා ද යන්න පිළිබඳව බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වී තිබේ.

මේ අතර ගර්භනී මව්වරුන් ද සුවිශේෂී කාණ්ඩයක් ලෙස සැළකෙන්නේ සමාජය තුළ ගර්භනී මව්වරුන් හට ලබා ඇති සමාජීය හා  සංස්කෘතික වැදගත්කම නිසා වෙනි .එම නිසා කොරෝනා වෛරසය පැතිරී යන මෙම  කාල  පරිච්ඡේදයේදී ඔවුනගේ සෞඛ්‍යමය ආරක්ෂාව ඉතා වැදගත් එකක් ලෙස සැලකේ.

සමාජ මාධ්‍ය සටහන්

එම ඡායා රූපය ”Kiri Badulla කිරි බදුල්ල” යන ෆේස්බුක් පි‍ටුව තුළද පළකර තිබු අතර එහි සදහන් වුයේ ” බදුල්ල මහ රෝහලේ ඇඳන් නොමැතිව ගැබිණි මව්වරුන්  දැඩි පිඩාවක ” යන්නයි. 2020.12.28 වන දින එම ඡායා රූපය එම ෆේස්බුක් පි‍ටුව තුල පළකර තිබු අතර දින 12 ක පමණ කාලයකදී එය 4400 කට අධික  ෆේස්බුක් පි‍ටු ගණනාවක් මගින් Share කරගෙන තිබුණි. එමෙන්ම ඊට අමතරව ”Welimada – අපේ වැලිමඩ”prabath dinusha nanayakkara” Samagi Wanitha”JVP USA ” ඇතුළු තවත් ෆේස්බුක් පි‍ටු ගණනාවක් මගින් Share කර තිබිණි. සමස්තයක් ලෙස 15000කට ආසන්න ගිණුම් තුල මෙම ඡායා රූපය සංසරණය විය.

Sources:
https://www.facebook.com/KiriBadulla/posts/2806131779640755 (”Kiri Badulla කිරි බදුල්ල”)
https://www.facebook.com/apeweliamada/posts/1876245709181492  (”Welimada – අපේ වැලිමඩ”)

මේ සම්බන්ධයෙන් ප්‍රදේශයේ මාධ්‍යවේදියෙකු වන නයන තෙන්නකෝන් මහතාගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ ඡායා රූපයේ පළ වූ ආකාරයෙන් බදුල්ල රෝහල තුළ තදබදයක් තිබුණු බවට වාර්තා නොවුණු බවයි. ” බදුල්ල රෝහලේ මෙවැනි තත්වයක් අපට වාර්තා වුණේ නෑ. නමුත් මේ නිසා බදුල්ල රෝහලට ප්‍රතිකාර ගැනීමට එන ප්‍රදේශයේ සිංහල දෙමළ ජනතාව තුළ දැඩි කතා බහක් ඇති වී තිබුණා ”

කෙසේ නමුත් මෙම ඡායා රූපය පළ කිරීම නිසා ඒ සම්බන්ධයෙන් සත්‍ය තොරතුරු නොදත් සමාජ මාධ්‍ය පරිශීලකයින් තුළ රජය මෙන්ම සෞඛ්‍ය අමාත්‍යවරිය ද දැඩි ලෙස විවේචනය කරමින් ද්වේශ සහගත අදහස් ද පළවූ අතර බොහෝ සුළු පිරිසක් විසින් මෙම ඡායාරූපය මෑතක පළ වූ ඡායාරූපයක් නොවන බවට ද අදහස් පළකර තිබිණි.

කෙසේනමුත් මේ ආකාරයෙන් සංසරණය වූ ඡායා රූපය හුදෙක් මෙරට  කොරෝනා වසංගතය පැතිර යන කාල වකවානුවට අයත් එකක් නොවන බව එය නිරීක්ෂණය කිරීමෙන් තහවුරු වුයේ එහි සිටින එකම රෝගියෙකුවත්  මුඛ ආවරණ පැළද නොතිබීම යන කාරනා ද සැලකිල්ලට ගෙන ය. ඒ නිසාම ෆේස්බුක් ඔස්සේ  විශාල පිරිසක් තුල සංසරණය වූ  මෙම ඡායා රුපය සම්බන්ධයෙන් විශාල වශයෙන් හුවමාරු වූ සටහන් පිළිබඳ නිසි සොයා බැලීමක් සිදුකිරීමට කටයුතු කරන ලදී.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

මේ ඡායාරූපය සම්බන්ධයෙන් google Reverse Image සෙවුම ඔස්සේ  සොයා බැලීමේදී  2020.පෙබරවාරි 19 දින (4.32PM ) ”Dissa නමැති twitter ගිණුමේ මෙන්ම 2020. පෙබරවාරි මස 20 වනදින SL Nurse නැමති  ෆේස්බුක් පි‍ටුව තුළද ද පළකර තිබු බව නිරීක්ෂණය විය. එමෙන්ම 2020 ජුලි මස 24 වනදින ”ජුලියස් සීසර් ” නැමති ෆේස්බුක් පි‍ටුව තුල ද මෙම ඡායා රූපය පළකර තිබේ.

එමෙන්ම විවිධ දේශපාලනික අරමුණු ද ඇතිව 2020 වසර තුළ මෙම ඡායා රූපය අවස්ථා කීපයකදී එම දිනයන්හි සිදුවූ ආකාරයට යොදාගෙන තිබුණු ආකාරය google Reverse Image සෙවුම ඔස්සේ  සොයා බැලීමේදී  අනාවරණය විය.

කෙසේ නමුත් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් සමාජය තුළ වැරදි මතයක් ඇතිකරමින් තිබු මෙම ඡායා රූපය සම්බන්ධයෙන් සත්‍ය කරුණු දැනගැනීම සඳහා බදුල්ල පළාත් මහ රෝහලේ  අධ්‍යක්ෂ වෛද්‍ය R.C.K. මාපා මහතාගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ  මෙම ඡායා රූපය 2019 වසරට අයත් එකක් බවයි.

”2019 වසරේ තාක්ෂණික දෝෂයක් නිසා ශල්‍යගාරයක් වසා දැමීමට සිදුවීම නිසා ප්‍රසව සහ නාරි විද්‍යා වාට්ටුවේ (Gynecology & Obstetrics) තදබදයක් ඇතිවු අවස්ථාවක   ලබාගෙන ඇති ඡායාරූපයක් බවත්, ඇඳන් 30ක් සහිත එම වාට්ටුව, ඉන් අනතුරුව කිසිදු තදබදයකින් තොරව මේ දක්වා ම ක්‍රියාත්මක වන බව ද පැවසීය. එමෙන්ම එම තදබදය සීමාවුයේ පැය 24කට පමණක් බවත් හෙතෙම කියා සිටියේ ය. එමෙන්ම මෙවැනි ආකාරයේ රෝගීන්ගේ තදබදයක් රෝහලේ කිසිම වාට්ටුවක මේ දිනවල පවතින්නේ නැති බව ද හෙතෙම කියා සිටියේ ය.”

නිගමනය

මෙම සොයා බැලීමේදී අනාවරණය වූයේ  මෑතකදී,  ඡායාරූපයේ සඳහන් පරිදි  බදුල්ල පළාත් මහ රෝහලේ කිසිදු තදබදයක් ඇතිවී නොමැති බවත්  2019 වසරේ ශල්‍යාගාරයක ඇති වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ප්‍රසව සහ නාරිවේද  වාට්ටුවේ ඇතිවූ එක් දිනකදී ඇති වූ තත්වයක් බවත්  නමුත් එය 2020 වසරේ දෙසැම්බර් 28  දිනයේ දී ඇතිවූ තත්වයක් හගවමින් පළකර තිබෙන බවයි.

Hot this week

Sri Lanka’s Bumpy Road to a Political Reset

Sri Lanka is navigating a fragile political transition following...

AI Tools & Social Norms are Making the Internet Unsafer For Women

As generative AI usage rises in India, image, video,...

Energy minister under fire as NPP confronts first no-confidence motion over corruption charges

COLOMBO – Sri Lanka’s ruling National People’s Power (NPP)...

Six extraordinary stories on intangible losses due to climate change

There are many climate change stories but those that...

From maritime tensions to economic recovery: Can Sri Lanka navigate the next decade?

Speed Read: Sri Lanka’s relationship with neighboring India remains central...

Topics

Sri Lanka’s Bumpy Road to a Political Reset

Sri Lanka is navigating a fragile political transition following...

AI Tools & Social Norms are Making the Internet Unsafer For Women

As generative AI usage rises in India, image, video,...

Energy minister under fire as NPP confronts first no-confidence motion over corruption charges

COLOMBO – Sri Lanka’s ruling National People’s Power (NPP)...

Six extraordinary stories on intangible losses due to climate change

There are many climate change stories but those that...

From maritime tensions to economic recovery: Can Sri Lanka navigate the next decade?

Speed Read: Sri Lanka’s relationship with neighboring India remains central...

Holding the Power of Big Tech Accountable

by Sandrine Rigaud • March 24, 2026 Editor’s Note: This is the...

Counter narratives and tackling harmful content

Ove the past year, the Center for Investigative Reporting...

Sri Lanka’s missing tuberculosis patients: 5,000 cases annually go undetected

Speed Read: Up to 5,000 tuberculosis patients annually go undetected...

Related Articles

Popular Categories