රැකියා විරහිත තරුණයන්ට රජයෙන් රුපියල් 50,000 ක් ලබාදෙන බවට වන පුවත අසත්‍යකි.

ශ්‍රී ලංකා තරුණ සවිබල ගැන්වීමේ අරමුදලේ වැඩසටහන 2024 යන තේමාවෙන් යුක්තව රැකියා විරහිත පුරවැසියන්ට ගෙවීමට සහ ශ්‍රී ලංකාවේ අර්බුධයෙන් පීඩාවට පත් පුරවැසියන්ට වන්දි ගෙවීම සදහා ශ්‍රී ලංකා රජය රුපියල් 50,000 ප්‍රදාන මුදලක් අනුමත කර ඇති බව සදහන් කරමින් ඒ සදහා අයදුම් කරන ලෙසට දන්වා පණිවිඩයක් සමාජ මාධ්‍යය හරහා සීඝ්‍රයෙන් පැතිරෙමින් පවතී.

https://tinyurl.com/SRI-LANKA-YT-EMPOWERMWNT-2024

මේ පණිවිඩය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්වරයාගෙන් විමසීමේදී එම පණිවිඩය සදහා රජයේ කිසිදු සම්බන්ධයක් නොමැතිබව සදහන් කරන ලදී.

කෙසේ වෙතත් තව දුරටත් කළ පරීක්ෂාවන් හී ප්‍රතිපලයක් ලෙස එකී ආධාර ලබාදීමේ වැඩසටහනට අදාල අන්තර්ජාල පලකිරීම වෙනසකට ලක්කර එය පසුගිය මැතිවරණයේ දී ජාතික ජනබලවේගයට ඡන්දය දුන් පිරිසට අන්තර්ජාල පහසුකම් සදහා ඩේටා නොමිලයේ ලබා දීමක් ලෙසට වෙනස් කර ඇත.

https://vfdsdthhjkloiuytrerwadzxvc.blogspot.com/?m=1#1729170255494

එම අන්තර්ජාල දිගුව සම්බන්ධව කළ පරීක්ෂාාව තුළින් හෙලිවූයේ මේ වන විටදී එකී ව්‍යාජ බ්ලොග් අඩවිය ඉවත් කිරීමට කටයුතු කර ඇති බවයි.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර ඒකකය (Sri Lanka Computer Emergency Readiness Team (SLCERT)) වෙතින් විමසීමක් කළ අතර එහිදී දැනගැනීමට ලැබුනේ මෙය ව්‍යාජ තොරතුරක් බවත් මේ ආකාරයේ ව්‍යාජ තොරතුරු විවිධ ආකාරයන්ට සමාජ මාධ්‍යය හරහා පතුරුවමින් නොයෙකුත් වංචා කිරීමට විවිධ කණ්ඩායම් ක්‍රියාකරන බවත් එවැනි වංචනිකයන්ට අසුනොවන ලෙසත් ය.

මෙවැනි ව්‍යාජ පලකිරීම මගින් ඇතිවන තත්වය කුමක්ද යන්න පිළිබදව විමසීමක් කිරීමේදී හෙළිවූයේ මෙවැනි දේ කරුණු කිහිපයක් මත සමාජ මාධ්‍යයන් තුළ පැතිරීමට ඉඩ තිබෙන බවකි.

1        සහන හෝ දීමනාවක් ලබාදෙන බවට ජනතාව අතර මතයක් ඇතිකර රජය අපහසුතාවයට පත්කිරීම සදහා.

2        පුද්ගල තොරතුරු ලබාගෙන එම තොරතුරු භාවිතා කරමින් ඒ හරහා වෙනත් වංචනික කටයුතු සිදු කිරීමට.

3        කිසිදු අරමුණකින් තොරවම සමාජය තුළ යම් කැළඹිලිකාරී ස්වරූපයක් ඇතිකර තෘප්තියට පත්වීමට.

මේ නිසාවෙන් කිසිදු අවස්ථාවක තමන්ගේ දුරකථනයට හෝ පරිගණකයට හෝ ලැබෙන මෙවැනි අසාමාන්‍ය ආකාරයේ වාසි හෝ දීමනා සම්බන්ධ යොමුවන් වෙත යාමට හෝ එවාට ජනතාවගේ පුද්ගලික තොරතුරු ලබාදීමෙන් වලකින ලෙසත් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර ඒකකය මහජනතාවට දැනුවත් කරසිටී.

මේ අනුව, “ශ්‍රී ලංකා තරුණ සවිබල ගැන්වීමේ අරමුදලේ වැඩසටහන 2024 යන තේමාවෙන් යුක්තව රැකියාවිරහිත තරුණයන්ට රුපියල් 50,000 ක් ලබාදීමට රජය කටයුතු කරන බවට පැතිර යන පුවත මෙන්ම පසුගිය මැතිවරණයේ දී ජාතික ජනබලවේගයට ඡන්දය දුන් පිරිසට අන්තර්ජාල පහසුකම් සදහා ඩේටා නොමිලයේ ලබා දීම පිළිබඳ පුවතත් අසත්‍ය බව නිගමනය කෙරේ.

Hot this week

Sri Lankan worker Anojan’s death sentence overturned, but release from Saudi detention remains uncertain

Speed Read Saudi Arabia’s Supreme Court set aside the death...

In some part of Sri Lanka, Malaiyaha Tamil children fight for equal access to education

Speed Read A grade 4 student’s mastery of the periodic...

Why Buddhist monks may have to wear lay clothes in court?

COLOMBO— Controversial Sri Lankan Buddhist monk and Bodu Bala...

DBS Jeyaraj, the journalist who explained one Sri Lanka to another

Speed Read Jeyaraj reported on Sri Lankan politics and the...

Why so many of Dhaka’s children remain on the streets

Hunger and violence push children from home. Drugs, criminal...

Topics

In some part of Sri Lanka, Malaiyaha Tamil children fight for equal access to education

Speed Read A grade 4 student’s mastery of the periodic...

Why Buddhist monks may have to wear lay clothes in court?

COLOMBO— Controversial Sri Lankan Buddhist monk and Bodu Bala...

DBS Jeyaraj, the journalist who explained one Sri Lanka to another

Speed Read Jeyaraj reported on Sri Lankan politics and the...

Why so many of Dhaka’s children remain on the streets

Hunger and violence push children from home. Drugs, criminal...

The Diplomat, the Chameleon, the Bloodhound: Understanding Newsroom Personalities

Investigative journalists are a bit peculiar. Many of us...

Dilrukshi Handunnetti Delivers Presidential Address at MICC 2026

CIR Co-founder Dilrukshi Handunnetti delivered the Presidential Address at...

Shifting sands, sinking communities 

Beneath the Sands, published in 2023, is a collaborative...

Related Articles

Popular Categories