කැනේඩියානු සහයෝගිතා අනුග්‍රහය ලබන ශ්‍රී ලාංකික ආයතන අතරට විමර්ශනාත්මක වාර්තාකරණ මධ්‍යස්ථානයද (CIR) එක්වෙයි

2020 වසර සඳහා කැනේඩියානු අරමුදල් සහයෝගිතා අනුග්‍රහය (CFLI) සලසනු ලබන ශ්‍රී ලාංකික ආයතන අතරට විමර්ශනාත්මක වාර්තාකරණ මධ්‍යස්ථානයද (CIR) තෝරාගෙන ඇති බව ශ්‍රී ලංකාව සහ මාලදිවයින සදහා වන කැනේඩියානු මහකොමසාරිස් වරයා විසින් ප්‍රකාශයට පත්කර තිබේ.

“CFLI අරමුදල් ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ දේශීය හවුල්කරුවන් විසින් තීරණය කොට නිර්මාණය කරනු ලබන කුඩා පරිමාණ සහ වඩා ඵලදායි ව්‍යාපෘති වෙනුවෙන් පිරිනමනු ලැබේ.” මෙමගින් කැනඩාවට  දේශීය අවශ‍තාවයන් සඳහා ප්‍රජා මට්ටමෙන් ප්‍රතිචාර දැක්වීමට හැකියාව සැලසෙන අතර ඒ හා සමානව වැදගත් කරුණක් වන්නේ  කැනඩාව සමග සිවිල් සමාජය සහ ප්‍රාදේශීය ප්‍රජාවන්ගේ සබඳතාවය ශක්තිමත් කිරීම”බව 2020 සැප්තැම්බර් 28 දින මහ කොමසාරිස් කාර්යාලය විසින් නිතුත් කරන ලද   මාධ්‍ය නිවේදනයේ සඳහන්වේ.

මෙම වසර සඳහා CFLI යෝජනා කැඳවීමේදී  සියල්ල ඇතුළත් වූ පරිපාලනය, පරිසරය සහ දේශගුණික විපර්යාසය,  කාන්තාවන්ගේ ආර්ථික අයිතීවාසිකම්,  යන ප්‍රධාන තේමාවන්  කෙරෙහි අවධානය යොමු කර තිබේ.

“වත්මන් වසංගත තත්ත්වය හමුවේ මාලදිවයිනේ, මාලේ නගරය තුළ කොවිඩ් 19 නිසා  පීඩාවට පත්ව සිටින, නිවාස නොමැති සහ විවිධ උපද්‍රව වලට  ගොදුරුවීමේ අවදානමක් සහිතව ජීවත්වන ප්‍රජාව  වෙත මූලික සේවාවන් සැපයීමේ මාලදිවයින් රජයේ ප්‍රයත්නය වෙනුවෙන්  කැනේඩියානු ඩොලර් 100,000 ක දායකත්වයක් ඇතුළුව කෝවිඩ් 19 ආශ්‍රිත යෝජනා වලට ප්‍රතිචාර දැක්වීමට CFLI වැඩසටහනට හැකි වූ” බව මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

“ශ්‍රී ලංකාව තුළ තෝරාගත් චන්ද මධ‍ස්ථාන වලදී චන්ද දායකයන් සහ නිරීක්ෂකයන් හට ආරක්ෂක ඇඳුම් කට්ටල (PPE) බෙදා හැරීමද,  ප්‍රචණ්ඩත්වයෙන් තොර විශ්වාසනීය පාර්ලිමේන්තු මැතිවරණයක් තහවුරු කිරීමේ CMEV සහ පැෆරල් සංවිධානවල ප්‍රයත්නයට දැනටමත් CFLI  සහාය ලබා දී තිබේ.”

“වසංගත තත්ත්වයන්ට ප්‍රතිචාර දැක්වීමේ සිට මැතිවරණ නිරීක්ෂණය, කාන්තාවන්   ආර්ථික වශයෙන් සවිබලගැන්වීම සහ දේශගුණික ක්‍රියාකාරකම් දක්වා වූ ගැටලු රාශියකට පිළිතුරු සෙවීම වෙනුවෙන් ශ්‍රී ලංකාව සහ මාලදිවයින සමග එක්ව කටයුතු කිරීමට හැකිවීම පිළිබඳව  සතුටු වන බව”   මහ කොමසාරිස් කාර්යාල නිවේදනයේ සදහන් වේ.

CFLI හි සෙසු ප්‍රතිලාභීන් වන්නේ, මාලදිවයිනේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පවුල් සහ සමාජ සේවා කටයුතු අමාත‍්‍යාංශය, කසල ශූන්‍ය කිරීම (Zero Waste) හා ශ්‍රී ලංකාවේ නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව‍්‍යාපාරය (PAFFREL), සීමාසහිත පරිසර පදනම (EFL), මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ‍ස්ථානය (CMEV), ප්ලැන්ටෙරා (Planeterra)ආයතනය, ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය (SLPI), උතුරු ප්‍රදේශ සමූපකාර සංවර්ධන බැංකුව (NCDB)යන ආයතනයන්ය.

Hot this week

Why so many of Dhaka’s children remain on the streets

Hunger and violence push children from home. Drugs, criminal...

The Diplomat, the Chameleon, the Bloodhound: Understanding Newsroom Personalities

Investigative journalists are a bit peculiar. Many of us...

Dilrukshi Handunnetti Delivers Presidential Address at MICC 2026

CIR Co-founder Dilrukshi Handunnetti delivered the Presidential Address at...

Shifting sands, sinking communities 

Beneath the Sands, published in 2023, is a collaborative...

Seven years later, Easter Sunday attack verdict brings long-awaited convictions

Speed Read Ending a five-year trial, a Colombo High Court...

Topics

Why so many of Dhaka’s children remain on the streets

Hunger and violence push children from home. Drugs, criminal...

The Diplomat, the Chameleon, the Bloodhound: Understanding Newsroom Personalities

Investigative journalists are a bit peculiar. Many of us...

Dilrukshi Handunnetti Delivers Presidential Address at MICC 2026

CIR Co-founder Dilrukshi Handunnetti delivered the Presidential Address at...

Shifting sands, sinking communities 

Beneath the Sands, published in 2023, is a collaborative...

Seven years later, Easter Sunday attack verdict brings long-awaited convictions

Speed Read Ending a five-year trial, a Colombo High Court...

Sri Lanka’s campaign finance law shows higher compliance but transparency lags

Speed read Sri Lanka’s campaign finance law has produced high...

Call for Applications: 2027 Ochberg Fellowships

Ends on Wed, Oct 21, 2026 2:30 AM The GCJT...

AI women, political deepfakes and Facebook’s failure

Colombo— What began as a disturbing experiment in manufacturing...

Related Articles

Popular Categories