Wednesday, May 13, 2026
27 C
Colombo

මානසික පීඩා සහ කම්පනවලට ඔරොත්තු දෙමින් මාධ්‍යකරණයේ යෙදීමට මඟ පෙන්වීමක්

COVID-19 වසංගතය සහ එයින් තම ජීවිතවලට එල්ල වන කඩාකප්පල්කාරී බලපෑම් සමඟ සටන් කිරීමට සෑම මාධ්‍යවේදියකුටම පාහේ සිදුව ඇත. රටවල් හෝ ප්‍රදේශ අගුලු දැමීම්, කොවිඩ් වෛරසය බෝවීමේ අවදානම, වැඩ වැඩි වීම සහ පරිගණක තිර ඉදිරියේ බොහෝ වේලාවක් රැඳීම නිසා ඇතිවන වෙහෙස  වැනි අභියෝගවලට මුහුණ දෙන අතරේ මේ  බොහෝ දෙනෙකු වෛරසයේ බලපෑම පිළිබඳව කෙලින්ම වාර්තා කර ඇත.

බොහෝ වාර්තාකරුවන්ට  තවමත් චිත්තවේගීය වශයෙන් දුෂ්කර විෂයයන්, ප්‍රචණ්ඩත්වය, තර්ජන සහ ග්‍රැෆික් නිරූපණ වැනි සිත් පීඩා කරවන  සහ කම්පන ඇති කරවන සුපුරුදු කොවිඩ් ආශ්‍රිත තත්ත්ව සමඟ සමඟ සටන් කළ යුතුව ඇත.

ඔරොත්තු දීමේ හැකියාව යනු විපත්ති, කම්පන, ඛේදවාචක වැනි සැලකිය යුතු මානසික ආතතීන් නිර්මාණය වන පසුබිම් තුළ ඒවාට මුහුණ දීමට, ආපසු සුපුරුදු ජීවිතයට එලඹීමට මෙන්ම  එලඹෙන තත්ත්වයන්ට අනුව  අනුවර්තනය වීමට ඇති මානව හැකියාවයි. කොලොම්බියාවේ ජනමාධ්‍ය හා කම්පන සඳහා වූ Dart මධ්‍යස්ථානයේ ප්‍රවීණයන් පවසන්නේ   මාධ්‍යවේදීන් එයට විශේෂයෙන් දක්ෂ විය හැකි බවය. මෙම මධ්‍යස්ථානය යනු මාධ්‍යවේදීන්, වෛද්‍යවරුන් සහ පර්යේෂකයන් එකට සම්බන්ධ කිරීමේ විශ්වවිද්‍යාල ව්‍යාපෘතියකි.

මාධ්‍යකරණ ක්‍රියාවලියේදී  කම්පනයන්ට නිරාවරණය වීමට ඇති හැකියාව  සාමාන්‍ය ජනතාවට  වඩා වැඩි ය, නමුත් ඔවුන්ට පශ්චාත් විපත් ආතති සහලක්ෂණ තත්ත්වයට ගොදුරු වීමේ (Post Traumatic Stress Disorder) අනුපාතය සාපේක්ෂව අඩු ය. එසේ වුවද එවැනි තත්ත්වයකදී සිදු වන මානසික තුවාල මාධ්‍යවේදීන්ට පැහැදිලිවම හානිකර විය හැකිය.

 ගෝලීය විමර්ශණාත්මක මාධ්‍යකරණය පිළිබඳ 12 වැනි ගෝලීය සමුළුවේ (#GIJC21) එක් සැසියකදී  ඩාට් සෙන්ටර් හි විධායක අධ්‍යක්ෂ බෘස් ශපිරෝ , එම ආයතනයේ පර්යේෂණ අධ්‍යක්ෂ එලානා නිව්මන් සමග ටුස්ලා  විශ්ව විද්‍යාලයේ මනෝ විද්‍යාව පිළිබඳ මහාචාර්ය මැක්ෆාලින් එක්ව මාධ්‍ය වාර්තාකරුවන් අතර දැඩි ආතතිය මත දැවුණු සිත් ඇති සහ  කම්පන පැවතීම හඳුනා ගන්නේ කෙසේද සහ ඒවා හමුවේ ඔවුන්ට ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කරන්නේ තෙසේද යන්න පිළිබඳව ප්‍රායෝගික උපදෙස් ඉදිරිපත් කළහ.

නමුත් නිව්මාන් එහිදි අනතුරු ඇඟවූයේ මෙම උපාය මාර්ග මානසික සෞඛ්‍යය සඳහා ආදේශකයක් නොවන බවය.  “මෙය සැබවින්ම මනෝ-අධ්‍යාපනික දැනුවත් කිරීමක් . එහිදී ඔබ අත්විඳිය හැකි ආතතිය යම් තරමකින් වටහා ගැනීමට සමහරක් තේරුම් ගැනීමට අප මාධ්‍යවේදීන්ට උදව් කරනවා. ඒ සමඟ ආතති මට්ටම් හඳුනාගෙන ඒවාට ප්‍රතිචාර දැක්වීමට ප්‍රමාණවත් ප්‍රතිචාර කිහිපයක් එයින් ලබා දෙනවා. එසේ නැතිව එය ප්‍රතිකාරයක් ලෙස සැලකිය නොහැකියි .”

දැඩි ආතතිය මත ඇතිවන මානසික දැවීම  සහ කම්පනය හඳුනා ගැනීම

ආතතිය සාමාන්‍ය මානසික ප්‍රතික්‍රියාවකි.  එය තුරන් කළ නොහැකි අතර සුළු මට්ටම්වලින් ආතතියක් ඇතිවීමේ සුබවාදී සහ ප්‍රයෝජනවත් බවක්ද ඇත.  එහෙත් දිගු කාලීන ආතතිය හේතුවෙන් අප සිත් තුළ ඇතිවන දැවෙන සහගත විඩාව නිදන්ගත වූ තත්ත්වයකි. එයට හේතු වන්නේ  නිදන්ගත වැඩ ආතතියට ප්‍රතිචාරයක් හෝ කළමනාකරණය නොකළ වැඩ ආතතියේ ප්‍රතිඵලයකි. ආතතිය නොනැසී පවතින විට එම දැවෙන තත්ත්වය  යළි මතු විය හැකිය.  ආතතියට ප්‍රතිචාර වශයෙන් නිර්මාණය වන මෙම තත්ත්වය අපට වැලකීමට හෝ ඊට අනුගත වීමට ක්‍රියා කළ නොහැකිය.

කම්පන තත්ත්වය යනු යනු ජීවිත තර්ජනයක්, බරපතල තුවාලයක් හෝ ලිංගික හිංසනයක් අත්විඳීම හෝ දැකීම වැනි තත්ත්ව හේතුවෙන් ඇතිවන දැඩි මානසික ව්‍යසනයකි.  එහි  සමහර ලක්ෂණ පශ්චාත් ව්‍යසන මානසික විඩාව සහලක්ෂණයට බොහෝ දුරට සමාන වේ.

“කම්පන තත්ත්වයට ඇත්තේ   තරමක් වෙනස් ජීව විද්‍යාත්මක පැතිකඩක්. නමුත්  කම්පනය සහ ආතතිය දෙකේම පොදු කරුණ නම්  ජෛව, මනෝ සහ සමාජයීය අත්දැකීම් වන අතර ඒවා අපට  ජීව විද්‍යාත්මකව , මනෝ විද්‍යාත්මකව  සහ අපේ සමාජ අන්තර්ක්‍රියා කෙරෙහි බලපෑමක් ඇති කරයි”  නිව්මන් කම්පන ත්තත්ව සහ ආතතිය පහදා දෙන්නේ එසේය.

පහත දැක්වෙන්නේ දැඩි මානසික දැවීමකට සහ කම්පනයකදී ඇතිවන  ආතති ප්‍රතික්‍රියා වල සංඥා ජීව විද්‍යාත්මක, මනෝවිද්‍යාත්මක සහ සමාජීය ප්‍රකාශනවලට බෙදා ඇති ආකාරයයි.

ජෛව සංඥා  

තෙහෙට්ටුව, නින්දේ ගැටලු,  දුක, බලාපොරොත්තු සුන්වීම, වේදනාව හුදකලා වීම, අවධානය එක් අරමුණකට යොමු කරගෙන සිටීමට නොහැකි වීම හුස්ම ගැනීසෙම් අපහසුතා, හිසරදය, ඇඟපත වේදනවා, උදරාබාධ, සෙසු අයගෙන් වෙන් වූ  බවත් දැනීම,

මනෝ  සංඥා

කණස්සල්ල, බලාපොරොත්තු සුන් වූ ස්වභාවය සහ දැඩි වේදනාව.

 කාංසාව , අනාගතය පිළිබඳව අපේක්ෂා භංගත්වය, ලෝකය පිළිබඳව තේරුම් ගැනීම වෙනස් වීම කරදරකාරී සිතිවිලි සහ චිත්ත රූප මැවීම, යමක් පිළිබඳව පුරෝකථනය කිරීම සඳහා පවතින බිය. ස්වයං ප්‍රහාරාත්මක ස්වභාවය. 

සමාජ සංඥා

හුදකලා ස්වභාවය

නොරුස්නා  බව සහ කෝපය

සමාජයෙන් බැහැර වීමට යොමු වීම

යමක් තේරුම් නොගොස් ඇති බවක් දැනීම

තනිකම

අය සමඟ සම්බන්ධ වීම ගැන කනස්සල්ලට පත්ව සිටීම

මානසික ව දැවුණු සහගත බව කම්පනය සමඟ කටයුතු කිරීම

දිගු කාලීන ආතිතය හේතුවෙන් ඇතිවන දැවුණු සහගත බව  සහ කම්පනය සමඟ සාර්ථකව කටයුතු කිරීමට මෙවලම් සහ උපක්‍රම ජෛව, මනෝ සමාජයීය  මානයන් තුනට අනුව බෙදිය හැකිය. ඒ අනුව එක් එක් පුද්ගලයාට වඩා හොඳින් ක්‍රියා කරන මෙවලම් මොනවාද යන්න තීරණය කළ හැකිය.

මෙහිදී අනුගමනය කළ යුතු පළමු තාක්ෂණික පියවර වන්නේ ස්වයං දැනුවත්භාවය වැඩි කිරීම සහ එක් එක් වරම සම්පූර්ණයෙන් ඉහත කී සියලු මානයන් පිළිබඳව සම්පූර්ණයෙන් සොයා බැලීමයි. 

 ඔබේ ශරීරයේ ,ඔබ ඔබේ මනසෙහි දකින්නේ කුමක්ද සහ ඔබ තුළ අන්තර් පුද්ගල මට්ටමින්  නිරීක්ෂණය කරන්නේ කුමක්ද? යන්න පිළිබඳව අදාල පුද්ගලයා තුළින්ම අදහසක් ලබා ගැනීම එම තාක්ෂණික පියවරයි. එයින් මෙකී මානසික දැවීම් සහ මානසික ආතතියේ සලකුණු තිබිය හැක්කේ කුමන ඉහත කී ජෛව,  මනෝ හෝ සමාජ මාන අතරින් කවර මානයකදැයි අවබෝධ කර ගත හැකිය.

මේ සඳහා නිව්මන් සහ ෂැපිරෝ විසින් විවිධ ශිල්පීය ක්‍රම හඳුනා ගනු ලැබ  ඇත.

භෞතික ශිල්පීය ක්‍රම

  • හුස්මක් ගන්න. අප ආතතියට පත් වූ විට, අපට හුස්ම ගැනීමට අමතක වන අතර, ආතතිය අඩු කිරීමට ප්‍රබල මෙවලමක් වන්නේ ඔබේ බඩේ සිට ගැඹුරු සහ මන්දගාමී හුස්ම කිහිපයක් ගැනීම විය හැකිය.
  • ඔබේ පාද බිම හොඳින් බිම ගැටෙන සේ තබන්න. බිමට සම්බන්ධ බවට හැඟීමක් එයින් උපදවා ගන්න.
  • සෑම පැයකටම වරක් කුඩා විවේකයක් ගන්න.
  • ඔබේ තදවී ඇති  මාංශ පේශි දිගු කර ලිහිල් කරන්න.
  • ඇවිදින්න සහ නිතිපතා ව්‍යායාම කරන්න.
  • හැකි නම් අතර මැද කෙටි නින්දක්  ගන්න.
  • ඔබව දැඩි සේ අවශෝෂණය කර ගන්නා යමක් වේ නම්  ඔබේ අවධානය වෙනතකට යොමු කරන්න.

මනෝවිද්‍යාත්මක  ශිල්පීය ක්‍රම

  • ඔබේ සිතුවිලි සහ ඔබ ඔබටම පවසන දේ ගැන දැනුවත් වන්න, සහ සෘණාත්මක හෝ අශුභවාදී සිතුවිලි හඳුනා ගන්න.
  • හොඳින් සිදුවන සුබවාදී  දේවල් ගැන ඔබේ සිතුවිලි යොමු කරන්න.
  • ඔබට උද්‍යෝගය , උනන්දුව ජනනය කරන පින්තූර ජංගම දුරකථනයේ බාගත කර ගන්න.  ඒවා දෙස නිතර බලන්න.
  • ඔබට සතුට ගෙන දෙන ගීතයක් විනාඩි තුනක් වාදනය කරන්න.
  • හාස්‍යජනක දෙයක් ගැන සිතන්න.
  • දර්ශනයක් හෝ භූ දර්ශනයක් හෝ ඔබේ මනසෙහි ආරක්ෂිත ස්ථානයක් වැනි ලස්සන දෙයක් සිතන්න.
  • යමක් ගණන් කරන්න.(නිදසුනකට ඔබේ කාමරයේ ඇති රතු පැහැති දේවල් ගණන)
  • සඟරාවකට හෝ එවැනි ප්‍රකාශනයකට  ලියන්න.
  • ඔබේ දුර්වලතා ගැන දැනුවත් වන්න.
  • ඔබටම ආවේණික  ශක්තීන් ගැන දැනුවත් වන්න.

සමාජ ශිල්පීය ක්‍රම

ඉක්මන් දුරකථන ඇමතුමක් ගන්න හෝ මිතුරෙකුට කෙටි පණිවිඩයක් ලියන්න.

සගයකු සමඟ කතා කරන්න.

විනෝදජනක දෙයක් සැලසුම් කරන්න.

ඔබේ දරුවන් හෝ සුරතල් සමඟ සෙල්ලම් කරන්න.

ඔබ සගයකුගේ සහාය අත්විඳින විට සිතන්න.

සමාජ සහයෝගය දෙන්න. උපකාර අවශ්‍ය කෙනෙකු වෙත ළඟා වීම සමහර විට ඔබටම උපකාර කිරීමට ඇති හොඳම ක්‍රමය විය හැකිය.

“කණ්ඩායමක සිටින ඔබේ සගයන් සමඟ ඔබේ සම්බන්ධය යම් ආකාරයකට ගොඩ නගා ගන්න. එසේම  ඔබ ව වරින් වර පරීක්ෂා කරන අවිධිමත් සගයන් කණ්ඩායමක් හෝ නිර්මාණය කිරීම සමාජ සහයෝගය ලබා ගැනීම  සඳහා සැබවින්ම තීරණාත්මක වේ,” ෂාපිරෝ පවසයි. “සමහර ප්‍රවෘත්ති කාමර මිතුරු පද්ධති නිර්මාණය කර ඇති අතර, අපට මෙය අවිධිමත් ලෙසද කළ හැකිය.”ඔහු තවදුරටත් සඳහන් කරයි.

එසේම, අපට පාලනය කළ හැකි දේවල් සහ පාලනය කළ නොහැකි දේ පිළිබඳව නිතර මතක තබා ගැනීම ද වැදගත් බව ඔහු පවසයි. ඔබට එය පාලනය කිරීමට හැකි  නම් ඒ අනුව ක්‍රියා  කරන්න; ඔබ එසේ පාලනය කළ නොහැකි අවස්ථාවක් පවතී නම් කළ යුත්තේ   ඔබේ චිත්තවේගීය ප්‍රතිචාරය වැඩි දියුණු කර ගැනීමය. එහිදී අපට කළ හැකි දේ අපෙන්ම ස්වයං ව විමසීම වැදගත් වේ. එසේ වුවද ඔබ නිදන්ගත මට්ටමින් පසුතැවීමකට ලක්ව සිටී නම්  පළමුව කළ යුත්තේ  සෑම දිනකම විශේෂයෙන් ඒ වෙනුවෙන්ම  පැයක් පමණ වෙන් කිරීමය. එයින් යම් පාලනයක් කළ හැකියට. නමුත් ඒ පැයට අතිරේකව මේ මානසික පසුතැවීම් වෙනුවෙන් දිනයේ වෙනත් කාලයක් වෙන් නොකරන්න.

මෙම උපක්‍රම  ඵලදායී බවට පත් කිරීම සඳහා යම් පුහුණුවක් අවශ්‍ය වෙයි.  ඔබ දැඩි කම්පන රෝග ලක්ෂණවලින් පීඩා විඳින්නේ නම්  චිකිත්සකයෙකුගේ සහය ලබා ගැනීම වැදගත්ය.  මාධ්‍යවේදීන්ගේ කම්පන ආධාරක ජාලය සහ පෞද්ගලික හෝ රැකියා සම්බන්ධ ගැටලු සඳහා ප්‍රතිකාර සොයන මාධ්‍යවේදීන් සඳහා මාර්ගෝපදේශයක් ( A guide for journalists seeking therapy for personal or work-related issues) ඇතුළුව විවිධ භාෂාවලින් ලොව පුරා සිටින මාධ්‍යවේදීන් සඳහා Dart මධ්‍යස්ථානය සතුව සම්පත් ඇත.

වෙනත් සම්පත්

Dart Center වෙබ් අඩවිය (https://dartcenter.org)

ඔබ කම්පන සහගත බව ඔප්පු කළ හැකි පැවරුම්වල නිරත වීමට යන්නේ නම්, ඩාර්ට් මධ්‍යස්ථානයේ “විභව කම්පන සහගත පැවරුමකට පෙර/ අතරතුර/පසු පුවත් මාධ්‍ය සඳහා ස්වයං රැකවරණ ඉඟි (“Self-Care Tips for News Media Before/During/After a Potentially Traumatic Assignment” ” ඔබට සූදානම් වීම සඳහා මග පෙන්වනු ඇත.

The Journalist’s Resource හි ජ්‍යෙෂ්ඨ සෞඛ්‍ය කර්තෘ වන එල්නා නිව්මාන් (Elana Newman) සහ නසීම් එස් මිලර්  (Naseem S. Miller), 2021 ජූනි මාසයේ පැවති ගවේෂණාත්මක වාර්තාකරුවන්ගේ සහ සංස්කාරකවරුන් ගේ සමුළුවේ කොටසක් ලෙස කම්පනයට මුහුණ දීම සඳහා සම්පත් ලැයිස්තුවක් එක්රැස් කරන ලදී.

අන්තර්ජාලය හරහා විවිධ හිංසනයන්ට ලක්වන මාධ්‍යවේදීන් සම්බන්ධයෙන් ඇතිවන  GIJN හි “මාධ්‍යවේදීන්ට මාර්ගගත හිරිහැර, සාවද්‍ය තොරතුරු සඳහා සූදානම් වන්නේ කෙසේද” සබැඳි හිරිහැරයේ ආතතිය සමඟ කටයුතු කිරීමට මෙවලම් ඉදිරිපත් කරයි.

බෲස් ෂැපිරෝ ඔන්ලයින් හිරිහැරවලට ගොදුරු වන මාධ්‍යවේදීන් සඳහා ට්‍රොල් බස්ටර්ස් (Troll Busters), නමින් මාර්ගොපදේශයක්  නිර්දේශ කරයි.

මූලාශ්‍රය

This story was originally published by the Global Investigative Journalism Network (GIJN)

Hot this week

Sri Lanka Airbus probe shaken by ex-CEO’s death

Speed Read Ex-CEO of SriLankan Kapila Chandrasena found dead under...

Sri Lanka’s Treasury heist exposes gaps in debt management system and 24/7 security shield

Speed Read: A debt payment to Export Finance Australia was...

Sri Lanka hit by fuel storage capacity, not supply

Speed read Sri Lanka’s fuel system is constrained by limited...

Sri Lanka’s air quality crisis: where data gaps meet drifting pollution

Speed read In Sri Lanka, air quality consistently deteriorates between...

Toxic fallout: Mercury fears, substandard coal and a governance crisis converge at Norochcholai

Speed read Mercury(hg) concerns linked to substandard coal at the...

Topics

Sri Lanka Airbus probe shaken by ex-CEO’s death

Speed Read Ex-CEO of SriLankan Kapila Chandrasena found dead under...

Sri Lanka hit by fuel storage capacity, not supply

Speed read Sri Lanka’s fuel system is constrained by limited...

Sri Lanka’s air quality crisis: where data gaps meet drifting pollution

Speed read In Sri Lanka, air quality consistently deteriorates between...

GIJN Launches Global Academy of Investigative Journalism

The Global Investigative Journalism Network (GIJN) has launched the...

Easter 2019: A tragedy foretold and still unresolved

Seven years ago, on 21 April 2019, sun dawned...

Sri Lanka’s Bumpy Road to a Political Reset

Sri Lanka is navigating a fragile political transition following...

Related Articles

Popular Categories