Monday, April 20, 2026
24.5 C
Colombo

ඡන්දේ ගැන හිතුවට සෞඛ්‍ය නීති අනුගමනය කරන්න දේශපාලන පක්ෂ කටයුතුකරලා නැ

ප්‍රදේශයේ ගොවියෙකු  මෙන්ම  ගොවි සංවිධාන නායකයෙකු වන  නිහාල් ඉන්ද්‍රජිත් වික්‍රම  මහතා ද නිරන්තරයෙන් තම පක්ෂයේ දේශපාලන වේදිකාවේ ඉදිරියෙන්ම සිටීමට කැමති අයෙකි. ඒ නිසාම ඔහු මැතිවරණ ප්‍රචාරක රැලිය ආරම්භයට පැයකට පමණ පෙර පැමිණ ඉදිරි අසුනක වාඩි වී  සිටීම පුරුද්දක් කරගෙන  තිබුණි. ඒ නිසාම සවස හතරට යොදාගෙන තිබු රැලිය වෙනුවෙන් ඔහු පැමිණ සිටියේ සවස 03 ට පමණ ය.

   මනාප සටන ඔස්සේ මැතිවරණ වේදිකාව බෙහෙවින් උණුසුම්වෙමින් පවතී. ඒ අතර තමන්ගේ මැතිවරණ ප්‍රචාරක රැළිය සදහා අනෙකුත් දේශපාලන රැස්වීම්   වඩා වැඩියෙන් පිරිස එක්රැස්කර පෙන්වීම මෙම මනාප සටනේ එක් කොටසකි. ඒ අයුරින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ  යටතේ තරඟ වදින මහින්ද අමරවීර ප්‍රමුඛව සිටි පිරිස ඔහුගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් පසුගිය ජුලි 30 වන දා අම්බලන්තොට නගරය ආසන්නයේ සවස 04ට රැළියක් සංවිධානය කර තිබු අතර   නිහාල් ඉන්ද්‍රජිත් වික්‍රම  මහතා පැමිණ සිටියේ එම රැස්වීම වෙත ය.

මේ අතර මැතිවරණ වේදිකාව වෙත පිවිසෙන පිරිසගේ නාම ලේඛනයක් ලබාගැනීම, ඉදිරිපස තනා තිබු මඩුවක් තුලදී සිදුකළ අතර එය රැළිය සදහා සහභාගිවන පාක්ෂිකයන් කවුරුන්ද යන්න පිලිබදව සෙවීම සදහා ලබාගත් ලේඛනයක් මිස  කොවිඩ් – 19 හෙවත් කොරෝනා වසංගත තත්වය තුල ඒ වෙනුවෙන් රැස් කළ ලේඛනයක් නොවී ය.

”අපි කොරෝනාවල අවධානම ගැන නොදන්නවාම නොවේ නමුත් හැම තැනම ඒවා පිළිපදින්න වෙන්නේ නෑ කොහොම උනත් මේවට නෑවිත් ඉන්නත් බැනේ මහත්තයෝ” වික්‍රම  මහතා කියා සිටියේය.

 එනිසාම ඒ සදහා ඉතා උනන්දුවෙන් එකිනෙකා ගැටෙමින් සියලුදෙනා තමාගේ පැමිණීම සටහන්  කරන්නට විය. නිහාල් මහතා ද තමාට පෙර අත්සන්කළ පුද්ගලයා විසින් ලබාදුන් පෑන ගෙන   තම නම සහ අත්සන යොදා ඇතුළුවීමට කටයුතු කරන ලදී.

ඒ වනවිටත් රැස්වීම පැවැත්වීමට තාවකාලිකව සකස්කර තිබු මඩුවේ පැමිණෙන පිරිස් සදහා වාඩිවීමට  තබා තිබු 250 ක පමණ පුටු තුලින් 200 කට අධික පිරිසක් වාඩිවී සිටිය හ.  නිහාල් මහතා ඉන් ඉතිරිව තිබු පුටුවක මැද පෙලෙන් වාඩි විය.

  සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් කොවිඩ් – 19 හෙවත් කොරෝනා වසංගත තත්වය තුල මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මාර්ගෝපදේශ ඇතුලත් ගැසට් පත්‍රයක්  සෞඛ්‍ය අංශයේ ද නියමයන් අනුව 2020.07.20 දින නිරෝධායන සහ රෝග වැලක්වීමේ ආඥාපනතේ අතිවිශේෂ ගැසට් පත්‍රය ප්‍රකාශයට පත්කරන ලදී.  ඒ අනුව මෙම මැතිවරණ ප්‍රචාරක රැලිය සදහා පැමිණෙන පිරිස් වෙත අත්සෝදා ඇතුළුවීම සදහා එක් අත්සේදුම් ස්ථානයක් පමණක් සකසා තිබූ අතර පැමිණ සිටි පිරිස් අතරින් අත්සෝදා ඇතුළු වුයේ 10 ටත් අඩු පිරිසකි. මුඛ ආවරණ පැළඳ සිටි ටික දෙනා අතර 65 හැවිරිදි නිහාල් ඉන්ද්‍රජිත් වික්‍රම මහතා ද විය.

සවස 03.45 වන විටත් මැතිවරණ වේදිකාවේ කිසිදු කථිකයෙකු ජනතාව ආමන්ත්‍රණය කිරීම ආරම්භ නොකළ අතර තරුණ තරුණියන් කීපදෙනෙකු විසින්  බනිස් හා බීම කෝප්ප මගින් ජනතාවට සංග්‍රහ කිරීම් ආරම්භ කර තිබුණි,

  සවස 4.15 ට පමණ මැතිවරණ වේදිකාවේ ප්‍රථම කථිකයා වෙනුවෙන් එහි සිටි නිවේදකගේ හඬ අවදිකර ඔහුගේ කතාවට අවස්ථාව උදාකර සිටි අතර තවත් කථිකයින් කීපදෙනෙකු පැමිණ දේශපාලන වේදිකාවේ තම හඬ අවදී කරනු ලැබී ය. නමුත් ඒ වනවිටත් ජනතාව බලාපොරොත්තුවෙන් සිටි අපේක්ෂකයා වන මහින්ද අමරවීර මහතා පැමිණ නොසිටි අතර ඔහුගේ පැමිණීම ඉක්මණින් සිදුවන බව නිවේදකයාගේ මුවින් පිටවිය.

 මේ අතර කාගේත් අවධානය යොමු වුයේ මැතිවරණ වේදිකාවට පැමිණි කලා කරුවෙකු වූ සුරාජ් මාපා වෙතය. ඔහුගේ ආමන්ත්‍රණය අවසන්වී ඔහු පිටව යන අවස්ථාවේ කොරෝනා සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ මගින් ලබා දී ඇති සියලු උපදෙස් මග හරිමින් සුරාජ් මාපා සමඟ සෙල්ෆි ඡායා රූප ගැනීමට තරුණ තරුණියන් පොරකමින් රැස්වුයේ කොරෝනාට වඩා ඔහු සමඟ ඡයා රූපයක් ගැනීම වටිනා දෙයක් ලෙස හඟවමිනි.

 මේ වනවිට මැතිවරණ වේදිකාවේ සියලු පුටු පිරී තවත් 200 කට අධික ප්‍රමාණයක් එකිනෙකා ගැටෙමින් වේදිකාව වටා රැස්වී සිටි අතර ඒ අතර ප්‍රධාන කථිකයා වන මහින්ද අමරවීර මහතා පැමිණි අවස්ථාවේ ජනතාව සියලු සෞඛ්‍ය පුරුදු සහ නීති  අමතක කළහ.

නීති කඩ කළ මැතිවරණ රැස්වීම්

  පවතින තත්වය හමුවේ මෙම දේශපාලන රැස්වීම සංවිධානය කරනු ලැබූ අම්බලන්තොට ප්‍රදේශයේ පදිංචි කමල් සිසිර මහතා “රටේ පවතින නීතියට ගරුකරමින් තමන් සංවිධානය කරනු ලැබූ දේශපාලන රැස්වීම්  සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිගේ උපදෙස් පරිදි  සංවිධානය කරනු ලැබුවත් බොහෝ අවස්ථාවල ජනතාව එම නීති අනුව සැකසීම අපහසු කටයුත්තක් වෙනවා”

මෙම මහජන රැස්වීම සදහා  කමල් සිසිර මහතා විසින් ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් අවසර ගෙන තිබුනත් එය අධීක්ෂණය කිරීමට කිසිදු නිලධාරියෙකු පැමිණ සිටියේ නැත.

 මේ අතර අගෝස්තු 02 වන දින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අම්බලන්තොට නගරයේ  පැවති ජන හමුවේදීද සෞඛ්‍ය මාර්ගෝපදේශ  යම් තරමකට ක්‍රියාත්මක කරනු ලැබුවත්   ජනතාව පෙළගැසී සිටියේ එකිනෙකට යාවෙමිනි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අගෝස්තු දෙවනදින අම්බලන්තොටදී පවතී ජනහමුවට ජනතාව රැස්කර සිටි ආකාරය

  එමෙන්ම මෙම සෞඛ්‍ය නීති පිලි නොපැදීම දක්නට ලැබුනේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පමණක් නොව ,එක්සත්ජාතික පක්ෂය ,සමගි ජනබලවේගය,මෙන්ම ජාතික ජනබලවේගය යන අනෙකුත් පක්ෂ මගින් සංවිධානය කරනු ලැබූ බොහෝ දේශපාලන රැස්වීම තුලද සෞඛ්‍ය නීති අනුව රැස්වීම සිදුකරනු ලැබුවේ අල්ප වසයෙන් බව මෙම දේශපාලන පක්ෂයන්හි රැස්වීම අවරණයේදී අපට  දක්නට  ලැබූ දෙයකි

සමගි ජනබලවෙගයේ ජනහමු සදහා ජනතාව රැස්කර සිටි අයුරු

 හම්බන්තොට දිස්ත්‍රික්කයේ   අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුල  පමණක් 2020.07.17 වන දින සිට 31 වන දින  දක්වා ප්‍රධාන දේශපාලන පක්ෂයන්හි අපේක්ෂකයින් පමණක් රැස්වීම 130 කට අධික ප්‍රමාණයක් පවත්වා ඇතත්  අදාල ගැසට් පත්‍රයේ 2වන වගන්තියට අනුව කටයුතු කරමින්  රැස්වීම පැවැත්වීමට පැය 24 කට පමණ පෙර අදාළ රැස්වීම සම්බන්ධයෙන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෙත දන්වා  රැස්වීම් පවත්වා ඇත්තේ 10කට අඩු රැස්වීම් ප්‍රමාණයක් බව අම්බලන්තොට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරියෙකු සඳහන් කළේ ය.

” මැතිවරණය පැවැත්වීම හැම දේශපාලන පක්ෂයකටම අවශ්‍ය වුණාට මෙම තත්වය සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අර්බුදයක් නිසා තමයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු කණ්ඩායම එකතුවෙලා මාර්ගෝපදේශ හැදුවෙ සෞඛ්‍ය නීති අනුගමනය කරන්න. නමුත් ඒ මාර්ගෝපදේශවල තිබුණු දේවල් දේශපාලන අවශ්‍යතාව සඳහා‍ වෙනස් වුනා” යන්න නීතිඥ ජගත් ලියනයආරච්චි මහතාගේ අදහස විය.

  කොරෝනා පාලනය සදහා මැතිවරණයේදී අනුගමනය කළ යුතු කිර්යාමාර්ග ඇතුලත් ගැසට්පත්‍රයේ නියෝග ක්‍රියාත්මක කිරීමට පොලිසියට බලය ඇතිබවද ඔහු පවසයි

  ”මෙම නියෝගය පනවා තියෙන්නේ නිරෝධායන සහ රෝග වැලක්වීමේ ආඥාපනතේ දෙවන වගන්තිය යටතේ .එම පනතේ 06 වන වගන්තිවලට නුව පනත යටතේ වරදක් කරන පද්ගලයෙකු වැලක්වීම සහ රදවා ගැනීමට පොලිස් නිලධාරියෙකුට සහ පනත යටතේ පත්කරන පරීක්ෂක වරයෙකු හට  බලය තිබෙනවා.  තමන් ඉදිරියේදී නිතිය කඩකරන විට එය වැලක්වීමට ක්‍රියාකිරීමට පොලිස් නිලධාරියෙකුට පැමිණිල්ලක් ලැබීම අවශ්‍ය වන්නේ නෑ” නීතිඥ ලියනයආරච්චි මහතා සදහන් කළේය.

  සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් මහජනයා ඒකරාශිවිමේදී ඇතිවිය හැකි අවධානම් තත්වය සැලකිල්ලට ගෙන තමයි මැතිවරණ සමයේදී ගැසට් පත්‍රයක් මගින් ඒ සම්බන්ධ නීති රෙගුලාසි පනවනු ලැබුවේ, එවන්  පසුබිමකදී මහජනයා විසින් එම නීති සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේදයන් අනුගමනය නොකරන්නේනම් ඒ තුල අවධානමක් පවතිනබව අම්බලන්තොට ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී යු .පි  මාලක මහතා කියා සිටියේ.

Hot this week

Sri Lanka’s Bumpy Road to a Political Reset

Sri Lanka is navigating a fragile political transition following...

AI Tools & Social Norms are Making the Internet Unsafer For Women

As generative AI usage rises in India, image, video,...

Energy minister under fire as NPP confronts first no-confidence motion over corruption charges

COLOMBO – Sri Lanka’s ruling National People’s Power (NPP)...

Six extraordinary stories on intangible losses due to climate change

There are many climate change stories but those that...

From maritime tensions to economic recovery: Can Sri Lanka navigate the next decade?

Speed Read: Sri Lanka’s relationship with neighboring India remains central...

Topics

Sri Lanka’s Bumpy Road to a Political Reset

Sri Lanka is navigating a fragile political transition following...

AI Tools & Social Norms are Making the Internet Unsafer For Women

As generative AI usage rises in India, image, video,...

Energy minister under fire as NPP confronts first no-confidence motion over corruption charges

COLOMBO – Sri Lanka’s ruling National People’s Power (NPP)...

Six extraordinary stories on intangible losses due to climate change

There are many climate change stories but those that...

From maritime tensions to economic recovery: Can Sri Lanka navigate the next decade?

Speed Read: Sri Lanka’s relationship with neighboring India remains central...

Holding the Power of Big Tech Accountable

by Sandrine Rigaud • March 24, 2026 Editor’s Note: This is the...

Counter narratives and tackling harmful content

Ove the past year, the Center for Investigative Reporting...

Sri Lanka’s missing tuberculosis patients: 5,000 cases annually go undetected

Speed Read: Up to 5,000 tuberculosis patients annually go undetected...

Related Articles

Popular Categories