Wednesday, May 13, 2026
27 C
Colombo

BuzzFeed News හි ක්‍රේග් සිල්වර්මාන් කියන අන්තර්ජාලයේ වැරදි අල්ලන ජනප්‍රිය මෙවලම්

මාධ්‍යවේදීන්ගේ ප්‍රියතම මෙවලම් පිළිබඳ අපගේ ලිපි මාලාව සඳහා, අපි BuzzFeed News හි සංස්කාරක ක්‍රේග් සිල්වර්මන්  සමඟ කතා කළෙමු.

අන්තර්ජාලය තුළ  වැරදි තොරතුරු සහ “ව්‍යාජ ප්‍රවෘත්ති” නිර්මාණය වීම ලෝකය පුරා දක්නට ඇති දෙයකි. මෙම නව තත්ත්ව සමඟ හැඩ ගැසීම සහ ඊට ගැලපෙන අයුරින් කටයුතු කිරීමට අද මාධ්‍යවේදීන්ට  සිදුව ඇත.  අන්තර්ජාලය තුළ වැරදි තොරතුරු සහ ව්‍යාජ ප්‍රවෘත්ති ප්‍රචාරය වීම පිළිබඳව විමර්ශණය කිරීමේ ලෝක මට්ටමේ විශේෂඥයෙකු වන ක්‍රේග් සිල්වර්මාන්  කරුණු සත්‍යදැයි තහවුරු කර ගැනීම සහ ඩිජිටල් අන්තර්ගතය සත්‍යාපනය කිරීමට නිශ්චිත මාර්ගෝපදේශයක් නැමැති කෘතිය (Verification Handbook: A Definitive Guide to Verifying Digital Content for Emergency Coverage.) ඇතුළුව කරුණු විකෘති කිරීම හඳුනාගැනීම සහ ඒවා විසඳා ගන්නා ආකාරය  පිළිබඳ පොත් ගණනාවක් රචනා කොට සහ  සංස්කරණය කර ඇත.

2016 වසරේදි පැවැති ඇමෙරිකානු ජනාධිපති ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් පත් කෙරුණු ජනාධිපතිවරණයට දින ගණනාවකට පෙරාතුව සිල්වර්මන් විසින් මැසිඩෝනියාවේ කුඩා නගරයක් දේශපාලන වැරදි තොරතුරු කම්හලක් බවට පත් වූ ආකාරය හෙළි කරමින් සිදු කළ  විමර්ශනය බොහෝ තැන්වලදී හුවා දැක්වෙන තරමේ විශේෂිත වාර්තාවක් විය. ට්‍රම්ප් ට පක්ෂපාතී වෙබ් අඩවි 100කට අධික සංඛ්‍යාවක් පවත්වාගෙන යමින්, මැසිඩෝනියානු නව යෞවනයන් කණ්ඩායමක් විසින් එක්සත් ජනපද ඡන්දදායකයින් සංඛ්‍යාවක් වෙත ළඟා වෙමින් ඒවාට බලපෑම් කරනු ලබමින් සිට ඇත.

මේ වසරේ, සිල්වර්මන් අවධානය යොමු කර ඇත්තේ කොවිඩ් 19 වසංගතය හමුවේ  ගසා කන වාණිජ වංචාකරුවන් පිළිබඳ විමර්ශණයටය.

මෑතකදී GIJN හි කොවිඩ් 19 වසංගතය සම්බන්ධයෙන් පැතිරෙන වැරදි තොරතුරු පිළිබඳ මාධ්‍යවේදීන් වෙනුවෙන් පැවති වෙබි සම්මන්ත්‍රණයේදී ඔහු වාර්තාකරුවන්ගෙන් ඉල්ලා සිටියේ  ඔවුන් OSINT (විවෘත මූලාශ්‍ර බුද්ධිය) පිළිබඳ දැනුමක් සහ තිබුණත්  නැතත්  පළමුව  මාධ්‍යවේදීන් විසින් අන්තර්ජාලයේ සිදු කරන  සෙවීම් සහ ඔවුන් ඉදිරියෙන් ඇති වෙබ් පිටු ගැන උසස් මෙවලම්වලට යාමට පෙර සිතා බලන ලෙසය

ෆේස්බුක් පිටු පිළිබඳව සැලකීමේදී එම පිටුවේ හිමිකරු සහ මෙහෙයවන්නා කවුද යන වග පිළිබඳව තොරතුරු රාශියක් ඉදිරිපත් ව තිබිය හැකි බව සිල්වර්මාන් පවසයි. එසේම අදාළ ෆේස්බුක් පිටුවෙහි  විනිවිදභාවය , අදාළ පිටුව තුළ ඇති වෙනත් වෙබ් අඩවි හෝ ෆේස්බුක් ගිණුම් හො පිටු පිළිබඳව පවතින යෝජනා,  පැති තීරුවේ  ඇති අයිතම,  ෆේස්බුක් පිටුව සමඟ කාවැද්දු (එම්බෙඩ් කළ අන්තර්ජාල සබැඳි – URL, සහ යම් පිටුවකට යෙදූ  මුල්ම ඡායාරූප ආදිය පිළිබඳව සියුම් පරීක්ෂාවකින් එම පිටුවේ අවංක හෝ ව්‍යාජ භාවය පිළිබඳව යම් වැටහමක් ලද හැකිය.

“තිබෙන ප්‍රශ්නේ  නම් දැනට පවතින මෙවලම් බොහොමයක් මාධ්‍යවේදීන් සඳහා ගොඩනගා ඇතිඒවා නොවීමයි. ඊට හේතුවක් තිබෙනවා.   මන්ද ප්‍රවෘත්ති ආයතනවලට විශාල මුදලක් ඒ සඳහා වැය කළ නොහැකියි” ඔහු GIJN වෙත එසේ පවසයි. “එබැවින් මා භාවිතා කරන බොහෝ මෙවලම් නිෂ්පාදනය කර තිබෙන්නේ අලෙවිකරුවන් හෝ තොරතුරු ආරක්ෂණ පුද්ගලයින් සඳහායි. ඒ නිසා මාධ්‍යවේදීන් මතක තබා ගත යුතු දෙය නම්,  බොහෝ විට වෙනත් අරමුණු සඳහා සාදන ලද මෙවලම් භාවිතා කිරීමට අප ඉගෙන ගත යුතු වීමයි. ඒවා අපගේ අවශ්‍යතාවට අනුව  භාවිත කළ හැති ආකාරය පිළිබඳව සොයා බැලිය යුතුයි.”

Silverman පවසන්නේ Facebook පිටුවල ඇති Page Transparency box (ඉහළ) සහ Related Pages වැනි සම්මත විශේෂාංග වලට සාවද්‍ය තොරතුරු ජාල අගුළු හරින තීක්ෂ්ණ බුද්ධියක් ලබා දිය හැකි බවයි. තිර රුවක් (Screenshot)

මැයි මාසයේදී, සිල්වර්මන් ක්‍රවුඩ් ට්‍රෑන්ගල් නම් සමාජ මාධ්‍ය මෙවලම භාවිත කරමින් “දඩයමක් “ පසුපස ගියේය.  ඒ ඇමෙරිකාවේ ඇරිසෝනා හි දැඩි සත්කාර හෙදියක් විසින් ලියන ලද, ෆේස්බුක් තුළින් පුළුල් ලෙස ව්‍යාප්ත වූ  වැරදි තොරතුරු සහිත පෝස්ටුවක් පිළිබඳවය. එරික් සර්ටෝරි නම් එම හෙද නිලධාරියා එම ෆේස්බුක් සටහනින් පවසා තිබුණේ  ඔහු සහ කොරෝනා වයිරස් රෝගීන්ට ප්‍රතිකාර කරන සෙසු හෙද  නිලධාරීන් වෛරසය නොපවතින බවට ප්‍රෝඩාවක් මත පදනම්ව අන්තර්ජාලය හරහා  අපයෝජනයන් ට සහ මරණ තර්ජනවලට ඉලක්ක වී ඇති බවය.  සාර්ටෝරිට එහිදී “අර්බුද රඟ දක්වන්නකු ” යැයි චෝදනාවක් ද එල්ල විය.

සිල්වර්මාන් එම පුද්ගලයා සැබවින්ම හෙද නිලදාරියකුද යන්න තහවුරු කිරීම සඳහා අන්තර්ජාලය හරහා මූලික විමර්ශණයක් සිදු කළේය. පසුව ෆේස්බුක් මැසෙන්ජර්  ඔස්සේ  දුරකථන සම්මුඛ සාකච්ඡාවක් ඔහු සමඟ සිදු කළේය.

“ලෝකයේ වඩාත්ම විශ්වාසදායක වෘත්තියක් වන හෙද සේවයට මේ ආකාරයෙන් පහර දීම  මට ප්‍රශ්නයක් වුණා. එවැනි තත්ත්වයකදී  ඔවුන් දැන් ඔවුන්ගේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වීමත් , වැරදි තොරතුරුවලට  ඉලක්ක වී ඇතිය යන අදහසත් ඉතා කරදරකාරී එකක්,” සිල්වර්මන් පවසයි.

“හදිසියේම මිනිස්සු හෙදියන්ට කිව්වේ බොරුකාරයෝ කියලා. එවැනි චෝදනාවක් එල්ල වීම  හෙදියක් සඳහා සම්පූර්ණයෙන්ම කරදරකාරී තත්ත්වයක්. මම හිතන්නේ මෙම කතාව මගින් සම්පූර්ණයෙන්  වැරදි තොරතුරු මානුෂීයකරණය කර ඇති බව – එයට එක්සත් ජනපදයේ වසර 17 ක් අඛණ්ඩව වඩාත්ම විශ්වාසදායක වූ වෘත්තියක් වන හෙද වෘත්තිය පිළිබඳව ඇති වන හැඟිම අසාධාරණ ලෙස වෙනස් කළ හැකියි.“

ඩිජිටල් විමර්ශන සඳහා සිල්වර්මාන් භාවිත කරන මෙවලම්

  • වීඩියෝ විශ්ලේෂණය YouTube Data Viewer සහ InVID verification.
  • වෙබ් අඩවි විශ්ලේෂණය: Domain Big Data, Whoisology, සහ ViewDNS.
  • සමාජ මාධ්‍ය සෙවීම්: Foller.me, Followerwonk, සහ Twitonomy (Twitter analytics), Who posted what? (Facebook මූල පද සෙවුම්), සහ Gramspy (Instagram සෙවුම්).
  • අන්තර්ජාලයේ  පුද්ගලයින් සොයා ගැනීම: Name2Email, Spokeo , සහ Pipl.
  • අන්තර්ජාල වෙළෙඳ දැන්වීම් විශ්ලේෂණය: Moat.
  • ඡායාරූප විශ්ලේෂණය: TinEye සහ Yandex.
  • සබැඳි ඉතිහාසය: Wayback Machine.

මාධ්‍ය හැසිරවීම විමර්ශනය කිරීම සඳහා භාවිත කෙරෙන ඉහළම මෙවලම්

CrowdTangle

“ලැයිස්තුවේ ඉහළින්ම CrowdTangle සිටිය යුතුය. විශේෂයෙන්ම, CrowdTangle සෙවුම පළිබදව සඳහන් කළහොත් එය  නොමිලේ ලබා දෙන නමුත් ඔබට ගිණුමක් ලබා ගත යතු මෙවලමකි. . Instagram, Facebook, සහ Reddit හරහා මිනිසුන් බෙදාගෙන ඇති දේ බැලීමට ඔබට කාලය අනුව, රට අනුව, බොහෝ [නිර්ණායක] අනුව මෙම මෙවලම මඟින් යම් අන්තර්ගතයක් පිළිබඳ පෙරීමට ලක් කළ හැකිය.  එය ඇත්තෙන්ම සරල සෙවුම් මෙවලමකි. එය මෙතෙක් පැවති හොඳම Facebook සහ Twitter සෙවුම් මෙවලමයි.

“මා යෝජනා කරන තවත් මෙවලමක් වන්නේ  TweetDeck ය. මන්ද ඔබට විශේෂිත හැෂ් ටැග් හෝ ස්ථාන බැලීමට ඉතා විශේෂිත පෙරහන් භාවිතා කළ හැකි බැවිනි; එය මූලික අධීක්ෂණ මෙවලමකි. TweetDeck සහ CrowdTangle අතර, ඔබේ කලාපයේ Twitter හි සක්‍රිය Facebook භාවිතා කරන්නන් තරමක් ඉහළ සංඛ්‍යාවක් සිටී නම්, ඔබට විෂයයක් සම්බන්ධයෙන් තරමක් හොඳ හැසිරවීමක් ලබා ගත හැකිය.

DNSlytics

“ඔබ එක් වෙබ් අඩවියක් විශාල ජාලයක කොටසක් විය හැකිද යන්න සොයා ගැනීමට උත්සාහ කරන විට, DNSlytics ඔබට එය ක්‍රියාත්මක කරන පුද්ගලයා හඳුනා ගැනීමට උදවු කරයි.  නැතහොත් ඔබ ගනුදෙනු කරන්නේ එක් වෙබ අඩවියක් සමඟද නැතිනම් තවත් අඩවි සමඟ ද යන්න පිළිබඳව සෙවීමට එය උපකාරී වෙයි. මෙම මෙවලම  මූල්‍යමය වශයෙන් ක්‍රියාත්මක වන පුද්ගලයන් හෝ කණ්ඩායම් පිළිබඳව තොරතුරු සෙවීමේදි වැදගත් වෙයි.  මන්ද එම Google වෙළඳ ප්‍රචාරණ අනන්‍යතාව (Google advertising ID)  වෙනත් වෙබ් අඩවිවලද තිබේදැයි එය ඔබට පැවසිය හැකි වෙයි.  එවිට ඔබට යම් උද්‍යෝගයක්  පිළිබඳ හැඟීමක් ද ලබා ගත හැකිය.

“මේ මෙවලම නොමිලේ ලැබෙන එකක් නෙවේ.  නමුත් එය සුපිරි  අධික මිලක් නොවේ. මාසිකව ඇමෙරිකානු ඩොලර් 27ක පමණ ගාස්තුවක් මඟින් මෙම මෙවලම භාවිතයට  අවසර පත්‍රයක් ලබා ගත හැකිය. ඔබට එක් ඩොමේන් එකක්  ලබා දීමෙන් ඊට අදාළ  අනන්‍යතා (IP) තොරතුරු මෙන්ම එකම ගූගල් ඇනලිටික්ස් (Google Analytics) කේතය සහ IP ලිපිනය බෙදා ගත හැකි වෙනත් අඩවි පිළිබඳ තොරතුරු ද එයින් ලබා දෙනු ඇත. එක් ඩොමේන් එකක්  වෙනත් වෙබ් අඩවි වලට සම්බන්ධ කිරීම සඳහා එහි පුදුමාකාර මෙවලම් කිහිපයක් තිබේ. ඔබට ඇඩ්සෙන්ස්  AdSense ID හෝ ඩොමේන් නාමය මෙවලමට ඇතුළු කිරීමෙන්  එවා  සම්බන්ධ තැන් සියල්ල පෙන්වයි. මෙම මෙවලමෙන් කෙරෙන තවත් සේවාවන් කිහිපයක් ද තිබුණද මා සිත් ගත් තවත් අංගයක් වන්නේ  මෙහි හොඳ තත්ත්වයේ දත්ත ගබඩාවක් පැවතීමය.

Hoaxy

“හොක්සි (Hoaxy)  යනු ඇමෙරිකාවේ ඉන්දියානා විශ්ව විද්‍යාලයේ ව්‍යාපෘතියකි. එයින් ඔබට ට්විටර් සංවාද දෘශ්‍යකරණය කළ හැකිය. ට්විටර් හි හැෂ් ටැගයක් හෝ විශේෂිත සංවාදයක් ආරම්භ වූයේ කොතැනින්දැයි සොයා බැලීමට උත්සාහ කරන්නේ නම් හෝ  යම් ට්විටර් සංවාදයකට සම්බන්ධ  වඩාත්ම බලගතු පුද්ගලයින් කවුරුන්ද යන්න සෙවීමට අවශ්‍ය නම්  ඒ සඳහා Hoaxy අතිශයින්ම උපකාරී වේ. එහි බොහෝ දුරට ඉංග්‍රීසි භාෂා දත්ත ගබඩාවක් ඇත, නමුත් ඔබට අරාබි, බංග්ලා, ෆාර්සි, චීන, ප්‍රංශ ඇතුළු භාෂා 10ක් පමණ සෙවිය හැක. බොහෝ වාර්තාකරුවන් මේ ගැන නොදන්නා අතර එය මෙම පරීක්ෂණ සඳහා හොඳ එකක් විය හැකිය.

වෙළෙඳ දැන්වීම් ඔත්තු බලන මෙවලම්

“ඔබ විශේෂයෙන් නිෂ්පාදන වංචා සහ කොරෝනා  වෛරසය වටා ඇති ව්‍යාජ සුව කිරීම් කෙරෙහි අවධානය යොමු කරන්නේ නම්, ඔබට සැබවින්ම වෙළඳ ප්‍රචාරණය සඳහා යම් පැහැදලිතාවක්  තිබිය යුතුය, මන්ද එය වංචා සහ ව්‍යාජ සුව කිරීම් සඳහා දැවැන්ත එන්ජිමක් වී ඇති බැවිනි. ඇතැම් පුද්ගලයෝ මෙවැනි දේ වෙබ් අඩවිවල, ඊ මේල්වල සහ තවත් බොහෝ ස්ථානවල ප්‍රචාරණය කරති. එබැවින් ඔබට ඒවා නිරීක්ෂණය කිරීමට ස්වයංක්‍රීය උදව් අවශ්‍ය වේ.

මේ සඳහා සුදුසු  හොඳ මෙවලමක් Adbeat.com ලෙස හැඳින්වේ. එය බොහෝ විට එහි ඇති සමහර වංචාකාරී දැන්වීම් ග්‍රහණය කර ගනී.  මන්ද ඒවා අනුබද්ධ අලෙවිකරුවන් වෙත නැඹුරුවක් දක්වන නමුත් ඒවා තරමක් මිල අධිකය. Adbeat සඳහා මසකට ඩොලර් 250 ක් පමණ වැය වේ. ඊට සමානකම් ඇති  WhatRunsWhere නම් මෙවලමක් ද තිබේ.  නමුත් එයට මසකට ඩොලර් 300 ක් ගෙවිය යුතුය.

වැරදි තොරතුරු පිළිබඳ වැඩිදුර කියවීම

6 Tools and 6 Techniques Reporters Can Use to Unmask the Actors behind COVID-19 Disinformation

White Noise, Damn Lies, Deep Fakes and What Really Scares Craig Silverman

Tailoring Fact-Checking Tools to Local Trends: Tips From India, Senegal, and Turkey

Tips on Investigating Disinformation Networks from BuzzFeed’s Craig Silverman

ලේඛකයා ගැන-

රෝවන් ෆිල්ප් විමර්ශණාත්මක මාධ්‍යකරණය පිළිබඳ ගෝලීය ජාලයේ (GIJN) හි වාර්තාකරුවෙකි. රෝවන් දකුණු අප්‍රිකාවේ සන්ඩේ ටයිම්ස් පුවත්පතේ ප්‍රධාන වාර්තාකරු ද විය. විදේශීය වාර්තාකරුවෙකු ලෙස ඔහු ලොව පුරා රටවල් විස්සකට  වැඩි ගණනක ප්‍රවෘත්ති, දේශපාලනය, දූෂණය සහ ගැටුම් පිළිබඳව වාර්තා කර ඇත.

මූලාශ්‍රය

This story was originally published by the Global Investigative Journalism Network (GIJN)

Hot this week

Sri Lanka Airbus probe shaken by ex-CEO’s death

Speed Read Ex-CEO of SriLankan Kapila Chandrasena found dead under...

Sri Lanka’s Treasury heist exposes gaps in debt management system and 24/7 security shield

Speed Read: A debt payment to Export Finance Australia was...

Sri Lanka hit by fuel storage capacity, not supply

Speed read Sri Lanka’s fuel system is constrained by limited...

Sri Lanka’s air quality crisis: where data gaps meet drifting pollution

Speed read In Sri Lanka, air quality consistently deteriorates between...

Toxic fallout: Mercury fears, substandard coal and a governance crisis converge at Norochcholai

Speed read Mercury(hg) concerns linked to substandard coal at the...

Topics

Sri Lanka Airbus probe shaken by ex-CEO’s death

Speed Read Ex-CEO of SriLankan Kapila Chandrasena found dead under...

Sri Lanka hit by fuel storage capacity, not supply

Speed read Sri Lanka’s fuel system is constrained by limited...

Sri Lanka’s air quality crisis: where data gaps meet drifting pollution

Speed read In Sri Lanka, air quality consistently deteriorates between...

GIJN Launches Global Academy of Investigative Journalism

The Global Investigative Journalism Network (GIJN) has launched the...

Easter 2019: A tragedy foretold and still unresolved

Seven years ago, on 21 April 2019, sun dawned...

Sri Lanka’s Bumpy Road to a Political Reset

Sri Lanka is navigating a fragile political transition following...

Related Articles

Popular Categories