Monday, April 20, 2026
25 C
Colombo

සමෘද්ධි දේශපාලනීකරණය: රුපියල් බිලියන 1.5 ක මුදලකට ටී ෂර්ට් කොන්ත්‍රාත්

By Rahul Samantha Hettiarachchi

ජනතා මුදල් අවභාවිතා කළ දේශපාලනඥයින් නිදැල්ලේ ඇයි ?

“මමත් රෝගී තත්වයෙන් පෙලෙන නිසා රස්සාවක්වත් කරන්න බැරිවෙලා ඉන්නේ. ඒ නිසා  මම සමෘද්ධි ආධාර ලබා ගන්න හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අවශ්‍ය නිලධාරීන්ට ඉල්ලුම්පත් බාර දුන්නා. නමුත් මට සමෘද්ධි ආධාර ලබාදුන්නේ නැති නිසා මිට මාස 4 කට පමණ පෙර අභියාචනත් බාර දුන්නා. ඒත් මට තාම සමෘද්ධි ආධාර ලබාදුන්නේ නෑ. නමුත් ඇති හැකි අයට සමෘද්ධි ආධාර ලබා දී තිබෙනවා.” හම්බන්තොට සිරිබෝපුර 12 කොටසේ පදිංචි ජයන්ත හේවාමාන්න (38)  කියා සිටි.

ජයන්ත හේවාමාන්නට සමෘද්ධි ප්‍රතිලාභ ලැබීමට සුදුසු වුවත් ඔහුට එය කිසි විටෙකත් ලැබී නැත. ඔහු වකුගඩු අකර්මණ්‍ය වීම හේතුවෙන් වසර ගණනාවක් හම්බන්තොට මහ රෝහලට නිතර පැමිණෙන අයෙකි. සිව් දරු පියක් වූ ඔහු, තැලසීමියා රෝගයෙන් පෙළෙන අවුරුදු එකහමාරක් වයසැති සිය නිවුන් දරුවන් සඳහා මාසිකව රුපියල් අටදහසක් වැය කරයි.

ජයන්ත හේවාමාන්න ගේ දරුවන් සිවු දෙනා හා බිරිද

හේවාමාන්න වැනි සුදුසුකම් ලත් ශ්‍රී ලාංකිකයන් දහස් ගණනක් සමෘද්ධි ප්‍රතිලාභ වලින් බැහැර කර ඇති අතර, සමෘද්ධි වියදම් සම්බන්ධයෙන් සිදු කළ ගවේෂණයේදී අනාවරණය වුයේ බලධාරීන් විසින් 2019 මුල් මාස නවය තුළ සමෘද්ධි ආධාර බෙදා දීමේ උත්සව හා ඒ හා සම්බන්ධ ප්‍රවර්ධන කටයුතු වෙනුවෙන් මෙන්ම උත්සව සදහා පැමිණෙන ප්‍රතිලාබින්හට ටි ෂර්ට් ලබා දීම සදහා මාස තුනක සමෘද්ධි ප්‍රතිලාබ ලබා දීමට තරම් ප්‍රමාණවත් මුදලක් වියදම් කර ඇති බවයි.

 පසුගිය රජයේ  ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීමේ අමාත්‍යාංශය යටතේ පැවති සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් දුප්පත්කම තුරන්කිරීම වෙනුවෙන් යැයි පවසමින්  රටේ මහජනතාවට අයත් රුපියල් එකසිය හැත්තෑනව කෝටි අනු ලක්ෂ දෙදහස් පන්සීය පහළොවක  (1,799,002,515.76) මුදලක් 2019 වර්ෂයේ ජනවාරි සිට සැප්තැම්බර් මස දක්වා පමණක්  සමෘද්ධි ආධාර ලබා දීම වෙනුවෙන් යොදා ඇති අතර ඉන් උත්සව සදහා පැමිණෙන ප්‍රතිලාභීන්හට ටි ෂර්ට් ලබා දීම සදහා රුපියල් එකසිය හතලිස් නව කෝටි දහනව ලක්ෂ  අනූහත්දහස් පන්සීයක මුදලක් (1,499,197,500.00) ද රුපියල් විසිනව කෝටි අනු අටලක්ෂ පන්දාහස් දාසයක මුදලක්(299,805,016) උත්සව වෙනුවෙන්  ද වැය කර තිබෙන බව තොරතුරු දැනගැනීමේ පනත මගින් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් ලබාගත් තොරතුරු මගින් අනාවරණ වේ.

 පසුගිය 2018 වර්ෂ තුල සමෘද්ධි ආධාර ලබා දීමේ උත්සව හා මාධ්‍ය ප්‍රචාරණ කටයුතු වෙනුවෙන්  එක්කෝටි හයලක්ෂයකට අධික( 10,672,695.5) මුදලක් වැය කර තිබේ. එමෙන්ම 2017 වර්ෂයේ හා 2016 වර්ෂය තුල කිසිදු මුදලක් උත්සව සඳහා වැය නොකර දුප්පත් ජනතාවට  අවශ්‍ය සමෘද්ධි ආධාර ලබා දී ඇති බව ද තොරතුරු දැනගැනීමේ පනත මගින් ලබාගත්  තොරතුරු මගින්  අනාවරණය කර ගැනීමට හැකිවිය.

සමෘද්ධි ලාබින්ට ආධාර ලබාදීමේ හම්බන්තොට පැවති  උත්සවය

  හුදෙක් එම මුදල මෙම තෝරාගත් ප්‍රතිලාබින් හට මාස 03ක පමණ කාලයක් සමෘද්ධි ප්‍රතිලාබ ලබා දීමට තරම් ප්‍රමාණවත් මුදලක්  වන අතර එය ලබා දුන් සමෘද්ධි සහනාධාර වටිනාකමින් 5% ක මුදලක්ද වේ. සමෘද්ධි ප්‍රතිලාභ ලෙස රජය එක් පවුලකට මසකට  රුපියල් 1500 සිට 3500 දක්වා වූ මුදලක්  ලබා දෙන අතර එය තීරණය වන්නේ ප්‍රතිලාබි පවුලේ  සිටින සාමාජික සංඛ්‍යාව අනුවය.

2019 වර්ෂයේ සමෘද්ධි ආධාර ලබා දීමේ උත්සව අවස්ථාවන් වෙනුවෙන් වැඩි මුදලක් වැය කර ඇත්තේ එම උත්සව අවස්ථාවන්ට පැමිණෙන ජනතාවට ටි ෂර්ට් සම්පාදනය කිරීම සඳහා ය. එම කොන්ත්‍රාත් ලබා දී ඇත්තේ  comfort International ​Lanka(Pvt) Ltd  යන පුද්ගලික ආයතනයකට බව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් ලබා ගත් තොරතුරුවලින් අනාවරණය විය.

කෙසේනමුත් ටි ෂර්ට් සදහා  කොන්ත්‍රාත් ලබා දුන්නා යැයි පවසන රත්මලාන ප්‍රදේශයේ   comfort international Lanka(Pvt) Ltd  යන පුද්ගලික ආයතනය සම්බන්ධයෙන් අප කළ සොයා බැලීමේදී එවැනි ආයතනයක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කර ගැනීමට නොහැකි වූ අතර පසුව අන්තර්ජාලයෙන් ලබාගත් තොරතුරු අනුව එහි සදහන්ව තිබු දුරකථන අංකයක් ලබා ගනිමින් ඒ සදහා ඇමතුවත් එය භාවිතයේ නොමැති හෙයින් මේ සම්බන්ධයෙන් කරුණු අනාවරනය කරගැනීම සදහා අප සමෘද්ධි සංවර්ධන දෙපාර්තමෙන්තුවේ ගිණුම් අංශයෙන් කළ වීමසිමකදී එහි සිටි නිලිධරිනියක කියා සිටියේ මෙම ටි ෂර්ට් සම්බන්ධයෙන් හා තවත් කාරනා කීපයක්  සම්බන්ධයෙන් විගණනයක් පැවැත්වීම සදහා අදාළ ලේඛන රැගෙන ගොස් ඇති බැවින් එම ආයතනය සම්බන්ධයෙන් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමෙන්තුව සතුව තොරතුරු නොමැති බවයි.

”මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී විගනකාධිපති දෙපාර්තමේන්තුවේ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව භාරව කටයුතු කරනු ලබන විගණක අධිකාරීවරිය පවසා සිටියේ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් පසුගිය ආණ්ඩුව සමයේ සිදුකළ ටි ෂර්ට් ලබා දීම ඇතුළු කාරනා කීපයක් සම්බන්ධයෙන් විගණනයක් පවත්වන බවත් ඒ සම්බන්ධයෙන් සිදුකළ විගණන කටයුතු මේ වනවිට අවසන් වෙමින් තිබෙන බවත් ය. නමුත් එහි රහස්‍යභාවය සුරැකිය යුතු බැවින් තමන්හට එම තොරතුරු ලබා දීමට නොහැකි බවද විගණක අධිකාරීවරිය කියා සිටියා ය. ”

කෙසේ නමුත් මේ තරම් මුදලක් සමෘද්ධි ප්‍රතිලාබ ලබා දීමේ උත්සව හා ඒ වෙනුවෙන් සිදුකළ විවිධ කටයුතු සදහා වැය කිරීම සම්බන්ධයෙන්  පසුගිය රජයේ ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීමේ අමාත්‍යාංශය භාරව සිටි හිටපු අමාත්‍ය දයා ගමගේ මහතාගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ මෙම ටි ෂර්ට් එකක් රුපියල් 450 ක පමණ අඩු මුදලකට  ලබා ගෙන එය සමෘද්ධි ලාබින්හටම ලබා දීමට කටයුතු කළ බවයි.

හිටපු අමාත්‍ය දයාගමගේ මහතා සමෘද්ධි ආධාර ලබාදීමේ අවස්ථාවකට එක්වෙමින්
සමෘද්ධි ලාබින්ට ලබාදුන් ටි ෂර්ට්

නමුත් හිටපු අමාත්‍යවරයා කියා සිටි පරිදි ටි ෂර්ට් මුද්‍රණය කර ඇත්තේ එක් දිස්ත්‍රික්කයකින් පුද්ගලයින් පන්දහස  ( 5,000 ) බැගින්   දිස්ත්‍රික්ක 25ක සමෘද්ධි ලාබින් 125,000 ක් දෙනා දැනුවත් කිරීමට ය.  ඔහුට අනුව ඒ සදහා වැය කර ඇත්තේ රුපියල් පන්කෝටි හැට දෙලක්ෂ පනස්දහසක්  (56,250,000 ) පමණකි.  නමුත් ඒ වෙනුවෙන් රුපියල් කෝටි 149ක් පමණ වැය කිරීම සම්බධයෙන්  තමා දැනුවත්වීමක් නොමැති බවද ඔහු කියා සිටියේ ය.

ටී-ෂර්ට් කොන්ත්‍රාත්කරු, comfort international (Pvt) Ltd  යන පුද්ගලික ආයතනය තෝරාගත්තේ කෙසේද සහ ඔවුන්ට ගෙවනු ලැබුවේ කෙසේද යන්න පිළිබඳව තමා නොදන්නා බව ද හිටපු අමාත්‍ය දයා ගමගේ ද පැවසීය. මේ සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීම සදහා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සම්බන්ධ කරගත්ත ද ඔවුන් මේ සම්බන්ධයෙන් පිළිතුරුදීම ප්‍රත්ප්ෂේප කරන ලදී .

 එමෙන්ම එම 2019 වර්ෂයේ අදාල කාලය තුලදී අනෙකුත් මුදල් වැය කර ඇති ආකාරය පිළිබඳව කරුණු විමසීමේදී සමෘද්ධි ලාභීන් හට සමෘද්ධි ආධාර ලබාදීමේ උත්සව වෙනුවෙන් රුපියල් විසිනව කෝටි දොළොස් ලක්ෂ දසදහස් හාරසිය තිස්හතරක මුදලක් (291,210,434) ද ඒ වෙනුවෙන් පෝස්ටර්, කටවුට් ගැසීම සඳහා අසූ එක්ලක්ෂ අනුදාහක (8,190,000.00) මුදලක් ද වියදම් කර තිබෙන බව අනාවරණය වේ .  එමෙන්ම එම උත්සව වෙනුවෙන් පුවත්පත් දැන්වීම් ඇතුළු මාධ්‍ය දැන්වීම් සඳහා හාර ලක්ෂ හාරදහස් පන්සියයක (404,581.50) මුදලක් ද වැය කර තිබේ.

මෙවන් විශාල මුදලක් පසුගිය රජය මගින් සමෘද්ධි ප්‍රතිලාබ ලබා දීමේ උත්සව වෙනුවෙන්  වැය කරනු ලැබුවත්  පෙර වර්ෂවල ප්‍රතිලාබ ලබා දුන් පවුල් සංඛ්‍යාව සම්බන්ධයෙන් හා  ඒ වෙනුවෙන් ලබා දුන් මුදල් වටිනාකම් සම්බන්ධයෙන් සලකා බැලුවිට පෙනී යන්නේ පෙර වර්ෂවල සමෘද්ධි ප්‍රතිලාබ ලබා දීම වෙනුවෙන් වැය කර ඇති මුදලට වඩා අඩු මුදලක් මෙම කාලය තුලදී යොදවා ඇති බවයි.

2018 ට සාපේක්ෂව මේ වසරේ එක් පවුලකට සමෘද්ධි ප්‍රතිලාභය 10.6% කින් අඩු වී ඇති බව නිල දත්ත වාර්තා සඳහන් කරයි. එහිදී 2018 වසරේදී සමෘද්ධි ප්‍රතිලාබි එක් පවුලක් සදහා මසකට සාපේක්ෂ වශයෙන්   රුපියල් 2363 පමණ  ලබාදී ඇති අතර සමෘද්ධි ආධාර මුදල 2019 වර්ෂයේදී 2114 දක්වා අඩුවී තිබේ.

  2019 වර්ෂයේ මාස නවයක කාලයකට සාපේක්ෂව පසුගිය 2016 වර්ෂයේ සිට පිලිවෙලින් 2018 වර්ෂය දක්වා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් මේ ආකාරයෙන් සමෘද්ධි ආධාර ලබා දීම සිදු කර ඇති අතර නමුත් 2019 වර්ෂයේ ජනවාරි සිට සැප්තැම්බර් මස දක්වා සමෘද්ධි ආධාර ලබා දුන් ජනතාවගේ වැඩි වීමක් තිබුණත් එහිදී ලබා දුන් මුදල අනෙකුත් වර්ෂයන්ට සාපේක්ෂව අඩු මුදලක් වේ.

(තොරතරු දැනගැනීමේ පනත මගින් සමෘද්ධි සංවර්ධන දෙපාර්ත මේන්තුවෙන් ලබාගත් තොරතුරු )

 දුප්පත් කම තුරන් කිරීමේ මානව අයිතිය සුරැකීමේ අරමුණින් ක්‍රියාත්මක වන සමෘද්ධි ආධාර ලබා දීමේ ක්‍රියාවලිය තුල තමන්ගේ බලය ප්‍රවර්ධනය  වෙනුවෙන්  රටේ ජනතාවගේ බදු මුදල් මේ ආකාරයෙන් විනාශ කිරීමෙන් සිදුවන්නේ රටේ පොදු මහත් ජනතාවම තව දුරටත් ණය බරිත කර දුප්පත් කිරීමකි.

” තමන්ගේ සල්ලි තමන්  වියදම්කිරිම හා අනුන්ගේ සල්ලි වියදම්කිරිම අතර ගැටලුව මෙතුල තිබෙන දෙයක් ,රටක ආණ්ඩුවක ආදායම් වියදම් තත්වයත් සමඟ ගත්විට නාස්තිකාරී සහ ඵලදායි නොවන වියදම් අවම කර ගැනීමේ උත්සහයක් මෙන්ම  වියදම් කරන සෑම රුපියලකටම ඒ රුපියලට වඩා වැඩි වටිනාකමක් ලැබෙන විදියට වියදම් සකස් විය යුතුයි.’’ යනුවෙන් කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබද මහාචාර්ය සිරිමල් අබේරත්න මහතා කියා සිටි .” නමුත් මේ වියදම් කරන අරමුණු බොහෝ විට ආර්ථික අරමුණුම වෙන්නේ නැති බවත් එය වෙනත් අරමුණු සදහාද යොදා ගැනීම තුල ඕනෑම රටක ආර්ථිකයට ඒ තුලින් බලපෑමක් සිදුවිය හැකියි.’’

මහාචාර්ය සිරිමල් අබේරත්න මහතා

 මේ ආකාරයෙන් විශාල මුදලක් වැය කරමින් උත්සව පවත්වමින් සමෘද්ධි ආධාර ලබා දීමේ උත්සව පවත්වනු ලැබුවත් එදිනට එම ආධාර ලබා දීම සිදුකෙරුණේ සංඛේතයක් වශයෙන් පමණි. පසුව ප්‍රාදේශීය මට්ටමින් දේශපාලනඥයින් නැවත සමෘද්ධි ලාබී ජනතාව ප්‍රාදේශීය ලේකම් කාර්යාල සඳහා ගෙන්වා එම සමෘද්ධි ආධාර ලබා දීම සිදුකරනු ලැබීම දක්නට ලැබුණි . සමෘද්ධි ප්‍රතිලාභීන්ට ප්‍රධාන උත්සව වලින් පසු මුදල් ලබා ගැනීම සඳහා නැවත නැවත උත්සවවලට සහභාගී විය යුතු බව,  සමෘද්ධි ලාබී ජනතාව පවසනවා.

 සමෘද්ධි සහනාධාරය යම් අයෙකු විසින් ඉල්ලුම්කරන්නේ නම් ඒ සදහා යම් ක්‍රමවේදයක් පවතී. එහිදී අදාළ ඉල්ලුම්කරු සිය ඉල්ලීම වසම බාරව කටයුතු කරනු ලබන සමෘද්ධි සංවර්ධන නිලධාරියාට ,ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ,දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට හෝ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට ඉදිරිපත් කළ හැක , ඒ අනුව එකී ඉල්ලීම සම්බන්ධයෙන් කමිටුවක් මගින් විශ්ලේෂණය කොට ප්‍රාදේශීය ලේකම්ගේ නිර්දේශය මත සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වරයාගේ අනුමැතිය මත සමෘද්ධි සහනාධාරය ලබා දීමට කටයුතු කරනු ලබන බවයි තොරතුරු දැනගැනීමේ පනත මගින් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් ලබාගත් තොරතුරු වලින් අනාවරණය වන්නේ.

 එහිදී සමෘද්ධි සහනාධාරයක් ලබා දීමට සුදුසුකම් මොනවාද යන්න සම්බන්ධයෙන් සිදු කළ සොයා බැලීමේදී, අවධානය යොමුකළ කරුණු ලෙස පවුලේ සාමාජික සංඛ්‍යාව ,කාන්තා මුලික පවුල් ,දෙමාපියන් අහිමිවීම, ආපදා තත්වයට නිරන්තරවම ලක්වීම ආදී කරුණු සම්බන්ධයෙන් සමෘද්ධි සංවර්ධන අධිකාරියේ නියමයන්ට  මුලික අවධානය කළ යුතුවේ. ඒ සදහා ප්‍රාදේශීය ලේකම්, සහකාර ප්‍රාදේශීය ලේකම් හෝ බලය පැවරු නිලධාරියෙකු කමිටු සභාපති , සමෘද්ධි මුලස්ථාන කළමනාකරු , සමෘද්ධි ප්‍රාදේශීය සංවිධාන සදහා අධ්‍යක්ෂක ජනරාල් වරයා විසින් නම්කරන ලද සාමාජිකයින් තිදෙනා ද  සමන්විත ප්‍රාදේශීය කමිටු මගින් මෙන්ම වසම් කමිටු මගින් මෙම තෝරාගැනීම සිදු කරනු ලබන බවයි සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් ලබාගත් තොරතුරු වලින් අනාවරණය වන්නේ.

  නමුත් මේ සම්බන්ධනේ සිදුකළ සොයා බැලීමේදී අනාවරනය වුයේ සමෘද්ධි සහනාධාරය ලැබිය යුතු පවුල් සදහා ද එම ආධාර නොලැබී ඇති බවයි. ඒ සදහා ප්‍රධාන හේතුව වී ඇත්තේ, අදාළ ප්‍රදේශයේ සමෘද්ධි ලාබින් තෝරාගැනීමේදී ආණ්ඩු පක්ෂය නියෝජනය කරන නියෝජිතයින් විසින් සමෘද්ධි සහනාධාර ලබා දීම සදහා සකස් කරන ලද ලේඛනයක් ද මේ සදහා ඉදිරිපත් කර ඇති අතර ඉහත කමිටුවල සහ මෙම දේශපාලන නියෝජිතයින් විසින් තෝරා නම් කරන ලද ලැයිස්තු දෙකේම සිටින පුද්ගලයින්හට පමණක් සමෘද්ධි ආධාර ලබා දීමට කටයුතු කිරීමයි. එහිදී සිදුවන්නේ තම දේශපාලන පක්ෂයට හිතැති පිරිසට පමණක් සමෘද්ධි ආධාරය ලබා දීම පමණි .මේ සම්බන්ධයෙන් දිවයිනේ දිස්ත්‍රික්ක කීපයක ප්‍රාදේශීය ලේකම් වරුන්  කීපදෙනෙකු මෙන්ම ග්‍රාම නිලධාරීන් කීප දෙනෙකුගෙන් කළ විමසීමේදී කියා සිටියේ ඔවුන් විසින් සකස් කරන කමිටු වල නොසිටිය පුද්ගලයන්ට සමෘද්ධි ලැබී ඇති බවත් එහි සිටි බොහොමයක් දෙනෙකුට සමෘද්ධි අහිමි වී ඇති බවත් ය.

 මෙම කාරනා මුල්කරගනිමින් සමෘද්ධි සහනාධාරය ලැබිය යුතු පවුල් වල බොහෝ පිරිසක් පසුගිය කාලය තුලදී සමෘද්ධිය නොලැබීම නිසා විවිධ විරෝධතාවයන්ද පවත්වන ලදී.

සමෘද්ධිය නොලැබීම නිසා සූරියවැව ප්‍රදේශයේ ජනතාව සිදුකල විරෝධතාවයක්

”මම සූරියවැව නබද ගස්වැව කොට්ඨාසයේ අපේ පැත්තේ කඹුරු ඉඩකඩම් තියෙන සෑම කෙනකුටම සමෘද්ධි සහනාධාරය දීලා තියෙනවා නමුත් මගේ නම සහ අපේ ගමේ කීපදෙනකුගේ නම් තේරිච්ච අයට සමෘද්ධි සහනාධාරය ලැබිලා නෑ’’ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සුරියවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඒ ,ප්‍රියන්ති මහත්මිය කියා සිටි.

[This report was produced under the CIR Investigative Journalism Fellowship Program 2019/2020]

Hot this week

Sri Lanka’s Bumpy Road to a Political Reset

Sri Lanka is navigating a fragile political transition following...

AI Tools & Social Norms are Making the Internet Unsafer For Women

As generative AI usage rises in India, image, video,...

Energy minister under fire as NPP confronts first no-confidence motion over corruption charges

COLOMBO – Sri Lanka’s ruling National People’s Power (NPP)...

Six extraordinary stories on intangible losses due to climate change

There are many climate change stories but those that...

From maritime tensions to economic recovery: Can Sri Lanka navigate the next decade?

Speed Read: Sri Lanka’s relationship with neighboring India remains central...

Topics

Sri Lanka’s Bumpy Road to a Political Reset

Sri Lanka is navigating a fragile political transition following...

AI Tools & Social Norms are Making the Internet Unsafer For Women

As generative AI usage rises in India, image, video,...

Energy minister under fire as NPP confronts first no-confidence motion over corruption charges

COLOMBO – Sri Lanka’s ruling National People’s Power (NPP)...

Six extraordinary stories on intangible losses due to climate change

There are many climate change stories but those that...

From maritime tensions to economic recovery: Can Sri Lanka navigate the next decade?

Speed Read: Sri Lanka’s relationship with neighboring India remains central...

Holding the Power of Big Tech Accountable

by Sandrine Rigaud • March 24, 2026 Editor’s Note: This is the...

Counter narratives and tackling harmful content

Ove the past year, the Center for Investigative Reporting...

Sri Lanka’s missing tuberculosis patients: 5,000 cases annually go undetected

Speed Read: Up to 5,000 tuberculosis patients annually go undetected...

Related Articles

Popular Categories