වවුනියාවේ විදෙස් රැකියා සදහා ගිය 23ක් විදේශයන්හි සිර වෙලා. නිසි කුසලතා සංවර්ධනයකින් තොරව නිත්‍යානුකුල නොවන අයුරින් විදෙස්ගත වන්න එපා – විදේශ සේවා නියුක්ති කාර්යාංශය

වර්ථමානය වන විට මෙරටතරුණයින්ගේ වැඩි උනන්දුවක් විදෙස් රැකියා සම්බන්ධයෙන් පවතින අතර වවුනියාව දිස්ත්‍රික්කය තුළද මෑතකාලීනව වැඩි ශ‍්‍රමික සංඛ්‍යාවක් විදෙස්ගත වෙමින් සිටි.
ඒ අනුව වවුනියාව දිස්ත්‍රික්කය තුළ මෙසේ විදෙස් ගත වන ශ‍්‍රමිකයින් පිළිබදව සලකා බැලීමේදී ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයෙන් තොරතුරු දැනගැනීමේ පනතට අනුව අප කළ විමසීමකදී RT/01/01දරණ ලිපිය මගින් ඔවුන් පෙන්වා දී ඇත්තේ ඉකුත් 2022 වසරේ වවුනියාව දිස්ත්‍රික්කයෙන් පුද්ගලයින් 2095 දෙනකු විදෙස් ගතව ඇති බවයි. ඉන් 929 දෙනකු කාන්තාවන් වන අතර ඉතිරි 1166 දෙනා පිරිමින් බව එම තොරතුරු පෙන්වා දෙයි. එහිදී විවිධ පීඩාවන්ට පත්ව පුද්ගලයින් 16 දෙනකු 2022 වසරේ යළිත් මෙරටට පැමිණ ඇති අතර මෙරටට පැමිණීමට නොහැකිව පුද්ගලයින් 23 කු විදේශයන්හි රැදී සිටින බව විදෙස සේවා නියුක්ති කාර්යංශ දත්ත පෙන්වා දෙයි.

විමුක්ති සදරුවන්


කෙසේ වෙතත් දැනට ඩුබායි රාජ්‍යයේ සේවයේ නියුතු ශ‍්‍රමිකයෙකු වන විමුක්ති සදරුවන් මහතාගෙන් අප කළ විමසුමකදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය. මම දැන් ඉන්නේ ඩුබායි වල මම වවුනියාව බෝගස්වැව ගම්මානයේ තමයි පදිංචි දනට ඩුබායි ඇවිල්ලා වසර එකහමාරක් විතර නමුත් මම දැන්ට රස්සාවක් කරන්න පටන් අරගෙන මාස කීපයක් ,මම මේ රටට ආවේ කිසිම දෙයක් දැනගෙන නෙමෙයි. මමත් මගේ යාළුවත් මේ රටේ හිටපු පුදගලයෙක් හරහා සංචාරක විසා වලින් තමයි ඩුබායි ආවේ. ආව දවසේ ඉදලා අපිට රස්සාවක් නෑ. ගෙනාව අය අපිව මගහැරියා. ඊට පස්සේ අපි ජොබ් නැතුව අන්ත අසරණ වෙලා ගෙවල් වලින් දාන සල්ලි වලින් තමයි ජීවත් වුනේ. මට වෘත්තිය සුදුසු කමක් තිබුනේ නෑ. නමුත් මගේ යාළුවා මෝටර් මැකෑනික් කෙනෙක් ඒ නිසා එයාට ඉක්මනින් රස්සාවක් වාගේම ඉන්න තැනක් හම්බ වුනා. නමුත් මට රස්සාවක් හෙයා ගන්න එක පුද්ගලයෙකුට ජොබ් මනි දෙන්න වුනා. මම ඒකත් කළා නමුත් ඒ මනුස්සයා මම අරන් ගිහින් දැම්ම තැන මගෙන් වැඩ ගත්තා විතරයි, පඩි නෑ. ඊට පස්සේ ඒ මනුස්සයා මම  එතන දාලා පැනලා ගියා. මට කරගන්න දෙයක් නැතුව අන්ත අසරණ වෙලා මම කලින් හිටපු තැන අක්කට කථා කළාම ඒ අක්කා මට එතන ඉන්න දුන්නා. ඊට පස්සේ කොහොම හරි වාසනාවකට දැනට මේ කරන රස්සාව හම්බ වුනේ,නමුත් මට ඇත්තටම හොද පඩියකට කරදරයක් නැතිවම රස්සාවකට යන්න තිබුනා වෘත්තිය පුහුණුවක් තිබුනානම් මොටර් මැකෑනික්, ඒ.සී, වෑල්ඩින් වාගේ වෘත්තිය සුදුසුකමක් තියෙනවා නම් මෙහේ රස්සා තියෙනවා. ඒ වාගේම තමයි භාෂා දැනුම අපි රට යනවා නම් භාෂා දැනුමත් විශේෂයෙන් හදා ගන්න  ඕනේ එහෙම නම් අපිට සාර්ථකව අපේ රස්සාව කරන්න පුළුවන්.


එසේම දැනට විදෙස්ගතව සිටින ප‍්‍රදීප් සදරුවන් මහතා පැවසුවේ මෙවන් අදහසකි. මමත් වවුනියාව බෝගස්වැව පදිංචි කරුවෙක් මම ඩුබායි එන්න කළින් ලංකාවේ මොටර් මැකෑණික් කෙනෙක් විදියට වෘත්තිය පුහුණුවක් වාගේම අද්දැකීම් තිබුනා. ඉතින් මම ඩුබායි ආව ගමන්ම ඒ සුදුසුකම නිසා මට රස්සාව ලැබුණා නමුත් මම මුහුණ දුන්න දුෂ්කරතාවය තමයි භාෂාව ඇත්තටම අපි විදෙස් ගත වෙනකොට වෘත්තිය සුදුසුකම වාගේම ඒ රටේ භාෂාව පිළිබදවත් අවබෝධයක් තියෙන්න  ඕනේ. මම ඒ ගැන මගේ අද්දැකීමෙන්ම දන්නවා. මට භාෂාවේ ගැටළුව ඇරුණුකොට මගේ වෘත්තියට පින්සිද්ධ වෙන්න කිසිම කරදරයක් රස්සාවක් හොයා ගන්න තිබුනේ නෑ .යැයි ඒ මහතා පැවසීය.


ඉහත තොරතුරු වලට අනුව විදෙස් ගතව සාර්තකව සිය රැකියාව සිදු කිරීමට නම් වෘත්තිය පුහුණුවක් හා භාෂා හැකියාව යන අංග අත්‍යවශ්‍ය බව වර්තමානය වන විට පෙනී යයි.


කෙසේ වෙතත් මේ පිළිබද වගකිවයුතු මෙරට ආයතනය වන විද්ශ සේවා නියුක්ති කාර්යංශයේ මාධ්‍ය ප‍්‍රකාශක ගාමිණි සෙනෙරත් යාපා මහතාගෙන් සිදු කළ විමසීමකදී ඒ මහතා පැවසුවේ විදේශ සේවා නියුක්ති කාර්යංශය විදියට අපි කියන්නේ ඉස්සරලාම ඔබ ඔබේ විදේශ රැකියාව සැළසුම් කරන්න. ඊට පස්සේ ඔබේ වෘත්තිය සුදුසුකම් හදා ගන්න. අපි භාෂාව උගන්නවන්න වැඩසටහන් රැසක් කී‍්‍රයාවට නනංවලා තියෙනවා. සියළු අමාත්‍යංශ එක්ව වෘත්තිය පුහුණුව ලබා දෙන වැඩසටහන් ක්‍රියාවට නන්වලා තියෙනවා. ඒ වාගේම වෘත්තිය පුහුණු අධිකාරිය වගේ ආයතන වල මේ සම්බන්ධ පුහුණු පාඨමාලා තියෙනවා. ඒ වගේ වවුනියාව ගත්තොත් වවුනියාවේ විදේශ සේවා නියුක්ති කාර්යංශයේ කාර්යාලයක් තියෙනවා. ඒ නිළධාරීන් සමග සම්බන්ධ වෙලා උපදෙස් ලබා ගන්න පුළුවන් යැයි ඒ මහතා පැවසීය.
ඉහත තොරතුරු අනුව විදෙස්ගත විමට පෙර විදෙස් රැකියාවන්ට සරිළන අයුරින් සිය නිපුනතාවය සංවර්ධනය කර ගන්නේ නම් සිය රැකියාව සාර්ථකව සිදු කිරීමට හැකියාව ලැබෙන බවයි.

ප්‍රසන්න ප්‍රදීප් කුමාර

මෙම වාර්තාව 2023 අගෝස්තු මස 22 දින Getpeak වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් කරන ලද වාර්තාවක උපුටනයකි.

Hot this week

1987: The Year Sri Lanka’s War Could Have Ended

This article by renowned Indian journalist and author M.R....

How years of ignored cybersecurity warnings caused Sri Lanka to misplace millions of dollars

Speed Read Two major payment diversion incidents, the Treasury and...

India’s student protests grow as calls for education reform intensify

India is witnessing an unprecedented wave of student protests...

Too many people, too little justice lead to prison crisis in Sri Lanka

Speed Read Sri Lanka's prisons hold nearly three times their...

$2.5m gone and Treasury cyberattack reveals a state machinery in disarray

Speed Read The Committee on Public Finance (COPF) has found...

Topics

1987: The Year Sri Lanka’s War Could Have Ended

This article by renowned Indian journalist and author M.R....

How years of ignored cybersecurity warnings caused Sri Lanka to misplace millions of dollars

Speed Read Two major payment diversion incidents, the Treasury and...

India’s student protests grow as calls for education reform intensify

India is witnessing an unprecedented wave of student protests...

Too many people, too little justice lead to prison crisis in Sri Lanka

Speed Read Sri Lanka's prisons hold nearly three times their...

$2.5m gone and Treasury cyberattack reveals a state machinery in disarray

Speed Read The Committee on Public Finance (COPF) has found...

Related Articles

Popular Categories