Monday, April 20, 2026
33.4 C
Colombo

මාධ්‍යවේදීන් සඳහා පසු-වසංගත දත්ත පදනම් කතා සංකල්ප පහක්

එන්නත්කරණය වේගයෙන් ලොව පුරා  බොහෝ ප්‍රදේශවල සිදුවෙද්දී  දෙවරක් එන්නත්කරණයට ලක් වූ අයට ප්‍රතිශක්ති වර්ධකයක් ලෙස තෙවැනි මාත්‍රාවද ලබා දෙමින් පවතින පසුබිමක් දැන් පවතී. ඒ සමඟ   COVID-19 වසංගතයේ අවසානයක් දැකීමේ බලාපොරොත්තු සිත් තුළ අපි ඇති කර ගන්නෙමු. සමහර රටවල් තවමත් ඔවුන්ගේ නවතම ආසාදන රැල්ල සමඟ පොර බදමින් සිටින අතරේ සෙසු රටවල් ඔවුන්ගේ ආර්ථිකයන්, අධ්‍යාපනය සහ වෙනත් සමාජ අංශ නැවත විවෘත කිරීමට කටයුතු කරමින් සිටී.

කොවිඩ් 19 වසංගතය ආරම්භ වූ 2020 මුල් භාගයේ සිට, කොවිඩ්-19 පිළිබඳ දත්ත පදනම් වූ වාර්තාකරණය අදියර කිහිපයක් හරහා මේ වනවිට ඉදිරියට පැමිණ ඇත.. මුලදී බොහෝ ලෙස අවධානය යොමු කෙරුණේ වසංගතය කෙරෙහි ය.පසුව ආසාදන මට්ටම්වල ප්‍රගතිය සහ ප්‍රවණතා ද පසුව, එය එන්නත් අනුපාත සහ කාර්යක්ෂමතාව ගැන ද  විය.මේ සියල්ල සිදුවූයේ දත්ත පදනම් කරගෙනය.

 දත්ත සමඟ අපට කළ හැක්කේ එපමණක් නොවේ. වසංගතයේ දෙවන භාගය  වෙත ගමන් කරන විට වෛරසයේ වෙනස්කම් සහ බලපෑම් දත්ත මගින් මිනිය හැකි වූ අතර එය අපේ ලෝකයට සිදු කරන වෙනස්කම් මනාව හඳුනා ගැනීමට මෙම දත්ත උපකාරී විය.  අපගේ වත්මන් පද්ධති තුළ ඇති අඩුපාඩු පිළිබඳව මෙම දත්ත මඟින් හෙළි වුණු අතර   වසංගතයේ ඊළඟ ව්‍යසනය පාලනය කිරීමට හෝ  එයින් වැළකීමට ගත යුතු පියවර පිළිබඳව දිගු කාලීන යෝජනා සැකසීමට එය පදනමක් කර ගත හැකිය. .

ගූගල් නිව්ස් ඉනිෂියේටිව් හි සහයෙන් 2021 ජුනි මාසයේදී WAN-IFRA APAC (ලෝක පුවත් ප්‍රකාශකයින්ගේ සංගමය, ආසියා පැසිෆික් කමිටුව) විසින් සංවිධානය කරන ලද  කොවිඩ් 19 සහ මහජන සෞඛ්‍ය දත්ත කතන්ද කීම නම්  වැඩමුළු මාලාවේ (COVID-19 and Public Health Data Storytelling මෙය අවධානයට යොමු විය.

අන්තර්ජාල සැසි තුනකදී, මා අග්නිදිග ආසියාව පුරා මාධ්‍ය ප්‍රකාශන  46ක් කියෝජනය කරමින් සහභාගී වූ  මාධ්‍යවේදීන් 283ක් සමඟ හුවමාරු කර ගත් දැනුම අතර පුධාන එකක් වූයේ වසංගත සහ අදාළ මහජන සෞඛ්‍ය ගැටලු පිළිබඳව වාර්තා කිරීම ශක්තිමත් කිරීම සඳහා දත්තවල බලය උපයෝගී කර ගැනීමේ මූලධර්ම සහ ප්‍රායෝගික කුසලතා පිළිබඳවය.

1 දත්ත රැස් කිරීම සහ පසුවිපරම

මගේ වැඩමුළුවේ දී අවධාරණය කළ ප්‍රධාන කරුණුවලින් එකක්  වූයේ  පශ්චාත් වසංගත තත්ත්වය පිළිබඳව පරීක්ෂණ සඳහා මාධ්‍යවේදීන් දත්ත රැස් කිරීම සහ අධීක්ෂණය කිරීම ආරම්භ කළ යුතු බවය.

බොහෝ ආසියාතික රටවල රජයන් දත්ත නිකුත් කරනු ලබන්නේ වාර්ෂික පදනමිනි.  එම රටවල් මේ වනවිට  2020 වසර සඳහා දත්ත නිකුත් කිරීම ආරම්භ කර ඇත. වසංගතයේ බලපෑම ප්‍රමාණ කිරීමට සහ මැනීමට මෙන්ම  වැදගත් ප්‍රශ්නවලට පිළිතුරු සොයා ගැනීමට මෙම දත්ත   මාධ්‍යවේදීන්ට ඉඩ සලසයි . එසේම වසංගත තත්ත්වය අවස්ථාවක් කරගෙන පොහොසත් වූ පුද්ගලයන් කවුරුන්ද යන්න පිළිබඳව පවා අවබෝධයක් ලබා ගැනීමට ඇතැම් විට එම දත්ත ඉඩ සලසයි.

නිදසුනක් වශයෙන්, බොහෝ ආණ්ඩු වසංගත ආශ්‍රිත මිලදී ගැනීම් කිරීමට සහ ප්‍රතිපත්ති අනුමත කිරීමට අදාළ බලධාරීන්ට සහ පාර්ශ්වයන්ට නිදහස  ලබා දී ඇත. කෙසේ වෙතත්, මේ නිදහස උපයෝගී කරගෙන බ්‍රසීලයේ මාධ්‍යවේදීන් දත්ත රැස්කිරීම සහ විශ්ලේෂණය මගින් රජය විසින් ශ්වසන යන්ත්‍ර මිලදී ගැනීමේ අක්‍රමිකතා සහ දූෂණ හෙළිදරව් කර ඇත. නයිජීරියාවේ එවැනිම දත්ත පදනම් වූ විමර්ශනවලදී කොවිඩ් -19 වෛරසය සමඟ සටන් කිරීමට භාවිතා කරන සෞඛ්‍ය සැපයුම් අධික මිලකට මිලදී ගෙන ඇති බව අනාවරණය විය.

2.  අවදානම් සහගත සමාජ කණ්ඩායම් මත බලපෑම මැනීම

වසංගතය හේතුවෙන්  දැඩි ලෙස පීඩාවට පත් වූ අවදානමට ලක්වූ මෙන්ම අඩු වරප්‍රසාද ලත් ප්‍රජාවන් ප්‍රකෘතිමත් කිරීම සඳහා  රජයයන් විසින් ක්‍රියාත්මක කරනු ලබන ආධාර සහ ප්‍රතිසාධන වැඩසටහන් වල ඵලදායීතාව මැනවින් හඳුනා ගැනීමේදී මාධ්‍යෙව්දීන්ට  මෙම දත්ත කදිම මෙවලමක් බවට පත්වෙයි.

එහිදී දත්ත මත විමසීමට ලක් කළහැකි ප්‍රශ්න කිහිපයක් පහත දැක්වෙයි.

  • වසංගතයේ මාස 6 සිට 12 දක්වා කාලය තුළ අපේ සමාජයේ දුප්පත්ම පවුල්වලට සිදු වූයේ කුමක්ද?
  • වෛරසයෙන් දෙමාපියන් අහිමි වූ දරුවන්ට මොකද වුණේ?
  • ඇත්තටම රජයේ ආධාර ගියේ අවශ්‍ය ම අයටද?
  • කවුරුන් හෝ වසංගත ප්‍රතිපත්ති හෝ වැඩසටහන්වලින් ප්‍රයෝජන ගත්තාද?

3. සමාජ අසමානතා නිරීක්ෂණය කිරීමට දත්ත 

වසංගතය පන්ති අතර පරතරය පුළුල් කර ඔබගේ රටේ අසමානතාවය වැඩි කර ඇත්තේ යම් සේද , COVID-19 එන්නත් නිකුත් කිරීම දී ද එම අසමානතාවම  අනුගමනය කිරීමට බොහෝ දුරට ඉඩ ඇත.

මාධ්‍යවේදීන්ට මෙම දත්ත භාවිතා කරමින් වැරදි හෙළිදරව් කළ හැකියට. එසේම සිදුවන වැරදිවලට සංශෝධන  ඉල්ලා සිටිය හැකිය. ඊට එක් හොඳ උදාහරණයක් කැනඩාවේ ස්වාධීන ප්‍රකාශනයක් වන “ද ලෝකල් ලබා දුන්නේ ඔන්ටාරියෝ නගරයේ එන්නත්කරණ සැලසුමෙන්  ටොරොන්ටෝ හි වඩාත් අවදානමට ලක්විය හැකි ප්‍රදේශ මඟ හැරී ඇති ආකාරයයි. ඔවුන් එය පෙන්වා දුන්නේ  සිතියම් භාවිත කරමිනි.

4. ඕනෑම වසංගතයක් සඳහා සූදානම් වීමට අදහසක්

වැඩමුළු අතරතුර හඳුනා ගන්නා ලද  කරන ලද තවත් කරුණක්  වූයේ මීළඟ වසංගතය වැළැක්වීම සහ ඒ සඳහා සූදානම් වීමය. පුරෝකථනය කිරීමේ කලාව සාමාන්‍යයෙන් මාධ්‍යවේදීන්ගේ විශේෂඥභාවයට අයත් නොවුණද  ඔවුන්ට තවමත් විවිධ පැතිරීම්වලට සම්බන්ධ දර්ශක නිරීක්ෂණය කිරීමෙන් මහජනතාව දැනුවත් කළ හැකිය – උදාහරණයක් ලෙස, වනජීවී වෙළඳාම සහ වන විනාශය.

5. දත්ත හැසිරවීමේ කුසලතාවලින් ක්ෂණිකව වැඩ ගැනීම  

වාර්තා සකස් කිරීමේදී සහ දත්ත වාර්තාකරණයේදී දැක්විය යුතු කුසලතා පිළිබඳව දැනුම්වත් කිරීමට අමතරව  වැඩමුළුව සහභාගි වන්නන්ට දත්ත දෘශ්‍යකරණය සඳහා හොඳම භාවිත සහ සබැඳි මෙවලම් ද හඳුන්වා දීමට ද හැකිවිය. .

මීට සහභාගී වූ පුද්ගලයන් ලබාගත් දැනුම ක්ෂණිකවම තම කටයුතුවලදී භාවිතයට ගැනීමද දක්නට ලැබුණි.  මැලේ සහ චීන භාෂාවෙන් මුද්‍රණය වන සින්චූ ඩේලි Sinchew Daily පුවත්පතේ මාධ්‍යවේදීන් මෙලස ක්ෂණිකව තම දැනුම භාවිත කළ මාධ්‍යවේදීන් වන අතර ඔවුහු  Covid-19 තත්ත්වය වඩාත් ආකර්ශණීය ලෙස නිරූපණය කරන අන්තර් ක්‍රියාකාරී ප්‍රස්ථාර නිර්මාණය කිරීම සඳහා Flourish නම් අන්තර්ජාල  දෘශ්‍යකරණ මෙවලමක් භාවිතා කළහ.

මෙම ලිපිය මුලින්ම පළ කළේ WAN-IFRA වෙබ් අඩවියේය. එය අවසරය ඇතිව GIJN වෙබ අඩවියේ පළ කර ඇති අතර  එහි කර්තෘ කුඑක් සර් කුවාන්ග්  Kuek Ser Kuang  යනු මැලේසියාවේ ක්වාලාලම්පූර් හි  සම්මානලාභී ඩිජිටල් මාධ්‍යවේදියෙකි.

ඔහු විමර්ශණාත්මක මාධ්‍යකරණය පිළිබඳව ගෝලීය ජාලය සම්පත්දායකයකු ලෙස නම් කර ඇති ඩිජිටල් මාධ්‍යවේදියෙකි.  Data-N නම් පුහුණු මාලාවේ  නිර්මාතෘවරයා ද වන අතර එය දෛනික වාර්තාකරණයට දත්ත පුවත්පත් කලාව ඒකාබද්ධ කිරීමට මාධ්‍යවේදීන්ට උපකාර කරයි. ෆොරීන් පොලිසි (Foreign Policy)  BBC ලෝක සේවය, මීඩියා ක්‍රොප්  (Mediacorp), සහ මැලේසියාකිනි (Malaysiakini) වැනි ප්‍රකාශනවලට දත්ත, දෘශ්‍ය සහ අන්තර් ක්‍රියාකාරී සංරචක සමඟින් ඔවුන්ගේ කතන්දර කීමේ හැකියාව වැඩිදියුණු කිරීමට Data-N පුහුණු වැඩසටහන මාධ්‍යවේදීන්ට උපකාර කර ඇත.

මූලාශ්‍රය

This story was originally published by the Global Investigative Journalism Network (GIJN)

Hot this week

AI Tools & Social Norms are Making the Internet Unsafer For Women

As generative AI usage rises in India, image, video,...

Energy minister under fire as NPP confronts first no-confidence motion over corruption charges

COLOMBO – Sri Lanka’s ruling National People’s Power (NPP)...

Six extraordinary stories on intangible losses due to climate change

There are many climate change stories but those that...

From maritime tensions to economic recovery: Can Sri Lanka navigate the next decade?

Speed Read: Sri Lanka’s relationship with neighboring India remains central...

Holding the Power of Big Tech Accountable

by Sandrine Rigaud • March 24, 2026 Editor’s Note: This is the...

Topics

AI Tools & Social Norms are Making the Internet Unsafer For Women

As generative AI usage rises in India, image, video,...

Energy minister under fire as NPP confronts first no-confidence motion over corruption charges

COLOMBO – Sri Lanka’s ruling National People’s Power (NPP)...

Six extraordinary stories on intangible losses due to climate change

There are many climate change stories but those that...

From maritime tensions to economic recovery: Can Sri Lanka navigate the next decade?

Speed Read: Sri Lanka’s relationship with neighboring India remains central...

Holding the Power of Big Tech Accountable

by Sandrine Rigaud • March 24, 2026 Editor’s Note: This is the...

Counter narratives and tackling harmful content

Ove the past year, the Center for Investigative Reporting...

Sri Lanka’s missing tuberculosis patients: 5,000 cases annually go undetected

Speed Read: Up to 5,000 tuberculosis patients annually go undetected...

Section 377: A Colonial-Era Law That Still Governs Queer Lives in Asia

by Shivansh Srivastava. Introduced during British rule, Section 377 and...

Related Articles

Popular Categories