Wednesday, May 13, 2026
25 C
Colombo

PCR පරීක්ෂණයකට අම්බලන්තොට රෝහලට ඇතුළත් කළ ග්‍රාම නිලධාරිනිය රෝහලින් පැන ගියා ද?

ග්‍රාම නිලධාරිනිය ගැන පළවූ පුවත් සිරස්තලය වැරදි එකක්.

පුවත් සිරස්තලයට අනුව රෝහලින් පැනයන්න පෙර ග්‍රාම නිලධාරිනිය PCR කරලා නෑ

”පී. සි. ආර්. කළ ග්‍රාම නිලධාරිනිය රෝහලෙන් පැන රැස්වීමටත් ගිහින්” යන සිරස්තලය සහිතව 2020. දෙසැම්බර් 14 දින ලංකාදීප පුවත්පතේ පළවූ පුවතක් හේතුවෙන් ඒ සම්බන්ධයෙන් ග්‍රාම නිලධාරීවරයෙකුගේ Facebook සමාජ මාධ්‍ය පිටුවක් තුළ එය විවේචනය කරමින් විවිධ අසත්‍ය මෙන්ම වෛරී කථනයන් සමාජ මාධ්‍ය තුළ සංසරණය වන්නට විය.

එමෙන්ම මෙම පුවත දෙසැම්බර් 14 දින ලංකාදීප පුවත්පතේ පළවීමත් සමඟ අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේම සේවය කරනු ලබන Lasiri Lanka යන ග්‍රාම නිලධාරිවරයාගේ Facebook ගිණුමක ලංකාදීප පුවත්පතේ පළවූ එම පුවත වැරදි එකක් බව පවසමින් දීර්ඝ විස්තරයක් ඇතුලත් කර තිබිණි ,

අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව මාමඩල දකුණ ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ සේවයකරනු ලබන අදාළ ග්‍රාම නිලධාරීවරිය 2020 දෙසැම්බර් 07 දින අම්බලන්තොට රෝහලට ප්‍රතිකාර ලබාගැනීමට ගොස්  තිබේ.

කෙසේ නමුත් එසේ ගිය අවස්ථාවේ කොරෝනා යැයි සැක සහිත රෝග ලක්ෂණ ඇති බැවින්, කොරෝනා සැකසහිත රෝගීන් වෙන්කර තැබීමේ ඒකකයට PCR පරීක්ෂණයක් සඳහා ඇතුලත් කර තිබෙන අතර එම පරීක්ෂණය සඳහා ඉදිරිපත් නොවී අනවසරයෙන් රෝහලින් බැහැරවී ගොස් විවිධ රාජකාරී කටයුතුවල නිරතව ඇති බව Lasiri Lanka ග්‍රාම නිලධාරීවරයාගේ FACEBOOK සටහන තුල දක්නට ලැබේ.

”…ඊට පස්සෙ මෙයා අඟහරුවාදා වසමට ඇවිත් තියනව. ඒ ඇවිත් තියෙන්නෙ ගෙවතු වගා ලේඛන බදාදා භාරදෙන්න කියල කිව්ව නිසා ඒකෙ අඩුපාඩු හදාගන්න. ඊට පස්සෙ බදාදා දවල් එකොළහට විතර තමයි මෙයාට කියල තියෙන්නෙ පී.එච්.අයි ඉස්පිරිතාලෙ ගිහින් පී. සී. ආර් එක කරගන්න කියල.”

නමුත් 2020 දෙසැම්බර්.10 දින සිදුකරන ලද PCR පරික්ෂණයකින් අනතුරුව අදාළ ග්‍රාම නිලධාරිනියට කොවීඩ් 19 වෛරසය ආසාධනය වී ඇති බවට තහවුරු වීමෙන් පසුව ඇයගේ ආශ්‍රිතයන් වූ අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කළ රාජ්‍ය නිලධාරීන් හා අම්බලන්තොට මාමඩල, ලුණම ඇතුළු ප්‍රදේශ තුල සිවිල් වැසියන් 70 දෙනෙකු පමණ නිරෝධායනට ලක්කිරීමට සිදුවී තිබේ. එමෙන්ම ග්‍රාම නිලධාරිනියගේ සමීප ආශ්‍රිතයන් වූ පාසල් යන ඥාති දරුවන් තිදෙනකු ද කොරෝනා ආසාදිතයින් බවට පත්ව තිබේ.

මේ ආකාරයෙන් අදාළ ග්‍රාම නිලධාරිනිය දෙසැම්බර් 07 වන දින රෝහලෙන් අනවසරයෙන් බැහැර වීමක් සිදු නොකර වගකීම් සහිතව PCR පරීක්ෂණයක් සඳහා පෙනී සිටිනු ලැබුවේ නම්  Lasiri lanka ග්‍රාම නිලධාරීවරයාගේ Facebook ගිණුමේ පළවූ සටහනට අනුව රැස්වීම සඳහා සහභාගි නොවුණා නම් ග්‍රාම නිලධාරීන් ඇතුළු නිලධාරීන් 20 දෙනෙකුට පමණ නිරෝධායනය වීමට තරම් කාරණයක් ගොඩ නැගෙන්නේ නැත.

මාධ්‍ය වාර්තා

මෙම පුවත 2020 දෙසැම්බර්14 දින ලංකාදීප පුවත්පතේ පලවී තිබුනේ ”පි .සි. ආර්. කළ ග්‍රාම නිලධාරිනිය රෝහලෙන් පැන රැස්වීමටත් ගිහින්” යනුවෙනි.

එම පලකිරීම තුළ විශේෂයෙන්ම ”…ඊයෙ නිව්ස්වල කියපු දේවල්වලින් බාගෙකටත් වඩා බොරු. මෙයා එහෙම්මම ඉස්පිරිතාලෙට ගියා. ගිහින් තුණ්ඩුවක් අරන් ඩොක්ට ගාවට ගිහින් විස්තරේ කිව්වම මෙයාට ඩොක්ට හොඳටම බැනල ඇයි ඔහොම ආවෙ තුණ්ඩු ලියන තැනට කිවෙ නැතිව කියල. එකදිගටම ඩොක්ටයි, තුණ්ඩු ලියන කෙනයි මෙයාට බැනල තියනව …”ආදී ලෙස සදහන් කර තිබේ.

https://www.facebook.com/lasiri.lanka.33/posts/1052145095285884
https://www.facebook.com/lasiri.lanka.33/posts/1051400498693677 https://www.facebook.com/lasiri.lanka.33/posts/1051742951992765

කෙසේ නමුත් මේ ආකාරයෙන් Lasiri Lanka යන ග්‍රාම නිලධාරිවරයාගේ Facebook ගිණුමේ මෙම පළකිරීමෙන් පසුව සමාජ මාධ්‍ය පරිශීලකයින් බොහෝ දෙනෙකු අදහස් දක්වා තිබු අතර එහිදී අදාළ ග්‍රාම නිලධාරීවරිය විවේචනය කරමින් හා එම වාර්තාව පුවත් පතට සැපයු මාධ්‍ය වෙදින්ද දැඩි විවේචනයට ලක්කර තිබණි. එහි සදහන් අදහස් දැක්වීම් අතර ” මේක බොරුවක් මිඩියාකාරයෝ අපිට හොදට මඬ ගහනවා”, ”මේක තිරිසන් මිනිස්සු ඉන්න රටක් ..” ආදී අදහස් දැක්වීමද ඒ තුළ  තිබිණි.

මේ අතර රෝහලින් අදාල ග්‍රාම නිලධාරිනිය එලවා ගත්බව සඳහන් කිරීම තුළ රෝහල් කාර්ය මණ්ඩලය ද යම් අයුරකින් Facebook පරිශීලකයින්ගේ විවේචනයට ලක්වී තිබිණි.

මේ ආකාරයෙන් පරස් පර විරෝධී තොරතුරු ද ඇතුලත්ව සමාජ මාධ්‍ය තුල තොරතුරු සංසරණය වීමේ ප්‍රතිඵලයක් ලෙස සමාජය නොමග යනවා පමනක් නොව වෛරී කථනයන් ද සමාජ මාධ්‍ය තුළ සංසරණය වීම නිසා බොහෝ දෙනෙකු අපහසුතාවන්ට පත්වීම ද සිදුව තිබේ.

එමෙන්ම මෙම පුවතට අදාළ වූ අම්බලන්තොට මාමඩල දකුණ වසමේ අදාල ග්‍රාම නිලධාරී වරියගෙන් ද මේ සම්බන්ධයෙන් විමසීමක් කළ අතර ඇය ඒ සඳහා පිළිතුරු දීමට හා කොරෝනා වෛරසය වැළඳී සිටි රෝගියෙකු නිසා ඇගේ නම භාවිතකරනවාට අකමැති බව කියා සිටියා ය.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

විශේෂයෙන්ම Lasiri Lanka යන ග්‍රාම නිලධාරිවරයාගේ Facebook ගිණුමේ මෙම සිද්ධිය පළකිරීම තුලින් මතුකර තිබු  ප්‍රධාන කාරණා කීපයක් වන්නේ අදාළ ග්‍රාම නිලධාරිනිය රෝහලින් අනවසරයෙන් බැහැරවිමක් නොමැති බව ඒත්තු ගැන්වීම, රෝහලේ වෛද්‍යවරයෙකු ඇයට බැන එලවා ගැනීම, ඒ තුළ මාධ්‍ය වාර්තා අසත්‍යක් බවට Facebook සමාජ මාධ්‍ය පරිශීලකයින්හට ඒත්තු ගැන්වීම ආදී කාරණා වේ.

මෙම පළකිරීම සම්බන්ධයෙන් අදාළ Lasiri Lanka Facebook ගිණුම හිමි ග්‍රාම නිලධාරිවරයාගෙන් ද විමසීමක් කළ අතර ඔහු කියා සිටියේ මාධ්‍ය තුළ පළවූ ඇතැම් වාර්තා නිසා අදාළ ග්‍රාම නිලධාරීවරියට සමාජයෙන් ඇති වූ විවේචන නිසා තමන්ගේ කැමැත්තෙන් පමණක් එය පලකළ බවයි. නමුත් මෙම  තොරතුරු අදාළ ග්‍රාම නිලධාරිනිය සමඟ සිදුකළ දුරකථන සංවාදයකින් ඇයගෙන් ලබාගත් බව Lasiri Lanka Facebook සටහනින් අනාවරණය වන්නකි.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් සත්‍ය තොරතුරු දැනගැනීමට අම්බලන්තොට රෝහලේ රෝහල් අධ්‍යක්ෂක වරයාට හා අම්බලන්තොට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වරයාගෙන් විමසු විටදී පවසා සිටියේ තමන්හට මාධ්‍යයට අදහස් දැක්වීමට අවසරයක් නොමැති බවයි.

ඒ අනුව මේ සම්බන්ධයෙන් සත්‍ය විමර්ශනය කිරීම සඳහා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත යටතේ අම්බලන්තොට රෝහලින් හා අම්බලන්තොට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේන් 2020 දෙසැම්බර් 15 දින කරුණු  විමසීමක් කළ අතර ඒ සඳහා පිළිතුරු දෙමින් 2021 ජනවාරි 06 දින අම්බලන්තොට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ තොරතුරු නිලධාරී වන  සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය යු.පි. මාලකසිරි චන්ද්‍රකුමාර මහතාගේ අත්සනින් යුතුව ලබා දුන් තොරතුරුතුල සඳහන් කර ඇත්තේ අදාළ ග්‍රාමනිලධාරී වරිය නිරෝධායන හා රෝග වැලැක්වීමේ ආඥා පනත උල්ලංඝනය කරමින් රෝහලින් බැහැර වීමක් සිදුව ඇති බවයි.

එමෙන්ම අම්බලන්තොට රෝහලින් 2021 ජනවාරි 08 දින තොරතුරු දැනගැනීමේ පනතට අනුව රෝහලේ තොරතුරු නිලධාරී ආයතන භාර වෛද්‍ය නිලධාරී වන වෛද්‍ය චානක විජේතුංග මහතාගේ අත්සනින් යුතුව ලබාදුන් තොරතුරු තුළ අදාළ ග්‍රාම නිලධාරිවරිය 2020 දෙසැම්බර් 07 දින PCR පරීක්ෂණයක් සඳහා රෝහලේ වෙන්කර තැබීමේ ඒකකයට රෝගීන් ලියාපදිංචි කිරීමේ අංක 3074/41 යටතේ ඇතුලත්කර තිබෙන බවත් පසුව අදාල ග්‍රාම නිලධාරී වරිය රෝහලින් අනවසරයෙන් බැහැරවි ඇති බවත් සඳහන් වේ. එමෙන්ම නැවතත් 2020 දෙසැම්බර් 09 දින PCR පරීක්ෂණයක් සඳහා ඇය රෝහලට ඇතුලත් කර තිබෙන බවද එම තොරතුරු තුල සඳහන් වේ 

නමුත් 2020 දෙසැම්බර් 14 දින ලංකාදීප පුවත්පතේ මුල් පිටුවේ පළවූ පුවතේ සඳහන්ව තිබුනේ අදාළ ග්‍රාම නිලධාරිනිය PCR පරීක්ෂණයට ලක්කිරීමෙන් පසුව රෝහලින් අනවසරයෙන්  බැහැරගොස් ඇති බවයි. නමුත් තොරතුරු දැනගැනීමේ පනතට අනුව ලබාගත් තොරතුරුවලට අනුව අදාළ ග්‍රාම නිලධාරිනිය රෝහලින් අනවසරයෙන් බැහැරව ගොස් ඇත්තේ දෙසැම්බර් 07වන දින බවත් ඉන් අනතුරුව සෞඛ්‍ය අංශ විසින් ඇයව දෙසැම්බර් 09වන දින අම්බලන්තොට රෝහලට ඇතුලත් කර දෙසැම්බර් 10වන දින PCR පරීක්ෂණය සඳහා යොමුකර තිබෙන බවත් අනාවරණය විය. ඒ අනුව පුවත්පතේ පළවූ සිරස්තලය වැරදි එකක් බවට තහවුරු වේ.

නිගමනය

මෙම සිදුවීම සමබන්ධයෙන් කරුණු විමර්ශනයේදී සනාථ වන්නේ 2020 දෙසැම්බර් 14 දින ලංකාදීප පුවත්පතේ මුල් පිටුවේ පළවූ පුවතේ සිරස්තලය වැරදි එකක් බවත් එය පාදක කොටගෙන Lasiri Lanka යන ග්‍රාම නිලධාරිවරයාගේ Facebook ගිණුමේ පලකළ බොහොමයක් තොරතුරු පරස්පර විරෝධී බවත් ය. එමෙන්ම ලංකාදීප පුවත්පතේ පළවූ ආකාරයට ආදාල ග්‍රාම නිලධාරී වරිය රෝහලින් අනවසරයෙන් බැහැර ගොස් වගකීම් විරහිතව විවිධ රාජකාරී කටයුතු සඳහා ද සහභාගි වී ඇති බවද මෙයින් අනාවරණය වූ දෙයකි .

Hot this week

Sri Lanka Airbus probe shaken by ex-CEO’s death

Speed Read Ex-CEO of SriLankan Kapila Chandrasena found dead under...

Sri Lanka’s Treasury heist exposes gaps in debt management system and 24/7 security shield

Speed Read: A debt payment to Export Finance Australia was...

Sri Lanka hit by fuel storage capacity, not supply

Speed read Sri Lanka’s fuel system is constrained by limited...

Sri Lanka’s air quality crisis: where data gaps meet drifting pollution

Speed read In Sri Lanka, air quality consistently deteriorates between...

Toxic fallout: Mercury fears, substandard coal and a governance crisis converge at Norochcholai

Speed read Mercury(hg) concerns linked to substandard coal at the...

Topics

Sri Lanka Airbus probe shaken by ex-CEO’s death

Speed Read Ex-CEO of SriLankan Kapila Chandrasena found dead under...

Sri Lanka hit by fuel storage capacity, not supply

Speed read Sri Lanka’s fuel system is constrained by limited...

Sri Lanka’s air quality crisis: where data gaps meet drifting pollution

Speed read In Sri Lanka, air quality consistently deteriorates between...

GIJN Launches Global Academy of Investigative Journalism

The Global Investigative Journalism Network (GIJN) has launched the...

Easter 2019: A tragedy foretold and still unresolved

Seven years ago, on 21 April 2019, sun dawned...

Sri Lanka’s Bumpy Road to a Political Reset

Sri Lanka is navigating a fragile political transition following...

Related Articles

Popular Categories