Friday, May 30, 2025
28 C
Colombo

රැකියා විරහිත තරුණයන්ට රජයෙන් රුපියල් 50,000 ක් ලබාදෙන බවට වන පුවත අසත්‍යකි.

ශ්‍රී ලංකා තරුණ සවිබල ගැන්වීමේ අරමුදලේ වැඩසටහන 2024 යන තේමාවෙන් යුක්තව රැකියා විරහිත පුරවැසියන්ට ගෙවීමට සහ ශ්‍රී ලංකාවේ අර්බුධයෙන් පීඩාවට පත් පුරවැසියන්ට වන්දි ගෙවීම සදහා ශ්‍රී ලංකා රජය රුපියල් 50,000 ප්‍රදාන මුදලක් අනුමත කර ඇති බව සදහන් කරමින් ඒ සදහා අයදුම් කරන ලෙසට දන්වා පණිවිඩයක් සමාජ මාධ්‍යය හරහා සීඝ්‍රයෙන් පැතිරෙමින් පවතී.

https://tinyurl.com/SRI-LANKA-YT-EMPOWERMWNT-2024

මේ පණිවිඩය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්වරයාගෙන් විමසීමේදී එම පණිවිඩය සදහා රජයේ කිසිදු සම්බන්ධයක් නොමැතිබව සදහන් කරන ලදී.

කෙසේ වෙතත් තව දුරටත් කළ පරීක්ෂාවන් හී ප්‍රතිපලයක් ලෙස එකී ආධාර ලබාදීමේ වැඩසටහනට අදාල අන්තර්ජාල පලකිරීම වෙනසකට ලක්කර එය පසුගිය මැතිවරණයේ දී ජාතික ජනබලවේගයට ඡන්දය දුන් පිරිසට අන්තර්ජාල පහසුකම් සදහා ඩේටා නොමිලයේ ලබා දීමක් ලෙසට වෙනස් කර ඇත.

https://vfdsdthhjkloiuytrerwadzxvc.blogspot.com/?m=1#1729170255494

එම අන්තර්ජාල දිගුව සම්බන්ධව කළ පරීක්ෂාාව තුළින් හෙලිවූයේ මේ වන විටදී එකී ව්‍යාජ බ්ලොග් අඩවිය ඉවත් කිරීමට කටයුතු කර ඇති බවයි.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර ඒකකය (Sri Lanka Computer Emergency Readiness Team (SLCERT)) වෙතින් විමසීමක් කළ අතර එහිදී දැනගැනීමට ලැබුනේ මෙය ව්‍යාජ තොරතුරක් බවත් මේ ආකාරයේ ව්‍යාජ තොරතුරු විවිධ ආකාරයන්ට සමාජ මාධ්‍යය හරහා පතුරුවමින් නොයෙකුත් වංචා කිරීමට විවිධ කණ්ඩායම් ක්‍රියාකරන බවත් එවැනි වංචනිකයන්ට අසුනොවන ලෙසත් ය.

මෙවැනි ව්‍යාජ පලකිරීම මගින් ඇතිවන තත්වය කුමක්ද යන්න පිළිබදව විමසීමක් කිරීමේදී හෙළිවූයේ මෙවැනි දේ කරුණු කිහිපයක් මත සමාජ මාධ්‍යයන් තුළ පැතිරීමට ඉඩ තිබෙන බවකි.

1        සහන හෝ දීමනාවක් ලබාදෙන බවට ජනතාව අතර මතයක් ඇතිකර රජය අපහසුතාවයට පත්කිරීම සදහා.

2        පුද්ගල තොරතුරු ලබාගෙන එම තොරතුරු භාවිතා කරමින් ඒ හරහා වෙනත් වංචනික කටයුතු සිදු කිරීමට.

3        කිසිදු අරමුණකින් තොරවම සමාජය තුළ යම් කැළඹිලිකාරී ස්වරූපයක් ඇතිකර තෘප්තියට පත්වීමට.

මේ නිසාවෙන් කිසිදු අවස්ථාවක තමන්ගේ දුරකථනයට හෝ පරිගණකයට හෝ ලැබෙන මෙවැනි අසාමාන්‍ය ආකාරයේ වාසි හෝ දීමනා සම්බන්ධ යොමුවන් වෙත යාමට හෝ එවාට ජනතාවගේ පුද්ගලික තොරතුරු ලබාදීමෙන් වලකින ලෙසත් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර ඒකකය මහජනතාවට දැනුවත් කරසිටී.

මේ අනුව, “ශ්‍රී ලංකා තරුණ සවිබල ගැන්වීමේ අරමුදලේ වැඩසටහන 2024 යන තේමාවෙන් යුක්තව රැකියාවිරහිත තරුණයන්ට රුපියල් 50,000 ක් ලබාදීමට රජය කටයුතු කරන බවට පැතිර යන පුවත මෙන්ම පසුගිය මැතිවරණයේ දී ජාතික ජනබලවේගයට ඡන්දය දුන් පිරිසට අන්තර්ජාල පහසුකම් සදහා ඩේටා නොමිලයේ ලබා දීම පිළිබඳ පුවතත් අසත්‍ය බව නිගමනය කෙරේ.

Hot this week

Storytellers Fellowship

Calling young storytellers! 🎥📸✍️ Are you a researcher, filmmaker,...

Fellowship for in-depth reporting on South Asia, South Asian diaspora [Worldwide]

Journalists interested in covering South Asia or the South...

Journalism award honors youth reporting [Worldwide]

News outlets around the world that collaborate with young...

Sir Harry Evans Global Fellowship in Investigative Journalism open [Worldwide]

Early-career journalists around the world are eligible for an...

From War to Weather: Tamil Women in Sri Lanka Confront a New Crisis

The island nation's north saw the last phase of...

Topics

Storytellers Fellowship

Calling young storytellers! 🎥📸✍️ Are you a researcher, filmmaker,...

Fellowship for in-depth reporting on South Asia, South Asian diaspora [Worldwide]

Journalists interested in covering South Asia or the South...

Journalism award honors youth reporting [Worldwide]

News outlets around the world that collaborate with young...

Sir Harry Evans Global Fellowship in Investigative Journalism open [Worldwide]

Early-career journalists around the world are eligible for an...

Warmer oceans, acidification endanger Sri Lanka’s maritime heritage

By Malaka Rodrigo   Sri Lanka’s waters are home to over...

Sweltering conditions put young lives and learning at risk

By Malaka Rodrigo   Although the annual school sports events concluded...

The disastrous floods of Kalutara

 BY Buddhika Samaraweera Climate change-related weather events prove to be...

Related Articles

Popular Categories