CIR to conduct two intensive trainings on skilled migration in Anuradhapura

The second and third of a three-part training series under CIR’s latest initiative titled “Reporting for Change on Skilled Migration” will be held on 25-26 June 2023 in Anuradhapura.

The training will bring together 40 journalists, majority of them working in districts having the highest numbers of labour migration, to prepare them for   insightful and nuanced reporting on labour migration with special emphasis on skilled migration. After the training, those who submit the best pitches will qualify for a limited number of reporting fellowships and mentoring support from a panel of eminent senior journalists. The two training programs will be conducted in Sinhala and Tamil languages.

The intensive training will offer a sectoral overview of labour migration in Sri Lanka, migration patterns, challenges faced by workers abroad and how increased knowledge, skills and attitudes could contribute to enhanced incomes, work safety, increased options and ensuree secure, sustainable employment.

“Reporting for Change on Skilled Migration” is CIR’s latest training and in-depth reporting initiative and offers 60 Sri Lankan journalists an opportunity to receive intensive training on how to report on international labour migration with a focus on skilled migration. The top 30 will qualify for reporting fellowships.

නිපුණ ශ්‍රමික සංක්‍රමණය පිළිබඳ විස්තීර්ණ පුහුණු වැඩමුළු දෙකක් අනුරාධපුරයේදී

විමර්ශනාත්මක වාර්තාකරණ මධ්‍යස්ථානය විසින් “වෙනසක් සඳහා වූ නිපුණ ශ්‍රමික සංක්‍රමණය” තේමාව ඔස්සේ මෙහෙයවන ත්‍රිත්ව පුහුණු වැඩසටහන් මාලාවේ දෙවැන්න සහ තෙවැන්න 2023 ජුනි 25 – 26 දිනයන්හි අනුරාධපුරයේදී පැවැත්වේ.

ඉහළ ශ්‍රම සංක්‍රමණයක් දක්නට ලැබෙන දිස්ත්‍රික්කවල වාර්තාකරණයේ නියැලෙන මාධ්‍යවේදීන් බහුතරයක් ඇතුලත් වන පරිදි තෝරා ගත් මාධ්‍යවේදීන් 40 දෙනෙකු මෙම පුහුණු වැඩසටහන සඳහා තෝරා ගෙන ඇති අතර නිපුණ ශ්‍රමික සංක්‍රමණය පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරමින් හරවත් සහ සාධනීය වාර්තාකරණයක් සඳහා ඔවුන් සූදානම් කෙරෙනු ඇත. පුහුණුවෙන් පසු, හොඳම වාර්තාකරණ සංකල්පයන් ඉදිරිපත් කරන මාධ්‍යවේදීන් පිරිසකට සිය වාර්තාවන් ප්‍රකාශයට පත් කිරීම සඳහා සීමිත වාර්තාකරණ අවස්ථාවන් ප්‍රමාණයක් ප්‍රදානය කෙරෙන අතර ප්‍රවීණ මාධ්‍යවේදීන්ගෙන් සැදුම්ලත් මණ්ඩලයක් වෙතින් උපදේශන සහාය ලබා ගැනීමට ද අවස්ථාව සැලසේ. මෙම පුහුණු වැඩසටහන් ද්විත්වය, සිංහල සහ දමිළ භාෂාවලින් පැවැත්වේ.

මෙම පුහුණු වැඩසටහන් හරහා ශ්‍රී ලංකාවේ ශ්‍රම සංක්‍රමණය, සංක්‍රමණ රටා, විදේශගත ශ්‍රමිකයන් මුහුණ දෙන අභියෝග මෙන්ම දැනුම, කුසලතා සහ ආකල්ප වැඩි දියුණු කර ගැනීම මගින් ආදායම් ඉහළ නැංවීම, රැකියා සුරක්ෂිතභාවය, විකල්ප අවස්ථාවන් ඉහළ නැංවීම සහ සුරක්ෂිත, තිරසාර රැකියා සම්බන්ධයෙන් පැහැදිලි කෙරෙනු ඇත.

“වෙනසක් සඳහා වූ නිපුණ ශ්‍රමික සංක්‍රමණය” යනු විමර්ශනාත්මක වාර්තාකරණ මධ්‍යස්ථානය විසින් ගෙන එනු ලබන නව්‍ය මුලපිරීමක් වන අතර මේ හරහා ශ්‍රී ලාංකික මාධ්‍යවේදීන් 60 දෙනෙකුට නිපුණ ශ්‍රමික සංක්‍රමණය කෙරෙහි අවධානය යොමු කරමින් අන්තර්ජාතික ශ්‍රම සංක්‍රමණය පිළිබඳ වාර්තාකරණ පුහුණුවක් ලබා ගැනීමට අවස්ථාව සැලසේ. පුහුණුවේදී ඉහළ කුසලතා දක්වන මාධ්‍යවේදීන් 30 දෙනකු සඳහා ප්‍රායෝගික වාර්තාකරණ ප්‍රතිපාදන පිරිනැමේ.

CIR இன் இருநாள் திறன் புலம்பெயர்வு பயிற்சி அனுராதபுரத்தில்

புலனாய்வு ஊடக மையத்தின் (CIR) சமீபத்திய முயற்சியான “திறமையான தொழிலாளர் புலம்பெயர்வு பற்றிய மாற்றத்திற்கான அறிக்கையிடல்” இரண்டாம் மற்றும் மூன்றாம் பயிற்சி தொடர்கள் ஜூன் மாதம் 25ம் 26ம் திகதிகளில் அனுராதபுரத்தில் நடைபெறும். இந்த பயிற்சிகள் சிங்களம் மற்றும் தமிழ் மொழிகளில் நடாத்தப்படும்.

இந்த பயிற்சியில் அதிகமாக தொழிலாளர் புலம்பெயர்வு காணப்படுகின்ற மாவட்டங்களில் அறிக்கையிடலை மேற்கொள்கின்ற 40 ஊடகவியாளர்களை ஆழமான மற்றும் நுணுக்கமான அறிக்கையிடலுக்கு தயார்படுத்தும். பயிற்சி தொடருக்கு பின்,சிறந்த கதைக்கருக்களில் ஆழமான அறிக்கையிடலுக்காக தெரிவுசெய்யப்பட்டு பத்திரிகையாளர்கள் சிரேஷ்ட ஊடகவியலாளர்கள் குழாம் மூலம் வழிகாட்டல்களை பெறுவர்.

பயிற்சி தொடரானது இலங்கையில் தொழிலாளர் புலம்பெயர்வின் துறை சார் கண்ணோட்டம், புலம்பெயர்வு முறைகள், வெளிநாட்டில் தொழிலார்கள் எதிர்நோக்கும் சவால்கள் மற்றும் விருத்திசெய்துகொண்ட அறிவு, திறன்கள், மற்றும் நடத்தைகள், அதிகமான வருவாய், தொழில் செய்யும் போதான பாதுகாப்புக்கு, அதிகரிக்கப்பட்ட வாய்ப்புகள் என்பவற்றுடன் பாதுகாப்பை உறுதிசெய்தல் மற்றும் நிலையான தொழிலை செய்வதிலும் பங்களிப்பு செய்கின்றன.

திறன் தொழிலாளர் புலம்பெயர்வு பற்றிய மாற்றத்திற்கான அறிக்கையிடலானது CIR இன் புதிய அறிக்கையிடல் முயற்சியாகும். இதன் மூலம் சர்வதேச தொழிலாளர் புலம்பெயர்வு தொடர்பில் எவ்வாறு அறிக்கையிடுவது என்பது பற்றிய தீவிரபயிற்சியை 60 ஊடகவியலாளர்களுக்கு வழங்கப்படும். பயிற்றுவிக்கப்பட்ட ஊடகவியலாளர்களில் முப்பது பேர் மேலதிக ஆழமான அறிக்கையிடலுக்கான பயிற்சிகளை பெற தகுதிபெறுவர்.

Hot this week

The Diplomat, the Chameleon, the Bloodhound: Understanding Newsroom Personalities

Investigative journalists are a bit peculiar. Many of us...

Dilrukshi Handunnetti Delivers Presidential Address at MICC 2026

CIR Co-founder Dilrukshi Handunnetti delivered the Presidential Address at...

Shifting sands, sinking communities 

Beneath the Sands, published in 2023, is a collaborative...

Seven years later, Easter Sunday attack verdict brings long-awaited convictions

Speed Read Ending a five-year trial, a Colombo High Court...

Sri Lanka’s campaign finance law shows higher compliance but transparency lags

Speed read Sri Lanka’s campaign finance law has produced high...

Topics

The Diplomat, the Chameleon, the Bloodhound: Understanding Newsroom Personalities

Investigative journalists are a bit peculiar. Many of us...

Dilrukshi Handunnetti Delivers Presidential Address at MICC 2026

CIR Co-founder Dilrukshi Handunnetti delivered the Presidential Address at...

Shifting sands, sinking communities 

Beneath the Sands, published in 2023, is a collaborative...

Seven years later, Easter Sunday attack verdict brings long-awaited convictions

Speed Read Ending a five-year trial, a Colombo High Court...

Sri Lanka’s campaign finance law shows higher compliance but transparency lags

Speed read Sri Lanka’s campaign finance law has produced high...

Call for Applications: 2027 Ochberg Fellowships

Ends on Wed, Oct 21, 2026 2:30 AM The GCJT...

AI women, political deepfakes and Facebook’s failure

Colombo— What began as a disturbing experiment in manufacturing...

DBS Jeyaraj, remembering a journalist who kept truth alive

David Buell Sabapathy Jeyaraj (DBS) left behind more than...

Related Articles

Popular Categories