රෝගීන්ට ප්‍රතිකාර අහිමිකළ ත්‍රිකුණාමල රෝහලේ වැරදි පුවත

වගකිවයුතු මාධ්‍යයත් වැරදි පුවත ප්‍රචාරය කරලා.

පුවතේ සඳහන් මුලාශ්‍රය බොරු.

රෝහල් බලධාරීන් පුවත නිවැරදි කරන්න කටයුතු කරලා  නෑ.

“මගේ නෝනා ගැබිනියක්. (34) එයා සායනවලට ගියේ ත්‍රිකුණාමලය මහ රෝහලේ වී.ඕ.ජී ඩොක්ටර් ගාවට. ඒ වී ඕ ජී සර් ගෝමරන්කඩවල පවත්වන ක්ලිනික්වලට තමයි මේ පැත්තේ ඔක්කොම අම්මලා ගියේ. ත්‍රිකුණාමලය මහ රෝහලේ වී ඕ ජී ඩොක්ටර්ට කොරෝනා කිව්වහම ඇත්තටම අපි ගොඩක් බය වුණා. මගේ නෝනා මේක ආරංචි වෙලා ගොඩක් කලබල වුණා. ෆේස් බුක් එකේ ගියපු තොරතුර කවුරු හරි නිවැරදි කළා නම් මේ ප්‍රශ්නය උද්ගත වෙන්නේ නැහැ. නමුත් එහෙම දෙයක් රෝහල පැත්තෙන් සිද්ධ වුණෙත් නැහැ.“ ගෝමරන්කඩවල බක්මීගම සඳුන් හේමන්ත (40) මහතා පවසා සිටියේය.

සඳුන් හේමන්ත මහතා

සඳුන් හේමන්ත මහතා ගේ මේ බිය වීමට ප්‍රධානතම හේතුව වුයේ  ත්‍රිකුණාමලය මහ රෝහලේ ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍යවරයා කෝවිඩ් 19 ආසාධිතයෙකු බවට පෙන්වා දෙමින් පළවූ වැරදි පුවතකි. ඔක්තෝබර් මස 25 වන දින ඔහු අවසාන වශයෙන් තම බිරිඳ සමඟ රෝහලේ සායන සඳහා ගොස් තිබුණත්  මෙම අසත්‍ය පුවත හේතුවෙන් බියට පත්වූ නිසා නැවත රෝහලේ සායන සඳහා ගොස් ඇත්තේ නොවැම්බර් 23 වන දා ය.

ස්වයං නිරෝධායනයට   ලක්කර සිටි ත්‍රිකුණාමල රෝහලේ ප්‍රසව හා නාරි ඒකකයේ ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍යවරයා කොවිඩ් වෛරසය ආසාදිතයෙකු බවට නොවැම්බර් 02 දින හඳුනාගැනීමෙන් අනතුරුව  අදාල වෛද්‍යවරයා සිටි ප්‍රතිකාර ඒකකය නියමිත පරිදි විෂබීජ හරණය කොට  ප්‍රසව හා නාරි ඒකකයේ මෙන්ම රෝහලේ සියලු කටයුතු ඒ පරිද්දෙන්ම කරගෙන ගිය බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පවසා සිටි.

නමුත් පලවූ වැරදි  පුවතේ සඳහන් කර තිබු ආකාරයට  රෝහලේ ප්‍රසව හා නාරි ඒකකයේ  විශේෂඥ වෛද්‍යවරයා කොවිඩ් ආසාදිතයෙකු නිසා රෝහල තුල ඔහු රැඳී සිටීම ජනතාව බිය ගන්වන්නට කාරණාවක් විය. ඒ නිසාම  රෝහලේ ප්‍රසව හා නාරි ඒකකයේ  විශේෂඥ වෛද්‍යවරයාගෙන්  දිනපතා ප්‍රතිකාර ලබාගැනීමට පැමිණි මව්වරුන් හා රෝගීන්  ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍යවරයාගෙන් ප්‍රතිකාර ලබාගැනීමට නොපැමිණෙමින් වෛද්‍යවරයා ප්‍රතික්ෂේප කිරීම මෙන්ම රෝහලේ අදාළ අංශයේ  සායනවලට මෙන්ම වෙනත් ප්‍රතිකාර ඒකක සඳහා ද රෝගීන් පැමිණීමට බිය වී තිබේ.

වගකිවයුතු මාධ්‍යයත් වගකීම් පැහැර හැරලා

කෝවිඩ් – 19 වැනි වසංගත රෝග තත්වයන් හමුවේ ව්‍යාජ තොරතුරු පැතිර යෑම බරපතළ සමාජ ගැටලු රැසකට මග පාදා ඇති බව පෙනේ. මෙහිදී සමාජ මාධ්‍ය පමණක් නොව, ප්‍රධාන ධාරාවේ ඇතැම් වගකිව යුතු මාධ්‍ය ආයතන ද සමාජ මාධ්‍යයන්ට නොදෙවෙනි අන්දමින් සාවද්‍ය හා පළ නොකළ යුතු ප්‍රවෘත්ති ප්‍රචාරය කළ අවස්ථා දක්නට ලැබිණි. මෙවැනි දේ නිසා මාධ්‍ය පිළිබද ජනතාවට තිබෙන විශ්වාසනියත්වය පළුදු වී ඇති බවට මෙම සිදුවීම නිදසුන් සපයයි. 

කෝවිඩ් වැනි භයානක වසංගත රෝග තත්වයකට රට මුහුණ දී සිටින අවස්ථාවක මාධ්‍යයක වගකීම හරි හැටි අවබෝධ කර නොගන්නා සුළු පිරිසකගේ ක්‍රියා කලාපය හා ආපදා තත්වයන් හමුවේ තොරතුරු වාර්තාකරණය සම්බන්ධයෙන් නුපුහුණු මාධ්‍යවේදීන් ඒ සඳහා යොමු කිරීම, උද්ගතව ඇති මෙම තත්වයට මූලිකම හේතුව බව මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ මෙන්ම විද්වතුන්ගේද අදහසයි.

කෝවිඩ් 19 වසංගත තත්වය තුළ ජනතාව නොමග යන අන්දමේ සාවද්‍ය තොරතුරු සංසරණය වීම හේතුවෙන් සිදු වන බලපෑම අපට පෙනෙනවාට වඩා බොහෝ බරපතල ය. ඒ අන්දමින් 2020 නොවැම්බර් 02 වන දින ත්‍රිකුණාමලය මහ රෝහලේ ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍යවරයා කෝවිඩ් 19 ආසාධිතයෙකු බවට Hiru news වෙබ් අඩවිය මෙන්ම aruna.lk වෙබ් අඩවිය මගින් පළ කළ ප්‍රවෘත්තිය එම වෙබ් අඩවි තුල මෙන්ම මුහුණු පොතෙහි සංසරණයවීම හේතුවෙන් ඇති වූ අවුල් සහගත තත්ත්වය මෙය තේරුම් ගැනීම සඳහා කදිම සිද්ධි අධ්‍යයනයකි.

රෝහල ගැන වැරදි පුවතක්

පසුගිය නොවැම්බර් 02 වන දින ත්‍රිකුණාමලය මහ රෝහලේ ප්‍රසව හා නාරි ඒකකයේ ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍යවරයා හට කෝවිඩ්-19 වෛරසය ආසාධිත වී ඇති බව හෙළි වන්නේ, ඊට පෙර රෝහල් කාර්ය මණ්ඩලයේ තෝරා ගත් පිරිසක් පීසීආර් පරීක්ෂණයට යොමු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ය. කෙසේ වෙතත්, මෙම වෛද්‍යවරයා එම රෝහලේ ප්‍රසව හා නාරි ඒකකයේ ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍යවරයෙකු මිස ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍යවරයා (VOG) නොවී ය.

කෙසේ වෙතත් ප්‍රධාන පෙලේ ජාතික  මාධ්‍ය ආයතන කීපයක් මෙන්ම  සමාජ මාධ්‍ය  කිසිදු මූලාශ්‍රයක් නොමැතිව ත්‍රිකුණාමලය මහ රෝහලේ ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍යවරයාට කෝවිඩ්-19 වෛරසය ආසාධනය වී ඇති බවට පළ කිරීම හේතුවෙන් ත්‍රිකුණාමලය මහ රෝහලේ කටයුතු සඳහා ද බාධා ඇතිවී තිබුනේ ඒ කෙරෙහි වැරදි මහජන මතයක් ගොඩ නැගී තිබු නිසාවෙනි.

විශේෂයෙන් ප්‍රධාන පෙලේ ජාතික මාධ්‍ය ආයතන කීපයක් වාර්තාකර තිබු එම පුවත මුලාශ්‍රය කරගනිමින් තවත් වෙබ් අඩවි කීපයක ද වාර්තා කර තිබු අතර එම පුවත් ෆේස් බුක් ඇතුළු සමාජ මාධ්‍ය රාශියක ද සංසරණය වී තිබේ. ඒ ආකාරයෙන් Sume Lanka නැමති ෆේස්බුක් පිටුවේ දක්නට ලැබුණු අදාළ පුවත පුද්ගලයන් 300 කට අධික ප්‍රමාණයක් අතර සංසරණය වී තිබිණි    

Sume Lanka ෆේස්බුක් පිටුව තුළ අදාළ ව්‍යාජ පුවත ත්‍රිකුණාමලය රෝහලේ නාමපුවරුවේ   ඡායා රූපය ද ඇතුලත් කරමින් සකසා තිබු අතර එම අදාළ නාම පුවරුවේ එම ඡායා රූපයම ගූගල් ඡායාරූප සෙවීමේ ක්‍රියාවලියට එක් කිරීමේදී දැක ගත හැකි වුයේ එම පුවත උපුටා දක්වමින් තවත් දමිල හා සිංහල වෙබ් අඩවි කීපයක්ද එම වැරදි පුවත වාර්තා කර තිබෙන ආකාරය යි.

http://www.themorning.lk

https://lakviru.com/

http://www.themorning.lk

https://www.facebook.com/100003183526432/posts/3393669370749147http://sinhala.adaderana.lk/news.php?nid=144942

රෝහල් බලධාරීන් පුවත නිවැරදි කරලා නෑ

මෙම තත්ත්වය සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීමට ඇතැම් අය ත්‍රිකුණාමලය මහ රෝහලට දුරකථන ඇමතුම් ගත්තද, එම සැකය දුරු කිරීමට සාධනීය පියවර ගැනීමට රෝහල් බලධාරීන්ද උත්සහ නොගැනීම කණගාටුවට කරුණකි. රෝහල් බලධාරීන් ත්‍රිකුණාමලය මහ රෝහලේ පවතින තත්වය හා අදාළ ප්‍රවෘත්තියේ වරද සම්බන්ධයෙන් මාධ්‍යයට කරුණු දැක්වීමක් සිදු කළේ නම්, මෙම තත්ත්වය මෙතරම් සංකීර්ණ නොවීමට ඉඩ තිබුණි.

මෙම වැරදි පුවත මාධ්‍යය තුල වාර්තා කර තිබුනේ  රෝහල් අධ්‍යක්ෂකවරයා ද  එය සනාථ කරන බව සඳහන් කරමිණි. නමුත්  එම කාරණා දෙකම ත්‍රිකුණාමලය මහ රෝහලේ අධ්‍යක්ෂ ජගත් වික්‍රමරත්න මහතා ප්‍රතික්ෂේප කරනු ලබයි.

ත්‍රීකුණාමලය මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා

“ඇත්තටම මේ ප්‍රවෘත්තිය පළවීම නිසා අපට ගැටලු රාශියකට මුහුණ දෙන්න සිද්ධ වුණා. එම වාට්ටුවේ ප්‍රතිකාර ගත් හා ප්‍රතිකාර ගනිමින් සිටි බොහෝ මව්වරු මෙම වැරදි ප්‍රවෘත්තිය ආරංචි වෙලා භීතියට පත්ව සිටියා. මේ ප්‍රවෘත්තිය පළ කරන්න කලින් මගෙන් හෝ අදාළ වෙනත් බලධාරීන්ගෙන් කිසිදු විමසීමක් හෝ කර තිබුණේ නැහැ.”

අදාළ ප්‍රවෘත්තියේ වරද සම්බන්ධයෙන් මාධ්‍යයට කරුණු දැක්වීමක් සිදු කළේ නම්, මෙම තත්ත්වය මෙතරම් සංකීර්ණ නොවීමට ඉඩ තිබුණි. නමුත් ත්‍රිකුණාමලය මහ රෝහලේ අධ්‍යක්ෂ ජගත් වික්‍රමරත්න මහතා කියා සිටියේ, මෙම අවස්ථාව මාධ්‍ය සංදර්ශන පැවැත්වීමට සුදුසු අවස්ථාවක් නොවන බවයි.

ඇතිවූ බලපෑම

මෙම සාවද්‍ය තොරතුර මුහුණු පොත හරහා පමණක් නොව, එක්තරා මාධ්‍ය ආයතනයක් විසින් ඔවුන්ගේ ගුවන් විදුලිය හරහා ද  ප්‍රචාරය කිරීම හේතුවෙන් රෝගීන් මහත්සේ කලබලයට පත්ව තිබුණි. ඇතැම් රෝගීන් වෛද්‍ය අනුමැතියකින් තොරව රෝහලෙන් නික්ම ගොස් ඇති අතර, රෝහලේ කාර්ය මංඩලයේ අය පවා මෙම ප්‍රවෘත්තිය පදනම් කර ගනිමින් සේවයට වාර්තා කිරීමෙන් වැළකී සිට මෙන්ම රෝගීන් ත්‍රිකුණාමල රෝහලේ සායනවලට සහභාගි නොවීම ද පෙන්වා දිය හැකිය.

ත්‍රිකුණාමලය මහ රෝහල දිස්ත්‍රික්කයේ පිහිටි ප්‍රධානතම රෝහල වන අතර, ත්‍රීකුණාමලයෙන් ඈත දුර බැහැර ප්‍රදේශ වන පදවි ශ්‍රීපුර, සේරුවිල, ගෝමරන්කඩවල, පුල්මුඩේ, මහදිවුල්වැව වැනි ප්‍රදේශවල සිට විශාල පිරිසක් ප්‍රතිකාර හා සායන සඳහා දිනපතා ත්‍රිකුණාමලය මහ රෝහල වෙත පැමිණේ. එහෙත්, සමාජ ජාලා අනිසි වාර්තාකරණයත් සමග බිය වන ජනතාව සිය සායන හා ප්‍රතිකාර මග හැරීම හේතුවෙන් රෝගීන් බරපතළ ගැටලු රාශියකට මුහුණ දී තිබේ.

මේ සම්බන්දයෙන් අදහස් දැක්වු ගෝමරන්නඩවල කුරුඳුගම පදිංචි චන්දන පියසේන මහතා කියා සිටින්නේ, මාධ්‍ය මගින් ප්‍රචාරය වූ මෙම පුවත හේතුවෙන් තම බිරිදගේ සායන කටයුතුවලින් බැහැර වීමට සිදු වූ බවයි.

මෙම විමර්ශනයේදී පැහැදිලි වන්නේ ත්‍රිකුණාමලය මහ රෝහලේ ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍යවරයාට කෝවිඩ් වෛරසය ආසාධනය වී ඇති බවට පළවූ පුවත නියමිත මුලාශ්‍රය භාවිත නොකරමින් පලකර තිබෙන අසත්‍ය පුවතක් බවයි. නමුත් මෙම වැරදි පුවත පලවී තිබුණත් ඒ සම්බන්ධයෙන් නිවැරදි කිරීමක් සිදුකිරීම සඳහා නිවැරදි අවස්ථාවක රෝහල් බලධාරීන් ඉදිරිපත් නොවීම ද මෙමගින් පැහැදිලි වූ කාරණාවක් වේ.

Hot this week

CIR, UNFPA to host Sri Lanka’s first-ever journalist training on extreme heat

To support Sri Lankan journalists to better understand extreme...

Effective campaign finance control calls for regulation of third-party campaigning, cap on donations

Speed Read COLOMBO—A candidate can spend more than the legally...

How Justice Was Derailed After the Muttur Massacre

JAFFNA, Sri Lanka — It was around 4:15 in the...

After Sri Lanka’s gambling ban, state agencies sent conflicting signals, research finds

Speed Read TRCSL blocked 24 unlicensed gambling websites on 4...

Meet Our Trainers

We are happy to introduce our expert panel of...

Topics

CIR, UNFPA to host Sri Lanka’s first-ever journalist training on extreme heat

To support Sri Lankan journalists to better understand extreme...

Effective campaign finance control calls for regulation of third-party campaigning, cap on donations

Speed Read COLOMBO—A candidate can spend more than the legally...

How Justice Was Derailed After the Muttur Massacre

JAFFNA, Sri Lanka — It was around 4:15 in the...

After Sri Lanka’s gambling ban, state agencies sent conflicting signals, research finds

Speed Read TRCSL blocked 24 unlicensed gambling websites on 4...

Meet Our Trainers

We are happy to introduce our expert panel of...

Sri Lanka launches first major crackdown on offshore betting, expert call for broader enforcement

Speed Read Sri Lanka blocked access to 24 unlicensed offshore...

Displaced by disaster, Nepal’s Chepang community faces violence and human trafficking

Marginalized communities who were repeatedly displaced by floods and...

Related Articles

Popular Categories