Tuesday, May 20, 2025
28 C
Colombo

මැතිවරණ හෙළිදරව් කිරීම් කරා

  • ප්‍රචාරණ ව්‍යාපාර, සිවිල් සමාජ සංවිධාන සහ නීතිය බලගැන්වීම වටා මානව මූලාශ්‍ර සංවර්ධනය කිරීම. ඔබ වෙනුවෙන් දත්ත විශ්ලේෂණය කළ හැකි පිරිස් හඳුනා ගන්න.
  • සමාජ මාධ්‍ය සහ දත්ත පද්ධති භාවිතා කරමින් අපේක්ෂකයින්ගේ මූල්‍ය සහ දේශපාලන සබඳතා විමර්ශනය කරන්න (ප්‍රයෝජනවත් වන දේශීය සහ විදේශීය දත්ත පද්ධති සොයන්න)
  • ජාත්‍යන්තර ඇඟිලි ගැසීම්, කලාපීය දේශපාලනික ලැදියාවන් සහ බලපෑම් වැනි මැතිවරණයට ඇති තර්ජන හඳුනා ගන්න. විශ්වාසදායක මූලාශ්‍ර මගින් අනතුරු හැඟවීම් සිදු කර ඇත්නම්, ප්‍රජාතන්ත්‍ර විරෝධී ප්‍රහාරයන් පිළිබඳ නිමිති පිළිබඳව සක්‍රිය පරීක්ෂාවක යෙදෙන්න.
  • අඛණ්ඩ සහ නිර්භීත දේශපාලන වාර්තාකරණයක් හරහා අකටයුතු නාදකයන් (whistleblowers) වෙතින් රහස්‍ය තොරතුරු ලබා ගන්න. එමෙන්ම, ලේඛන හුවමාරුව සඳහා Protonmail සහ සන්නිවේදනය සඳහා Signal ‌කේතනය කරන ලද මාධ්‍යයන් භාවිතා කිරීම මගින් තොරතුරු සපයන්නන්ගේ විශ්වාසය ඉහල නංවන්න.
  • ඔබ විමර්ශනය කරන ක්‍රියාව මගින් ජනිත කරනා දේශපාලන සංවාද, දුස්තොරතුරු සහ බලපෑම් විභවයන් පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම සඳහා සමාජ මාධ්‍ය සෙවුම් මෙවලම් (search tools) භාවිතා කරන්න.
  • ඔබ අනාවරණය කරන කරදරකාරී බලපෑම්කාරකයන් සම්බන්ධයෙන් වඩා හොඳ මූලාශ්‍ර හෝ ගැඹුරු අවබෝධයක් ලබා ගැනීම සඳහා ප්‍රවෘත්ති කාමර සහ ලාභ නොලබන ආයතන සමඟ සහයෝගයෙන් කටයුතු කරන්න. විමර්ශනාත්මක වාර්තාවන් සඳහා බොහෝ විට කණ්ඩායම් ක්‍රියාකාරීත්වය අවශ්‍ය වේ.
  • ශ්‍රී ලංකාවේ මැතිවරණ නීති, ව්‍යවස්ථාමය ප්‍රතිපාදන, මාර්ගෝපදේශ වැනි මැතිවරණ ආශ්‍රිත නීති සහ රෙගුලාසි පිළිබඳ පුහුණුවක් ලබා ගන්න. එමෙන්ම සිදුවිය හැකි නීති උල්ලංඝණයන් පිළිබඳ පරීක්ෂා කරන්න.
  • පුද්ගලයන් හමුවී සම්මුඛ සාකච්ඡා ලබා ගැනීම සඳහා ඇවිද යන්න. මැතිවරණ රැළි සහ පොදු සිද්ධීන් ආශ්‍රිත ප්‍රචාරණ කටයුතුවලට සමීප විය හැකි ඕනෑම අභ්‍යන්තර මූලාශ්‍රයක් – රියදුරන්, අරක්කැමියන් සහ ප්‍රචාරක ඡායාරූප ශිල්පීන් ඇතුළුව –  සටහන් කර ගන්න. ප්‍රචාරක කාර්ය මණ්ඩලය සමඟ කටයුතු කරන නුහුරු මුහුණුවල ඡායාරූප ලබා ගෙන ඉදිරි විශ්ලේෂණ සඳහා තබා ගන්න.
  • ක්‍රියාධරයන් හඳුනා ගැනීමට සහ ලුහුබැඳීමට විවෘත මූලාශ්‍ර (open-source) මෙවලම් භාවිතා කරන්න. ඔබේ මූලාශ්‍ර විසින් හඳුනා නොගත් බාහිර “මැතිවරණ උපදේශකයින්” සිටීදැයි බලන්න.
  • යම් විෂමාචාරයක් හේතුවෙන් මැතිවරණය වෙනස් වීමට ඇති හැකියාව හෝ මින් පෙර පැවති අන්තර්ජාතික මැතිවරණ වලදී සමාන උපක්‍රම මගින් මැතිවරණය විකෘති වූ ආකාරය නිරූපණය කිරීමට විශේෂඥයින් සහ දත්ත විශ්ලේෂකයින් අමතන්න.
  • මැතිවරණයකදී විශාල හෙළිදරව්වක් සඳහා, ඔබට කිසිදු දත්ත ගබඩාවක සොයාගත නොහැකි ප්‍රාථමික තොරතුරු ලබා ගැනීමට හොඳින් ස්ථානගත කර ඇති මානව මූලාශ්‍රයක් හෝ සැඟවුණු තොරතුරු/ දත්ත නොදැනුවත් අනාවරණය වීමක් (leak) අවශ්‍ය වේ.
  • අදාල දත්ත සත්‍යාපනය කිරීමට සහ තවදුරටත් ගවේෂණය කිරීමට සහ පුද්ලයන් මත පරායත්ත වීම වලක්වාලන මෙවලම් භාවිතා කිරීමට ඔබට සිදු වනු ඇත.
  • මුදා හැරණු රහස්‍ය තොරතුරු වාර්තාකරුවන් අතට පත් වන්නේ කෙසේද? ඩිජිටල් පියසටහන් නොකෙරෙන බැවින් රහස්‍ය තොරතුරු ‌පෞද්ගලිකව හුවමාරු කර ගැනීම වඩාත් සුදුසු වේ. එහෙත් එම තොරතුරු සෘජුව ලබා ගැනීමේදී ඔබගේ මූලාශ්‍රය උවදුරකට හෙලීමට ඉඩ ඇති බැවින් තොරතුරු ඔබ විසින්ම ලබා ‌නොගෙන අතරමැදියෙකු හරහා ලබා ගැනීමට සැලකිලිමත් වන්න.

ගෝලීය විමර්ශනාත්මක ජනමාධ්‍ය ජාලය

Hot this week

Storytellers Fellowship

Calling young storytellers! 🎥📸✍️ Are you a researcher, filmmaker,...

Fellowship for in-depth reporting on South Asia, South Asian diaspora [Worldwide]

Journalists interested in covering South Asia or the South...

Journalism award honors youth reporting [Worldwide]

News outlets around the world that collaborate with young...

Sir Harry Evans Global Fellowship in Investigative Journalism open [Worldwide]

Early-career journalists around the world are eligible for an...

From War to Weather: Tamil Women in Sri Lanka Confront a New Crisis

The island nation's north saw the last phase of...

Topics

Storytellers Fellowship

Calling young storytellers! 🎥📸✍️ Are you a researcher, filmmaker,...

Fellowship for in-depth reporting on South Asia, South Asian diaspora [Worldwide]

Journalists interested in covering South Asia or the South...

Journalism award honors youth reporting [Worldwide]

News outlets around the world that collaborate with young...

Sir Harry Evans Global Fellowship in Investigative Journalism open [Worldwide]

Early-career journalists around the world are eligible for an...

Warmer oceans, acidification endanger Sri Lanka’s maritime heritage

By Malaka Rodrigo   Sri Lanka’s waters are home to over...

Sweltering conditions put young lives and learning at risk

By Malaka Rodrigo   Although the annual school sports events concluded...

The disastrous floods of Kalutara

 BY Buddhika Samaraweera Climate change-related weather events prove to be...

Related Articles

Popular Categories