Wednesday, May 13, 2026
27 C
Colombo

වැරදි තොරතුරුවල මුල සෙවීමට විශේෂඥ දෙපළකගෙන් උපදෙස්

පළවන වැරදි  තොරතුරු මෙන්ම  ඒවැනි වැරදි  තොරතුරු ප්‍රචාරය කරන ව්‍යාපාර පිළිබඳව ගැඹුරින් කරුණු සොයන විමර්ශණාත්මක මාධ්‍යවේදීන්ට මේ වැරදි ප්‍රචාර  පිටුපස සිටින්නේ කවුරුන්ද යන්න හඳුනා ගැනීම වැදගත් වේ. නමුත් එයම පමණක්  ප්‍රමාණවත් වන්නේ නැති බවට   12 වැනි ගෝලීය විමර්ශණාත්මක ජනමාධ්‍ය සමුළුවේදී (#GIJC21) ක්‍රේග් සිල්වර්මන් අනතුරු ඇඟවීය. ප්‍රෝපබ්ලිකා (ProPublica) නැමැති  ලාබ නොලබන ප්‍රවෘත්ති ආයතනයේ මාධ්‍යවේදියකු වන සිල්වර්මාන් පවසන්නේ ඊට සම්බන්ධ වූවන්ගේ යටි අරමුණු ද අවබෝධ කර ගැනීම ඒ හා සමානව වැදගත් බවය.

සිල්වර්මාන් පවසන්නේ මෙම වැරදි පතුරුවන  ව්‍යාපාරයන්හි වඩාත් පොදු අංගයක් වන්නේ  ව්‍යාජ සන්දර්භයක් ඇතුළත් කිරීමය.  එහිදී සත්‍ය ප්‍රකාශයක් හෝ නිවැරදි උපුටා දැක්වීමක් එහි මුල් අර්ථයෙන් ඉවත් කර නොමඟ යවන සුළු ආකාරයෙන් සකස් කිරීම සිදුවෙයි.  “එබැවින් ඔබ වැරදි තොරතුරු හා වැරදි තොරතුරු මූලාශ්‍ර  නිරීක්ෂණය කිරීම ගැන සිතන විට, ඔබ එම සන්දර්භය මනසේ තබා ගෙන කටයුතු කළ යුතුයි,” ඔහු පැවසීය. “ ඔබ සොයන්නේ 100% අසත්‍ය දේවල් පමණක් නම් හෝ ඔබ සොයන්නේ  ප්‍රවෘත්ති පමණක් නම්, ඔබට එහි ඇති බොහෝ දේ මග හැරෙනු ඇත.” සිල්වර්මාන් සඳහන් කරයි.

විසින් GIJC21 වැඩමුළුවකදී සිල්වර්මන් සම්බන්ධ වූ පුද්ගලයකු වූයේ මාර්ගගත මිථ්‍යාවන් සහ ව්‍යාජ ප්‍රවෘත්ති විමර්ශනය කිරීමේ විශේෂඥතාවක් ඇති හාවඩ් සරසවියේ මාධ්‍ය, දේශපාලන සහ මහජන ප්‍රතිපත්ති පිළිබඳ සෝරෙස්ටයින් මධ්‍යස්ථානයේ  ජ්‍යෙෂ්ඨ පර්යේෂකයෙකු වන මාධ්‍යවේදී ජෙන් ලිට්වෙයින්කෝය.  වැරදි තොරතුරු මෙන්ම  වැරදි ලෙස ඉදිරිපත් කරන  තොරතුරු, බොහෝ විට උපාය මාර්ගිකව ඉදිරිපත් වන බව ලිට්වෙයින්කෝ සඳහන් කළේය. “ප්‍රචාරක ව්‍යාපාරයන්ට ඒවා සැලසුම් කරන විවිධ අදියර ඇත. පසුව ඒවා සමාජ මාධ්‍යවල පැතිරී යන ස්ථාන, එහිදී අපට මාධ්‍යවේදීන්ගේ ප්‍රතිචාරවලට මුහුණ දීමට සිදුවනු ඇත.” ඇය පැවසුවාය. “ ඇත්ත වශයෙන්ම, අපි ඒවා ඉවත් කළ පමණින් මෙම වැරදි ප්‍රචාර පහව යන්නේ නෑ. ඒ වෙනුවට සිදුවන්නේ ඔවුන් අලුතින් හැඩ ගැසිමයි. ”

මාධ්‍යවේදීන් දෙදෙනා මෙම ව්‍යාපාරවල මූලයන් ලබා ගැනීම සඳහා උපදෙස් සහ මෙවලම් රාශියක් ඉදිරිපත් කළහ.

වැරදි තොරතුරු ඉවත් කිරීම සඳහා කළ හැකි දේ

වීඩියෝ සහ ඡායාරූප

වීඩියෝ සහ ඡායාරූප අන්තර්ගත කරුණු පරීක්ෂා කිරීමට උත්සාහ කරන විට, මාධ්‍යවේදීන් තමන්ගෙන්ම මෙසේ අසාගත යුතුය: එය මුල් රූපයක් හෝ වීඩියෝවක් ද? අන්තර්ගතය අල්ලා ගත්තේ කවුද, සහ කවදාද? අවසාන වශයෙන්, පින්තූරය හෝ වීඩියෝව ගනු ලැබුවේ කොතැනද – මෙය භූ-ස්ථානගත කිරීමට උපකාරී වේ.

මේ සඳහා ලිට්වෙයින්කෝ සහ සිල්වර්මාන්  විසින් නිර්දේශ කරනු ලබන  WeVerify, නම් ප්ලගින් මෙවලමට ඇතැම් කරුණුවල සත්‍ය අසත්‍යතාව නිශ්චය කළ හැකිය.එය ගූගල් ක්‍රෝම් සමඟ ක්‍රියා කරයි. මෙම මෙවලම  ස්ථාපනය කර ගැනීමෙන්  පසු, ප්ලගිනය පරිශීලකයින්ට TinEye, Bing සහ Yandex ඇතුළු විවිධ සෙවුම් යන්ත්‍ර හරහා ඡායාරූපයක් ධාවනය කර බැලිමේ විකල්පය ලබා දෙයි.  තවද පරිශීලකයාට රූපයේ නිශ්චිත කොටසක් ඉස්මතු කිරීමට සහ එය සෙවීමට පමණක් ඉඩ සලසයි. Yandex හට මුහුණු හඳුනා ගැනීමේ හැකියාවද ඇත – එම තාක්ෂණයට අමතර සත්‍යාපනයක් අවශ්‍ය වුවද. “පින්තූර සෙවීමේ එක් ප්‍රධාන දෙයක් නම් ගූගල්වලින් ඔබ්බට යාමයි, WeVerify සෙවුම් දිගුව ඔබට ඒය කිරීමට ඉඩ සලසයි,” Lytvynenko පැවසීය.

සමාජ මාධ්‍ය ගිණුම්

වැරදි තොරතුරු ඉවත් කිරීමේ කටයුත්ත ආරම්භ කිරීමට හොඳ තැනක් වන්නේ සමාජ මාධ්‍ය ගිණුම් විමර්ශණය කිරීමයි. පළමුව, එය  අදාළ සමාජ මාධ්‍ය සමාගම විසින් සත්‍ය බවට තහවුරු කරන ලද (Verified)  ගිණුමක් දැයි පරීක්‍ෂා කරන්න: එය ඇත්ත වශයෙන්ම අයිති ඊට  හිමිකම් කියන පුද්ගලයාටද? ගිණුම හැදුවේ කවදාද? ඔවුන් කොහෙ කියලද  කියන්නේ? ආදී තොරතුරු පිළිබඳ ව  සවිස්තරාත්මක පසුබිම් පරීක්ෂාවක් කරන්න: ඔවුන් හා සම්බන්ධිත ජාලය මෙම පුද්ගලයන් ගැන පවසන දේ, ඔවුන් මිතුරන් වන්නේ කා සමඟද යන්න මෙන්ම  ඔවුන් නිතරම කතා කරන්නේ, හුවමාරු කර  ගන්නේ කා සමද ඔවුන්  කැමති කාටද? ඔවුන්ගේ රටා මොනවාද යන්න මෙන්ම  ඔවුන් නිතිපතා පළ කරන්නේ කුමන විෂයයන් මතද? යන්න පිළිබඳවද අවබෝධයක් තිබිය යුතුය.

“ ඇතැම් විට ගිණුමෙන් ඔබ දකින ආකාරයේ අන්තර්ගතයන් සහ එය පළ කරන්නේ  යයි කියන පුද්ගලයන් අතර යම් විසන්ධි වීමක් හෝ ගැටුමක් ඇති විය හැකියි. ඒ වගේම ඔය වගේ දේවල් තමයි ඔබට බැලිමට අවශ්‍ය වන්නේ.”සිල්වර්මාන් සඳහන් කරයි.

Twitonomy යනු මාධ්‍යවේදීන්ට ඔවුන් පරීක්ෂා කරන Twitter ගිණුමක සවිස්තරාත්මක සහ දෘශ්‍යමාන විශ්ලේෂණ ලබා ගැනීමට භාවිතා කළ හැකි එක් මෙවලමකි. “ඔවුන් කොපමණ වාරයක් ට්වීට් කරන්නේද, ඔවුන් ට්වීට් කරන විට, ඔවුන් පිළිතුරු දෙන්නේ කුමන ගිණුම්වලටද, ඔවුන් නැවත ට්වීට් කරන්නේ කාටද යන්න එය ඔබට කියයි,” සිල්වර්මන් වැඩිදුරටත් පවසන්නේ ඒසේය  “එමෙන්ම ඔවුන් ට්වීට් කරන විට එය ඔබට ඒය ඒකින් ඒක ලබා දිමට ද මෙම මෙවලමට හැකියාවක් පවතින අතර එය ඔවුන් සිටින්නේ කුමන කාල කලාපයේදැයි සොයා ගැනීමට ඔබට උපකාරී වනු ඇත.”

කතා බහ සඳහා වන යෙදුම් (චැට් ඇප්ස් )

චැට් කිරීම සඳහාම නිර්මාණය වූු මෘදුකංග යෙදුම් බොහෝ විට භාවිත වන්නේ වැරදි තොරතුරු ප්‍රචාරයට වුවද ඒවා විමර්ශණය කිරීමට ලැබෙන අවස්ථා අවමය. මෙය යමකු විසින් දැනුවත්ව පොදු ෆේස්බුක් හෝ ටිව්ටර් ගිණුමක තොරතුරු ප්‍රසිද්ධියේ පළ කිරීමකට වඩා බෙහෙවින්ම වෙනස්.” ලිට්වෙයින්කෝ පවසයි.

සමහර කතා බස්  යෙදුම් වැරදි තොරතුරු පතුරුවා හැරීම සඳහා බහුලව භාවිතා වුවද, ඒවා විමර්ශණය කිරීමට එහි සීමාවන් ඇත. “මෙය පොදු ට්විටර් පැතිකඩකට හෝ පොදු ෆේස්බුක් පැතිකඩකට වඩා බෙහෙවින් වෙනස් ය, එහිදී යමෙකු දැනුවත්ව තොරතුරු මහජනතාවට ඇතුළත් කරයි,” ලිට්වෙයින්කෝ පැහැදිලි කළේය. “චැට් යෙදුම්වලට එම පෞද්ගලිකත්වය පිළිබඳ අපේක්ෂාවක් ඇත, ඔබ ඒ ගැන වාර්තා කරන විට අපි ප්‍රවේශම් විය යුතුය.”

“සීමාවන් මඟහරවා ගැනීමේ එක් ක්‍රමයක් නම් ප්‍රේක්ෂකයන්ගෙන් එම තොරතුරු සමූහය මූලාශ්‍රගත කිරීමයි.”  ඇය පැවසුවාය.

 බ්‍රසීලයේ 2018 මැතිවරණයට බලපෑම් කිරීම සඳහා විවිධ මාධ්‍ය සමාගම් 24ක් එකතු වී කටකතා සහ ව්‍යාජ අන්තර්ගත ව්‍යාප්තිය හඳුනා ගැනීමේ ව්‍යාපෘතියක වැඩ කළ Comprova ව්‍යාපෘතියේදී මෙය බ්‍රසීලයේ සාර්ථක ව භාවිතා කරන ලදී.

“බොහෝ ප්‍රවෘත්ති ආයතන ඔවුන්ගේ පාඨකයන්ට සහ නරඹන්නන්ට එකම වට්ස් ඇප්  WhatsApp අංකයත් යැවුවා. ඒම ග්‍රාහකයන්  තමන්ට හමුවන ඕනෑම ව්‍යාජ තොරතුරක් සත්‍ය අසත්‍යතාව තහවුරු කර ගැනීම සඳහා යළි ආපසු ප්‍රවෘත්ති ආයතනවලට ඒවීමට කටයුතු කළා. ” ඇය පැවසුවාය.

 “ඒ් නිසා ඉඟි ඉල්ලීමේ බලය කිසි විටෙක අවතක්සේරු කරන්න ඒපා” සමූහ මූලාශ්‍ර ක්‍රමය WhatsApp වැනි කතාබස් යෙදුම් සමඟ හොඳින් ක්‍රියා කරයි, එය ප්‍රසිද්ධ නොකළ කණ්ඩායම්වලට සම්බන්ධ වීම දුෂ්කර බැවින් අධ්‍යයනය කිරීමට අභියෝග කරයි.

බාහිර අංශයකට තොරතුරු ලබා ගත නොහැකි සේ සංකේතනය කර ඇති සුලබ යෙදුමක් වන ටෙලිග්‍රෑම් හි අන්තර්ගතය විමර්ශණය කිරීම සඳහා වඩාත් ප්‍රයෝජනවත් මෙවලම්වලින් එකක් වන්නේ  Tgstat වේ. එය සමඟ, මාධ්‍යවේදියෙකුට යම් නාලිකාවක  සිටින අය පිළිබඳ අවබෝධයක් ලබා ගත හැකිය. “එබැවින් ටෙලිග්‍රෑම් ගිණුමේ භාවිත නාමයක්  Tgstat වෙතට ඇතුළු කළහොත්, ඔබට දින 90 ක් දක්වා විශ්ලේෂණ ලබා ගත හැකි අතර නාලිකාවට විශාල ග්‍රාහකයින් ගලා ඒමක් තිබේද නැතහොත් ඔවුන්ගේ අන්තර්ගතය වඩාත් ජනප්‍රිය වූ දිනයක් තිබේදැයි ඔබට දැක ගත හැකියි. “ලිට්වෙයින්කෝ පැවසීය.

කෙසේ වුවද සිල්වර්මාන් ලිට්වෙයින්කෝ විශේෂඥයින් දෙදෙනාම අවධාරණය කරන කරුණක් වන්නේ මෙම මෙවලම් සහ ප්‍රවේසම් සහගත  වාර්තාකරණය සමඟ වුවද යමක්  විනිශ්චය කිරීමට පෙර අතිරේක සහ  නිශ්චිත වෙනත් සාක්ෂි ද රැස් කර ගත යුතු බවය.  “මෙම කාර්යය කරන පුද්ගලයින් සැබවින්ම වැරදියට යන එක් ක්‍රමයක් නම්, ඔවුන් කිසිදු පදනමක් නොමැතිව යම් කරුණු ආරෝපණය කිරීම සහ චෝදනා කිරීමයි” සිල්වර්මන් ඒසේ අනතුරු අඟවයි.

“ඉතින් පරිස්සමෙන් . ඔබට ඉහළ මට්ටමේ විශ්වාසයක් ඇති වන තුරු ඔබේ සාක්ෂි රැස් කරන්න  කරුණු ගොඩ ගසන්න.

මූලාශ්‍රය

This story was originally published by the Global Investigative Journalism Network (GIJN)

Hot this week

Sri Lanka Airbus probe shaken by ex-CEO’s death

Speed Read Ex-CEO of SriLankan Kapila Chandrasena found dead under...

Sri Lanka’s Treasury heist exposes gaps in debt management system and 24/7 security shield

Speed Read: A debt payment to Export Finance Australia was...

Sri Lanka hit by fuel storage capacity, not supply

Speed read Sri Lanka’s fuel system is constrained by limited...

Sri Lanka’s air quality crisis: where data gaps meet drifting pollution

Speed read In Sri Lanka, air quality consistently deteriorates between...

Toxic fallout: Mercury fears, substandard coal and a governance crisis converge at Norochcholai

Speed read Mercury(hg) concerns linked to substandard coal at the...

Topics

Sri Lanka Airbus probe shaken by ex-CEO’s death

Speed Read Ex-CEO of SriLankan Kapila Chandrasena found dead under...

Sri Lanka hit by fuel storage capacity, not supply

Speed read Sri Lanka’s fuel system is constrained by limited...

Sri Lanka’s air quality crisis: where data gaps meet drifting pollution

Speed read In Sri Lanka, air quality consistently deteriorates between...

GIJN Launches Global Academy of Investigative Journalism

The Global Investigative Journalism Network (GIJN) has launched the...

Easter 2019: A tragedy foretold and still unresolved

Seven years ago, on 21 April 2019, sun dawned...

Sri Lanka’s Bumpy Road to a Political Reset

Sri Lanka is navigating a fragile political transition following...

Related Articles

Popular Categories