Tuesday, May 13, 2025
29.1 C
Colombo

විමර්ශනාත්මක වාර්තාකරණ මධ්‍යස්ථානය සහ BOOM Live එක්ව දේශීය මාධ්‍යවේදීන් හට තොරතුරු සත්‍යාපනය පිලිබඳ පුහුණුවක් – ජූනි 10 වැනිදා ඇරඹේ

සත්‍යාපනය සඳහා වන ජාත්‍යන්තර ජාලය (IFCN) සමග BOOM Live සහ විමර්ශනාත්මක වාර්තාකරණ මධ්‍යස්ථානය (CIR) එක්ව ශ්‍රී ලංකාවේදී ප්‍රථම වරට පවත්වනු ලබන තොරතුරු සත්‍යාපනය පිලිබඳ පුහුණු වැඩසටහන 2021 ජූනි මස 10 වන දින ආරම්භ කිරීමට කටයුතු සංවිධානය කර ඇත.

මෙය සිංහල, දෙමළ හා ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම පැවැත්වෙන පුහුණු පාඨමාලාවකි.

මෙම මාර්ගගත පුහුණු වැඩසටහ‌නේදී අංකිත වෝහාරික මෙවලම් (digital forensic tools) භාවිතයෙන් වචන, රූප, දෘශ්‍ය සහ ශ්‍රව්‍ය අන්තර්ගතයන් සනාථ කිරීම සඳහා නිසි පුහුණුවක් සැපයේ. පැහැදිලි පදනමක් මත තොරතුරු සත්‍යාපන ඉල්ලීම් කිරීම සහ ගෝලීය ප්‍රමිතීන්ට අනුව වාර්තා කරන ආකාරය පිළිබඳව ද පුහුණුවක් ද සැපයේ.

මෙම වැඩසටහනේ මූලිකාංගය වන්නේ අනුබලය සැපයීමයි. මේ අනුව තොරතුරු සත්‍යාපනයෙහි නිරත වන හෝ නිරත වීම සඳහා උනන්දුවක් දක්වන ආයතන සත්‍යාපනය සඳහා වන ජාතන්‍යන්තර ජාලයේ සහතික ලත් සාමාජිකත්වය ලබා ගැනීම සඳහා මාර්ගෝපදේශකත්වය සැපයීම සහ ඊට සුදුසු පහසුකම් සැලසීමේ නායකත්ව කාර්යාවලියක් ඊධධඵ සහ විමර්ශනාත්මක වාර්තාකරණ මධ්‍යස්ථානය එක්ව ස්ථාපිත කරනු ඇත. වැඩසටහනේ අවසාන අදියරේදී සත්‍යාපනය සඳහා වන ආචාරධර්ම සබැඳුණු සිද්ධි අධ්‍යයන වාර්තාකරණයක්ද සිදු කිරීමට බලාපොරොත්තු වේ.

නොමිලේ සහභාගිවීම සඳහා අවස්ථාව සැලසෙන මෙම වැඩසටහන සඳහා තරඟකාරී ක්‍රියාපටිපාටියක් මගින් සුදුසු අයදුම්කරුවන් තෝරා ගැනේ.

සත්‍යාපනය සඳහා වන ජාත්‍යන්තර ජාලයේ සහතිකලත් සාමාජිකත්වය දරන BOOM Live (boomlive.in) ආයතනයේ මූලස්ථානය ඉන්දියාවේ මුම්බායිහි ස්ථාපනය කර ඇත. ‌මෙම සම්මානලාභී සංවිධානය රටවල් තුනක (ඉන්දියාව, බංග්ලාදේශය, මියන්මාරය) භාෂා හතරකින් (ඉංග්‍රීසි, හින්දි, බංග්ලා, බුරුම) තොරතුරු සත්‍යාපනය කිරීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කරයි.

ශ්‍රී ලංකාව සහ දකුණු ආසියානු කලාපය තුළ ගවේෂණාත්මක පුවත්පත් කලාවේ විශිෂ්ටත්වය ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගත් විමර්ශනාත්මක වාර්තාකරණ මධ්‍යස්ථානය (cir.lk) ශ්‍රී ලංකාවේ පළමු ගවේෂණාත්මක වාර්තාකරණ මධ්‍යස්ථානයයි.

සත්‍යාපනය සඳහා වන ජාත්‍යන්තර ජාලය IFCN (poynter.org/ifcn) යනු ලොව පුරා විසිරුණු සත්‍යාපනය සඳහා දායක වූවන් ඒකාබද්ධ කිරීම සඳහා කැප වූ පොයින්ටර් ආයතනයේ ඒකකයකි.

Hot this week

Fellowship for in-depth reporting on South Asia, South Asian diaspora [Worldwide]

Journalists interested in covering South Asia or the South...

Journalism award honors youth reporting [Worldwide]

News outlets around the world that collaborate with young...

Sir Harry Evans Global Fellowship in Investigative Journalism open [Worldwide]

Early-career journalists around the world are eligible for an...

From War to Weather: Tamil Women in Sri Lanka Confront a New Crisis

The island nation's north saw the last phase of...

Warmer oceans, acidification endanger Sri Lanka’s maritime heritage

By Malaka Rodrigo   Sri Lanka’s waters are home to over...

Topics

Fellowship for in-depth reporting on South Asia, South Asian diaspora [Worldwide]

Journalists interested in covering South Asia or the South...

Journalism award honors youth reporting [Worldwide]

News outlets around the world that collaborate with young...

Sir Harry Evans Global Fellowship in Investigative Journalism open [Worldwide]

Early-career journalists around the world are eligible for an...

Warmer oceans, acidification endanger Sri Lanka’s maritime heritage

By Malaka Rodrigo   Sri Lanka’s waters are home to over...

Sweltering conditions put young lives and learning at risk

By Malaka Rodrigo   Although the annual school sports events concluded...

The disastrous floods of Kalutara

 BY Buddhika Samaraweera Climate change-related weather events prove to be...

Climate Change Justice Fellowship

IPS is offering an exceptional opportunity for two journalists...

Related Articles

Popular Categories