සමාරම්භක සැසිය: විමර්ශනාත්මක වාර්තාකරණ මධ්‍යස්ථානය සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන එක්ව දියත් කරන මාධ්‍ය සාක්ෂරතා පුහුණු වැඩසටහන

විමර්ශනාත්මක වාර්තාකරණ මධ්‍යස්ථානය (CIR) එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) සමඟ එක්ව දියත් කරනු ලබන මාධ්‍ය සාක්ෂරතා මූලිකාංග පුහුණු වැඩසටහන් මාලාවේ සමාරම්භක සැසිය ජූනි 26 සෙනසුරාදා පැවැත්වේ.

සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවලින් මෙහෙයවනු ලබන සැසි 18 කින් යුත් මෙම පුහුණු සැසි මාලාව හරහා ජනමාධ්‍යවේදීන්, ප්‍රජා ක්‍රියාකාරිකයන් ඇතුළු මාධ්‍ය සාක්ෂරතාව හැදෑරීම සඳහා උනන්දුවක් ඇති පුරවැසියන් දැනුවත් කිරීම අරමුණයි.

රට තුළ තොරතුරු සාක්ෂරතාවය ප්‍රවර්ධනය කිරීම සඳහා මෙන්ම තොරතුරු සාක්ෂරතා මෙවලම් පිළිබඳ දැනුම සහ භාවිතය ජනමාධ්‍යවේදීන්ට මෙන්ම මාධ්‍ය සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන ප්‍රජාව වෙත ද ප්‍රචලිත කිරීම අරමුණු කරගනිමින් සහභාගී වන පිරිසට මාධ්‍ය සාක්ෂරතාවය පිළිබඳ මූලික පුහුණුවක් මෙහිදී ලබා දෙනු ඇත. මාධ්‍ය අන්තර්ගත නිර්මාණකරුවන් මෙන්ම මාධ්‍ය පරිශීලකයන් ද සත්‍යාපන මෙවලම් භාවිතය පිළිබඳ දැනුමින් සවිබල ගැන්වීම සහ මාධ්‍ය කලාවේ ආචාරධර්ම සංරචකයන් ප්‍රවර්ධනය කිරීම යන අරමුණු සහිතව මෙම වැඩසටහන සැලසුම් කර තිබේ.

මෙම වැඩසටහන යටතේ ජනමාධ්‍යවේදීන්, මාධ්‍ය සිසුන්, පුරවැසි මාධ්‍යවේදීන්, මාධ්‍ය පුහුණුකරුවන් සහ අධ්‍යාපනඥයන්, බ්ලොග්කරුවන්, දෘශ්‍ය කතා නිර්මාණවේදීන් සහ මාධ්‍ය පරිශීලකයන් ඇතුළු 300 ක පිරිසක් පුහුණු කෙරනු ඇත.

මෙම වැඩසටහනේ ඉදිරි පුහුණු සැසි සඳහා තවදුරටත් අයදුම්පත් පහත සබැඳිය ඔස්සේ ඉදිරිපත් කළ හැකිය.

Hot this week

The Diplomat, the Chameleon, the Bloodhound: Understanding Newsroom Personalities

Investigative journalists are a bit peculiar. Many of us...

Dilrukshi Handunnetti Delivers Presidential Address at MICC 2026

CIR Co-founder Dilrukshi Handunnetti delivered the Presidential Address at...

Shifting sands, sinking communities 

Beneath the Sands, published in 2023, is a collaborative...

Seven years later, Easter Sunday attack verdict brings long-awaited convictions

Speed Read Ending a five-year trial, a Colombo High Court...

Sri Lanka’s campaign finance law shows higher compliance but transparency lags

Speed read Sri Lanka’s campaign finance law has produced high...

Topics

Call for Applications: 2027 Ochberg Fellowships

Ends on Wed, Oct 21, 2026 2:30 AM The GCJT...

AI women, political deepfakes and Facebook’s failure

Colombo— What began as a disturbing experiment in manufacturing...

DBS Jeyaraj, remembering a journalist who kept truth alive

David Buell Sabapathy Jeyaraj (DBS) left behind more than...

Related Articles

Popular Categories