මිනිස් ජාවාරම – එළිපිට සැඟවුණු නපුර

0
7
ඡායාරූපය: Shutterstock

කතෘගේ සටහන: ඉදිරි මාස කිහිපය සඳහා,විමර්ශණාත්මක මාධ්‍යවේදීන්ගේ ගෝලීය ජාලය (GIJN) විසින් ඉදිරිපත් කරනු ලබන්නේ  සංවිධානාත්මක අපරාධ විමර්ශනය කිරීම සඳහා වන වාර්තාකරුගේ මාර්ගෝපදේශයෙන් ලබාගත් ලිපි මාලාවකි.  එය නොවැම්බර් මාසයේදී පවත්වන   Global Investigative Journalism Conference  (ගෝලීය ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ සම්මන්ත්‍රණයේදී) සම්පූර්ණයෙන්ම ආරම්භ වේ. මිනිස් ජාවාරම විමර්ශනය කිරීම පිළිබඳව අවධානය යොමු කරන මෙම කොටස ලියා ඇත්තේ  මාර්තා මෙන්ඩොස් ය. දෙවරක්ම පුලිට්සර් ත්‍යාගය හිමිකරගෙන සිටින මාර්තා  තායි මුහුදු ආහාර කර්මාන්තයේ වහල් ශ්‍රමය භාවිත කිරීම හෙළිදරව් කළ ඇසෝසියේටඩ් ප්‍රෙස් කණ්ඩායමේ ප්‍රමුඛතම සාමාජිකාවකි.  මිනිස් ජාවාරම ආවරණය කිරීම සඳහා තවත් ඉඟි සහ මෙවලම් ගැන උනන්දුවක් දක්වන අය සඳහා, මෙන්ඩෝසා විසින් සත්කාරකත්වය සපයන GIJN වෙබ් සම්මන්ත්‍රණය බලන්න.

මිනිස් ජාවාරම යනු මාධ්‍යවේදීන්ට යම් බලපෑමක් සහ තීරණාත්මක බවත් නිර්මාණය කරවන ලෙස  විමර්ශණය කළ හැකි ලොව පුරා පැතිරුණු එසේම නොනවතින අපරාධයකි. බොහෝ විට නූතන වහල්භාවය යනු අසල්වැසි සම්බාහන මධ්‍යස්ථානයක හෝ දේශීය නැව් තටාකයක නැංගුරම් ලා ඇති ධීවර බෝට්ටුවක සැගවුණු නපුරකි.

එම ජාවාරමේ මූලික කාණ්ඩ දෙකක් ඇත.  මේ මිනිස් ජාවාරම් කාණ්ඩ දෙකින්   අඩක් පමණ නියෝජනය කරන්නේ ලිංගික සූරාකෑමය. අනෙක  ශ්‍රම අපයෝජනයයයි. එක්සත් ජාතීන්ගේ දත්ත වලට අනුව ලෝකයේ ඕනෑම දිනයක  නූතන වහල්භාවයට ගොදුරු වන ප්‍රමාණය මිලියන 40 ක් පමණ වන බවට සැලකෙයි. ඔවුන් අතරින්  වැඩි වශයෙන්  සිටින්නේ කාන්තාවන්ය. ඊට අමතරව  පිරිමින් සහ කුඩා ළමයින් ද සිටින බව හෙළි වී ඇත. ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ගණනයන්ට අනුව  මෙම මිනිස් ජාවාරම්කරුවන්, අපරාධකරුවන්,  සහ වහල් භාවයේ යොදවන හාම්පුතුන් සියල්ල එක්ව  වසරකට ලබන අයථා ලාබය ඩොලර් බිලියන 150ක් පමණ වෙයි.

මිනිස් ජාවාරම් විමර්ශනය කිරීම එක්තරා බියජනක කාර්යයක් විය හැකිය. . මාධ්‍යවේදීන්ට කතා කිරීම මිනිස් ජාවාරමේ  වින්දිතයන් බරපතළ අනතුරකට යොමු කරවන කරුණකි.  ඔවුන් බොහෝ විට සිටිනුයේ  කම්පා සහගතවය. ඔවුන් ව ග්‍රහණයකට ලක් කරගෙන සිටිය පුද්ගලයන් ගැන ඔවුන් පසුවන්නේ භීතියෙනි. ඔවුන්ට අනතුරු අඟවා ඇත්තේ මාධ්‍යවේදියකුගෙන් තබා කිසිවකුගෙන් කිසිද උදව් උපකාරයක් නොඉල්ලන ලෙසය.

ඔවුන් මාධ්‍යවේදීන් සමඟ කතා කිරීම  ඔවුන්ගේ ජීවිත අවදානමක හෙළීමකි. එබැවින් මෙවැනි කටයුතුවලට පිවිසිය යුත්තේ ඉතා ප්‍රවේසම් සහගතවය. ඒ  මේවාට සම්බන්ධ වන අපරාධකරුවන් වෙනත් ඕනෑම මිනිස්  සූරා කෑමකට පවා පසුබට නොවන  අපරාධකරුවන් වීමය. ඔවුන් නිර්දය විය හැකි අතර, ඔවුන්ගේම අවශ්‍යතා ආරක්ෂා කිරීම අවශ්‍ය වේ.

කාත් එක්ක කතා කරන්නද?

මිනිස් ජාවාරමේ  වින්දිතයන් සමඟ කතා කිරීමේදී අවධානය යොම කළ යුතු ප්‍රවේසම් සහගත බව  මනසේ තබාගෙන කටයුතු කරන  මාධ්‍යවේදීන්ට උපකාර සහ මූලාශ කර ගත හැකි, නූතන වහල්භාවය අවසන් කිරීමට ක්‍රියා කරන රාජ්‍ය නොවන සංවිධාන (එන්ජීඕ) ඇතුළු ආයතන ගණනාවක් තිබේ.  සංක්‍රමණ සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය (International Organization for Migrants) , මින්දරූ පදනම Minderoo (walk Free), පොලාරිස් (Polaris) ව්‍යාපෘතිය සහ කතෝලික පුණ්‍යායතන වැනි ගෝලීය සංවිධානවලට නිශ්චිත කලාපවල විශේෂිත ගැටලු  පිළිබඳ විශාල දළ විශ්ලේෂණයක් ලබා දීමට බොහෝ විට හැකි රට තුළ නියෝජිතයින් සිටී.

මේ ආයතන අතුරින්  ජාත්‍යන්තර යුක්ති මෙහෙයුම (International Justice Mission) වැනි, අපරාධකරුවන් හඳුනා ගැනීමට, අත්අඩංගුවට ගැනීමට සහ නඩු පැවරීමට නීතිය බලාත්මක කිරීම ආදී කටයුතු සම්බන්ධයෙන් ක්‍රියා කරයි.  Issara Institute ආයතනය වැනි තවත් අය මේ සම්බන්ධ විගණනයන් පැවැත්වීම සහ කම්කරුවන්ට හඬක් දීමට අදාළව සංක්‍රමණික ප්‍රජාව සහ ව්‍යාපාර සමඟ කටයුතු කරති. තවද නූතන වහල්භාවය වර්තමාන සමාජය තුළ පැවතීමට බලපාන  සාධක  වෙනස් කිරීම අරමුණු කරගත් වහලුන් නිදහස් කිරීම වැනි කණ්ඩායම් තිබේ. බොහෝ රාජ්‍ය නොවන සංවිධානවලට ආගමික  පදනමක් ඇති අතර  සමහර ආයතන රජය විසින් පාලනය කරනු ලබන ඒවාය. එමෙනම් ඇතම් සංවිධාන තම මූලික මාතෘකාව හෝ රට කේන්ද්‍ර කරගත් ඒවා වේ.

මිනිස් ජාවාරම විමර්ශනය කිරීමේ පළමු පියවර වන්නේ ප්‍රදේශයේ හැකි තරම් සංවිධාන සමඟ කතා කිරීමයි – අවම වශයෙන් එවැනි ආයතන, සංවිධාන 10ක් 12ක් සමඟවත් මේ පිළිබඳව කතා කළ යුතුය.  වහල්භාවයට ලක් ව සිට එයින් මිදුණු සිටි දිවි ගලවා ගත් අය  මාධ්‍යවේදීන් වෙත හඳුන්වා දීමට මෙම සංවිධානවලට හැකියාව ඇත. එසේම මෙතෙක් නීතිය ක්‍රියාත්මක කෙරුණු අවස්ථා පිළිබඳව දැනුවත් කිරීමටද ඔවුන්ට හැකිය. වහල් භාවයට එරෙහිව සිදු කෙරුණු  පූර්ව නඩු පැවරීම් පෙන්වා දීමට සහ  මිනිස් ජාවාරම් සොයා ගැනීමට ඉඩ ඇති විශේෂිත ප්‍රදේශ හඳුනා ගැනීමට හැකියාවක් ඇත.

මැලේසියාවේ, රබර් අත්වැසුම් කම්හල්වල සේවය කිරීමට එන කම්කරුවන්ගෙන් සේවයට බඳවා ගැනීමේ ගාස්තුවක් අය කිරීම එක් නිදසුනකි. සංක්‍රමණික සේවකයන්ගෙන් එලෙස බඳවා ගැනීමේ ගාස්තුවක් අය කිරීම නීති විරෝධී ශ්‍රම අපයෝජනයකි.   ඩුබායි සහ අබුඩාබි වැනි මැදපෙරදිග නගරවල පරම්පරා ගණනාවක් තිස්සේ ලිංගික වෙළඳාම දියුණු වී ඇති අතර විදේශීය කාන්තාවන් ගෘහ සේවයේ මුවාවෙන් මෙරටට ගෙන්වාගෙන ලිංගික ක්‍ෂේත්‍රයේ සේවය කිරීමට බල කර ඇත. වානිජ ධීවර කර්මාන්තයද වහල් භාවය සම්බන්ධයෙන් නමක් දරන ලයිස්තුගත වී ඇති අතර, කිසිදු අධීක්ෂණයකින් තොරව මහ මුහුද මැද මේ ශ්‍රම අපයෝජනයට කම්කරුවෝ ගොදුරු වෙති.

  මෙවැනි සංවිධාන හරහා හඳුනා ගන්නට ලැබෙන මිනිස්  මූලාශ්‍රවලට අමතරව  බොහෝ රජයන් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සකස් කරන ලද නූතන වහල්භාවය පිළිබඳ නිශ්චිත, භූමි තොරතුරු සපයන වාර්ෂික වාර්තා ප්‍රකාශයට පත් කරයි. මේවාට ඇතුළත් වන්නේ: මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ පුද්ගලයන් ජාවාරම් කිරීම පිළිබඳ ගෝලීය වාර්තාව (Global Report on Trafficking in Persons), එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ පුද්ගල ජාවාරම් පිළිබඳ වාර්තාව සහ මිනිස් ජාවාරමට එරෙහිව යුරෝපා සංගමයේ ඒකාබද්ධ වාර්තාව  (Trafficking in Persons Report) එමෙන්ම එක්සත් ජනපද කම්කරු දෙපාර්තමේන්තුව විසින් ළමා ශ්‍රමිකයන් හෝ බලහත්කාර ශ්‍රමිකයන් විසින් නිෂ්පාදනය කරන ලද භාණ්ඩ ලැයිස්තුවක් ( List of Goods Produced by Child Labor or Forced Labor) වාර්ෂිකව ප්‍රකාශයට පත් කරයි. කාම්බෝජයේ රෙදිපිළි, ඉන්දියාවේ පාපන්දු බෝල හෝ යුක්රේනයේ ගල් අඟුරු වැනි සැක සහිත භාණ්ඩ 155ක් පිළිබඳව එම වාරතාවේ සඳහන් වෙයි.මෙම නිෂ්පාදන සැපයුම් දාමවල කවර අදියරකදී හෝ වහල් භාවය ඇතුලු ශ්‍රම අපයෝජනයන් විය හැකි  බව එම වාර්තාව පෙන්වා දෙයි.

මෙම විෂය පිළිබඳව විමර්ශණය කරන මාධ්‍යවේදීන්ට වගවීමේ ක්‍රියාවලිය සම්බන්ධ වැඩි කටයුත්තක් පැවරෙන්නේ මෙම මිනිස් ශ්‍රම සූරාකෑමට  අදාළ මූල්‍ය ගනුදෙනු සහ සැපයුම් දාම පිළිබඳව ක්‍රියා කිරීමේදීය.  මෙය සිදු කිරීමේ හොඳම ක්‍රමය වන්නේ  පළමුව සියල්ල හොඳින් නිරීක්ෂණය කිරීමයි. ශ්‍රම අපයොජනය කොට ලාබ උපයන්නන් පිළිබඳව විමර්ශණය කිරීමේදී ඊට අදාල තත්තව පිළිබඳව හැකි සියලුම ආකාරයෙන්  නිරීක්ෂණය කළ යුතුය.  ඇතැම් නිෂ්පාදනවල ලේබල් සහ වෙළඳ නාම, එම නිෂ්පාදන අනුගමනය කරන පිළිවෙත්  හෝ වින්දිතයින් පිළිබඳව නිරීක්ෂණය කිරීම වැදගත්ය.

 ශ්‍රම සැපයුම් දාම සඳහා, වෙළඳ දත්ත මාධ්‍යවේදීන්ට විශේෂිත කර්මාන්තශාලා වලින් වෙනත් රටක ගැනුම්කරුවන් වෙත නැව්ගත කිරීම් නිරීක්ෂණය කිරීමට ඉඩ සලසයි.

ශ්‍රම අපයෝජනයේදි එහා මෙහා වන මුදල් පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම සඳහා තවත් වැදගත් මූලාශ්‍රයක් වන්නේ වාර්ෂික ආදායම්, ව්‍යාපාරික හවුල්කරුවන්  පිළිබඳව හෙළිදරව් කරන  ආයතනික වාර්තා ය.

 මිනිස් ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් සහ වෙනත් සංවිධාන සමඟ ඇති සබඳතා පිළිබඳ තොරතුරු හඳුනා ගැනීමට අධිකරණ වාර්තා ද ප්‍රයෝජනවත් විය හැකිය.

සිද්ධි අධ්‍යයන

ද ගාඩියන්: කොවිඩ් වසංගතය මැද රහසිගතව උතුරු කොරියානු වහල් ශ්‍රමය භාවිතා කර චීන කර්මාන්තශාලාවලින් එක්සත් රාජධානිය ට යැවුණු ආරක්ෂිත ඇඳුම් කට්ටල

ඡායාරූපය: තිර රුවක් (Screenshot)

ගෝලීය කොවිඩ් -19 වසංගතය ලොව පුරා පැතිර යද්දී, වෛද්‍ය මුහුණු ආවරණ  අත්වැසුම්, සොබ් සහ සෞඛ්‍යාරක්ෂිත වෛද්‍ය ගවුම් සඳහා ඇති ඉල්ලුම වේගයෙන් ඉහළ ගියේය.  එම භාණ්ඩ බොහොමයක් නිෂ්පාදනය වූයේ  චීන කර්මාන්ත ශාලාවලය. මේ කර්මාන්තශාලාවල නිෂ්පාදන පිළිවෙත පිළිබඳව බ්‍රිතාන්‍යයේ පළවන ද ගාඩියන්  2020 නොවැම්බරයේදී, විශේෂ විමර්ශණයක් සිදු කොට ප්‍රකාශයට පත් කළේය.  එහිදී අනාවරණය වූ කරුණක් වූයේ එක්සත් රාජධානිය චීනයෙන් මිලදී ගනු ලබන්නේ රජය උතුරු කොරියානු බලහත්කාර ශ්‍රමය යෙදවුණු චීන සමාගම්වලින් පෞද්ගලික ආරක්ෂක උපකරණ මිලදී ගන්නා බවය. මාස තුනක් පුරා ගාඩියන් විමර්ශණාත්මක මාධ්‍යවේදීන් විසින් සිදු කරන ලද  මෙම විමර්ශණයෙන් ඔවුන්ට පෙනී ගියේ වහල්භාවයට පත් වූවන්, වැඩි වශයෙන් කාන්තාවන් බවය. ඔවුන් ගැන දැඩි සොදිසියකින් චීන කර්මාන්තශාලා හිමියො පසුවූහ. පිටතට යාම බොහෝ විට වැලකුනු අතර දවසකට  පැය 18ක් පමණ රැකියාවේ යොදවන බව හෙළි විය.

 උතුරු කොරියානු රාජ්‍ය තන්ත්‍රය කළේ   තම පුරවැසියන් විදේශ රැකියා සඳහා යවා පසුව ඔවුන්ගේ වැටුප් එකතු කර ගැනීමය. එය  එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ එක්සත් ජනපදය අපරාධයක් ලෙස ප්‍රකාශ කර ඇත.මෙම ගවේෂණාත්මක වර්තාවට ප්‍රතිචාර වශයෙන්  එක්සත් රාජධානියේ ආණ්ඩුව රජයේ කොන්ත්‍රාත් සම්බන්ධයෙන් වඩාත් විනිවිදභාවයෙන් කටයුතු කරන බවට ප්‍රතිඥා දුන් අතර, මෙම සැපයුම් දාමවල ශ්‍රම අපයෝජනය හෙළා දකින බවත් එය අවසන් කිරීමට කටයුතු කරන බවටත් සහතික විය.

CNN: නොපැහැදිළි දිය –  ළමා වහල් වෙළඳාමේ ඇතුළාන්තය

ඡායාරූපය: වාර්තා චිත්‍රපටයෙන් තිර රුවක් (Screenshot)

ළමයින් මිල දී ගැනෙන්නේ ඩොලර් 250 කටය. ඔවුන් දින ගෙවන්නේ මාළු දැල් ලිහමිනි.  ඒ වෙනුවෙන් ඔවුන්ට සතයක්වත් ගෙවන්නේ නැත. 2019 පෙබරවාරි මාසයේදී CNN හි වාර්තාවක් ප්‍රාදේශීය ප්‍රවෘත්ති සංවිධාන සහ උපදේශකයින් වසර ගණනාවක් තිස්සේ පවසන දේ හෙළිදරව් කළේය: අප්‍රිකානු ළමයින් 20,000 ක් පමණ ඝානාවේ වෝල්ටා විලේ වහල්භාවයේ සිටිති. ඔවුන් වහල් භාවය වෙනුවෙන් ධීවරයන්ට විකුණන්නේ දෙමාපියන්මය. එසේ නැතහොත් තම දරුවා එළදෙනක් සඳහා හුවමාරු කරති. ඔවුන් පිළබඳව වාර්තාකරණය කාර්යය ඇදහිය නොහැකි තරම් භයානක ය. මෙම ක්‍රියාව සමාජයට නිරාවරණය කිරීම සඳහා  CNN මාධ්‍යවේදී කණ්ඩායම  කලින් වහල්භාවයට පත් වූ දරුවන් බේරා, නවාතැන් සහ අධ්‍යාපනය ලබා දෙන ප්‍රාදේශීය උපදේශකයෙකු සමඟ වැඩ කළහ. ඔවුන්ගේ වැඩසටහනේ  ළමයින් වැඩ කරන විට ඔවුන් පසුපස ගොස් සිදු කළ රූපගත කිරීම් ඇතුළත් වූ අතර  ඔවුන්ගේ පවුල්, මෙම ළමයින් වහල්භාවය සඳහා අත්පත් කර ගත් අය සහ බේරාගත් අය සමඟ සම්මුඛ සාකච්ඡා කළේය. මෙම කාර්යය ජෝයි නිව්ස් හි 2017 දී විකාශය වූ ගුමුරින් මූලාශ්‍රගත වූ වාර්තා චිත්‍රපටයක් වන ස්ලේව්ස් ඔෆ් ද වෝල්ටා  චිත්‍රපටයද පදනම් කර ගැනිණි.  එය කලින් වහල්භාවයට පත් වූ දරුවන්ගේ කථා සහ ඔවුන්ගේ ජීවිතවලට බලපෑ ආකාරය ද විස්තර කළේය.

ඇසෝසියේටඩ් ප්‍රෙස්: වහලුන්ගෙන් මුහුදු ආහාර

ඡායාරූපය: තිර රුවක් (Screenshot)

මාස 18 ක කාලයක්  තුළ  ඇසෝසියේටඩ් ප්‍රෙස් මාධ්‍යවේදීන් විසින් සිදුකරන ලද වහල් භාවය පිළිබඳව දීර්ඝ විමර්ශණයේදී කූඩුවල රඳවාගෙන සිටින මිනිසුන් මුහුදු මත්ස්‍යයන් අල්ලා ගැනීමට සහ ඔවුන් ඇසුරින් සැකසෙන මුහුදු ආහාර සහ සුරතල් සතුන් සඳහා වන කෑම නිෂ්පාදන  එක්සත් ජනපද සුපිරි වෙළඳසැල් වෙත සැකසෙන ආකාරය නිරීක්ෂණය කළහ. මෙම කාර්යය වෙනුවෙන්  2016 රාජ්‍ය සේවය සඳහා වූ පුලිට්සර් ත්‍යාගය පිරිනමන ලද අතර එය  වඩාත් වැදගත් ලෙස, මිනිසුන් 2,000කට වැඩි පිරිසකගේ නිදහසට හේතු විය.

නඩු පැවරීම්, මූල්‍ය අත්පත් කර ගැනීම් සහ ශ්‍රම සැපයුම් දාම වැඩිදියුණු කිරීම සඳහා කර්මාන්තය පුරා කැපවීමක් සිදු විය.

ඇසෝසියේටඩ් ප්‍රෙස් විමර්ශණය එළියට ආවේ තායිලන්ත මුහුදු ආහාර අංශයේ සංක්‍රමණික ධීවරයින් වහලුන් ලෙස සැලකීම විස්තර කරන ලද කතන්දර කථා කරන ලිපි මාලාවකින් පසුව ය. ඒවා මේ වහල් වෙළෙඳාම සම්බන්ධයෙන් යම් කරදරකාරී ස්වරූපයක් ගත්තද  ඒවා ට මෙම වාර්තාවෙන් තරම් බලපෑමක් සිදු කළ නොහැකි විය.  AP විමර්ශනය දැනට වහල්භාවයේ සිටින පුද්ගලයින් හඳුනාගෙන, පසුව වහල් ස්වාමිවරුන් සහ ඔවුන් සමඟ ව්‍යාපාර කරන අය වගකිව යුතු බව හඳුනාගෙන ඇත. සම්බාධක සහ තහනම් කිරීම් සඳහා පොළඹවන, ලොව පුරා ශ්‍රම අපයෝජන හෙළිදරව් කර ඇති සැපයුම් දාම විමර්ශන දුසිම් ගණනකින් පළමුවැන්න මෙම කාර්යය විය.

විහල්භාවය පිළිබඳව ගවේෂණයේදී උපයෝගී කර ගැනෙන ඉඟි සහ මෙවලම්

1 . ලිංගික හෝ ශ්‍රම සූරාකෑමෙන් දිවි ගලවා ගත් අය ගැන වාර්තා කිරීමට පෙර ව්‍යසන ආශ්‍රිත තොරතුරු ලබා ගැනීමේ සම්මුඛ සාකච්ඡා ගැන ඉගෙන ගන්න. පුවත්පත් කලාව සහ ව්‍යසනය  සඳහා වූ ඩාර්ට් මධ්‍යස්ථානය) Dart Center for Journalism and Trauma ට බොහෝ සම්පත් මෙන්ම ගෝලීය ගවේෂණාත්මක පුවත්පත් ජාලය (GIJN) ද ඇත. මූලාශ්‍ර සම්බන්ධ කර ආරක්ෂා කර ගන්නේ කෙසේද යන්න පිළිබඳව රාජ්‍ය නොවන සංවිධානවලින් ද විමසන්න.

2. වෙළඳ දත්ත එකතු කරන්නන් වන Panjiva සහ Importgenius ආනයන-අපනයන වාර්තා සපයන අතර එමඟින් වෙනත් රටක සිටින ගැනුම්කරු වෙත භාණ්ඩයක් සාදන ලද කර්මාන්තශාලාවේ සිට එය ගමන් කරන ආකාරය නිරීක්ෂණය කිරීමට මාධ්‍යවේදීන්ට ඉඩ සලසයි. නිශ්චිත කර්මාන්ත ශාලාවක සාදන ලද භාණ්ඩවල වෙළඳ නාම ද එයට ඇතුළත් විය හැකිය.

3. Open Corporates යනු අධිකරණ පද්ධති 130 ක සංස්ථා මිලියන 190 ක් පමණ ඇති ලෝකයේ සමාගම්වල විශාලතම විවෘත දත්ත ගබඩාවයි. ඒ සඳහා විශාල කැණීම් අවශ්‍ය වේ, නමුත් මාධ්‍යවේදීන්ට ආයතනික මණ්ඩල නිලධාරීන්, වාර්ෂික වාර්තා, සංවිධානයේ ලිපි සහ තවත් බොහෝ දේ නිරීක්ෂණය කළ හැකිය, පුද්ගලයන් සහ මුදල් එක් සමාගමකින් තවත් සමාගමකට ගැට ගසාඇති ආකාරය එයින් දක්වයි.

4. වහල් භාවය විමර්ශණය කිරීම සඳහා සම්බන්ධ කර ගත හැකි පාර්ශ්වකරුවන් සොයා ගැනීමට GIJN වැනි ජාල භාවිතා කරන්න. ජනමාධ්‍ය අරමුදල  Journalism Fund විසින් මෑතකදී ප්‍රකාශයට පත් කළ එකක් වැනි වාර්තාකරණ මුල පිරීම් භාවිතා කරන්න. මිනිස් ජාවාරම් ආවරණය කිරීම ඇදහිය නොහැකි තරම් දුෂ්කර ය, නමුත් වහල්භාවය පිළිබඳව සම්භවයක් ඇති රටවල මාධ්‍යවේදීන් සමඟ වැඩ කිරීමෙන් අදාල කාර්යය  වඩාත් ශක්‍ය කරයි.

5. සමාජ සම්මතයන් නැවත පරීක්ෂා කරන්න: සමහර විට නූතන වහල් භාවය පොදු භාවිතයක් ව පවතින අවස්ථාද ඇත.නිදසුනක් වශයෙන්, මැදපෙරදිග කෆාලා හෝ අනුග්‍රාහකත්ව ක්‍රමය බොහෝ විට තාවකාලික රැකියා සඳහා එහි යවන ලද ආසියානු කම්කරුවන්ට හිලව් වශයෙන් ඒ ඒ රටවලට  ණය බන්ධන ඇති කරයි; හයිටියේ රෙස්ටාවෙක් දරුවන් ගෘහ සේවක සේවිකාවන් ලෙස වැඩ කිරීමට ඔවුන්ගේ දෙමාපියන් විසින් යවනු ලබන අතර ඔවුන්  ළමා වහල් සේවයේ ගොදුරු බවට පත් වේ.  ඇසෝසියේටඩ් ප්‍රෙස් විසින් කරන ලද විමර්ශණයකදී  එක්සත් ජනපදයේ හවායි ධීවර බලඇණියේ වීසා යෝජනා ක්‍රමයක් හඳුනාගෙන ඇති අතර එමඟින් ඇමරිකානු කම්කරු නීති වලින් කිසිදු ආරක්ෂාවක් නොමැතිව විදේශීය සේවකයින්ට බෝට්ටු වල වැඩ කිරීමට ඉඩ සලසන බව අනාවරණය වී ඇත.

සිහි කල්පනාවෙන් සිටින්න

ගවේශණාත්මක මාධ්‍යවේදීන් කැපවී සිටින්නේ හඬක් නැති අයට හඬක් දීමටත් බලයේ සිටින අයට වගවීමටත්ය. මිනිස් ජාවාරම් විමර්ශනය කිරීම සහ හෙළිදරව් කිරීම

විමර්ශණය කිරීම සහ විමර්ශණ්‍ය කළ කරුණු හෙලි දරව් කිරීමෙන් මෙම කාර්යයන් දෙකම සම්පූර්ණ වෙයි.  ඇත්ත වශයෙන්ම එවැනි වාර්තාකරණයන්හි ඇතැම් පැතිකඩ මගින් එක් එක් තනි තනි පුදගලයන් කෙරෙහිද යම් ධනාත්මක බලපෑමක් ඇති කෙරෙන අතර  දිගු කාලීනව සූරා කෑමේ ව්‍යාපාරික භාවිතයක් කෙරෙහි බලපෑෑම් කිරීමට  එවැනි  වාර්තාකරණයක් සමත් වනු ඇත.

එබැවින් අප වඩාත් ප්‍රවේසම් සහගතව  නොපසුබට ව කටයුතු කිරීම වැදගත්ය.එහෙත් එහිදී  සෑම විටම වින්දිතයින්ගේ ආරක්ෂාව මතක තබා ගත යුතුම කරුණකි.  2016 දී, AP හි මගේ සගයන් ආපසු ගොස්  මුහුදු ආහාර විමර්ශනයේ ප්‍රතිඵලයක් ලෙස නිදහස් වූ වහල්භාවයේ සිටි මිනිසුන් සමඟ සම්මුඛ සාකච්ඡා කළහ. සමහරු කම්පනයට සහ රාත්‍රී භීතියට ගොදුරු වූ අතර සමහරු ලැජ්ජාවෙන් පොරබදමින් ජීවිතය සමඟ ගැටුණු අතර සමහරු විවිධ  අපවාදාත්මක තත්ත්වයන්ට ආපසු ගියහ.  නමුත් තවත් සමහරු හොඳ රැකියාවක් සොයා ගත්හ, ව්‍යාපාර ආරම්භ කළහ. , පවුල් ආරම්භ කරමින්  ඔවුන්ගේ ජාවාරම්කරුවන් සිරගෙට පවා ගෙන ගියහ. බොහෝ අය පැවසුවේ කාලයත් සමඟ ඔවුන්ගේ වේදනාව අඩු වී ඇති බවත්, ඔවුන්ගේ නිදහසට ඔවුන් කෘතඥ වන බවත්ය. “තවමත්, ඔවුන් නිදහස් මිනිසුන් ලෙස ජීවත් වෙමින් නිවසේ සිටීම ගැන ස්තුතිවන්ත වෙනවා,” AP වාර්තා කළේය. “ඔවුන් තවදුරටත් වහලුන් නොවේ.”

මූලාශ්‍රය

Produced by the Global Investigative Journalism Network (GIJN)