Sunday, June 7, 2026
27.8 C
Colombo

නිපුණතා සහිත ශ්‍රමිකයන්ගේ අඩුපාඩුව සහ ප්‍රතිලාභ

2022 වර්ෂයේදී, රුසියාවේ නුපුහුණු ශ්‍රමිකයින් 51% යි. රුමේනියාවේ නුපුහුණු ශ්‍රමිකයින් 58%යි.   

“2022 දී ශ්‍රී ලංකාව හැර ගිය සංක්‍රමණික ශ්‍රමිකයින් 227,000 න් 190,000 කට ආසන්න (83.7%) නුපුහුණු සහ අර්ධ නිපුණතා කාණ්ඩවලට අයත් වන අතර, සමස්තයෙන් 65% ක් පමණ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ (SLBFE) ලියාපදිංචි වී නොමැත.”පුවත්පතක වූ ශීර්ෂ පාඨයකි.

රටේ පවතින දේශපාලන සහ ආර්ථික අස්තාවරයන් මත පදනම්ව රට තුළ ජීවත් වන බාල මහළු සියළු දෙනා තවත් රටකට සංක්‍රමණය වීම දකින්නට තිබෙන බව නොරහසකි. ඔවුන් සියල්ල තවත් රටකට සංක්‍රමණය වන්නේ හුදෙක් තමන්ගේ ආර්ථික අපහසුතා යම්තාක් දුරකට මගහරවා ගැවීමේ අරමුණනි. මෙවැනි තත්වයක් මත බොහොමයක් ශ්‍රමිකයන් සංක්‍රමණය වන්නේ නිපුණතා රහිත ලෙසය. 2022 වර්ෂයේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සංක්‍රමණය වීම සදහා ලියාපදිංචි වූ පිරිස  311,056කි. නමුත් මින් නිපුණතා සහිත වූවන් 92,836කි. වෘත්තීය මට්ටමින් සංක්‍රමණය වූ පිරිස 14,307කි. අනෙකුත් සියල්ල අර්ධ නිපුණතා සහිත තහ නිපුණතා රහිත වූවන්ය. එසේනම් බොහොමයක් සංක්‍රමණිකයන් නුපුහුණු ශ්‍රමිකයන් හෝ අර්ධ නිපුණතා කාණ්ඩ ලෙස සංක්‍රමණය කරන බව උක්ත දත්ත ඔස්සේ පසක් වනු ඇත.

රුසියාව සහ රුමේනියාව යන රටවල් ද්විත්වය ගෙන කළ ගවේෂණයකින් සොයා ගන්නා වූ කරුණු මත මෙම ලිපිය සකස් වී ඇති අතර නිපුණතාවයකින් තොරව සංක්‍රමණය වන පුද්ගලයන්ගේ පසුබිම මින් ඉස්මතු කරයි. තවද, නිපුණතාවයකින් සංක්‍රමණව වීම යමෙකුගේ ආර්ථික දියුණුව සහ ආරක්ෂාව කියන කාරණා සදහා කෙසේ බලපානවාද යනුවෙන් ඉස්මතු කිරීම මෙහි අරමුණ වේ.

1 19

ඡායාරූපය – The Leader වෙබ් අඩවියෙනි.


නුපුහුණු හා අර්ධ නිපුණතා සංක්‍රමණිකයන් යනු,

නුපුහුණු සංක්‍රමණිකයන් යනු තමන් කැමති රැකියා ක්ෂේත්‍රයේ පූර්ව සේවා පළපුරුද්දක් හෝ පුහුණුවක් නොමැති අයයි. අර්ධ නිපුණතා සහිත සංක්‍රමණිකයන්ට යම් පූර්ව සේවා පළපුරුද්දක් හෝ පුහුණුවක් ඇත, නමුත් පුහුණු මට්ටමේ රැකියා සඳහා සුදුසුකම් ලැබීමට ප්‍රමාණවත් නොවේ. තවද, අර්ධ නිපුණතා සහිත සංක්‍රමණිකයන් බොහෝ විට අඩු වැටුප් සහිත, දුෂ්කර හා අනතුරුදායක රැකියාවල නිරත වේ. ඔවුන් සූරාකෑමට හා වෙනස් කොට සැලකීමට ද ලක් විය හැකිය. 

“අපිට මේ රටේ ජීවත් වෙන්න හරි අමාරුවෙන්, අපිට වැටුප් දෙන්නෙ නැහැ හරියට. නිවාඩුවක් දෙන්නෙ නැහැ. සෙනසුරාදා ඉරිදා, පෝය කියලා නැහැ අපි වැඩ කරනවා. නමුත්, මේ රටේ මිනිස්සුන්ට මේ සියළු නිවාඩු තියෙනවා. වැඩ කරන්නෙත් පැය අටයි. අපි උදේ 7.30ට වැඩට ගිහිං 5.30ට බෝඩිමට එනවා. ලෙඩක් දුකක් ඇරෙන්න කිසිම නිවාඩුවක් අපිට නැහැ.” ඇමතුමේ කෙලවරට වන්න සිටි රුසියාවේ රැකියාවේ නියුතු සුරංගගේ මුවින් පිට වූ වේදනාත්මක වචන ස්වරයයි.

1145923
ඡායාරූපය – The Leader වෙබ් අඩවියෙනි.

සුරංග යනු, ලංකාවේ සිටියදී තම පෞද්ගලික රැකියාවක් කළ පුද්ගලයෙකි. ඔහු රුසියාවේ ලුණු කර්මාන්තය සම්බන්ධයෙන් රැකියාවක් කරන නිපුණතාවයක් නොලබා රුසියාව වෙත සංක්‍රමණය වූ පුද්ගලයෙකි. ඔහු ලුණු කර්මාන්තය පිළිබදව කිසිදු දැනුමක් නොතිබූ පුද්ගලයෙකි. ඔහු මේ වන විටත් සිටින්නේ ඉතා දැඩි පීඩාවකින් බව ඔහු හා කතා බහේදී අපට අවබෝධ විය. 

සංක්‍රමණය වූ රටේ රැකියා තත්වය මත තීරණය වන එකී වටපිටාව යම් පුද්ගලයෙකු සංක්‍රමණය වන විට රැකියා තත්වය සහ රැකියාවේ වට පිටාව සම්බන්ධව සොයා බැලීමක් සිදු කළ යුතු බව අප කවුරුත් දන්නා කාරණයකි. නමුත්, සිදු නොවන ක්‍රියාවද එය බව කිව යුතුය. 

රුසියාව සහ රුමේනියාව යන රටවල් තුළට පුහුණු නුපුහුණු සංක්‍රමණ දත්ත පහත 1.1 සහ 1.2 රූපසටහන් වල දැක්වෙන අතර එකී දත්ත මගින් නුපුහුණු ශ්‍රමිකයන් සංක්‍රමණය වී ඇති බව තහවුරු වේ.  

 

Screenshot 2023 08 29 at 11.34.03
1.1 රූපසටහන – (මූලාශ්‍ර – ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය)  
 

Screenshot 2023 08 29 at 12.28.25
1.2 රූපසටහන – (මූලාශ්‍ර – ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය) 

නිපුණතා සංක්‍රමණය යනු,

පුද්ගලයෙක් ලෙස නිපුණතා සංක්‍රමණයේ යෙදීමට බොහෝ හේතු ඇති බව පෙන්වා දිය හැකිය. බොහොමයක් නිපුණතා සංක්‍රමණයේ යෙදෙන්නේ ඔවුන්ගේ ආර්ථික අවස්ථා වැඩිදියුණු කර ගැනීම සඳහා වන අතර තවත් සමහරු නව සංස්කෘතියක් අත්විඳීමට හෝ පවුලේ ඥාතීන්ට සමීප වීමට සංක්‍රමණය වේ. තවද, නිපුණතා සංක්‍රමණය මව් රටෙහි දේශපාලන හෝ සමාජීය අස්ථාවරත්වයෙන් මිදීමේ මාර්ගයක් ද විය හැකිය.

බොහෝ රටවල් නිපුණතා සංක්‍රමණය ප්‍රවර්ධනය කිරීමට බොහෝ හේතු තිබේ. එනම්, දක්ෂ සංක්‍රමණිකයන්ට ප්‍රධාන කර්මාන්තවල ශ්‍රම හිඟය පිරවීමටත් ආර්ථික වර්ධනය ඉහළ නැංවීමට සහ නවෝත්පාදනයට දායක වීමේ හැකියාව වැඩිය. ඔවුන්ට ඔවුන්ගේ සංක්‍රමණය වූ රටවලට නව නිපුණතා සහ අදහස් ගෙන ඒමට හැකි වන අතර එමඟින් සමස්තයක් ලෙස ආර්ථිකය සහ සමාජය වැඩිදියුණු කිරීමට උපකාරී වේ. තවද, සංක්‍රමණය වන පුද්ගලයන්ගේ ශ්‍රමය සූරා කෑමකට ලක් නොවන අතර තම ආරක්ෂාව සහ වගවීම පිළිබද කුකුසක් නොමැතිව සාමකාමීව ජීවත් වීමේ ඇති හැකියාවද ප්‍රබලය. 

skilled workers
ඡායාරූපය – The Leader වෙබ් අඩවියෙනි.

නිපුණතා සංක්‍රමණයේ දී වැදගත්ම නිපුණතාවයන් කිහිපයක් දැක්විය හැකි අතර ඒ්වා කිහිපයක් පහතින් දක්වා ඇත. 

01. භාෂා නිපුණත්වය 
02. තාක්ෂණික නිපුණත්වය 

භාෂා නිපුණත්වය 

මව් රටේ සිට තවත් රටකට සංක්‍රමණ වීම තුළ භාෂා කුසලතාවය තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනු ඇත. එහිදී, ඵලදායී සන්නිවේදනයක් සඳහා සංක්‍රමණය වූ රටෙහි කතා කරන භාෂාවේ ප්‍රවීණතාවය හෝ යම්තාක් අවබෝධයක් තිබීම අත්‍යවශ්‍ය වේ. මන්ද, එය සංක්‍රමණික රටෙහි ජීවත් වන ප්‍රදේශවාසීන් සමඟ අන්තර් ක්‍රියා කිරීමට, සේවා වෙත ප්‍රවේශ වීමට, රැකියා සොයා ගැනීමට සහ නව සමාජයට ඒකාබද්ධ වීමට උපකාර කරයි. ප්‍රමාණවත් භාෂා කුසලතා නොමැතිව වීම මගින් සංක්‍රමණිකයන් තම අදහස් ප්‍රකාශ කිරීමට, වැදගත් තොරතුරු අවබෝධ කර ගැනීමට සහ ඔවුන්ගේ නව ප්‍රජාවට අනුගත වීමට අරගල කළ යුතුය.

language.jpg

ඡායාරූපය – The Leader වෙබ් අඩවියෙනි.


“ මම රජයේ රැකියාවක් සිදු කළ කෙනෙක්. මම අවුරුදු 5 නිවාඩුව දාලයි රුමේනියාවට ආවේ. දැන් මම ඇවිත් මාස දෙකකට වැඩී. නමුත් මට තවමත් රස්සාවක් නැහැ. මට සිංහල ඇරෙන්නෙ වෙන කිසිම භාෂාවක් බැහැ. ඉංග්‍රීසි භාෂාවත් හරියට කතාකරගන්න බැහැ. එහෙම බැලුවොත් ඇත්තටම මම කිසිම නිපුණතාවයක් සහිතව ආපු කෙනෙක් නෙවේ. ” යනුවෙන් පුද්ගලයෙකු පැවසීය. (ඔහුගේ නම හෙළි නොකරන ලෙස ඉල්ලා සිටියේය.) 

“මම ඇගළුම් ක්ෂ්‍රේත්‍රයේ රැකියාවක් තමයි කරන්නේ. මාත් එක්ක තව 98 දෙනෙක් මෙතන සේවය කරනවා. ඔවුන් සියල්ලම පිරිමි පුද්ගලයන්. මේ ආයතනයේ ඉංග්‍රීසියෙන් කතා කරන්න පුළුවන් එකම එක පුද්ගලයයි ඉන්නේ. මේ රුමේනියන් භාෂාව අපිට කතා කරන්න අමාරුයි. අමේ සේරම ප්‍රශ්න කතා කරන්න වෙන්නේ ඉංග්‍රීසි පුලුවන් එක්කෙනා එක්ක විතරයි. අපි දන්නෙ නැහැ අපි කියන සේරම එයා ඉහළට දැනුම් දෙනවා කියලා. මොකද අපේ ප්‍රශ්න තාමත් ප්‍රශ්න විදියට එහෙමම තියෙනවා.” රුමේනියාවේ සිටින ප්‍රදීප්ගේ අදහස එසේ අප සමග පැවසුවේය. 

ප්‍රදීප් යනු, ශ්‍රී ලංකාවේ සිටියදී ඇගළුම් ක්ෂ්‍රේත්‍රයේ රැකියාවක් සිදු කළ පුද්ගලයෙකි. වත්මන් තත්වය ගත් විට ඔහුගේ රැකියා වටපිටාව දරාගත නොහැකි තත්වයේ ප්‍රශ්න වලින් පිරී ඇතත්, ඔවුන්ගේ හාම්පුතුන් විසින් ඔවුන්ට තවමත් පිළිතුරු නොදුන් ප්‍රශ්න රැසක් ඇත. එකී ප්‍රශ්න ඔවුන්ට සිය හාම්පුතා සමග මුහුණට මුහුණ සාකච්ඡා කිරීමේ හැකියාවක් නොමැති වීම ඔවුන්ට ප්‍රධානම ගැටළුවක් වී ඇත. මන්ද, ප්‍රදීප් හට රුමේනියන් භාෂාව කතා කිරීමේ නොහැකියාවයි. එවැනි වටපිටාවක් තුළදී නිගමනය වන්නේ තමන් විසින් සංක්‍රමණය වූ රටේදී සිය ආරක්ෂාව සඳහා එකී රටෙහි වූ දේශීය භාෂාව අවබෝධ කර ගැනීම ඉතා වැදගත් බවයි. එය සංක්‍රමණිකයන්ට අනතුරු ඇඟවීමේ සංඥා අවබෝධ කර ගැනීමට, හදිසි උපදෙස් පිළිපැදීමට සහ නීතිය බලාත්මක කිරීම සහ හදිසි සේවා සමඟ ඵලදායී ලෙස සන්නිවේදනය කිරීමට හැකියාව ලබා දේ.

තාක්ෂණික නිපුණත්වය  

New Apprentice
ඡායාරූපය – The Leader වෙබ් අඩවියෙනි.

තාක්ෂණික නිපුණතා යන්නෙන් අදහස් කරන්නේ සුදුසුකම් ලත් සේවකයින්ගේ හිඟයකට මුහුණ දෙන කර්මාන්ත හෝ අංශවල නිශ්චිත කුසලතා සඳහා ඇති ඉල්ලුමයි. තාක්ෂණික නිපුණතා සංක්‍රමණයෙන් සංක්‍රමණිකයාට සහ සංක්‍රමණය වූ රට යන දෙකටම ප්‍රතිලාභ රැසක් ලැබිය හැක. සංක්‍රමණිකයින් සඳහා, තාක්ෂණික කුසලතා සංක්‍රමණය මගින් වඩා හොඳ රැකියා අවස්ථා සහ ඉහළ ජීවන මට්ටමක් සඳහා ප්‍රවේශය සැපයයි. තවද, නව නිපුණතා ඉගෙන ගැනීමට සහ නව සංස්කෘතීන් අත්විඳීමට ද එය අවස්ථාවක් විය හැකිය.

“අපි මෙතනට මුළින්ම වැඩට ආවට පස්සෙ මේ මැෂින් ක්‍රියා කරන්නෙ කොහොමද කියලවත් දැනන් හිටියේ නැහැ. කියලා දුන්නෙත් නැහැ. බලාන ඉගෙනගන්න කියලා තමයි කීවේ. මේ සේරම යන්ත්‍ර උපකරණ ඉතාලියෙ නිෂ්පාදිත යන්ත්‍රයි. ” රුසියාවේ දම්මික පැවසුවේය. 

දම්මික යනු, වසර ගණනකට පෙර ස්වයං රැකියාවක් ලෙස සුරතල් මසුන් ඇති කළ පුද්ගලයෙකි. ඔහු රුසියාව වෙත සංක්‍රමණය වන්නේ සිය පවුල නඩත්තු කිරීමේ බලාපොරොත්තුවෙනි. ඔහු ලුණු කර්මාන්ත ශාලාවක සේවය කිරීමේ පුහුණු ශ්‍රමිකයෙක් නොවන අතර එකී යන්ත්‍රෝපකරණ ස්ම්බන්ධයෙන්වත් කිසිදු දැනුමක් නොතිබූ පුද්ගලයෙකි. 

“ අපිව එවපු ඒජන්සි ආයතනයෙන් රැකියාවේ වටපිටාව පිළිබදව ප්‍රශ්න කළත් ඔවුන් අපට පැවසුවේ ‘අපි ඔය සේරම දැගන්න ගිහිං බැලුවේ නැහැ. ඒ නිසා ඔයාලා ගිහං බලන්න’ කියලයි.”

දම්මිකගේ අදහස ගෙන බලන විට තාක්ෂණික් නිපුණත්වය සංක්‍රමණිකයෙකු තුළ තිබිය යුතු නිපුණතාවයන්ගෙන් ප්‍රධාන නිපුණතාවය ලෙස දැක්විය හැකිය. සමස්තයක් වශයෙන්, සංක්‍රමණිකයෙකු සංක්‍රමණය වීමට තීරණයක් ගැනීමට පෙර තාක්ෂණික කුසලතා සංක්‍රමණයේ ප්‍රතිලාභ සහ අභියෝග හොඳින් සලකා බැලීම වැදගත් වේ යැයි කිව යුතුය.  

”ඕනෑම වැඩක් කරන්න නිපුණතාවයක් අවශ්‍යයි, නමුත් ඇගයීම පිළිබද ප්‍රශ්නයක් තිබෙනවා ” 

3 මාධ් ය ප් රකාශක සෙනරත් යාපාjpg

සෙනරත් යාපා – නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයඡායාරූපය – The Leader වෙබ් අඩවියෙනි.

නිපුණතාවයක් රහිත පුද්ගලයන්ට ලැබෙන වැටුප් ප්‍රමාණය ඉතා අඩුයි. කම්කරුවන් ලෙස සංක්‍රමණය වන පුද්ගලයන්ට ලබා ගැනීමට තිබෙන නිපුණතාවය අඩුයි. නමුත් ඕනෑම වෘත්තියකට වෙන් වූ නිපුණතාවයක් තිබෙනවා. එහිදී ඒ නිපුණතාවය ලබා ගැනීම අවශ්‍යතාවයක් විදියට අපි දකිනවා. නිපුණතා ඇගයීම පිළිබද ප්‍රශ්නයක් තිබෙනවා. 

නිදසුනක් විදියට ගත්තාම, සිමෙන්ති අනන කෙනෙක්ටත් නිපුණතාවයක් තියෙනවා. නමුත් ඔහු නිපුණතාවයක් ප්‍රගුණ කළත් ඔහුට ලබා දෙන ඇගයීම කුමක්ද කියන කාරණය පිළිබද ප්‍රශ්නයක් තිබෙනවා. අපි අදුනගෙන තිබෙනවා නිපුණතා සහිත වූවන්ට පවා ඔවුන්ගේ නිපුණතාවයේ ඇගයීම පිළිබද ප්‍රශ්නයක් තිබෙනවා කියලා. එහිදී ඔවුන්ව සළකන්නේ නිපුණතාවයක් රහිත පුද්ගලයන් කියලා. මේ තත්වය මතු වන්නේ වර්ගීකරණය කරන්න යන තත්වයේදී. ඒක ලොකු ගැටළුවක් විදියට අපි හිතනවා. 

සංක්‍රමණය වීමට පෙර ස්වයං රැකියාවක් විදියට මසුන් ඇති කළ කෙනෙකු සංක්‍රමණය වීමෙන් පසු යන්ත්‍රෝපකරණ ක්‍රියාකරුවෙකු ලෙස සේවය කරන්නෙකු ලෙස කටයුතු සිදු කරන්න සිදු වූවොත් ඇත්තටම ඒක ප්‍රශ්නයක්. ඒජන්සි එකක් හරහා ඔහු සංක්‍රමණය වනවානම් ඒජන්සි එකෙන් දැනගත යුතුයි ඊය මැෂින් ක්‍රියාකරුවෙකු යවන්න. මැෂින් ක්‍රියාකරවන්න දන්නෙ නැති කෙනෙකුව යවන්න ඔ්නි පැකින් කරන්න, බෙදාහරින්න, එකතු කරන වගේ වැඩ කටයුතු වලටයි. 

මෙහිදී අපි ප්‍රධාන වශයෙන් හදුනාගෙන තිබෙන ප්‍රශ්නය තමයි ඇගයීම පිළිබද ප්‍රශ්නය. ඊට විසදුමක් ලැබෙන තාක් නිපුණතාවයක් සහිත සංක්‍රමණය වන පිරිසගේ අඩු වීමක් නැති වේවි. 

මෙකී සියළු කාරණා ගෙන බලන විට හැගී යන්නේ යම් සංක්‍රමණිකයෙකුගේ පැවත්ම පවතින්නේ නිපුණතාවය මත යන බවයි. තම ශ්‍රමය සූරා කෑම සිදු නොවන තැනට කටයුතු කළ යුතුනම්, ඔබ ඔබේ ශ්‍රමයට යම් වටිනාකමක් ලබා දිය යුතුයි යන්නෙන් සිතනවානම් ඔබ සංක්‍රමණය විය යුත්තේ නිපුණතාවයක් සහිතව බව අවබෝධ කර ගත යුතුය. මන්ද, ඔබ ඔබේ ආර්ථික වර්ධනය උදෙසා සංක්‍රමණය වන්නෙකු නම් ඔබ ඔබේ ශරීර සෞඛ්‍ය සම්බන්ධයෙන්ද අවබෝධයේ සිටිය යුතුය. එහිදී, දක්ෂ පුද්ගලයෙකු ලෙස සංක්‍රමණය වීම අභියෝගාත්මක නමුත් ප්‍රතිලාභදායක අත්දැකීමක් ලැබීමේ හැකියාව ඇත. 

ඔබ යම් රටකට සංක්‍රමණය වීමට අදහස් කරන්නේ නම්, ප්‍රතිලාභ සහ අභියෝග හොඳින් සළකා බලා ඔබ ඔබේ ගමනට සූදානම් බව සහතික කර ගන්න.


දිනී ජයසේකර

මෙම වාර්තාව 2023 අගෝස්තු මස 29 දින The Leader වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් කරන ලද වාර්තාවක උපුටනයකි.

Hot this week

From Sri Lanka to Gaza’s waters: Sameera’s chilling account of detention, defiance and hope

After days in detention and treating injured activists with...

Sri Lanka faces rising inflation and economic strain as rupee weakens against USD

Speed Read: Rupee slides past Rs. 350 as Sri Lanka...

Displaced Asian cybercrime operatives find a new operational home in Sri Lanka

Speed Read In coordinated cybercrime raids conducted within 24 hours,...

Sri Lanka Airbus probe shaken by ex-CEO’s death

Speed Read Ex-CEO of SriLankan Kapila Chandrasena found dead under...

Sri Lanka’s Treasury heist exposes gaps in debt management system and 24/7 security shield

Speed Read: A debt payment to Export Finance Australia was...

Topics

Sri Lanka faces rising inflation and economic strain as rupee weakens against USD

Speed Read: Rupee slides past Rs. 350 as Sri Lanka...

Displaced Asian cybercrime operatives find a new operational home in Sri Lanka

Speed Read In coordinated cybercrime raids conducted within 24 hours,...

Sri Lanka Airbus probe shaken by ex-CEO’s death

Speed Read Ex-CEO of SriLankan Kapila Chandrasena found dead under...

Sri Lanka hit by fuel storage capacity, not supply

Speed read Sri Lanka’s fuel system is constrained by limited...

Sri Lanka’s air quality crisis: where data gaps meet drifting pollution

Speed read In Sri Lanka, air quality consistently deteriorates between...

Related Articles

Popular Categories