ප්‍රජාතන්ත්‍රවාදයට ඇති ප්‍රබල තර්ජන පහ

1. කෘතිම බුද්ධිය සහ තාක්ෂණික සමාගම්.

කෘතිම බුද්ධිය මගින් පළමුවෙන්ම අනතුරේ හෙලනු ඇත්තේ සත්‍යය සහ සාක්ෂි මත පදනම් වූ වාර්තාකරණයයි. “මැතිවරණ තාක්ෂණික විභේදනය ප්‍රවේගවත් කරන්නේ ඒවා එකිනෙක අනන්‍ය සිදුවීමක් වන බැවිනි. එය ශුන්‍ය-එකතුව ක්‍රීඩාවකි. ඔබට අභිප්‍රේරිත ක්‍රියාධරයන් ඇත, ඔබට විශාල මුදලක් ද තිබේ, ඔබට විවිධ දේ අත්හදා බැලීමට සහ සාර්ථක වන්නේ කුමක්දැයි මැන බැලීමට හැකියාව ඇත” යැයි විමර්ශනාත්මක මාධ්‍යවේදී කැරල් කැඩ්වාලඩ්ර් පැවසීය. X – කලින් Twitter – සහ Facebook වැනි සමාජ මාධ්‍ය සමාගම් පසුගිය මැතිවරණ වලදී ඔවුන් යෙදූ පෙරහන් ඉවත් කර ගෙන ඇති අතර, අධිපතිවාදී ප්‍රචාරණ සහ දුස්තොරතුරු සක්‍රීය වීමට මග පාදා ඇත.

2. මැතිවරණ සන්නිවේදන සමාගම්.

පසුගිය වසර කිහිපය තුළ බොහෝ රටවල නිදහස් සහ සාධාරණ මැතිවරණ කඩාකප්පල් කර ඇති පසුබිමක සන්නිවේදන සමාගම් සහ උපදේශකයින් විසින් දුස්තොරතුරු ප්‍රචාරණ නව මෙවලම් තවදුරටත් මුදා හරිනු ඇත. ඔවුන්ගේ උපක්‍රමයන් තැනින් තැනට ප්‍රතිවලිත කෙරේ. “එය විශාල මුදලක්, ප්‍රස්තුතයන් අතර විනිවිද භාවයක් නොමැති අතර, ඔවුන් මිනිසුන්ව බොරුවෙන් හා වෛරයෙන් ග්‍රහණය කර ගනිති” යැයි ලතින් ඇමරිකානු ගවේෂණාත්මක මාධ්‍ය මධ්‍යස්ථානයේ (CLIP) බ්‍රසීල විමර්ශක සහ අන්තවාදී අපේක්ෂකයින් සහ ප්‍රචාරක උපදේශන සමාගම් අතර සම්බන්ධතා හෙළි කිරීමට ලොව පුරා සිටින ස්පාඤ්ඤ භාෂාව කතා කරන මාධ්‍යවේදීන් සමඟ සහයෝගීව කටයුතු කළ ජූලියානා ඩල් පිවා පැහැදිලි කරන්නීය.

3. අනුනාද කුටි.

කට වචනයට අනුව, හොඳම බොරුව වන්නේ අර්ධ සත්‍යයකි. කොලුම්බියා විශ්ව විද්‍යාලයයේ ඩිජිටල් ජනමාධ්‍ය සඳහා වන මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂක ප්‍රියංජනා බෙංගානි සඳහන් කළේ විකෘති කරන ලද සත්‍යය අවියක් ලෙස භාවිතා කිරීම ව්‍යාජ ප්‍රවෘත්තිවලට වඩා භයානක බවයි. ” එකම ආඛ්‍යානයක් වෙත පෙළඹවීම සඳහා බහු පාර්ශ්වකරුවන් සම්මුතියකින් සහ සමායෝජනයකින් කටයුතු කිරීම සලකා බලමින් පරිමිත-ධ්වනි පද්ධතියක් හෝ අනුනාද කුටීරයක් පිළිබඳ අදහසට අපි එළඹුනෙමු” ඇය පවසයි. යම් කණ්ඩායමක් රූපවාහිනිය, අන්තර්ජාලය සහ ගුවන් විදුලිය හරහා යමක් ඉදිරිපත් කරන විට සහ එකම දේ නැවත නැවතත් ඇසීමට සලස්වන විට, එම ආඛ්‍යානය සැබෑවේ පදනම බවට පත්වේ. තොරතුරු මත පදනම් වූ වාර්තාකරණය විශ්වාසය දනවන මෙවලමක් බවට වර්ධනය නොවීමට එයම හේතුවක් වේ.

4. අධිපතිවාදීන් පරදින විටම ජය ගනී.

මැතිවරණය පිළිබඳ ප‍්‍රශ්න කිරීම සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ මහජන විශ්වාසය පළුදු කිරීම ඒකාධිපතියන්ට පැරදුනත් ජය ගැනීමට ඉඩ සලසයි. “එය මැතිවරණයක් ජය ගැනීම ගැන පමණක් නොවේ. ට්‍රම්ප් මෙන්ම දැන් බොල්සොනාරෝ ගැන සැලකීමේදී එය තවදුරටත් ප්‍රධාන කාරණය නොවන බව අපි දුටුවෙමු” ඔබ්සර්වර් සහ ගාඩියන් හි විමර්ශනාත්මක වාර්තාකරු සහ ෆේස්බුක්-කේම්බ්‍රිජ් ඇනලිටිකා දත්ත අපචාරය අනාවරණය කිරීම වෙනුවෙන් පුලිට්සර් අවසන් වටයට තේරී පත් වුණු කැරොල් කැඩ්වාලඩ්ර් පැවසීය. “මැතිවරණ පිළිබඳ අපගේ අවබෝධය ප්‍රතිස්ථානපනය කළ යුතුයි”

5. මාධ්‍යවේදීන්ට එරෙහි ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වය.

අධිපතිවාදී නායකයන් පිළිබඳ ප්‍රබල විමර්ශනයන්හි යෙදෙන මාධ්‍යවේදීන් නිශ්ශබ්ද කිරීම සහ බිය ගැන්වීම සඳහා ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වය යොදා ගැනීම තවත් එක් ක්‍රමයකි. ලිංගික හිරිහැර සහ ඩොක්සිං ප්‍රහාර උපුටා දක්වමින් ඩල් පිවා පැවසුවේ “බොල්සොනාරෝගේ ජනාධිපති ධුර කාලය තුළ බොහෝ විට කාන්තාවන් වශයෙන් අප ඉලක්ක කරගත් බවයි”. “අපි කාන්තාවන් ලෙස ඔහුව විමර්ශනය කිරීමේ මෙම ක්‍රියාවලිය මෙහෙයවූ අතර ඔහු අප පසුපස ආවා.”

මැතිවරණ විමර්ශනය සඳහා ඉඟි සහ මෙවලම් 10 ක්

බෙංගානි, කැඩ්වාලඩ්ර් සහ ඩල් පිවා විසින් දේශපාලඥයින් සහ මැතිවරණ විමර්ශනය සඳහා යහ පිළිවෙත් ඉදිරිපත් කරති.

1. සුළුවෙන් ඇරඹීමට බිය නොවන්න. ප්‍රචාරණ ව්‍යාපාර සහ දේශපාලඥයින් පිළිබඳ රසවත් මූල්‍ය තොරතුරු රැස් කිරීමට බොහෝ කාලයක් ගත විය හැකිය. වාර්තාකරණයේ මූලධර්මයන් නිසි ලෙස පිළිපදින්නේනම් නිතැතින්ම අදාල මූල්‍ය ලේඛන අත්පත් කර ගැනීමට ලැබෙනු ඇත. ඩල් පිවා පවසන්නේ දැවැන්ත අනාවරණයක් සිදු කෙරෙනු මූලාශ්‍රයක් කිසිදිනක නොතිබූ බවයි. ඉලක්කගත දේශපාලනඥයා මැදි කොට ඔහු වටා සිටින ජාලයේ සියළු පුද්ගලයන් සම්බන්ධයෙන් සොයා බලන රේඛා සටහනක් සැකසීමේ “මකුළු ක්‍රමය” වඩාත් ඵලදායී වේ.

2. ප්‍රචාරණ ව්‍යාපාරයක් ආරම්භ කරන සහ වැඩසටහන් සංවිධානය ප්‍රධානතම තිදෙනාගේ භූමිකාව සැලකිය යුතු තරම් ප්‍රබල විය හැකි බැවින් ඔවුන් පිළිබඳ කරුණු රැස්කිරීම සහ මූලාශ්‍ර සිතියමක් ගොඩ නගා ගැනීම සිදු කරන්න.

3. ඔබ යම් දේශපාලකයෙකු සම්බන්ධයෙන් වසර ගණනාවක් තිස්සේ වාර්තා කර ඇති නිසා එම දේශපාලනඥයාගේ පසුබිම හොඳින් දන්නේ යැයි උපකල්පනය නොකරන්න. සෑම විටම ඔවුන්ගේ අතීතය දෙස බලන්න. මක් නිසා ද යත්, නොසලකා හරින ලද සමහර අංග පෙරටත් වඩා දැන් අදාළ විය හැකි බැවිනි. එසේම, හොඳම මූලාශ්‍ර විය හැක්කේ අතීතයේදී දේශපාලනඥයන්ට සමීපව සිටි එහෙත් දැන් ඔවුන්ගේ විරුද්ධවාදීන් හෝ තමන්ව නොසලකා හරින ලද යැයි හැඟීමකින් සිටින සහචරයින් බව සිහි තබා ගන්න.

4. විශාල මූල්‍ය ශක්තියක් සහිත හෝ බලපෑම් සහගත සංවිධාන සහ සමාජ මාධ්‍ය බලපෑම් කරන්නන් සොයා ගන්න. ඔවුන්ගේ ජාල සහ ඔවුන් කවුරුන්ද යන්න අන්වේශනය කිරීමට උත්සාහ කරන්න. ඔවුන් ප්‍රකාශ කරන දේ විස්තාරණය කරන වෙනත් පිරිස් කවුරුන්ද? ඔවුන් අනුනාද කුටීර නිර්මාණය කරන්නේද? මේවා පිටුපස සිටින්නේ කවුරුන් විය හැකිද?

5. මැතිවරණ කෙරෙහි බලපෑම් සහගතව හසිරෙන ඔබ දන්නා සංවිධානවල ෆේස්බුක් දැන්වීම් පිළිබඳ අවධානය යොමු කරන්න. හැකි සෑම විටම ඩිජිටල් ප්‍රචාරක දැන්වීම්වල මූලාශ්‍රය සහ වියදම සොයා බලන්න. ඩිජිටල් වියදම් අන්වේශනය කිරීමට අපහසු බැවින් ප්‍රචාරක වියදම් නීති උල්ලංඝනය කිරීමට සමහර විටෙක එය භාවිතා කරනු පෙනේ.

6. තම පක්ෂග්‍රාහී සංජානයන් බැහැර කෙරෙන පරිදි, සියළු සාක්ෂි සහ තොරතුරු පාඨකයාට ඉදිරිපත් කරමින් වාර්තාවන් ප්‍රකාශයට පත් කරන්න.

7. හැකි නම් වෙනත් මාධ්‍ය සහ වෙනත් රටවල සගයන් සමඟ සහයෝගයෙන් කටයුතු කරන්න. මැතිවරණ විමර්ශනය යනු කාලයට එදිරිව කෙරෙන සටනක් වැනි දීර්ඝ කාලයක් ගතවන ක්‍රියාකාරකමක් වන අතර සමහර රටකදී විවිධ දේශපාලන උපමාරු සහ උප්පරවැට්ටි වලට ද මුහුණ දීමට සිදු වේ.

8. ඔබ විමර්ශනය කරන චර්යාව මැතිවරණ ප්‍රතිඵල කෙරෙහි බලපෑමක් කළ හැකි බවට විශ්වාසයක් නොමැති පුද්ගලයන්ට සවන් නොදෙන්න. අදාල චර්යාව නීත්‍යානුකූලද නැද්ද යන්න පිළිබඳව පමණක් අවධානය යොමු කරන්න.

9. විවිධත්වයෙන් පිරුණු ප්‍රවෘත්ති කාමරයක් පවත්වා ගෙන යන්න. විවිධ පසුබිම් වලින් පැමිණෙන මාධ්‍යවේදීන් බලාපොරොත්තු නොවන මට්ටමේ දැක්මක් සහ අදහස් ලබා දෙයි.

10. මීළඟ මැතිවරණ ආවරණය සඳහා ඔබේ සූදානම පිළිබඳව ඔබේ ප්‍රවෘත්ති කාමරය තුළ සංවාදයක් පවත්වා ගන්න. දැන් සිටම නිසි සැලැස්මක් සකසා ගන්න.

ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සිට අධිපතිවාදය දක්වා තල්ලු වී යාම ගෝලීය ප්‍රපංචයක් වන අතර ඊට එරෙහිව සටන් වදින ඉදිරිපෙළ ආරක්ෂක වළල්ල වන්නේ මාධ්‍යවේදීන්ය “මීට වසරකට පෙරට වඩා මේ මොහොතේ ලෝකයේ සියයට විස්සකට වැඩි ප්‍රමාණයක් ඒකාධිපති ආණ්ඩුවක් යටතේ පවතී,” කැඩ්වාලඩ්ර් පැවසීය. “තුරඟ තරග ආවරණය කරන ආකාරයෙන් මැතිවරණ වාර්තාකරණය සිදු කිරීමට අපට බැහැ”.

ගෝලීය විමර්ශනාත්මක ජනමාධ්‍ය ජාලය

Hot this week

The Diplomat, the Chameleon, the Bloodhound: Understanding Newsroom Personalities

Investigative journalists are a bit peculiar. Many of us...

Dilrukshi Handunnetti Delivers Presidential Address at MICC 2026

CIR Co-founder Dilrukshi Handunnetti delivered the Presidential Address at...

Shifting sands, sinking communities 

Beneath the Sands, published in 2023, is a collaborative...

Seven years later, Easter Sunday attack verdict brings long-awaited convictions

Speed Read Ending a five-year trial, a Colombo High Court...

Sri Lanka’s campaign finance law shows higher compliance but transparency lags

Speed read Sri Lanka’s campaign finance law has produced high...

Topics

The Diplomat, the Chameleon, the Bloodhound: Understanding Newsroom Personalities

Investigative journalists are a bit peculiar. Many of us...

Dilrukshi Handunnetti Delivers Presidential Address at MICC 2026

CIR Co-founder Dilrukshi Handunnetti delivered the Presidential Address at...

Shifting sands, sinking communities 

Beneath the Sands, published in 2023, is a collaborative...

Seven years later, Easter Sunday attack verdict brings long-awaited convictions

Speed Read Ending a five-year trial, a Colombo High Court...

Sri Lanka’s campaign finance law shows higher compliance but transparency lags

Speed read Sri Lanka’s campaign finance law has produced high...

Call for Applications: 2027 Ochberg Fellowships

Ends on Wed, Oct 21, 2026 2:30 AM The GCJT...

AI women, political deepfakes and Facebook’s failure

Colombo— What began as a disturbing experiment in manufacturing...

DBS Jeyaraj, remembering a journalist who kept truth alive

David Buell Sabapathy Jeyaraj (DBS) left behind more than...

Related Articles

Popular Categories