හිටපු ජනපති රනිල් ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති ධූරයට පත්වූවායැයි කියන සමාජ ජාලා ප්‍රචාරය සත්‍ය නොවේ.

කරුණු-පිරික්සුම් වාර්තාව: 2024 ඔක්තෝම්බර් 4 – වේලාව පස්වරු 5:00

ජනාධිපතිවරණයෙන් පරාජය වීමෙන් අනතුරුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති ලෙස පත්ව ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරුනු පුවතේ සත්‍යතාවක් නොමැති බවට තහවුරු වී ඇත.

මූලිකවම මෙවැනි මතවාදයක් සමාජගත කෙරුණේ කුමන පාර්ශව හරහාද යන්න සම්බන්ධයෙන් කළ සොයා බැලීමේදී ජනාධිපතිවරණය අවසන් වීමත් සමගම හිටපු ජනාධිපතිවරයාගේ සමීපතමයින් සහ ඔහුගේ මැතිවරණ ව්‍යාපාරයට ආධාර අනුබල ලබාදුන් පාර්ශවයන්ගේ සමාජ මාධ්‍ය ගිණුම් හරහා මෙන්ම පුවත් වෙබ් අඩවි තුළින්ද මෙම මතය පැතිරුණු බව පෙනී යන ලදී.

ඩුබායි ලංකා නිව්ස් (dubailankanews.com) වෙබ් අඩවියේ මේ සම්බන්ධයෙන් පලකර තිබුණේ මෙවන් සටහනකි.

“ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති ධූරයට රනිල් වික්‍රමසිංහ මහතා නිර්දේශ වෙයි”

“ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති ධුරයට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නම යෝජනා වී තිබේ. එම ධුරය එළැඹෙන වසරේ මාර්තු මස සිට භාරගන්නා ලෙස ඒ මහතාට ඉල්ලීමක් දැනටමත් ඉදිරිපත් වී ඇත. නමුත් වික්‍රමසිංහ මහතා මේ දක්වා එයට කැමැත්ත පළ කර නැත. හිටපු ජනාධිපතිවරයාගේ නම එම ධුරය සඳහා යෝජනා කර තිබුණේ ඔහු ජනාධිපති ධුරයේ කටයුතු කරන කාලයේදී ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග වැඩ කටයුතු කළ ආකාරය නිරීක්ෂණය කිරීමෙන් බව ආසියානු සංවර්ධන බැංකුව සඳහන් කර ඇත. හිටපු ජනාධිපතිවරයාගේ ක්‍රියා කලාපය ලෝකයටම ආදර්ශයක් බවත් එම බැංකුව සඳහන් කර තිබේ.”

(https://dubailankanews.com/archives/24435)

එම පුවතම, කලම්බු ටුඩේ වෙබ් අඩවියේ (colombotoday.com) “රනිල් ආසියානු සංවර්ධන බැංකුවට” යන ශීර්ෂපාඨයෙන් රනිල් වික්‍රමසිංහ සහ ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති Masatsugu Asakawa සමග සිටින ඡායාරූපයක් සහිතව පලකර තිබුනි. (එම ඡායාරූපය ((2022) වසරේ රනිල් වික්‍රමසිංහ ආසියානු සංවර්ධන බැංකු මූලස්ථානයේ කල සංචාරයකදී ඔහුට සමරු තිලිණයක් පිරිනමන අවස්ථාවේ ගත් ඡායාරූපයක් බව කරුණු පරීක්ෂාවේදී තහවුරු විය. ඒ සම්බන්ධයෙන් වූ පුවත් වාර්තාවක් ඩේලි නිව්ස් වෙබ් අඩවියේ පලකර තිබුණි.

https://archives1.dailynews.lk/2022/10/01/local/288298/president-proposes-adb-establish-international-university-climate-change-sri?page=2

ඉහත ඡායාරූපයම යොදාගෙන ද ස්‍රී ග්‍රැග් (TheSriGAGs) නම් ඉන්ස්ටර්ග්‍රැම් පුවත් සේවයේ සහ ෆේස් බුක් පිටුවලද මෙම පුවතම පලකර තිබුණි.

(https://facebook.com/share/p/7gKUjnh7zEpXaPBP/)

මේ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශණය කිරීමේදී රනිල් වික්‍රමසිංහ සම්බන්ධයෙන් මෙයට පෙරත් මෙවැනි ආකාරයේ පුද්ගල ප්‍රතිරූපය ඉහළ නැංවීම අරමුණු කරගත් පුවතක් “රනිල්ට ජාත්‍යන්තර තනතුරක්” යන මාතෘකාවෙන් හිටපු රුසියානු තානාපති හා රාජපක්ෂ පවුලේ ඥාතියෙකු වන උදයංග වීරතුංග කල හෙලිදරව්වක් ලෙසට ධනුෂ්ක සිරිවර්ධන යූ ටියුබ් නාලිකාවේ (youtube.com/@Dhanushka_siriwardana) සදහන් කර තිබුණේ රනිල් වික්‍රමසිංහ මහතාට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තනතුරක් ලැබෙන බවකි.

(https://youtu.be/8NX73LhRwEY?feature=shared)

මෙම පුවත ගැන විමර්ශනය කිරීමේදී මූලිකවම ආසියානු සංවර්ධන බැංකුව හා එහි ප්‍රධාන තනතුරට පත්වීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් කරුණු සොයා බලන ලදී.

එහිදී හෙළිවූයේ, ආසියානු සංවර්ධන බැංකුව වර්ෂ 1966 දෙසැම්බර් 19 දින රටවල් 31 ක එකතුවෙන් පිලිපීනයේ මැනිලා නුවර කේන්ද්‍ර කරගෙන පිහිටුවන ලද අතර ශ්‍රී ලංකාවද එහි ආරම්භක සාමාජිකයෙක් බවයි. වර්තමානය වන විට සාමාජික රටවල් 68 ක් සහිත ආසියානු සංවර්ධන බැංකුවේ ව්‍යූහයද ලෝක බැංකුවට සමාන ලෙසට හැඩගැසී ඇති අතර සාමාජිකයින්ගේ ප්‍රාග්ධන දායකත්වයට සමානුපාතිකව ඡන්ද බලය ලබාදීම කරනු ලබයි. (https://www.adb.org/sites/default/files/institutional-document/959761/adb-annual-report-2023.pdf) ඒ අනුව 2023 ආසියානු සංවර්ධන බැංකුවේ වාර්ෂික වාර්තාවේ පරිදි ශ්‍රී ලංකාවට ඇත්තේ 0.757 ඡන්ද බලයකි. 

සභාපතිවරයාට වසර පහක ධුර කාලයක් පවතින අතර, ඔහුට නැවත තේරී පත් විය හැකිය. සාම්ප්‍රදායිකව සහ ජපානය 12.751% ලෙසට බැංකුවේ විශාලතම කොටස් හිමියෙකු වන නිසා සභාපතිවරයා සැමවිටම ජපන් ජාතිකයෙකු වීම ආරම්භයේ සිට මේ දක්වාම පැවත එන්නකි.

ආරම්භයේ සිට මේ දක්වා පත්වූ සභාපතිවරුන් වන්නේ,

නම  ධූර කාලය                                                                 
Takeshi Watanabe(24 November 1966 – 24 November 1972)      
Shiro Inoue                 (25 November 1972 – 23 November 1976)               
Taroichi Yoshida(24 November 1976 – 23 November 1981)        
Masao Fujioka(24 November 1981 – 23 November 1989)           
Kimimasa Tarumizu(24 November 1989 – 23 November 1993)     
Mitsuo Sato(24 November 1993 – 15 January 1999)   
Tadao Chino(16 January 1999 – 31 January 2005)                    
Haruhiko Kuroda(1 February 2005 – 18 March 2013)                 
Takehiko Nakao         (28 April 2013 – 16 January 2020)       
Masatsugu Asakawa17 January 2020 –present)    

(sources : www.adb.org)

විශේෂයෙන්ම ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති තෝරා ගැනීම සදහා ඡන්දය භාවිතා කිරීමට අවකාශ ඇති රටවල් ගැන සැලකීමේදී එහි ප්‍රාග්ධන යොදා ඇති ආකාරය අනුව රටවල් 20 ක් සදහා ඡන්ද බලය හිමි ව ඇත.

RankCountrySubscribed capital (% of total)         Voting power (% of total)
1Japan15.57112.751
1United States15.57112.751
3China6.429                      5.437
4India6.3175.347
5Australia5.7734.913
6Indonesia5.4344.641
7Canada5.2194.469
8South Korea5.0264.315
9Germany4.3163.747
10Malaysia2.7172.468
11Philippines2.3772.196
12France2.3222.152
13Pakistan2.1742.033
14United Kingdom2.0381.924
15Italy1.8031.737
16New Zealand1.5321.520
17Thailand1.3581.381
18Taiwan1.0871.164
19Netherlands1.0231.113
20Bangladesh1.0191.109
All Remaining Members 10.89422.832

එයට අමතරව ආසියානු සංවර්ධන බැංකුව පිහිටුවීමේ ගිවිසුම, ADB ප්‍රඥප්තිය ලෙස හැඳින්වෙන අතර, ආයතනයේ සියලුම බලතල පාලක මණ්ඩලයක් වෙත පැවරෙයි. එකී බලතලවලින් කොටසක් අධ්‍යක්ෂ මණ්ඩලය වෙත පවරනු ලැබේ. මෙහි, අධ්‍යක්ෂ මණ්ඩලයේ සභාපතිවරයා වන සහ ADB කළමනාකරණය කරන බැංකුවේ සභාපතිවරයා ද පාලක මණ්ඩලය විසින් තෝරා ගනු ලැබේ. එහි පත්වීම් සිදුවන ආකාරය සම්බන්ධයෙන් කළ විමසුමේදී හෙලිවූයේ, ADB අධ්‍යක්ෂ මණ්ඩලයේ අධ්‍යක්ෂවරුන් 12 දෙනා තෝරා පත් කර ගනු ලබන්නේ පාලක මණ්ඩලය විසින් වන අතර එම 12 දෙනාගෙන් අට දෙනෙක් ආසියා සහ පැසිෆික් කලාපයෙන් ද ඉතිරි හතර දෙනා කලාපයෙන් පිටතින් ද තේරී පත් වේ. අධ්‍යක්ෂ මණ්ඩලය පිලිපීනයේ මැනිලා හි ADB මූලස්ථානයේ පූර්ණ කාලීනව සිය රාජකාරි ඉටු කරන අතර, ADB හි සභාපතිවරයා අධ්‍යක්ෂ මණ්ඩලයේ මුලසුන හොබවයි.

මෙයට අමතරව සාමාජික රටවල් නියෝජනය කිරීම සදහා අධිපති සහ විකල්ප අධිපති ලෙස දෙදෙනකු සෑම රටකින්ම පත් කර ඇති අතර ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය අවසන්වීමෙන් පසුව මේ වනවිටදී එහි මෙරට නියෝජනය ලෙස අධිපති වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක සහ විකල්ප අධිපති ලෙස මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන ද නම් කර ඇත. (https://www.adb.org/who-we-are/organization/board-governors)

එමෙන්ම අධ්‍යක්ෂවරු 12 දෙනා අතරටත් ශ්‍රී ලංකාවේ කිසිවෙකුත් පත්වි නොමැති අතර අප රට නියෝජනය කරමින් අධ්‍යක්ෂ මණ්ඩලයේ සිටිනුයේ Sangmin Ryu බවත් ADB නිළ වෙබ් අඩවියේ සදහන් වෙයි. (https://www.adb.org/who-we-are/organization/board-directors)

මෙවන් තත්වයක් මත ශ්‍රී ලංකාවේ නියෝජනයකට ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති තනතුරක් තබා අවම වශයෙන් අධ්‍යක්ෂ මණ්ඩලයේ තනතුරක් හෝ ලබා ගැනීමට ඇති ඉඩකඩ ඉතාම සීමීත මෙන්ම ඉතා අපහසු බවත් පෙනී යයි.

මේ සම්බන්ධයෙන් අප විසින් හිටපු ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධනුෂ්ක රාමනායක ගෙන් කල විමසීමකදී සදහන් කළේ තමන් දැනුවත්ව එවන් තනතුරකට රනිල් වික්‍රමසිංහ මහතා පත්ව නැති බවයි.

එසේ නම් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ කාර්යමණ්ඩල ප්‍රධානී මෙන්ම ජනාධිපති ජේයෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා පවා තම සමාජ මාධ්‍යය ගිණුම හරහා මෙවැනි මතයක් ඉදිරිපත් කළේ ඇයි ?

මෙය හුදෙක්ම පැවති මැතිවරණයේදී හිටපු ජනපති ලද පරාජයේ උණුසුම අඩුකරමින් ජනතාවගේ දේශපාලන අවධානය සහ මතය වෙනත් මගකට යොමුකර ඒ හරහා යම් ජනප්‍රිය බවක් ලබා ගැනීම උදෙසා සිදුකරන ලද්දක් බව පෙනී යයි.

මේ අනුව නිගමනය කළ හැක්කේ ඉහත පුවත සම්පූර්ණයෙන්ම සාවද්‍ය ප්‍රකාශයක් බවත් හිටපු ජනාධිපතිවරයාට ආසියානු සංවර්ධන බැංකුවේ එවන් කිසිදු තනතුරක් ලැබී නොමැති බවත්ය.

Hot this week

After Sri Lanka’s gambling ban, state agencies sent conflicting signals, research finds

Speed Read TRCSL blocked 24 unlicensed gambling websites on 4...

Meet Our Trainers

We are happy to introduce our expert panel of...

Sri Lanka launches first major crackdown on offshore betting, expert call for broader enforcement

Speed Read Sri Lanka blocked access to 24 unlicensed offshore...

How Does Rising Heat in Asia Impact Your Organs?

.heat-story{ max-width:...

Displaced by disaster, Nepal’s Chepang community faces violence and human trafficking

Marginalized communities who were repeatedly displaced by floods and...

Topics

After Sri Lanka’s gambling ban, state agencies sent conflicting signals, research finds

Speed Read TRCSL blocked 24 unlicensed gambling websites on 4...

Meet Our Trainers

We are happy to introduce our expert panel of...

Sri Lanka launches first major crackdown on offshore betting, expert call for broader enforcement

Speed Read Sri Lanka blocked access to 24 unlicensed offshore...

Displaced by disaster, Nepal’s Chepang community faces violence and human trafficking

Marginalized communities who were repeatedly displaced by floods and...

Center for Investigative Reporting joins Global SafeBox Network

The Center for Investigative Reporting (CIR) Sri Lanka has...

The Easter Bombings: Anatomy of a State Failure

At 8:27 on the morning of April 21, 2019,...

Investigation exposes offshore betting networks thriving on Facebook despite Sri Lanka’s new gambling law

Speed Read: 10,813 Facebook records analyzed. Identified four betting-branded Facebook...

Related Articles

Popular Categories