Wednesday, May 13, 2026
24.5 C
Colombo

ලියාපදිංචි කිරීම ඇරඹුණා: විමර්ශනාත්මක වාර්තාකරණ මධ්‍යස්ථානය සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන එක්ව දියත් කරන මාධ්‍ය සාක්ෂරතා පුහුණු වැඩසටහන

විමර්ශනාත්මක වාර්තාකරණ මධ්‍යස්ථානය විසින් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (කොළඹ) සහයෝගයෙන් අන්තර්ජාලය ඔස්සේ දීප ව්‍යාප්ත පුහුණු වැඩසටහන් මාලාවක් මෙම මාසයේ සිට මෙහෙයවීම සඳහා සියළු කටයුතු සූදානම් කර තිබේ. විමර්ශනාත්මක වාර්තාකරණ මධ්‍යස්ථානයේ මාධ්‍ය සාක්ෂරතා මූලිකාංග වැඩසටහන යටතේ සිදු කෙරෙන මෙම පුහුණු සැසි හරහා ජනමාධ්‍යවේදීන්, ප්‍රජා ක්‍රියාකාරිකයන් ඇතුළු මාධ්‍ය සාක්ෂරතාව හැදෑරීම සඳහා උනන්දුවක් ඇති පුරවැසියන් අතර තොරතුරු සාක්ෂරතාවය ප්‍රවර්ධනය කිරීම අරමුණු කෙරේ.

පුහුණු වැඩසටහන් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවලින් මෙහෙයවනු ලැබේ.

රට තුළ තොරතුරු සාක්ෂරතාවය ප්‍රවර්ධනය කිරීම සඳහා මෙන්ම තොරතුරු සාක්ෂරතා මෙවලම් පිළිබඳ දැනුම සහ භාවිතය ජනමාධ්‍යවේදීන්ට පමණක් සීමා නොකොට, මාධ්‍ය කටයුතු සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන ප්‍රජාව වෙත ද ප්‍රචලිත කිරීම අරමුණු කරගනිමින් සහභාගී වන පිරිසට මාධ්‍ය සාක්ෂරතාවය පිළිබඳ මූලික පුහුණුවක් මෙහිදී ලබා දෙනු ඇත. මාධ්‍ය අන්තර්ගත නිර්මාණකරුවන් මෙන්ම මාධ්‍ය පරිශීලකයන් ද සත්‍යාපන මෙවලම් භාවිතය පිළිබඳ දැනුමින් සවිබල ගැන්වීම සහ මාධ්‍ය කලාවේ ආචාරධර්ම සංරචකයන් ප්‍රවර්ධනය කිරීම යන අරමුණු සහිතව මෙම වැඩසටහන සැලසුම් කර තිබේ.

මෙම වැඩසටහන යටතේ ජනමාධ්‍යවේදීන්, මාධ්‍ය සිසුන්, පුරවැසි මාධ්‍යවේදීන්, මාධ්‍ය පුහුණුකරුවන් සහ අධ්‍යාපනඥයන්, බ්ලොග්කරුවන්, දෘශ්‍ය කතා නිර්මාණවේදීන් සහ මාධ්‍ය පරිශීලකයන් ඇතුළු 300 ක පිරිසක් පුහුණු කෙරනු ඇත.

අයදුම්පත් සබැඳිය පහත දැක්වේ.

Hot this week

Sri Lanka Airbus probe shaken by ex-CEO’s death

Speed Read Ex-CEO of SriLankan Kapila Chandrasena found dead under...

Sri Lanka’s Treasury heist exposes gaps in debt management system and 24/7 security shield

Speed Read: A debt payment to Export Finance Australia was...

Sri Lanka hit by fuel storage capacity, not supply

Speed read Sri Lanka’s fuel system is constrained by limited...

Sri Lanka’s air quality crisis: where data gaps meet drifting pollution

Speed read In Sri Lanka, air quality consistently deteriorates between...

Toxic fallout: Mercury fears, substandard coal and a governance crisis converge at Norochcholai

Speed read Mercury(hg) concerns linked to substandard coal at the...

Topics

Sri Lanka Airbus probe shaken by ex-CEO’s death

Speed Read Ex-CEO of SriLankan Kapila Chandrasena found dead under...

Sri Lanka hit by fuel storage capacity, not supply

Speed read Sri Lanka’s fuel system is constrained by limited...

Sri Lanka’s air quality crisis: where data gaps meet drifting pollution

Speed read In Sri Lanka, air quality consistently deteriorates between...

GIJN Launches Global Academy of Investigative Journalism

The Global Investigative Journalism Network (GIJN) has launched the...

Easter 2019: A tragedy foretold and still unresolved

Seven years ago, on 21 April 2019, sun dawned...

Sri Lanka’s Bumpy Road to a Political Reset

Sri Lanka is navigating a fragile political transition following...

Related Articles

Popular Categories