SAWM-SL ඩිජිටල් සමානාත්මතා AI පුහුණු වැඩමුළු සඳහා  අයදුම්පත් දැන් විවෘතයි

දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ  සංගමය (SLWJA), ශ්‍රී ලංකා මුස්ලිම් මාධ්‍ය සංසදය (SLMMF) සහ යාපනය මාධ්‍ය සමාජය (JPC) සමඟ එක්ව සංවිධානය කරනු ලබන කාන්තා මාධ්‍යවේදීන්, සිවිල් සමාජ ක්‍රියාකාරීන් සහ ප්‍රතිපත්ති සම්පාදකයින් සඳහා වන ඩිජිටල් සමානාත්මතා: AI පුහුණු වැඩමුළු (Digital Equity SL:  AI training) සඳහා අයදුම්පත් කැදවීම දැන් සිදුකරනු ලැබේ.

ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී කොළඹ, යාපනය, මහනුවර සහ පුත්තලම යන නගරවල පැවැත්වීමට නියමිත මෙම පූර්ණ දින වැඩමුළු සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවලින් පැවැත්වෙන අතර, පසුව මාර්ගගත පසුවිපරම් සැසි ද පැවැත්වේ.

AI භාවිතයෙන් වාර්තාකරණය සහ අනෙකුත් වෘත්තීය කටයුතු වැඩිදියුණු කර ගැනීම මෙන්ම, AI තාක්ෂණය අයුතු ලෙස භාවිත කිරීමෙන් එල්ල විය හැකි තර්ජනවලින් ආරක්ෂා වීම සඳහා අවශ්‍ය හැකියාවන්  යන ද්වීත්ව හැකියාවන් ගෙන් සහභාගිවන්නන් සන්නද්ධ කිරීම මෙම පුහුණුවේ ප්‍රධාන අරමුණයි.

න්‍යායාත්මක දැනුම සහ ප්‍රායෝගික පුහුණුව ඒකාබද්ධ කරමින් පැවැත්වෙන වැඩමුළුවලදී AI පිළිබඳ මූලික සංකල්ප, ප්‍රායෝගික AI මෙවලම්, තාක්ෂණය හරහා සිදුවන ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය (TFGBV) හඳුනාගැනීම සහ ඊට ප්‍රතිචාර දැක්වීම, ඩිජිටල් ආරක්ෂාව, දත්ත ආරක්ෂණය, AI සදාචාරාත්මකව භාවිත කිරීම සහ උපදේශන කටයුතු සඳහා AI භාවිතය ඇතුළු කරුණු ආවරණය කෙරේ.

ඒ අනුව, AI මෙවලම් වගකීමෙන් හා සදාචාරාත්මකව භාවිත කිරීම, AI මගින් මෙහෙයවනු ලබන තර්ජන හඳුනාගැනීම සහ ඩිජිටල් ආරක්ෂණ ක්‍රමවේද ක්‍රියාත්මක කිරීම සඳහා සහභාගිවන්නන්ට ප්‍රායෝගික දැනුම සහ කුසලතා ලබාදීම අපේක්ෂා කෙරේ.

මෙම වැඩමුළු මෙහෙයවනු ලබන්නේ බලපෑම් මෙහෙයුම්, සාවද්‍ය තොරතුරු සහ ඩිජිටල් ආරක්ෂාව පිළිබඳ ජාත්‍යන්තර අධිකාරියක් වන ආචාර්ය සංජන හත්තොටුව විසිනි.

“නවීන ප්‍රවෘත්ති කාමර, උපදේශන වැඩසටහන් සහ ඩිජිටල් අවකාශය තුළ නායකත්වය ගැනීමට අවශ්‍ය තාක්ෂණික දැනුම මෙන්ම, වේගයෙන් වෙනස් වන ඩිජිටල් පරිසරය තුළ තමන් ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය මෙවලම් ද කාන්තා මාධ්‍යවේදීන්, අයිතීන් වෙනුවෙන් පෙනී සිටින්නන් , සිවිල් ක්‍රියාකාරීන් සහ ප්‍රතිපත්ති සම්පාදකයන් සතුව ඇති බව සහතික කිරීම මෙම වැඩසටහනේ අරමුණයි,” වැඩසටහන් ප්‍රධානී සහ SAWM ශ්‍රී ලංකා භාරකාරිනී ලෙස කටයුතු කරන ශාර්මිණි බොයිල් වැඩසටහන ගැන අදහස් දක්වමින් පැවසීය.

මාධ්‍ය ආයතන නියෝජනය කරන මාධ්‍යවේදීන්, නිදහස් මාධ්‍යවේදීන්, සිවිල් සමාජ සංවිධාන සහ පළාත් පාලන ආයතනවල නියෝජිතයන් ඇතුළු මේ පිලිබඳ උනන්දුවක් දක්වන අයට 2026 සැප්තැම්බර් 15 දිනට පෙර අයදුම් කළ හැකිය.

අයදුම්පත්: https://www.sawmsrilanka.org/ai-training-2026

වැඩමුළු කාලසටහන

2026 ඔක්තෝබර් 13 — කොළඹ (සිංහල)

2026 ඔක්තෝබර් 20 — යාපනය (දෙමළ)

2026 ඔක්තෝබර් 27 — මහනුවර (සිංහල)

2026 නොවැම්බර් 3 — පුත්තලම (සිංහල/දෙමළ)

2026 නොවැම්බර් 10 — කොළඹ (ඉංග්‍රීසි)

මෙම වැඩමුළු “Digital Equity SL: Responsible AI Empowering Women, Media and Civil Society – AI Literacy Workshops for Women Journalists, Civil Society Actors and Policy Makers” වැඩසටහනේ කොටසක් වන අතර, Canada Fund for Local Initiatives (CFLI) හි සහාය මත ක්‍රියාත්මක වේ.

වැඩි විස්තර සඳහා: sawmsrilanka@gmail.com

Hot this week

Digital Safety for Women Leaders

The Center for Investigative Reporting (CIR) Sri Lanka invites...

Complaint seeks probe into $313,000 government sponsorship for private broadcaster in Sri Lanka

Speed Read The Social Media Journalists for Democracy in Sri...

Reporting from the Frontlines: Natural Disaster Safety for Women Journalists

The Center for Investigative Reporting (CIR) Sri Lanka invites...

We are Hiring: Investigative Journalists (Full-Time, English)

The Centre for Investigative Reporting (CIR) Sri Lanka is...

How can women journalists stay safe while reporting on natural disasters?

On October 28, the Center for Investigative Reporting (CIR)...

Topics

Digital Safety for Women Leaders

The Center for Investigative Reporting (CIR) Sri Lanka invites...

Complaint seeks probe into $313,000 government sponsorship for private broadcaster in Sri Lanka

Speed Read The Social Media Journalists for Democracy in Sri...

Reporting from the Frontlines: Natural Disaster Safety for Women Journalists

The Center for Investigative Reporting (CIR) Sri Lanka invites...

We are Hiring: Investigative Journalists (Full-Time, English)

The Centre for Investigative Reporting (CIR) Sri Lanka is...

How can women journalists stay safe while reporting on natural disasters?

On October 28, the Center for Investigative Reporting (CIR)...

Colombo’s heritage buildings face an uncertain future as development pressures grow

Speed Read Colombo’s heritage buildings are being renovated and repurposed...

Journalists Across Asia Face Police Action in Growing Crackdown on Movements

Journalist associations say that press freedom remains a major...

Reporting from the Frontlines: Climate Crisis Safety for Women Journalists

The Centre for Investigative Reporting (CIR) and the Nepal...

Related Articles

Popular Categories