Wednesday, May 13, 2026
24.5 C
Colombo

දේශපාලඥයින් පිළිබඳ ගවේෂණය කිරීම

දේශපාලනඥයකුගේ මූල්‍ය සහ දේශපාලන තොරතුරු හෙළි දරව් කර ගැනීමේ විවිධාකාර ක්‍රම තිබේ. නිල වශයෙන් ලැබෙන සම්පත් විමර්ශනය මේ සඳහා හොඳ ආරම්භයක් සපයනු ඇත.

නිරන්තර සීමාවන්ට යටත්ව වුවත්

1. ආදායම් සහ වත්කම් අනාවරණයන්;

2. ප්‍රචාරණ ව්‍යාපාර අරමුදල් අනාවරණය;

3. අධිකරණ වාර්තා;

4. තනතුරේ නිරත වන කාලය පිළිබඳ පොදු වාර්තා.

ඔබට පරිශීලනය කිරීමට අවස්ථාව සැලසෙනු ඇත.

නිල තොරතුරු වාර්තා පරිශීලනය පිළිබඳව මෙම සටහන මගින් අවධානය යොමු කරන අතර එහිදී ඔබ අන්තර්ජාලය භාවිතා කරනු ඇති බව උපකල්පනය කෙරේ. දේශපාලනඥයා විසින් සිදු කරන ලද ප්‍රකාශ සහ සම්මුඛ සාකච්ඡා මෙන්ම අදාල බලධාරියා විසින් ඉදිරිපත් කරන ලද මත ඇතුලත් පුවත් වාර්තා පිළිබඳ දැන ගැනීම පිණිස එක් ප්‍රධාන ක්‍රමවේදයක් වන්නේ අන්තර්ජාල පිරික්සුම්ය. එහෙත් තොරතුරු සියල්ල අන්තර්ජාලය තුළ හමු නොවේ.

සාමාන්‍ය මිනිසුන් සමඟ සාක්ච්ඡා කිරීමට උත්සාහ කරන්න. ඉඟිය: විරුද්ධවාදීන් සහ විවේචකයන් යනු අතිශය තීරණාත්මක තොරතුරු සඳහා වන හොඳම (එහෙත් වඩාත්ම අවිශ්වාස) මූලාශ්‍ර විය හැකියි.

වත්කම් බැරකම් ප්‍රකාශන පිළිබඳ ඇස යොමා සිටීම

රටවල් 160 ක පමණම මැතිවරණයකදී තේරී පත් වන බලධාරීන් ඔවුන්ගේ ආදායම් සහ මූල්‍ය වත්කම් පිළිබඳ තොරතුරු හෙළි කළ යුතුය.

එහෙත්, මෙලෙස ඉදිරිපත් කරන තොරතුරු බොහෝ විට අසම්පූර්ණ විය හැකියි. නමුත් තියුණු ඇස් ඇති පරිශීලකයන් එවැනි තොරතුරු වල සැඟව ඇති තතු විත්ති ඕනෑ තරම් හඳුනා ගැනීමට සමත් වෙති. ඉඟිය: ඉදිරිපත් කර ඇති හිමිකම් අදාල පුද්ගලයාගේ යථා ජීවිතය සමග සැසඳීම සාර්ථක විමර්ශනයකට සාරවත් පසක් නිර්මාණය කරනු ඇත.

හිමිකම් අනාවරණ තොරතුරු සුවිශාල දායකත්වයක් ලබා දුන් සහ එවැනි විමර්ශන සඳහා සුදුසු මෙවලම් රැසක් හඳුනාගත් ප්‍රශස්ත මට්ටමේ විමර්ශන ගණනාවක් ගෝලීය විමර්ශනාත්මක ජනමාධ්‍ය ජාලය විසින් සම්පාදනය කරන ලදී. වැඩි විස්තර සඳහා ගෝලීය විමර්ශනාත්මක ජනමාධ්‍ය ජාලයේ වත්කම් අනාවරණයන් සම්පත් එකතුවට පිවිසෙන්න.

අවාසනාවකට මෙන් සෑම රටකම සොය බැලිය යුතු මූලාශ්‍ර ඇතුලත් තොරතුරු එකතුවත් නොමැති බැවින් දේශීය විමර්ශන සිදු කිරීම අවශ්‍ය වනු ඇත.

කෙසේ වෙතත්, රටවල් අතලොස්සක, මාධ්‍යවේදීන් සහ වෙනත් පිරිස් විසින් නිල වත්කම් වාර්තා එක්රැස් කිරීමට සහ පරිශීලනය කිරීමට පහසු වන පරිදි දත්ත පද්ධති නිර්මාණය කොට තිබේ.

ප්‍රාදේශීය දේශපාලනඥයන් 121 දෙනෙකුගේ දේපළ පිළිබඳ විමර්ශනයක් පාදක කරගත් නාමයෝජනා අතර කෝටිපතියන් (Millionaires Among the Nominees) යනු විමර්ශනාත්මක වාර්තාකරණය සඳහා වූ බොස්නියානු මධ්‍යස්ථානයේ වාර්තාවකි. මැතිවරණ අපේක්ෂකයන්ගේ දේපළ සහ වත්ම් ප්‍රකාශන එක්රැස් කළ එහි වාර්තාකරුවන් ඒවා “දේශපාලකයින්ගේ වත්කම්” (politicians’ assets) පිළිබඳ දත්ත ගබඩාවකට ඒකාබද්ධ කළහ.

ඔස්ට්‍රේලියාවේ නිර්මාණය කරන ලද සුහුරු මෙවලමක් වන DisclosureBot මගින් දේශපාලඥයන් තම වත්කම් ප්‍රකාශන සංශෝධනය කරන විට ට්වීටර් (වර්තමානයේ X) පණිවුඩ නිකුත් කරයි.

ජාතික මට්ටමේ අනාවරණ පද්ධති පිළිබඳ දැන ගැනීම සඳහා මැතිවරණ ප්‍රතිසංස්කරණ හෝ විනිවිදභාවය වෙනුවෙන් පෙනී සිටින පුරවැසි කණ්ඩායම් වෙත අවධානය යොමු කරන්න. වත්කම් අනාවරණ නීති මගින් ආවරණය වන්නේ කවුද, ලබා ගත හැකි තොරතුරු මොනවාද සහ ඇත්තේ කොතැනක ද වැනි තොරතුරු පිළිබඳ විශ්වාසදායක මූලාශ්‍ර වන්නේ එවැනි ක්‍රියාධරයන් වේ.

කනගාටුවට කරුණක් වන්නේ, බොහෝ නීති ව්‍යාකූල තත්ත්වයන්ට සහ ඌන වාර්තාකරණයකට මග සැලසීමයි. එබැවින් නිල වත්කම් ප්‍රකාශන අත්පත් කර ගත් පසු, බොහෝ විට ඒවා පුළුල් විමර්ශනයක ප්‍රාථමික ආරම්භයන් ලෙස සැලකීම සුදුසු වේ.

ප්‍රකාශයට පත් කරන ලද තොරතුරු වල සත්‍යතාව තවදුරටත් පරීක්ෂා කිරීමේදී ඒ්වායේ ප්‍රමාද දෝෂයන් සහ විෂමතාවන් දක්නට ලැබෙනු ඇත. එබැවින් අනාවරණය කරන ලද තොරතුරු පමණක් නොව, නොකළ දේ සොයා යන්න.

සොයා බැලිය යුතු විකල්ප

දේශපාලකයන්ගේ මූල්‍ය හිමිකම් පිළිබඳ කරුණු පිරික්සීම උපකාර වන වෙනත් මූලාශ්‍රයන් ද තිබේ.

නීතිමය දත්ත පද්ධති පරීක්ෂාවන් මගින් අදාළ වත්කම් තොරතුරු ලබා ගත හැකි වනු ඇත. දික්කසාද නඩු, අවසන් කැමැති පත්‍ර සහ ඉඩම් ආරවුල් පරීක්ෂා කරන්න. දේපල හිමිකම් වාර්තා ද ප්‍රයෝජනවත් විය හැකිය. පවුලේ සාමාජිකයන්ගේ සමාජ මාධ්‍ය ගිණුම් සමහර අවස්ථාවලදී ප්‍රයෝජනවත් බව සනාථ වී තිබේ.

දේශපාලනඥයකුගේ ජීවන රටාවට අවිධිමත් ලෙස එබී බැලීම තවත් දර්ශීය විමර්ශන ක්‍රමවේදයකි. එක් ආසියාතික දේශපාලකයෙකුගේ අධික වියදම් හෙලි වූයේ ඔහුගේ අතේ බඳින මිල අධික ඔරලෝසු එකතුවක් නිරීක්ෂණයට හසුවීමෙනි. එක් මාධ්‍යවේදියෙකු විසින් ඔහුගේ මැණික් කටුවේ ඡායාරූප එක්රැස් කොට ප්‍රකාශයට පත් කරන ලදී.

ප්‍රචාරණ වියදම් ප්‍රකාශයට පත් කිරීම

ප්‍රචාරණ අනුග්‍රාහක වාර්තා මගින් පරිත්‍යාග කර ඇති මුදල පමණක් නොව නොව ඒවා ප්‍රදානය කරන ලද්දේ කවුදැයි යන්න හෙළි වේ. දේශපාලනඥයෙකුගේ ආධාරකරුවන් ගැන දැන ගැනීමෙන් ද හෙළිදරව් කිරීම් සිදු කළ හැකිය. සමහර රටවල, තනතුරු සඳහා තරඟ කරන අපේක්ෂයන්ගේ ප්‍රචාරක අනුග්‍රාහකත්වයන් ප්‍රකාශයට පත් කිරීම නීතිය මගින් අනිවාර්යය කර තිබේ.

ප්‍රජාතන්ත්‍රවාදය සහ මැතිවරණ සහය සඳහා වන ජාත්‍යන්තර ආයතනය විසින් ස්ථාපිත දේශපාලන මූල්‍ය දත්ත පද්ධතිය මගින් ජාතික මට්ටමේ සන්දර්භයක් සැපයේ. එහෙත් එය ජාතික අනාවරණ අඩවි වෙත සබැඳි සපයන්නේ නැත. ප්‍රජාතන්ත්‍රවාදී ආයතන සහ මානව හිමිකම් පිළිබඳ කාර්යාලය විසින් සකසන ලද මැතිවරණ නිරීක්ෂණ සහ ඇගයීම් වාර්තා වල දැක්වෙන ප්‍රචාරණ ව්‍යාපාර ආධිපත්‍යයන් ගැන යුරෝපයේ ආරක්ෂාව සහ සහයෝගීතාව සඳහා වූ සංවිධානය විසින් විස්තර කෙරේ.

එක්සත් ජනපදයේ වියදම් ප්‍රකාශන ‌ ෆෙඩරල් මැතිවරණ කොමිසම විසින් පවත්වාගෙන යන දත්ත පද්ධතියක් හා සබැඳුණු වෙබ් අඩවියක සටහන් කර තිබේ.

තවත් ප්‍රයෝජනවත් සම්පත් ලෙස opensecrets.org (ප්‍රතිචාරාත්මක දේශපාලන මධ්‍යස්ථානය විසින් මෙහෙයවන) සහ FollowtheMoney.org සැලකිය හැකිය.

පරිත්‍යාගශීලීන්ගේ නම් මෙන්ම ඔවුන් පරිත්‍යාගයන් සිදු කළේ කුමන හේතුවක් නිසා ද වැනි ප්‍රශ්න නගන Politicalmoneyline.com බොහෝ විට වැටුප් ලේඛන පසු පස හඹා යයි.

එබැවින් විමර්ශන මාර්ගයන් වංගු ගසමින් ඉදිරියට ඇදේ. එක් මාර්ගයක් නම් බලධාරීන්ගේ වත්කම් ප්‍රකාශන ප්‍රචාරණ දායකත්වයන් සමග සංසන්දනය කිරීමයි. සමහර රටවල, බලධාරීන් ලියාපදිංචියක් ලබා ගත යුතු අතර ඔවුන්ගේ ගනුදෙනුකරුවන් සහ වියදම් පිළිබඳව ප්‍රකාශයට පත් කළ යුතුය.

නිල ක්‍රියාමාර්ගයන් පිළිබඳ පොදු වාර්තා

තේරී පත් වූ පමණක් නොව, තෝරා පත් කර නොගැණුනු බලධාරීන් පවා ක්‍රමයෙන් නිසි මාර්ගයෙන් පීලි පැනීම සිදු කරයි. මෙවැනි අවස්ථා විවිධ අඳුරු අහුමුළු වලදී සොයා ගන්නට හැකියාව ඇත.

• රජයේ ගැසට් පත්‍රය වැනි නිල ප්‍රකාශන;

•ව්‍යවස්ථාදායක කාර්ය සටහන්;

• ඡන්ද සංඛ්‍යාව;

• රැස්වීම් වාර්තා;

• නියෝජිතායතන සතු ලේඛන;

• නියෝජිතායතන ප්‍රකාශන.

මෙම සම්පත් වල විශේෂතා රටකින් රටකට වෙනස් වේ. ඒවා අන්තර්ජාලය තුළ හමු නොවිය හැකි අතර යාවත්කාලීන කොට නොතිබිය හැකිය. ඒ් කෙසේ වෙතත්, ඒවා ප්‍රාමාණික සහ නිල වශයෙන් වැදගත් කමක් දරයි.

ඉඟිය: පුස්තකාලයාධිපතිවරුන්ගේ සහයෝගය පතන්න. ඔවුන් බොහෝ දේ දැන සිටිති.

තවත් සමහර රටවල නිල වාර්තා බාගත කර විශ්ලේෂණය කරනු ලැබේ. උදාහරණයක් ලෙස, OpenAustralia පරිශීලනය කරන්න.

යම් පුද්ගලයෙක් සේවය කළ ආයතනය වෙතින් තොරතුරු දැන ගැනීමේ නිදහස යටතේ සිදු කරන ලබන ඉල්ලීමක් මගින් යම් විස්තර කිරීමක් ලබා ගත හැක.

අධිකරණ වාර්තා ඇතුළු තවත් වාර්තා

පහත කරුණු දැන ගැනීම සඳහා අධිකරණ වාර්තා පරීක්ෂා කරන්න:

· පුද්ගලයන් හා සම්බන්ධ නඩු;

· බංකොලොත්භාවය;

· බදු සහ උකස්;

· දික්කසාද වාර්තා;

· අපරාධ චෝදනා.

එතැන් සිට තොරතුරු ලබා ගත හැකි වෙනත් ස්ථාන ගැන සිතා බලන්න.

· නිශ්චල දේපල;

· හමුදා වාර්තා;

· වාහන අයිතිය;

· ගුවන් යානා සහ ජල යාත්‍රා හිමිකම;

· අයිතිය දැරූ හෝ පවත්වාගෙන යනු ලැබූ ව්‍යාපාර;

· වෘත්තීය බලපත්‍ර;

· අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ සත්‍යාපනය.

අන්තර්ජාතික දත්ත පද්ධති

දේශපාලඥයන් පිළිබඳ තොරතුරු වැඩි වශයෙන්ම හමුවන්නේ ඔවුන්ගේ මව් රටවලිනි. ඉහළ වටිනාකමක් සහිත නිදහස් අන්තර්ජාතික දත්ත පද්ධති ඇත්තේ සුළු ගණනකි.

EveryPolitician යනු එක්සත් රාජධානියේ රාජ්‍ය නොවන සංවිධානයක් වන mySociety විසින් සම්පාදනය කරන ලද ලෝකයේ තේරී පත් වූ නියෝජිතයින් පිළිබඳ බාගත කළ හැකි දත්ත ගබඩාවකි. එය රටවල් 233 ක දේශපාලනඥයන් 76,800 කට වඩා ලැයිස්තුගත කර ඇති අතර, නියෝජිතයන් පිළිබඳ ඉතා මූලික තොරතුරු පමණක් සපයයි. නමුත් සමහර විට මෙයට සමාජ මාධ්‍ය ලිපින සහ දුරකථන අංක වැනි තොරතුරු ඇතුළත් වේ.

රජයේ ප්‍රචාරක මූල්‍ය පිළිබඳ ජාතික ප්‍රතිපත්ති අවබෝධ කර ගැනීම සඳහා, ප්‍රජාතන්ත්‍රවාදය සහ මැතිවරණ සහය සඳහා වන ජාත්‍යන්තර ආයතනය විසින් පවත්වා ගෙන යන දේශපාලන මූල්‍ය දත්ත පද්ධතිය (Political Finance Database) පරිශීලනය කරන්න. එය මූලික ප්‍රශ්න 43 ක පිළිතුරු මත පදනම්ව රටවල් 180කට වැඩි ගණනක දේශපාලන මූල්‍ය ප්‍රතිපත්ති විස්තර කරයි. ස්වීඩනය පදනම් කරගත් කණ්ඩායම පුළුල් කාණ්ඩ හතරක් භාවිතා කරයි: a) පුද්ගලික ආදායම මත තහනම් කිරීම් සහ සීමාවන්, b) පොදු අරමුදල්, c) රෙගුලාසි, සහ d) වියදම් දැරීම් සහ වාර්තා කිරීම, අධීක්ෂණය සහ සම්බාධක. දත්ත පද්ධතිය සහ පරිගණකගත ජාතික සම්පත් වෙත සබැඳියාවක් නැත.

සංවිධානාත්මක අපරාධ සහ දූෂණ වාර්තාකරණ ව්‍යාපෘතිය (OOCRP) විසින් අනුග්‍රහය දක්වන විමර්ශනාත්මක දත්ත පුවරුව (Investigative Dashboard Database) සතුව වාණිජ සංස්ථාපනයන් පිළිබඳ බොහෝ දේ ඇතුළුව ලොව පුරා දත්ත මූලාශ්‍ර අයිතම මිලියන ගණනක් ඇත.

දේශපාලනික වශයෙන් නිරාවරණය වූ ඊනියා පුද්ගලයන් (PEPs) පිළිබඳව “තිර ඇගයුම්” පරීක්ෂාවන් මෙහෙයවීමට අවශ්‍ය මූල්‍ය ආයතන ඇතුළු ව්‍යාපාර සඳහා සේවය සැලසීම පිණිස වාණිජ සේවා පවතී. මෙම දායකත්ව සේවාවන්ට Dow Jones Risk & Compliance ද ඇතුළත් වේ.

ගෝලීය විමර්ශනාත්මක ජනමාධ්‍ය ජාලය

Hot this week

Sri Lanka Airbus probe shaken by ex-CEO’s death

Speed Read Ex-CEO of SriLankan Kapila Chandrasena found dead under...

Sri Lanka’s Treasury heist exposes gaps in debt management system and 24/7 security shield

Speed Read: A debt payment to Export Finance Australia was...

Sri Lanka hit by fuel storage capacity, not supply

Speed read Sri Lanka’s fuel system is constrained by limited...

Sri Lanka’s air quality crisis: where data gaps meet drifting pollution

Speed read In Sri Lanka, air quality consistently deteriorates between...

Toxic fallout: Mercury fears, substandard coal and a governance crisis converge at Norochcholai

Speed read Mercury(hg) concerns linked to substandard coal at the...

Topics

Sri Lanka Airbus probe shaken by ex-CEO’s death

Speed Read Ex-CEO of SriLankan Kapila Chandrasena found dead under...

Sri Lanka hit by fuel storage capacity, not supply

Speed read Sri Lanka’s fuel system is constrained by limited...

Sri Lanka’s air quality crisis: where data gaps meet drifting pollution

Speed read In Sri Lanka, air quality consistently deteriorates between...

GIJN Launches Global Academy of Investigative Journalism

The Global Investigative Journalism Network (GIJN) has launched the...

Easter 2019: A tragedy foretold and still unresolved

Seven years ago, on 21 April 2019, sun dawned...

Sri Lanka’s Bumpy Road to a Political Reset

Sri Lanka is navigating a fragile political transition following...

Related Articles

Popular Categories