Monday, February 9, 2026
26.7 C
Colombo

විමර්ෂණාත්මක වාර්තාකරණයෙන් ශ්‍රි ලංකාවේ මාධ්‍ය තුළ අකුරු සහ රූපවලට අලුත් අරුතක්

පාස්කු ඉරුදින ප්‍රහාරයත් සමඟම ශ්‍රී ලංකාව තුළ භිතියෙන් වෙළීගිය අතර ශ්‍රී ලංකා රජය සහ මාධ්‍ය ආයතනය ජාත්‍යන්තර ත්‍රස්ත සංවිධාන මෙම ප්‍රහාරයට සහය දීමක් පිළිබඳවද අවධානය යොමු කෙරිණි.

එහිදී දේශීය වශයෙන් ඇතිව තිබුණු නොසන්සුන් බව පිළිබඳ නිසි අවධානයක් යොමු ව නොතිබූ අතර මෙහිදී නිසි තොරතුරු ලබා ගැනීමට මාධ්‍ය ආයතනයවලට තිබුණු අවස්ථාව අල්ප විය. එමගින් ව්‍යාජ තොරතුරු සමාජගත වීම දැඩි වශයෙන් සිදුවූ අතර එය ඇතැම් අන්ත මතධාරී බෞද්ධයින් විසින් මුස්ලිම් ජන සමාජය කෙරෙහි අනිසි බියක් සහ අවිශ්වාසයක් ඇති කිරීමට සමත්විය.

ඒ අනුව 2020 වර්ෂය මැද භාගයේදී එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන විසින් සිවිල් සංවිධාන කිහිපයක් සමඟ එක්ව ශ්‍රී ලංකාවේ අවදානම්කාරී සමාජ කොටස් මුහුණ දිය හැකි අභියෝග අවම කිරීමට අවශ්‍ය උපකරණ සහ ක්‍රම සකස් කිරීමට පියවර ගනු ලැබිිිණි.

එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රි ලංකාවේ විමර්ෂණාත්මක වාර්තාකරණය සඳහා මධ්‍යස්ථානය (Center for Investigative Reporting – CIR) ඊට එක් වූ අතර එමගින් ගැටුම්කාරි තත්ත්ව ඇති කරන වාර්තාකරණය අවම කිරීමට අවශ්‍ය පියවර ගනු ලැබිණි.

ශ්‍රී ලංකාවේ මාධ්‍ය තාක්ෂණය භාවිත කිරීම අතින් යාවත්කාලීන වුවද මාධ්‍ය සාක්ෂරතාව සහ භාවිතය අතින් දකුණු ආසියාවේ ඉතාම පහත් මට්ටමක සිටින බවට සඳහන් කළයුතු වේ. ඊට අමතරව මාධ්‍යවේදීන්ගේ වගවීම, අවංක බවද ඉතාම පහළ මට්මක පවතී.

ඒ අනුව විමර්ෂණාත්මක වාර්තාකරණය සඳහා වූ මධ්‍යස්ථානය විසින් මුහුණ දෙන ලද විශාලතම අභියෝගය ලෙස ඉහත කාරණා සඳහන් කළ හැකිය.

අද වන විට තාක්ෂණය සහ මාධ්‍ය විවිධාංගීකරණය උණුසුම් පුවත් වර්මාතනයේ වැදගත්ම අංගය බවට පත්ව තිබේ. එහිදී සමාජ මාධ්‍ය විශාල කාර්යක් ඉටු කරනු ලබන අතර එමගින් එක් මොහොතකින් මිලියන ගණනකට තොරතුරු සන්නිවේදනය කිරීම සිදු කරයි.

ඒ අනුව විමර්ෂණාත්මක වාර්තාකරණය සඳහා වූ මධ්‍යස්ථානය විසින් මාධ්‍යවේදීන්, සමාජ ජාල මාධ්‍ය ක්‍රියාකාරීන් සමඟ එක්ව ගැටලුව සහ එය සොයාගැනීම පදනම් වූ වාර්තාකරණයකටත් වෙනත් මතයන් වර්ධනය කිරීම අවම කිරීමටත් පියවර ගනු ලැබීය.

එහිදී මාධ්‍යවේදීන්, බ්ලොග්කරුවන්, ඇතුළු විශාල පිරිසකට නිසි ලෙස ජනමාධ්‍යකරණය භාවිතා කිරීමට පිළිබඳවත් ව්‍යාජ තොරතුරු සමාජගත වීම වැලැක්වීමට අදාළ වූ දැනුම් වර්ධනයක් ඇති කිරීමට ගවේෂණාත්මක වාර්තාකරණය සඳහා වූ මධ්‍යස්ථානයට හැකි විය.

ඒ අනුව විමර්ෂණාත්මක වාර්තාකරණය සඳහා වූ මධ්‍යස්ථානය විසින් පළමු පියවර ලෙස 2020 නොවැම්බර් 30 වැනිදා ක්‍රමවේද තුනක් ඔස්සේ සිය වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබීය.

එහිදී මාධ්‍ය සාක්ෂරතාව වර්ධනය කිරීම පියවර ගත් අතර මාධ්‍යවේදීන් 300කට, සිවිල් කණ්ඩායම් සහ තවත් විශාල පිරිසකට පුහුණවීම් සැසි 18ක් යටතේ සිය මාධ්‍ය සාක්ෂරතාව වර්ධනයට අවශ්‍ය දැනුම ලබාදීම සිදුවිය.

මෙම වැඩසටහනේ දෙවන පියවර ලෙස දේශීය සහ ජාත්‍යන්තර විශේෂඥයින්ගේ සහය ඇතිව දැනුම් වර්ධනය කිරීමට කටයුතු කළ අතර මේවන විට ඔවුහු සම්පත් දායකයින් බවටද පත්ව සිටිති.

තෙවන අදියර වශයෙන් වගවීමේ ජනමාධ්‍යකරණයක් සහ සාක්ෂි පදනම්කරගත් වාර්තාකරණයක් ඇති කිරීමට වැඩටසහන් දියත් කෙරිණි. ඒ සඳහා 200කට අධික තරුණ පිරිස් එක්වූ අතර ඔවුහු සාම්ප්‍රදායික මාධ්‍යවේදීන්ගෙන් ඔබ්බට ගොස් සිය කටයුතු කිරීමට උත්සුක වූහ.

ඒ අනුව මෙම වැඩසටහන් මගින් නව මාධ්‍ය සම්ප්‍රදායක් ශ්‍රී ලංකාව තුල ඇති කිරීමටත් ඊට නව පරපුර එක්කර ගැනීමටත් හැකියාව උදාවිය.

Original Link: https://lankasara.com/

https://lankasara.com/si/%e0%b6%b4%e0%b7%94%e0%b7%80%e0%b6%ad%e0%b7%8a/%e0%b7%80%e0%b7%92%e0%b6%b8%e0%b6%bb%e0%b7%8a%e0%b7%82%e0%b6%ab%e0%b7%8f%e0%b6%ad%e0%b7%8a%e0%b6%b8%e0%b6%9a-%e0%b7%80%e0%b7%8f%e0%b6%bb%e0%b7%8a%e0%b6%ad%e0%b7%8f%e0%b6%9a%e0%b6%bb%e0%b6%ab%e0%b6%ba/?fbclid=IwAR3tbLGyxIrv2lGs-fGGY0CI6qLJFF7FTqKlOscgfIQlCsH5zNgL1CeYcFI

Hot this week

Unpacking misinformation behind PCs and delayed PC Polls

By Ayodhya Kiriella The postponed Provincial Council Elections can be...

Senior editors call for a ‘journalism reboot’ for effective disaster reporting

COLOMBO - A panel of senior editors discussed the...

CIR marks six years with expert discussion on crisis reporting

COLOMBO – The Center for Investigative Reporting (CIR) successfully...

Journalists urged to uphold accuracy and ethics in crisis reporting

NIMJN founder Rajneesh Bhandari calls for greater collaboration among...

CIR launches handbook for journalists

Reporting on Mass Graves: A Practitioners Guide The Center for...

Topics

Unpacking misinformation behind PCs and delayed PC Polls

By Ayodhya Kiriella The postponed Provincial Council Elections can be...

CIR marks six years with expert discussion on crisis reporting

COLOMBO – The Center for Investigative Reporting (CIR) successfully...

Journalists urged to uphold accuracy and ethics in crisis reporting

NIMJN founder Rajneesh Bhandari calls for greater collaboration among...

CIR launches handbook for journalists

Reporting on Mass Graves: A Practitioners Guide The Center for...

CIR marks anniversary with special event on crisis reporting

Keynote on how racism, institutional decay and information vacuums...

Panel discussion: When Every Second Counts: The Role of Journalists During Crisis Situations

“When Every Second Counts: The Role of Journalists During...

Expert Discussion : Frontlines of Truth: Reporting in Times of Crisis

Sri Lanka faces a medium to high overall disaster...

Related Articles

Popular Categories