වනජීවි මිනිස් ගැටුම පාලනය කළ හැක්කක් මිස සම්පූර්ණයෙන්ම අවසන් කළ හැක්කක් නොවේ

ශ්‍රී ලංකාවේ නොනවතින අරගලයක්ව පවතින වනජීවී හා මිනිස් ගැටුම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා විමර්ශනාත්මක වාර්තාකරන මධ්‍යස්ථානය විසින් සංවිධානය කරන ලද වනජීවි මිනිස් ගැටුම: ගැටළු විසඳුම් සහ කළමනාකරණය යන තේමාව යටතේ පැවැත්වූ හරිත සංවාදය පසුගිය දා (16) සාර්ථකව පැවැත් වූ අතර මෙහිදී විශේෂයෙන්ම පරිසර විද්‍යාත්මක පැතිකඩ මෙන්ම කෘෂි ආර්ථික සහ සමාජමය බලපෑම් සහ තිරසර කළමනාකරණ ප්‍රවේශයන් සම්බන්ධව විද්වත් අදහස් රැසක් සාකච්ඡා විය.

මෙම සංවාදය සඳහා සම්පත් දායකයන් වශයෙන් ජේෂ්ඨ සත්ත්ව විද්‍යාඥ, ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ ජේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය කාලිංග පද්මලාල්, ජේෂ්ඨ සත්ව විද්‍යාඥ ආචාර්ය ජිනී දෑල, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (මෙහෙයුම්) රන්ජන් මාරසිංහ සහ ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍ය‍යන ආයතනයේ පර්යේෂක/ ප්‍රධානි (කෘෂි ආර්ථික ප්‍රතිපත්ති) ආචාර්ය මනෝජ් තිබ්බොටුවාව මහතා සහභාගි විය.

මෙම හරිත සංවාදය සඳහා පර්යේෂකයන්, රජයේ නිලධාරීන්, විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්, පරිසරවේදීන් සහ පරිසර ක්‍රියකාරීන් රැසක් සම්බන්ධ වූ අතර Facebook හරහා සජීවීව ප්‍රචාරණය කෙරිණි. විමර්ශනාත්මක වාර්තාකරණ මධ්‍යස්ථාන‌යේ “Stories from the Margins” වැඩසටහන හරහා මෙම සජීවී සංවාදය සංවිධානය කරන ලද අතර, “Earth Journalism Network” හි සහ “Internews” හි සහ‌යෝගයෙන් ඉදිරිපත් කෙරේ.

මෙම හරිත සංවාදයේදී විද්වත් මඬුල්ල විසින් සාකච්ඡාවට බඳුන් කල කාරණා සම්බන්ධව විස්තරාත්මක ලිපියක් පාරිසරික පුවත් වාර්තාකරණය වෙනුවෙන් වෙන් වූ BufferZone.lk වෙබ් අඩවියෙහි පළකොට ඇත.

Hot this week

$2.5m gone and Treasury cyberattack reveals a state machinery in disarray

Speed Read The Committee on Public Finance (COPF) has found...

Overcrowding, drugs and system failures fueled Sri Lanka’s deadliest prison riot

Speed Read: The Negombo Prison riot became one of Sri...

Corruption complaint casts shadow over Sri Lanka’s Guinness record dance event over fees, foreign links

Speed Read A complaint has been filed with Sri Lanka's...

Serving long-term interests through military training and hardware

Speed Read In March, declassified archives showed how Israel secretly...

Topics

$2.5m gone and Treasury cyberattack reveals a state machinery in disarray

Speed Read The Committee on Public Finance (COPF) has found...

Serving long-term interests through military training and hardware

Speed Read In March, declassified archives showed how Israel secretly...

Sri Lanka’s Strategic Push to Export Skilled Labour

Sri Lankan labour migration to Gulf Cooperation Council (GCC)...

Sri Lanka’s emergence as a cybercriminals paradise spells doom for national security

Speed Read Following the recent crackdowns on international gangs engaged...

Related Articles

Popular Categories