දේශගුණ විපර්යාසවලට එරෙහි සටනේ වේගවත්ම පියවර මීතේන් අවම කිරීම – මීතේන්  පිළිබඳ විමර්ශණය කිරීම සඳහා මාධ්‍යවේදීන්ට මඟ පෙන්වීමක්

0
34
රූපය: Marcelle Louw / GIJN

වායුගෝලයට විමෝචනය වන  මීතෙන් මූලාශ්‍ර සෙවීමේ මාධ්‍යකරණ කාර්යය මේ වනවිට ඉතා වේගයෙන් හදිසි අවශ්‍යතාවක් බවට පත්වෙමින් තිබේ.  එයට හේතුව දේශගුණික විපර්යාසයන්ට එරෙහිව සටන් කිරීමේ එකම වේගවත් ක්‍රමය මීතේන් විමෝචනය අවම කිරීම  බව දේශගුණික විද්‍යාඥයින් පැවසීමය.   මීතේන් ලෝකයේ  දෙවන වඩාත් බහුල හරිතාගාර වායුවයි. එය දෙවැනි වන්නේ  කාබන් ඩයොක්සයිඩ්වලට පමණි. මේ වනවිට මීතේන් ශීඝ්‍රයෙන් ඉහළ යමින් නව ඉහළ මට්ටම් කරා ළඟා වෙමින් තිබේ.

මීතේන් විමෝචනය විමර්ශණය කිරීම සඳහා සම්පූර්ණ මාර්ගෝපදේශය  විමර්ශණාත්මක මාධ්‍යකරණය පිළිබඳව ගෝලීය  ජාලයේ  සම්පත් මධ්‍යස්ථානයෙන් සොයාගත හැකිය. විමර්ශණාත්මක මාධ්‍යකරණය  පිළිබඳ ගෝලීය ජාලය  මෙම මස අගදී මීතේන් විමර්ශණය පිළිබඳ වෙබ් සම්මන්ත්‍රණයක්  පැවැත්වීමට නියමිත වන අතර ඉදිරි සතිවලදී විස්තර සඳහා gijn.org නිතර විමර්ශණය කරන්න. .

මීතේන් ආවරණය කිරීම සඳහා GIJN හි සම්පූර්ණ මාර්ගෝපදේශයේ මෙම සාරාංශය සැලසුම් කර ඇත්තේ විමර්ශණාත්මක වාර්තාකරුවන්ට මීතේන් විමෝචනයේ නිශ්චිත මූලාශ්‍ර හඳුනා ගැනීමට සහ අදාළ  සමාගම් සහ රටවල්වලට  වගවීම සඳහා උපකාර කිරීම සඳහා ය.

මෙහිදී පහත දේ පිළිබඳව විස්තර කතා කෙරෙනු ඇත.

  • මීතේන් විමෝචනය වැදගත් වන්නේ ඇයිද යන්න සහ වත්මන් දත්ත මූලාශ්‍රවල තත්ත්වය පිළිබඳ පසුබිම.
  • මීතේන් මිනුම් පද්ධති දෝෂ සහිත වන්නේ ඇයි සහ ඒවා විමර්ශණය කරන්නේ කෙසේද?
  • පොළොවේ සිට සහ අහසේ සිට මීතේන් විමෝචනය කරන්නන්  සොයා ගන්නේ කෙසේද?
  • සමාගම් විසින් කරන හෙළිදරව් කිරීම් සහ කැපවීම් ප්‍රශ්න කරන්නේ කෙසේද?
  • රටවල් ඔවුන්ගේ විමෝචනය සහ ප්‍රතිඥාවන් සඳහා වගකිව යුතු ආකාරය.

මේ පිළිබඳ  අපගේ ඉඟි සහ මෙවලම්වල සංක්ෂිප්ත අනුවාදය පහතින් වේ.

දත්ත පිළිබඳව විමසා බැලීම

රූපය: Marcelle Louw / GIJN

ලොව පුරා විද්‍යාඥයන් අතර පවතින පොදු පිළිගැනීම වන්නේ මීතේන් විමෝචනය දෙස නිසි  අවධානයක් යොමු නොවීම සහ  ඒ පිළිබඳව අඩුවෙන් සලකා බැලෙන බවයි.  එබැවින් මේ පිළිබඳව වැඩියෙන් මාධ්‍යවල  වාර්තා කිරීම පවා මේ පිළිබඳව අවධානය යොමු කරවන එක්තරා මිනුමක් සේ සැලකිය හැකිය.

මීතේන් විමෝචනය පිළිබඳ මූලික තොරතුරු මූලාශ්‍ර කිහිපයක් ඇත.

සමස්තයක් ලෙස වායුගෝලයේ  මීතේන් විමෝචනය නිරීක්ෂණය කර ප්‍රකාශයට පත් කරනු ලබන්නේ ප්‍රංශයේ  පැරිසිය පදනම් කරගත් අන්තර් රාජ්‍ය සංවිධානයක් වන අන්තර්ජාතික බලශක්ති නියෝජිතායතනයයි. (International Energy Agency – IEA) . මේ පිළිබඳ ඉතා මෑතම ප්‍රකාශය වන්නේ  Methane Tracker 2021 ය. රටින්-රට දත්ත විමෝචනය පිළිබඳ තොරතුරු එයින් සපයන අතර  “අඩු කිරීමේ හැකියාව” පිළිබඳ ඇස්තමේන්තු ද එහි දක්වා ඇත.

කතන්දර අදහස්:

ඔබේ රටේ විමෝචන මොනවාද?

මෙම විමෝචන එන්නේ කොහෙන්ද?

මිනුම් නිවැරදිද?

දේශගුණික විපර්යාස සඳහා වන එක්සත් ජාතීන්ගේ රාමු සම්මුතියට (UNFCCC) අනුකූලව ජාතික රජයන් විසින් ජාතික මීතේන් විමෝචන දත්ත එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස (UN Climate Change) කාර්යාලය වෙත  වෙත ඉදිරිපත් කළ යුතුය.

සංවර්ධිත රටවල් ඔවුන්ගේ හරිතාගාර වායු විමෝචනය පිළිබඳ ජාතික  මට්ටමේ ගණන් හිලව්  වාර්තා (NIRs) නමින් වාර්ෂික ව ඉදිරිපත් කරයි. (UNFCCC අඩවියේ  National Inventory Submissions 2021 බලන්න). සංවර්ධනය වෙමින් පවතින රටවල් ඔවුන්ගේ විමෝචන දත්ත වසර දෙකකට වරක්  යාවත්කාලීන කරන වාර්තාවල  කොටසක් ලෙස ඉදිරිපත් කරයි.

කෙසේ වුවද මෙම මීතේන් විමෝචනය මැනීමේදී පවතින එක් ප්‍රධාන දුර්වලතාවක් වන්නේ එක් එක් රටවල් තම තමන්ට අවශ්‍ය ක්‍රමවේදයන්ට අනුව මීතේන් ගණන් හිලව් සකස් කිරීමට නිදහස පැවතීමය. මේ තත්ත්වය තුළ  ප්‍රශ්නගත දත්ත නිර්මාණය  කරවයි.

මීතේන් විමෝචන දත්ත එකතු කිරීමේ පවතින තවත් මූලික ගැටලුවක් වී ඇත්තේ රජයන් විසින් එකතු කරන ලද මීතේන් විමෝචන දත්ත  සත්‍ය මිනුම් මත නොව ඇස්තමේන්තු සහ සමීකරණ මත පදනම් වීමය. සමහර රටවල් මෙම ගැටලුව සම්බන්ධයෙන් ද නීති සම්පාදනය කරමින් සිටී.

මීතේන් කාන්දුවීම් පිළිබඳ විමර්ශණය කිරීම

රූපය: Marcelle Louw / GIJN

මීතේන් විමෝචන මූලාශ්‍ර  – විශේෂයෙන් ස්වාභාවික වායු සහ තෙල් නිෂ්පාදනවලදී හෙළිදරව් කර ගත  හැකිය.

මෙම විමෝචන නිසි ලෙස හඳුනා ගැනීමට නම්  අධෝරක්ත කැමරා සහ චන්ද්‍රිකා අවශ්‍ය වන අතර එයින් අදහස් කරන්නේ මේ කටයුතුවලට  අදාළ විශේෂඥ සහය අත්‍යවශ්‍ය වන බවය.

මීතේන් විමෝචක පිළිබඳ භූමියේ පරීක්ෂණයක් පැවැත්වීමට වාර්තාකරුවන් සමඟ කටයුතු කිරීමට කැමැත්තක් දක්වන අධෝරක්ත කැමරා සහිත පාරිසරික කණ්ඩායම් දෙකක්  විමර්ශණාත්මක මාධ්‍යකරණය පිළිබඳ ගෝලීය ජාලය විසින් මේ වනවිට හඳුනාගනු ලැබ ඇත.

මීතේන් කාන්දුවීම් පිළිබඳ විශේෂාංග සඳහා අදහස්:

මීතෙන් වායු කාන්දුවීම් හඳුනාගත හැකි අධෝරක්ත කැමරා ඇති කණ්ඩායම් හෝ විද්‍යාඥයන් සමඟ වැඩ කරන්න.

වර්ධනය වෙමින් පවතින  මූලාශ්‍රවලින්  චන්ද්‍රිකා ඡායාරූප ලබා ගැනීම ට උත්සාහ කරන්න.

පිරිසිදු වායු කාර්ය සාධක බලකාය (Clean Air Task Force (CATF) නම් සංවිධානය මේ වනවිට යුරෝපය පුරා තෙල් හා ගෑස් පහසුකම්වලින් සිදුවන මීතේන් වායු විමෝචනය පිළිබඳ තොරතුරු ලේඛනගත  කර ඇති අතර ඔවුහු මෙම තොරතුරු රැස් කිරීමේ කටයුත්ත ලෝකයේ අනෙකුත් ප්‍රදේශවලට ව්‍යාප්ත කිරීමට බලාපොරොත්තු වේ.

 ව්‍යාපෘතියේ පිළිබඳව යූ ටියුබ් හි පළ වූ  විස්තරයක් සහ එහි අධෝරක්ත (OGI) තාක්ෂණය භාවිතා කිරීම පිළිබඳ පැහැදිලි කිරීමක් සඳහා xplainer on its use of infrared (OGI) technology. බලන්න

CATF කැමරා ක්‍රියාකරුවෙකු සමඟ වැඩ කිරීමට කැමති මාධ්‍යවේදීන් Rowan Emslie සම්බන්ධ කර ගත යුතුය.

Earthworks ද අධෝරක්ත කැමරා හැකියාව සහිත   මාධ්‍යවේදීන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට කැමැත්ත ඇති තවත් රාජ්‍ය නොවන සංවිධානයකි. උනන්දුවක් දක්වන වාර්තාකරුවන් ජස්ටින් වාසර් හෝ ජෝෂ් අයිසන්ෆෙල්ඩ්  Justin Wasser or Josh Eisenfeld හරහා ඊට සම්බන්ධ විය හැකිය.

මීට අමතරව චන්ද්‍රිකා ඡායාරූප මත පදනම්ව විමෝචන තොරතුරු සඳහා වාණිජ මූලාශ්‍ර ද තිබේ. එයින් ඇතැම් සමාගම් සීමිත තොරතුරු ප්‍රමාණයක් නොමිලේ සපයන අතර විශේෂ  වට්ටම් ලබා දීමටද කටයුතු කරයි.

ජියෝෆයිනෑන්ෂල් ඇනලිටික්ස් (Geo financial Analytics) යනු දැනට උතුරු ඇමරිකාව කෙරෙහි අවධානය යොමු කරමින් බලශක්ති නිෂ්පාදකයින් 100,000කට අධික සංඛ්‍යාවකට මීතේන් විමෝචන ශ්‍රේණිගත කිරීම් සපයන MethaneScan Data Lake  එකක් ඇතුළු නිෂ්පාදන සහිත එක්සත් ජනපද සමාගමකි. දත්ත කට්ටල සහ සිතියම් ලාබ නොලබන සංවිධානවලට සහ මුදල් හිඟ මාධ්‍යවේදීන්ට 50% වට්ටමක් (මසකට ඩොලර් 1,000) ලබා ගත හැකිය.

දත්ත විශ්ලේෂණ සමාගමක් වන Kayrros, ද තමන් විසින් සොයා ගන්නා ලද ඇතැම් තොරතුරු පිළිබඳව මාධ්‍යවේදීන්ගේ අවධානයට ලක් කිරීම සඳහා  නිවේදන නිකුත් කරයි.   බ්ලූම්බර්ග් මාධ්‍ය ආයතනය විසින් Kayross දත්ත සමුදාය කැණීම සඳහා ගිවිසුම් ගත වී අතර, එය අනෙක් අයට විවෘත විකල්පයක් බව සමාගමේ විධායකයෙක් පැවසීය.

GHGSat සමහර විට එහි චන්ද්‍රිකා මගින් සොයා ගන්නා මීතේන් විමෝචනය පිළිබඳ තොරතුරු ද නිකුත් කරයි.

යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය සහ නෙදර්ලන්ත අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය  (SRON) වෙතින් ද වරින් වර විමෝචන සොයාගැනීම් අනාවරණය කර ඇත.

තොරතුරු බෙදාගැනීමේ අවසරය  ඇති  නව මීතේන් ගණනය කිරීමේ   මූලාශ්‍ර කිහිපයක් ආරම්භ වීමේ සූදා‍නමක් පවතී .නමුත් ඒවා වසර 2023 දක්වා ක්‍රියාත්මක නොවනු ඇත.

Carbon Mapper යනු එක්සත් ජනපද අභ්‍යවකාශ ඒජන්සිය වන නාසා ආයතනය (NASA) විසින් වැඩි දියුණු කරන ලද තාක්ෂණය සහ 2023 දී දියත් කිරීමට නියමිත තමන්ගේම මීතේන් සංවේදක චන්ද්‍රිකාවල දත්ත භාවිත කිරීමට පොරොන්දු වන එක්සත් ජනපද ලාභ නොලබන එකමුතුවකි.

MethaneSAT යනු පාරිසරික ආරක්ෂක අරමුදලේ (EDF) අනුබද්ධිත ආයතනයකි.  එම ආයතනය විසින් සංවර්ධනය කරනු ලබන මීකේන් සැට්  2022 අගභාගයේදී දියත් කිරීමට නියමිතය.

ජාත්‍යන්තර මීතේන් විමෝචන නිරීක්ෂණාගාරය ( International Methane Emissions Observatory (IMEO)  යුරෝපීය සංගමය සහ UN පරිසර වැඩසටහන මගින් සමාගම් දත්ත, චන්ද්‍රිකා තාක්ෂණය සහ විද්‍යාත්මක අධ්‍යයනයන් භාවිතයෙන් විමෝචනය නිරීක්ෂණය කිරීම සඳහා පිහිටුවන ලදී.

Project Astra   යනු “තෙල් සහ ගෑස් නිෂ්පාදන කලාපයක් හරහා [මීතේන්] විමෝචනය නිරීක්ෂණය කරන” භූගත සංවේදක ජාලයක් යෙදවීමට සැලසුම් කරන එක්සත් ජනපද ව්‍යාපෘතියකි.

ලෝක බැංකුවේ Global Gas Flaring Reduction Partnership (GGFR) විසින් 2021 වසරේ පළ කරන ලද වාර්තාවකට අනුව Global Gas Flaring Explorer යනු “නව සහ වැඩි දියුණු කළ වෙබ් පාදක යෙදුමක් වන අතර එය ගෝලීය ගෑස් දැල්වීමේ දත්ත සිතියම් ගත කරන අතර 2022 දී ප්‍රසිද්ධියේ ලබා ගත හැකිය”.

මීතේන් විමෝචනය පිළිබඳ තොරතුරු සඳහා ඇති එකම විභව මූලාශ්‍රය  රූප පමණක් නොවේ.ඒ සඳහා වෙනත් විකල්පයන්ද ඇත.

ඒවා මෙසේය.

  • වායු නියාමනය කරන ආයතන සතු පොදු ලේඛන  පරිශීලනය කරන්න.
  • අදාළ රටේ හෝ ප්‍රදේශයේ මීතෙන් ඇතුළු වායු විමේචනය පිළිබඳව කටයුතු කරන පර්යේෂකයන් සහ රාජ්‍ය නොවන සංවිධාන සමඟ මිත්‍රත්වයක් ඇති කර ගන්න.
  • තෙල් හා ගෑස් පහසුකම් සහ අනෙකුත් විභව විමෝචන ස්ථානවල සේවකයින් සමඟ කතාබහ කරන්න.

වායු  විමෝචන නිරීක්ෂණය කරනු ලබන මූලාශ්‍රයන්ගෙන් අදහස් විමසීමේදී  සම්මත මාධ්‍ය පිළිවෙත් අනුව කටයුතු කරන්න. නමුත් ලැබෙන පිළිතුරු තේරුම්ගත නොහැකි සහ බිය උපදවන සුළු  ඒවා විය හැකිය.

මෙම විමෝචන සම්බන්ධයෙන් වගකිව යුත්තන් බොහෝ විට කියන්නේ විමෝචනය නීත්‍යානුකූල මට්ටමක  හෝ සාමාන්‍ය මෙහෙයුම් ක්‍රියා පටිපාටියකට යටත් බවය. එය සාමාන්‍ය දෙයකි.  මෙම ප්‍රකාශ නිවැරදි විය හැකිය. එහෙත්  එහි සත්‍ය අසත්‍ය බව තහවුරු කිරීම දුෂ්කර කාර්යයකි. එබැවින් මෙම තොරතුරු ලබා ගැනීමේදී වඩාත් හොඳම මාර්ගය වන්නේ ප්‍රාදේශීය හා ජාතික මෙන්ම දැනුමැති නියාමන ආයතන හෝ  රාජ්‍ය නොවන සංවිධානවලින් ලබා ගැනීමයි. වෙනත් විභව මූලාශ්‍ර ලෙස සැලකයි හැක්කේ අදාළ විමර්ශණයට ලක් වන ආයතනයේ අවට පදිංචිකරුවන්, කර්මාන්ත ප්‍රවීණයන්, සහ සේවකයන් හෝ හිටපු සේවකයන් ය.

ආයතනික විමෝචන විමර්ශනය කිරීම – සහ කඩවුණු පොරොන්දු

රූපය: Marcelle Louw / GIJN

බොහෝ සමාගම් ඔවුන්ගේ මීතේන් විමෝචනය පිළිබඳ විනිවිද භාවයකින් තොරය.  නමුත් ඔවුන් වෙත මේ වනවිට පීඩනයකට ලක් ව ඇත්තේ වැඩි වැඩියෙන් හෙළි කිරීමට සහ  විමෝචනය හැකි තරම් අඩු කිරීම කෙරෙහි ය.  ඔවුන්ගේ ඉහළ යන අපේක්ෂා ව්‍යාපාරික මාධ්‍යවේදීන් ඇතුළු මාධ්‍යවේදීන් තවත් ප්‍රශ්න ඇසීමට පෙලඹවිය යුතුය.

මීතේන් විමෝචනයෙන් තුනෙන් එකකට පමණ වග කියන තෙල් හා ගෑස් කර්මාන්තය මෙහිදී අවධානය යොමු කළ යුතු වැදගත්ම අංශයකි.  සියල්ලම නැතත්  මෙම  සමාගම් ඔවුන්ගේ විමෝචන පිළිබඳව වාර්තා කරයි.  එහෙත් එම  වාර්තා සකස් කරන ආකාරය තුළ යම් උපක්‍රමශීලී බවක් තිබිය  හැකිය.

විශේෂාංග සඳහා  අදහස්:

  • ප්‍රධාන කර්මාන්ත කෙරෙහි අවධානය යොමු කරන්න.
  • දන්නා හෝ ඇස්තමේන්තුගත විමෝචන මට්ටම් ගැන විමසන්න.
  • නිශ්චිත විමෝචන ඉලක්ක සහ අවම කිරීමේ උත්සාහයන් ගැන විමසන්න.

මීතෙන් පිළිබඳව වන මිනුම්වල සංකීර්ණත්වය ඇතැම් විට විමර්ශණයට එරෙහිව පළිහක් නිර්මානය කරයි .  එය බිඳිය නොහැකි එකක් නොවේ. මේ සඳහා  දේශගුණික විපර්යාස පිළිබඳ විද්වතුන් සහ රාජ්‍ය නොවන සංවිධාන විශේෂඥයින් සහ මෙවැනි ක්‍රියා පිළිබඳව නිරන්තරයෙන් අවධානයෙන් සිටින විමර්ශකයන්  මෙන්ම ආයෝජකයින්ගෙන් ද  උපදෙස් ලබා ගැනීම වඩාත් සුදුසු ය. ඔවුන් ට සමාගමෙන් මේ පිළිබඳව  පැහැදිළි කිරීම් ඉල්ලා සිටීය හැකිය.

ඇතැම් සමාගම් ආයතනික මට්ටමින් තම මීතේන් විමෝචනය පිළිබඳව හෙළි කරයි. විශේෂයෙන් තිරසාරභාවය පිළිබඳව ආයතනික වාර්තාවලදී  ඔවුන් එලෙස මේ පිළිබඳව දක්වයි.සමහර ආයතනික හෙළිදරව් කිරීම්  ඒකාබද්ධ ආකෘතියකින් ලෙස ලාභ නොලබන සංවිධානයක් වන CDP හි වෙබ් අඩවියේ ඇත.

විමෝචනයේ එක් ප්‍රභවයක් වන්නේ ගිනි දැල්වෙන සුළු අපද්‍රව්‍ය වායූන් දැල්වීමයි.

ලෝක බැංකුවේ Zero Routine Flaring මුලපිරීම (ZRF) විසින් රජයන් සහ තෙල් සමාගම් ඔවුන්ගේ දැල්වීම ප්‍රසිද්ධියේ වාර්තා කිරීම සඳහා සම්බන්ධ කරගෙන ඇත.  රටවල් සහ සමාගම් විසින් ස්වයංව සිය දැල්වීම් පිළිබඳව කරන ලද වාර්තා  දත්ත ZRF වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් කෙරේ.

කෙසේ වුවද තෙල් සහ ගෑස් අංශයේ විමෝචන වාර්තා කිරීම පිළිබඳ වඩා හොඳ ආයතනික වාර්තාකරණයට පහසුකම් සැලසීමට විවිධ උත්සාහයන් මේ වනවිට ගැනෙමින් පවතී.

තෙල් හා ගෑස් මීතේන් හවුල්කාරිත්වය (reporting in the oil and gas sector.

The Oil and Gas Methane Partnership (OGMP) යනු ලෝකයේ තෙල් හා ගෑස් නිෂ්පාදනයෙන් 30% නියෝජනය කරන විශාල සමාගම් 74කින්  සමන්විත මුලපිරීමකි. එක්සත් ජාතීන්ගේ විවිධ ආයතන සහ බලශක්ති සංවර්ධන අරමුදල් ඊට  සම්බන්ධ වේ. දත්ත පිළිබඳ පළමු වාර්තාව 2021 නොවැම්බර් මාසයේදී නිකුත් කරන ලදී.

තෙල් සහ ගෑස් දේශගුණික මුලපිරීම (The Oil and Gas Climate Initiative OGCI) යනු වාර්තාකරණ රාමුවක් නිර්මාණය කළ කර්මාන්ත මුලපිරීමකි. සමහර තෙල් හා ගෑස් සමාගම්වල එකතුවක් හොඳම භාවිතයන් ඉදිරිපත් කරන මීතේන් මාර්ගෝපදේශ මූලධර්ම නිර්මාණය කළේය.

ආයතනික මීතේන් විමෝචනය පිළිබඳ වාර්තා කිරීමේදී, මෙම ප්‍රශ්න ආරම්භ කිරීමට හොඳ ස්ථානයකි:

ඔබේ මීතේන් විමෝචන මට්ටම් මොනවාද?

ඒවා නැඟී හෝ වැටෙනවාද, කොපමණ ප්‍රමාණයක්ද?

ඔබේ සංඛ්‍යා ගණනය කරන්නේ කෙසේද?

ආයතනික මෙහෙයුම් ප්‍රමිතීන්ට අනුකූලව ක්‍රියාත්මක වන බව  සහතික කිරීමට විශෙෂයෙන් නිර්මාණය කරන ලද  නිවැරදි බව තහවුරු කිරීමේ තන්ත්‍ර  පවතී. සමාගම් එවැනි සත්‍ය බව තහවුරු කර ගැනීමේ ප්‍රයත්නයන්ට සම්බන්ධ වන්නේද යන්න දැන ගැනීම සඳහා නීත්‍යනුකූලව ප්‍රශ්න ඇසීමේ පිළිවෙතක් එම සමාගම් සම්බන්ධයෙන් බොහෝ විට ඇත.  මීට අමතර ව, මීතේන් නියාමනයට සාපේක්ෂව යෝජිත රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳව සමාගම්වලින් ඔවුන්ගේ ස්ථාවරය විමසීමෙන් හෙළිදරව් විය හැකිය.

විශේෂයෙන්ම කෘෂිකාර්මික නිෂ්පාදනය මීතේන් වල සැලකිය යුතු ප්‍රභවයකි.

මීතේන් විමෝචනය අඩු කිරීමට පොරොන්දු වන සමාගම්  සංඛ්‍යාවේ කැපී පෙනෙන වර්ධනයක් තිබේ. කෙසේ වෙතත්, ඔවුන්ගේ කැපවීම් පිළිබඳ විස්තර එතරම් පැහැදිලි නොවිය හැකිය.

ඊට හේතු ඇත.එනම් ඔවුන් ගේ පොරොන්දුවල  බොහෝ විවාදයට තුඩු දෙන කරුණු ඇත.

ඔවුන්ගේ කැපවීම්වල විශේෂතා සහ යාන්ත්‍රණ පිළිබඳ තොරතුරු සොයන්න. එහිදී පහත සඳහන් යෝජනා වැදගත් විය හැකිය

ප්‍රකාශිත අඩු කිරීමේ ඉලක්ක බොහෝ විට වසර 10ක් හෝ 20ක් වැනි දීර්ඝ කාලසීමාවන් සඳහා ඔවුහු යොදති.  මේ අතරේ කෙටි කාලීන සහ අතරමැදි ඉලක්ක ගැන විමසන්න.

 සැලැස්ම හරියටම ක්‍රියාත්මක කරන්නේ කෙසේද යන්න පිළිබඳව විමසන්න. ඔවුන් පවසන ආකාරයෙන් ඇතැම් විට එය සිදු නොවිය හැකිය.

අඩු කිරීම් සාක්ෂාත් කර ගැනීමේ ක්‍රම පිළිබඳව විමසන්න.

මූලික ඉලක්ක ලෙස විශාලතම මීතේන් විමෝචනය කරන්නන්  තෝරා ගැනීම වඩාත් අර්ථවත්ය.මෙහිදී  විශේෂයෙන් ම වැඩි අවධානයක් යොමු වනුයේ විශාල ඛනිජ තෙල් සමාගම් වෙතය.

මීතේන් විමෝචනය සිදුවන්නේ ඛනිජ තෙල් නිස්සාරණ ස්ථානයේ පමණක් නොවේ. පොදු සැපයුම් දාම පුරාවටම මීතේන්  විමෝචනයේ සලකුණු ඇති අතර මේ  කෙරෙහි වැඩි වැඩියෙන් අවධානය යොමු කෙරේ.

මීතේන් විමෝචනය කෘෂිකර්මාන්තය, ගුවන් සේවා, මුහුදු  නැව්ගත කිරීම සහ වෙනත් අංශ වලින් ව්‍යුත්=පන්න වේ.

විශේෂයෙන්ම කෘෂිකාර්මික නිෂ්පාදන ක්‍රියාවලිය  මීතේන්වල සැලකිය යුතු මූලාශ්‍රයකි, ප්‍රධාන වශයෙන් වී  වගාවේදී  ජලය පිරුණු කුඹුරුවල බැක්ටීරියා මගින් මීතේන්  මුදා හරිනු ලැබේ). සහ ගවයන් ඇති කිරීම ද මීතේන් වායුගෝලයට එක් කරන ක්‍රමවේදයකි.  ගොවිපළ මට්ටමින් පමණක් නොව, අමුද්‍රව්‍ය භාවිත කරන සමාගම් වලින්ද, අවම කිරීම කළ හැක්කේ කුමක්ද යන්න පිළිබඳව ප්‍රශ්න මතු වේ.

මීතෙන් විමෝචනය පාලනය කිරීමේ නවතම ක්‍රමවේද පිළිබඳව සිදු කෙරෙන පර්යේෂණ පිළිබඳව උනන්දු වීමද මෙහිදී වැදගත් පියවරකි. මේ සම්බන්ධයෙන් නව අදහස් ශීඝ්‍රයෙන් පරීක්‍ෂාවට ලක් වෙමින් පවතින කාලයකි.  විද්‍යාත්මක අනුගමනය කිරීමකින්  ඉදිරිපත් කිරීමට කාලෝචිත ප්‍රශ්න මතු විය හැකිය.

රූපය: Marcelle Louw / GIJN

මීතේන් විමෝචනය සඳහා වගකිව යුතු රටවල්

2021 නොවැම්බරයේ ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ හි පැවති එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුව (COP26) ට මත්තෙන් බොහෝ රටවල් ඔවුන්ගේ මීතේන් විමෝචනය අඩු කිරීමට පොරොන්දු විය.

විශේෂාංග සඳහා  අදහස්:

ජාතික අඩු කිරීමේ මට්ටම් තෝරා ගත්තේ කෙසේද සහ ඇයි?

 ඉලක්ක සපුරා ගන්නේ කෙසේද සහ සත්‍යතාව තහවුරු කර ගන්නේ කෙසේද?

එක් එක් රජයයන් විසින්  තමන්ගේ විමෝචන අඩු කිරීම් පිළිබඳ තනි ඉලක්ක සහ කැපවීම් පිළිබඳව තොරතුරු එක්සත් ජාතීන්ගේ   ජාතික වශයෙන් තීරණය කළ දායකත්ව (NDCs) පිළිබඳ වාර්තා වලින් සොයාගත හැකිය. එම වාර්තා  එක්සත් ජාතීන්ගේ NDC ලේඛනයේ ප්‍රකාශයට පත් කෙරේ. UNFCCC විසින් NDC සංශ්ලේෂණ වාර්තා ද සකස් කරයි. (2021 ඔක්තෝබර් සංස්කරණය  මෙතැනින් බලන්න.)

සමහර රටවල් මෙම වාර්තාවල ජාතික විමෝචන දත්ත හෙළි කරයි.

ගෝලීය මීතේන් ප්‍රතිඥාවට අත්සන් කළ රටවල් 111 ක්  2030 වන විට 2020 මීතේන් මට්ටම්වලින් 30% කින් අඩු කිරීමේ ගෝලීය ඉලක්කයකට එකඟ වී ඇත. කෙසේ වෙතත්, ප්‍රතිඥාව අත්සන් කිරීමෙන් පමණක්  එක් එක් රටවල් නිශ්චිත ඉලක්කවලට බැඳෙන්නේ නැත.

සැලසුම් පිළිබඳ විවේචන සඳහා හොඳම මූලාශ්‍ර වනුයේ ප්‍රාදේශීය හෝ පළාත්  පාරිසරික කණ්ඩායම්, විද්‍යාඥයන්, ව්‍යාපාරික ප්‍රජාව සහ දේශපාලන ක්‍රියාකාරීන් විය හැකිය.

විමෝචනය මැනීම තීරණාත්මක ආරම්භක ලක්ෂ්‍යයක් වන බැවින්, වාර්තාකරුවන්ට විමෝචනය තක්සේරු කිරීමට භාවිතා කරන ක්‍රමවේදය විමර්ශනය කළ හැකිය.

පළාත් සහ නගර වැනි උප-ජාතික අධිකරණ බල ප්‍රදේශ ද ශුද්ධ-ශුන්‍ය කැපවීම් කරයි.

“මීතේන් වායු විමෝචනය විශාල ගැටලුවක් බවට විවාදයක් නැත.  පෘථිවිය සඳහා තීරණාත්මක වූ මොහොතක දේශගුණික විපර්යාස වේගවත් කරවීමට එය හේතුවක් වෙයි .දැනට මේරිලන්ඩ් විශ්ව විද්‍යාලයේ ජනමාධ්‍ය උපාධි පාසලේ අධ්‍යක්ෂක හිටපු වාර්තාකරුවෙකු වන රෆායෙල් ලොරෙන්ට් පවසයි.. “මාධ්‍යවේදීන්ගේ වගකීම ඒ කතාව බලගතු ආකාරයෙන් පැවසීමය.

මූලාශ්‍රය

Produced by the Global Investigative Journalism Network (GIJN)