සෞඛ්‍ය හා අධ්‍යාපන වැඩ වර්ජන ගැන ලාල්කාන්තගේ කතාවේ ඇත්ත නැත්ත

ජාතික ජන බලවේගයේ විධායක සභික කේ.ඩී. ලාල්කාන්ත මහතා  සෞඛ්‍ය හා අධ්‍යාපන ක්ෂේත්‍රවල වැඩ වර්ජන සම්බන්ධයෙන් ඉදිරිපත් කළ අදහස, ඇතැම් පුවත් සිරස්තලවල මහජනතාව නොමඟ යවන ආකාරයෙන් ඉදිරිපත් කර ඇත.

මැතිවරණයක් ආසන්න වන විට ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ අරමුණු කර ගනිමින් වැරදි තොරතුරු ව්‍යාප්තවීම සාමාන්‍ය තත්ත්වයකි. දේශපාලනඥයින් විසින් සිදු කරනු ලබන කතාවක්, ප්‍රකාශයක් හෝ යම්කිසි සිදුවීමක් මුල් කරගනිමින් ඒවා උපුටා දක්වමින් මෙලෙස වැරදි තොරතුරු ව්‍යාප්ත වීමේ ප්‍රවණතාවයක් ඇත. මෙම ලිපියට පසුබිම් වූ කතා පුවත ද දේශපාලනඥයෙක් සිදුකළ ප්‍රකාශයක් මුල් කරගනිමින් ගොඩ නැගුණු සිදුවීමකි.

පසුගිය ජූලි මස අටවෙනිදා මහනුවරදී විශ්‍රාමික බැංකු සේවකයන් වෙනුවෙන් ජාතික ජන බලවේගය විසින් සමුළුවක් පවත්වන ලදී. මෙම සමුළුවේදී ජාතික ජන බලවේගයේ විධායක සභික, වෘත්තීය සංගම් එකමුතුවේ සභාපති කේ.ඩී ලාල්කාන්ත මහතා විසින් ඉදිරිපත් කළ කතාව පාදක කරගනිමින් මහජනතාව නොමඟ යවන ආකාරයේ පුවත් සිරස්තල කිහිපයක්  ප්‍රධාන ධාරාවේ පුවත්පතක සහ වට්ස්ඇප් ප්‍රජා සමාජ මාධ්‍ය වෙබ් පුවතක පළවිය.

 සෞඛ්‍ය ක්ෂේත්‍රය සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ වැඩ වර්ජනවලට තම පක්ෂය විරුද්ධ බව ලාල්කාන්ත මහතා පැවසූ බව අපට එලෙස හමුවූ පුවත්වල සිරස්තලවල සහ ආරම්භක වාක්‍යවල සඳහන් වී තිබිණි. ශ්‍රී ලංකාවේ ප්‍රධාන ධාරාවේ රජයේ පුවත්පතක් වන “දිනමිණ” පුවත්පත ජූලි මස 9 වන දින පුවත්පතේ මුල් පිටුවේ මෙම පුවත වාර්තා කර තිබුණේ “සෞඛ්‍ය – අධ්‍යාපන අරගල පිළිගත නොහැකියි. මේ බංකොලොත් රටේ රාජ්‍ය සේවක ඉල්ලීම් දෙන්න බැරි බව අරගලකරුවන් දැනගත යුතුයි” යනුවෙනි.

එමෙන් ම “සෞඛ්‍ය හා අධ්‍යාපන ක්ෂේත්‍රයේ වැඩ වර්ජනවලට තම පක්ෂය විරුද්ධ බව ජාතික ජන බලවේගයෙහි විධායක සභික කේ.ඩී. ලාල්කාන්ත පවසයි” යනුවෙන් Citizen Fact Check නම්  වට්ස්ඇප් ප්‍රජා/වෙබ් පුවත් ආයතනයක් ද වාර්තා කර තිබුණි.

මේ ආකාරයෙන් විවිධ සිරස්තලයන් යටතේ ජාතික ජන බලවේගයේ ලාල්කාන්ත මහතා සිදුකළ ප්‍රකාශය  ජනතාව අතර සංසරණය වීම සහ ශ්‍රී ලංකාවේ මේ වන විට පවතින ආසන්න ජනාධිපතිවරණ කාලය සහ වැඩ වර්ජන පසුබිම මේ කතාවේ සත්‍ය අසත්‍යතාව පැහැදිලි කර දැක්වීමට හේතු විය.

ජාතික ජන බලවේගයේ විධායක සභික කේ.ඩී. ලාල්කාන්ත මහතා විසින් පසුගිය ජූලි මස 8 වැනිදා මහනුවරදී විශ්‍රාමික බැංකු සේවකයින්ගේ සමුළුවකට සහභාගී වී ඇත. ඒ බව ජාතික ජන බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක උපුල් රංජන මහතා තහවුරු කළේය. එම සමුළුවේදී පැමිණ සිටි පිරිස ආමන්ත්‍රණය කරමින් ලාල්කාන්ත මහතා සිදු කළ කතාව පාදක කොට ගෙන මෙලෙස එකිනෙකට අපැහැදිලි සහ නොමග යවන ආකාරයේ පුවත් ඉදිරිපත් වී ඇති බව අප කළ විමසීමේදී උපුල් රංජන මහතා වැඩිදුරටත් පැවසීය.

මෙලෙස සංසරණය වන පුවත්වල සිරස්තල සහ පළවන කරුණු අපැහැදිලි මෙන්ම යම්තාක් දුරකට මහජනතාව නොමඟ යවන ආකාරයේ ඒවා බව කේ.ඩී ලාල්කාන්ත මහතා විශ්‍රාමික බැංකු සේවක සමුළුවේ සිදුකළ සම්පූර්ණ කතාව සහිත  වීඩියෝව  නිරීක්ෂණය කිරීමෙන් පැහැදිලි විය. විශේෂයෙන් ම ඉහත සිරස්තලයන් සඳහා හේතු වී ඇති ලාල්කාන්ත මහතා විසින් සිදු කළ කතාවේ කතා කොටස පහතින් දක්වා ඇත.

“ මේ ජනමාධ්‍ය ඔක්කොම කරන ජඩ වැඩක් තියෙනවා. මං කියන්නම් ඒ ජඩ වැඩේ. දැන් අදත් මහනුවර රෝහලේ මිනිස්සු මැරෙනවද නැද්ද..මැරෙනවනේ රෝහල්වල..සාමාන්‍යයෙන් මැරෙනවා.. ඔතන වැඩ වර්ජනයක් වුණොත් අර මැරෙන ඔක්කොම වැඩ වර්ජනය නිසා කියලා කියනවා.ඒක වැඩ වර්ජිත දවසක් වුනොත්.. අපි මේ මොහොතේ මේ රට දැන් පත්වෙලා තියෙන තත්ත්වයත් එක්ක සෞඛ්‍ය සේවයේ වැඩ වර්ජනවලට විරුද්ධයි. කෙළින්ම කියන්න ඕන. සෞඛ්‍ය සේවකයෝ තරහ වුණත්, යාළු වුණත් කරන්න දෙයක් නැහැ.රට වැටිලා තියෙන මේ තත්ත්වය තුළ සෞඛ්‍ය සේවකයන්ගේ වැඩ වර්ජනවලට අපි එකඟ නෑ. දෙවැනි කාරණය අධ්‍යාපනය. කොරෝනා ප්‍රශ්නයක් ආවා ළමයින්ගේ අධ්‍යාපනය බිඳ වැටුණා. ලොකු ප්‍රශ්න වලට මූණ දුන්නා දෙමව්පියෝ සහ දරුවෝ. ඒ නිසා ගුරුවරුන්ගේ විශේෂයෙන් විදුහල්පතිවරුන්ගේ වර්ජනයක් කරනකොට ඒක ආණ්ඩුවට විතරක් නෙමෙයි ප්‍රශ්නේ. දරුවන්ටත් දෙමාපියන්ටත් ප්‍රශ්න. ඒක ප්‍රශ්නයක්. ඒ නිසා විශේෂයෙන්ම අපි සෞඛ්‍ය සේවයේ වෘත්තිකයන්ට සහ පාසල් වල උගන්වන ගුරුවරු සහ විදුහල්පතිවරුන්ට කියන්නේ අරගලය කරන්න. ඉල්ලීම දාන්න. වැඩත් කරන්න. වැඩ කරන ගමන් කරන්න අරගල නැද්ද. වැඩ කරන ගමන් අරගල කරලා දිනන්න බැරිද. වැඩ වර්ජනයමද තියෙන උත්තරේ. දැන් අපි සාමාන්‍යයෙන් කියනවා වැඩ වර්ජනය කියන්නේ ගන්න පුළුවන් ක්‍රියාමාර්ග අරගෙන අරගෙන අරගෙන තවත් අරගෙන බැරි නම් අපි ඔක්කොම එකතුවෙලා කරන වැඩක් කියලනෙ කියන්නේ. වැඩ වර්ජනයක් අපට අයිතිය තිබ්බ පළියට… අපි තෝරන්න ඕන කොයි වෙලාවෙද කියල. කොයි මොහොතද. ඒ නිසා අපි විශේෂයෙන්ම සෞඛ්‍ය සේවය සහ අධ්‍යාපන ක්ෂේත්‍රය… ප්‍රශ්න ඇත්ත. ඔක්කොම හරි . නමුත් මේ පාලකයන්ට මේවා විසඳන්න බෑ කියලා තේරුම් ගන්න ඕන. විසඳන්න බෑ. මොනවද විසඳලා තියෙන්නේ. දැන් අරගලය ගේන්න ඕන මේගොල්ලන්ව පන්නන්න. ඉන් මෙහා අරගල වැඩක් නෑ. දැන් සටන් භූමිය ලෑස්ති කරන්න ඕන මේ ගොල්ලන්ව පන්නන්න. වෙන මොකක්වත් නෙමෙයි.අරගල භූමිය තියෙන්නේ මැතිවරණ භූමියේ. සටන් භූමි ගොඩක් තියෙනවනේ. දැන් ගෝල්පේස් එක සටන් භූමියක්. ඒ මොහොතේ ගෝඨාව පන්නන සටන් භූමිය පාර. ඒක හරි. කිසි වැරැද්දක් නෑ. ගෝඨාව පැන්නුවේ වැඩ වර්ජන තියල නෙමෙයිනේ. මැතිවරණ තියලත් නෙමෙයි. ඒක ඒ ඇතිවෙච්ච තත්ත්වය තුළ ඒ මොහොතේ හරි. හැබැයි දැන් මේ පාලකයන්ව පන්නන්න, අපේ විශ්‍රාමිකයින්ගේ ප්‍රශ්න වලට උත්තර නොදෙන ගුරුවරුන්ගේ තුනෙන් දෙකේ ඉතුරු කොටස නොදෙන, මේ 25000 දෙන්න ඕන එකක් ඒක නොදෙන, මේ ගොල්ලන්ව පන්නලා වැඩ කරන ජනතාවගේ ආණ්ඩුවක් පාලනයක් දැන් ගොඩනගන්න ඔන්න මෙන්න. වැඩ කරන ජනතාවගේ පාලනයක් මෙච්චර කල් තිබිලා නෑ. තිබිලා තියෙන්නේ පට්ට හොරුන්ගේ ඒවා. ඒකට ආසන්නයි. එළියේ සටන් ඔක්කොම කැඳවන්න ඕන කොතනටද. ඔවුන්ව පරාද කරලා මහජන බලයක් ගොඩනගන්න පුළුවන් සටන් භූමියට. දැන් ඒගොල්ලන්ට ඕන… ඕගොල්ලෝ මැතිවරණ සටන් භූමියෙන් එළියට යන්න. වැඩ කරන පංතිය වැඩකරන ජනතාව මැතිවරණ සටන් භූමියට එන්න එපා. ඕගොල්ලන්ගේ සටන එතනට ගේන්න එපා ඒක තමයි පාලකයාගේ ඕනකම. එයාලා නිතරම කරන්න හදන්නේ අපිට එළිය සටනක් හදලා දෙන්න. ඇයි ඒ ගොල්ලන්ගේ භූමිය ඒ ගොල්ලන්ට විතරක් තියාගන්න. එතකොට ජනතාවට එළියේ සටන් භූමියක් හදනවා වැඩවර්ජන සටන් භූමියක් හදනවා. හදලා එතකොට සටන එළියේ. මැතිවරණ සටන් භූමිය ඒගොල්ලෝ නිරුපද්‍රිත කරගන්නවා. ඒගොල්ලන්ට අභියෝගය තියෙන්නේ අපි කරන එළිය සටන නොවේ. මේ වෙලාවේ අපි කරන වැඩ වර්ජනයේ නෙමෙයි ඒගොල්ලන්ට අභියෝගය තියෙන්නේ. කොහෙද අභියෝගෙ තියෙන්නේ… මැතිවරණය නමැති සටන් භූමියේ. ඒකනේ මේ අධිකරණයට යන්නෙයි.. අවුරුද්දක් කල් දාගන්න පුළුවන්ද කියල බලන්නෙයි. ගෝලයෝ දම්මලා මැතිවරණ කොමිෂන් එකට චන්දෙ තියෙන එක වාරණය කරන්න බලන්නෙයි. වැඩ කරන පංතිය තේරුම් ගන්න ඕන මේ දුෂ්ට පාලකයන්ට අභියෝගයක් දෙන්න පුළුවන් වැඩ වර්ජන කරලද එලිය සටන් කරලද මැතිවරණ භූමියේ සටනේද කියල…ඒගොල්ලන්ට ඕන මැතිවරණ භූමියේ සටන දුර්වල කරන්න…….. දැන් බලන්න මේ වෙලාවේ අධ්‍යාපන වර්ජනයක් යනකොට දරුවෝ ගැන නොහිතන පාලකයෝ දරුවො ගැන හිතනවා කියලා පෙන්නනවා. අධ්‍යාපනය ගැන හිතනවා කියලා පෙන්නනවා………“

දිනමිණ පුවත්පතේ සිරස්තලයේ සහ Citizen Fact Check වෙබ් ආයතනයේ පුවත් සිරස්තලය යන දෙකෙහිම  ක්ලික් බේට් ආකාරයෙන් එනම් පුවත වෙත ආකර්ෂණය කර ගැනීමට සිරස්තලය ඇමක් ආකාරයෙන් භාවිතා කොට ඇත. මෙම සිරස්තල දෙක තුළ වැඩ වර්ජනවලට එකඟ නොවන බව සඳහන් කළ ද “මේ වේලාවේ” යන අදහස ඉස්මතු නොකිරීම නිසා මෙම පුවත් සිරස්තල දුටු සැණින් පාඨකයා තුළ වැරදි අදහසක් ගොඩ නැගෙනු ඇත. එනම් පාඨකයා නොමග යවන සුළු අදහසක් ගොඩ නැගෙනු ඇත. එමෙන් ම සිරස්තලයෙන් පසු ගෙන එන පළවෙනි ඡේදය තුළද සෞඛ්‍ය සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ අරගලවලට විරුද්ධ කුමන අවස්ථාවේද යන්න සඳහන් නොකර තිබීම පුවත් ද්විත්වයෙහි ම දැකගත හැකි සෘණාත්මක සාධකයකි. දිණමිණ පුවත්පතේ පුවතේ අන්තර්ගතය තුළ සහ Citizen Fact Check වෙබ් පුවතේ අන්තර්ගතය තුළ ලාල්කාන්ත මහතා සිදු කළ කතාවේ ඇතැම් කරුණු  අන්තර්ගත කර ඇති නමුත් සිරස්තල තුළ සහ පළමු පරිච්ඡේදය තුළ ලාල්කාන්ත මහතා සිදුකළ කතාවේ සමස්ත අදහස නිවැරදිව අන්තර්ගත වී නොතිබීම නිසා මෙම පුවත් සිරස්තල මහජනතාව නොමඟ යවන බව නිගමනය කළ හැකිය. ජාතික ජන බලවේගයේ විධායක සභික කේ.ඩී. ලාල්කාන්ත මහතා සිදුකළ කතාවේ සාරාංශය අනුව තම පක්ෂය හෝ තම දේශපාලන මතය සෞඛ්‍ය හා අධ්‍යාපන ක්ෂේත්‍රයේ වෘත්තීය සමිතිවල වැඩවර්ජනවලට එකඟ නොවන බවක් අන්තර්ගත වී නොමැත. සෞඛ්‍ය සහ අධ්‍යාපනය යනු රටක තීරණාත්මක ක්ෂේත්‍ර දෙකකි. මෙකී ක්ෂේත්‍ර දෙකම බිඳ වැටුණහොත් ඉන් පාඩුව සිදුවන්නේ ද පොදු මහජනතාවට ය. එබැවින් මේ රටේ පවතින තත්ත්වය සහ අවස්ථාව අනුව මේ වේලාවේ සෞඛ්‍ය සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ  වෘත්තීය සමිති අරගලවලට එකඟ නොවන බව ලාල්කාන්ත මහතාගේ කතාව තුළ අන්තර්ගත වී තිබුණි.

ඒ අනුව ප්‍රධාන ධාරාවේ පුවත්පතෙහි සහ සමාජ මාධ්‍ය සටහනෙහි පළ වූ සිරස්තල මහජනතාව නොමග යවන ආකාරයෙන් ඉදිරිපත් කර ඇත.  

Bullet Points :

·       සෞඛ්‍ය හා අධ්‍යාපන ක්ෂේත්‍රය අරගලවලට තම පක්ෂය මේ වෙලාවේ එකඟත්වයක් නැහැ

·       සෞඛ්‍ය හා අධ්‍යාපන ක්ෂේත්‍රයේ අරගලවලින් පීඩා විඳින්නේ පොදු මහජනතාව

·       සංසරණය වූ පුවත් සිරස්තල සහ ආරම්භක වාක්‍ය ලාල්කාන්ත සිදු කළ කතාවේ ඇතැම් කරණු මග හැර ඉදිරිපත් කරලා

Hot this week

The Diplomat, the Chameleon, the Bloodhound: Understanding Newsroom Personalities

Investigative journalists are a bit peculiar. Many of us...

Dilrukshi Handunnetti Delivers Presidential Address at MICC 2026

CIR Co-founder Dilrukshi Handunnetti delivered the Presidential Address at...

Shifting sands, sinking communities 

Beneath the Sands, published in 2023, is a collaborative...

Seven years later, Easter Sunday attack verdict brings long-awaited convictions

Speed Read Ending a five-year trial, a Colombo High Court...

Sri Lanka’s campaign finance law shows higher compliance but transparency lags

Speed read Sri Lanka’s campaign finance law has produced high...

Topics

The Diplomat, the Chameleon, the Bloodhound: Understanding Newsroom Personalities

Investigative journalists are a bit peculiar. Many of us...

Dilrukshi Handunnetti Delivers Presidential Address at MICC 2026

CIR Co-founder Dilrukshi Handunnetti delivered the Presidential Address at...

Shifting sands, sinking communities 

Beneath the Sands, published in 2023, is a collaborative...

Seven years later, Easter Sunday attack verdict brings long-awaited convictions

Speed Read Ending a five-year trial, a Colombo High Court...

Sri Lanka’s campaign finance law shows higher compliance but transparency lags

Speed read Sri Lanka’s campaign finance law has produced high...

Call for Applications: 2027 Ochberg Fellowships

Ends on Wed, Oct 21, 2026 2:30 AM The GCJT...

AI women, political deepfakes and Facebook’s failure

Colombo— What began as a disturbing experiment in manufacturing...

DBS Jeyaraj, remembering a journalist who kept truth alive

David Buell Sabapathy Jeyaraj (DBS) left behind more than...

Related Articles

Popular Categories