නිපුනතාවය නිසාම ලොවක් ජයගත් රත්නපුරයේ ඩස්මන්.

“අපේ තාත්තා වැඩ කළේ ලංකා ගමනා ගමන මණ්ඩලයේ පානදුර ඩිපෝවේ ෆෝර්මන් වරයෙකු විධියට.තාත්තා විශ්‍රාම ගන්න කොට මම 08 වන පන්තියේ ඉගෙණුම ලබමින් සිටියේ.තාත්තා විශ්‍රාම ගැනීමෙන් පසුව අපි රත්නපුරය – පැල්මඩුල්ලේ තියන අම්මලාගේ ගෙදර පදිංචියට ආවා.පානදුරයේ හිටපු මගේ ජීවිතය වෙනස් වෙන්න පටන් ගත්තේ රත්නපුරයට ආවාට පස්සේ කියන එකයි මගේ විශ්වාසය.ඇතැම් විට තාත්තා රත්නපුරයේ ඉන්නේ නැතිව පානදුරේම හිටියා නම් අද අපේ රටේ “වයර් හනස්ස” නිෂ්පාදනය නොවෙන්නත් ඉඩ තිබුණා.”

රත්නපුරය – කොස්පැලවින්න පදිංචිකරුවෙකුවන ලොවක් ජයගත් නිපැයුම්කරුවෙකු වන එම්.ඒ.ඩස්මන් මහතා අප සමග එසේ කථා බහට එක් විය.

අපේ රටේ වැඩියෙන්ම භාවිතා කරන වාහනයක් වන්නේ “යතුරු පැදිය”යි. විශේෂයෙන්ම ගම්බද පදිංචිකරුවන් මෙන්ම රජයේ සේවකයින්ද යතුරු පැදි භාවිතා කිරීම සිදු කරති.පුද්ගලික අංශයේ සේවය කරන ක්ෂේත්‍ර නිලධාරීන් මෙන්ම විවිධ භාණ්ඩ බෙදා හරින්නන්ගේ සුමිතුරා වී ඇත්තේද යතුරු පැදියයි.

ඡායාරූපය – Getpeak වෙබ් අඩවියෙනි.

යතුරු පැදියේ යාන්ත්‍රික කොටස් වලට අමතරව තිබිය යුතු විශේෂිතම කොටසක් ලෙස “වයර් හනස්ස” හැදින්විය හැක.යතුරු පැදියේ ක්‍රියාකාරීත්වයට අවශ්‍ය කරන විදුලිය අවශ්‍ය තැන් වලට බෙදා හැරීම සිදු කරන්නේ මේ වයර් හනස්ස මගිනි.

අතීතයේදීම නම් මෙරට යතුරු පැදි වලට අවශ්‍ය වයර් හනස්ස විදෙස් රටවල් වලින් ආනයනය කර ඇත.නමුත් මේ වන විට අපේ රටේ ඉල්ලුමේ තරමට මෙන්ම මාලදිවයිනට අවශ්‍ය වයර් හනස්සද(යම් ප්‍රමාණයක්) නිෂ්පාදය කරණු ලබන්නේ රත්නපුරයේ පදිංචි ශ්‍රී ලාංකිකයෙකු විසිනි.ඔහු එම්.ඒ.ඩස්මන් ය.

අපි නැවතත් ඩස්මන්ගේ කථාව අහමු.

එම්.ඒ.ඩස්මන් මහතා – ඡායාරූපය – Getpeak වෙබ් අඩවියෙනි.

“රත්නපුරයට ආපු මම අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයෙන් පසුව 1988 අවුරුද්දේ රත්නපුරයේ කාර්මික විද්‍යාලයෙන් විදුලි කාර්මික පාඨමාළාවක් හැදෑරුවා.ඒ කාලයේ මට විදුලිය සම්බන්ධයෙන් හොද දැණුමක් ලබා ගන්න පුළුවන් වුණා.කාර්මික විද්‍යාලයේ අධ්‍යාපනය ලබන කාලයේ විවේකයක් ලැබුණූ විට යාළුවන්ගේ නිවාස වයරින් කරනවා වාගේ වැඩත් කලා.කාර්මික විද්‍යාලයේ දී වගේම පුද්ගලික වැඩ වලදීත් මම විවිධ අත්හදා බැලීම් කරන්න අමතක කළේ නෑ.

කාර්මික විද්‍යාලයේ ඉගෙණුම ලබමින් සිටින අතර තුර මම රත්නපුරයේ ගැරේජ් එකක සති අන්තයේ සහ සවස් කාලයේ වැඩට ගියා.මාසයකට මට රුපියල් 200 ක පඩුයක් ලැබුණා.මේ ගැරේජ් එකට අළුත්වැඩියා කරන්න එන වාහන වල විදුලි කොටස සම්බන්ධයෙන් වැඩ කරන්න තමයි මට පැවරිලා තිබුනේ.මම එතනදීත් විවිධ අත්හදා බැලීම් කරන්න අමතක කළේ නෑ.වාහන වල සවි කර ඇති බැටරි සහ අනෙකුත් විද්‍යුත් කොටස් වල ඔක්සයිඩ බැදීම නිසා ඇති වන කාර්මික දෝෂ ගැන මම වැඩි අවදානයක් යොමු කරලා වැඩ කළා.

ඔය අතර තුර මම රත්මලානේ ජර්මන් ටෙක් ආයතනයේ සති අන්ත පඨමාළාවක් හදාරන්න පටන් ගත්තා.මේ පාඨමාළාව හදාරන්න ඒ වෙන කොට මම වැඩ කරමින් සිටි ගරාජයේ හිමිකරු වැටුප් සහිත නිවාඩු මට ලබා දුන්නා. ඒක ලොකු පිටුවහලක් වුණා මගේ ඉදිරි ගමනට.

අන්න ඒ කාලයේ තමයි යතුරු පැදි වලට අවශ්‍ය කරන “වයර් හනස්ස”අපේ රටේදී නිෂ්පාදනය කරන්න බැරිද කියලා මට අදහසක් ආවේ.මොකද ඒ වෙන කොට අපේ රටේ යතුරු පැදි වලට අවශ්‍ය කරන වයර් හනස්ස ගෙනාවේ පිටරටවල් වලින්.ඒකට ලොකු වියදමක් දරන්න වුණා.වැඩි කාලයක් යන්න පෙර පිටරටවල් වලින් අපේ රටට ගෙන එන වයර් හනස්සට නොදෙවෙනි නිෂ්පාදනයක් කරන්න මට හැකි වුණා.

ඔය අතර තුර මම නිවසේදීම යතුරු පැදි අළුත් වැඩියා කරන්න පටන් ගත්තා. ඒ අළුත් වැඩියා කරපු යතුරු පැදි වලින් බොහෝමයකට යෙදුවේ මමම නිෂ්පාදනය කරපු වයර් හනස්ස.මේ නිසා මට රටේ විවිධ තැන් වලින් වයර් හනස්ස නිෂ්පාදනය කරලා දෙන්න කියලා ඉල්ලීම් ඉදිරිපත් වුණා.ඒත් ආර්ථික තත්ත්වය අනුව ඒක කරන්න බැරිව ගියා.ඒ නිසා තමයි මම රට යන්න ඕනේ කියලා තීරණය කළේ..” හෙතෙම කියා ගෙන ගියේය.

මේ ආකාරයට තම නිෂ්පාදනය වැඩිදියුණු කර ගැනීමේ අදහස ඇතිව ඩස්මන් මහතා තායිලන්තයට සහ ඉන්දියාවට ගොස් වැඩිදුර අධ්‍යාපනය හදාරන අතර පුංචි පුංචි රැකියාවලත් නිරතවී ඇත.අධ්‍යාපන කටයුතු අවසන් වීමෙන් අනතුරුව ඩුබායි රාජ්‍යයට ගොස් රැකියාවක් කිරීමට ඔහු අදහස් කර සිට ඇත. නමුත් තමන්ගේ “සමේ” උපතින්ම පිහිටා ඇති කැළැල් විශේෂයක් නිසා එම සිහිනය එතැනින්ම අවසන් වී ඇත.

නැවතත් සිය රට පැමිණි ඩස්මන් මහතා තමන්ගේම කියා නැවතත් පුංචියට වයර් හනස්ස නිෂ්පාදනය කරන්නට පටන් ගෙන ඇත.ඒ සදහා තම බිරිද සහ සහෝදරයාගෙන් විශාල සහායක් ලැබුණූ බව හෙතෙම කියා සිටී.

තම නිෂ්පාදනය සදහා පේටන්ට් බලපත්‍රයක්ද ලබා ගන්නට ඩස්මන් මහතා කටයුතු කර ඇත.මේ වන විට 15 දෙනෙකු පමණ තමන් යටතේ සේවය කරන බවත්,ඉදිරියේදී රත්නපුරය – කුරුවිට ප්‍රදේශයේ ආරම්භ කිරීමට නියමිත කර්මාන්ත පුරයට ප්‍රවිශ්ඨ වීමට අදහස් කර ඇති බවද ඔහු කියා සිටී.ඉන් පසුව තවත් විශාල පිරිසකට රැකියා අවස්ථා ලබා දෙන්නට හැකියාව ලැබෙන බවද ඩස්මන් මහතා අප සමග කියා සිටියේය.

මේ වන විට මාසයකට දිවයින පුරා ඇති ඉල්ලුම අනුව තම නිෂ්පාදනය 2000 ක් පමණ බෙදා හරින බවත්,මාලදිවයිනෙන් ඉල්ලුම් කරන ප්‍රමාණයට සැපයීම කරන බවත් හෙතෙම කියා සිටියේය.ඇතැම් මාස වලදී මාලදිවයිනට වයර් හනස්ස 05 ක් පමණද,තවත් මාස වලදී ඊටත් වඩා වැඩි ප්‍රමාණයක්ද යවන බව ඔස්මන් මහතා කියා සිටියේය.

“ඇත්තෙන්ම අපි මුලින්ම කරන්න ඕනේ අපිට තියන හැකියාව මොකක්ද කියලා හදුනා ගන්න එක.ඊට පස්සේ කළ යුතු වන්නේ ඒ සම්බන්ධයෙන් හොද නිපුනතාවයක් ලබා ගැනීමයි.වැඩිදුර අධ්‍යාපනයක් අවශ්‍ය වන්නේ නම් විදේශ ගත වුනාට කමක් නෑ.මොකද ඒ රටවල් වලදී අපිට පුහුණුව ලබන අතර තුර ආදායමක් ලබා ගන්නත් හැකි නිසා.

කොහොම වුනත් මේ වන විට අපේ රට පුරාම අලවි කරන්නේ මගේ වයර් හනස්ස බව අභිමානයෙන් මට කියන්න පුළුවන්.ඒ විතරක් නෙමෙයි මාලදිවයිනේ ව්‍යාපාරිකයින් මුලින් ඇණවුම් කරලා පසුව ඇවිත් මගේ නිෂ්පාදන මිලදී ගෙන යනවා.තවත් රටවල් කීපයකින් මගේ නිෂ්පාදන වලට ඉල්ලුමක් තියනවා.නමුත් ඉල්ලුමේ තරමට නිෂ්පාදනයක් කරන්න බැරි වීම ගැටළුවක්..”ඩස්මන් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

ඩස්මන් මහතාගේ නිෂ්පාදනයන් සදහා මේ වන විට ජාතික මෙන්ම අන්තර් ජාතික සම්මාන රැසක්ද හිමිවී ඇත. 2017/2018 වසර වදී ස්විට්සර්ලන්තය, කොරියාව සහ ඉන්දුනීසියාවේදී අන්තර් ජාතික සම්මානයට පාත්‍ර වී ඇත.ඊට අමතරව 2019 වසරේදී කර්මාන්ත සේවා අමාත්‍යාංශය විසින් හොදම ව්‍යවසායකයාට හිමි සම්මානයද,එම වසරේදීම සබරගමුව පළාත් සම්මානයද ඔස්මන් මහතාට හිමිවී ඇත.

ඩස්මන් මහතා ලද සම්මාන – ඡායාරූපය – Getpeak වෙබ් අඩවියෙනි.

කිසිදු නිපුනතාවයක් නොමැතිව රට රටවල් වලට ගිය අපේ රටේ ඇත්තෝ විශාල පිරිසක් පසුගිය කාලය තුළ විවිධ ගැටළු වලට මුහුණ දුන් බව අපි අසා ඇති.තවෙකෙකු කියපු නිසා හෝ තවත් කෙනෙකු කරන නිසා හෝ නොව නිවැරදි ගමනක් යන්නට උත්සාහ කළොත් ජීවිතය ජය ගන්නට අපිට හැකියාව ලැබෙනවා ඇත.ඩස්මන් මහතා ඊට හොදම උදාහරණයක් වන්නේය.

රැකියාවක් සදහා තවත් රටකට සංක්‍රමණය වන්නට පෙර සුදුසු වෘත්තීයක් සම්බන්ධයෙන් නිපුනතාවයක් ලබා ගැනීම සදහා විදේශ සේවා නියුක්ති කාර්යංශයද වැඩ සටහන් රැසක් ආරම්භ කර ඇති බව ඒ සම්බන්ධයෙන් කරන ලද සොයා බැලීම් වලදී අනාවරණය විය.විදේශ සේවා නියුක්ති කාර්යංශයේ පුහුණූ මධ්‍යස්ථාන 18 ක් දිවයින පුරා මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතී.එම පුහුණු මධ්‍යස්ථාන වල සතියේ දවස් 05 තුළම පිරිමි සහ කාන්තා පාර්ශවයන් විශාල පිරිසකට  විවිධ පුහුණුවීම් ලබා දෙන බවක්ද දක්නට ඇත.

විශේෂයෙන්ම මැද පෙරදිග,ඈත පෙරදිග,මැද පෙරදිග නොවන අරාබි රටවල් සදහා පිටත්ව යාමට නියමිත ගෘහ සහායිකාවන් මෙම පුහුණූ මධ්‍යස්ථාන වලදී පුහුණුවීම් ලබති.එමෙන්ම යුරෝපා රටවල් වලට රැකියා සදහා පිටත්ව යාමට අපේක්ෂා කරන අයළුවන් සදහාද විවිධ පුහුණූවීම් මෙම මධ්‍යස්ථාන වලදී සිදු කරති.ඊශ්‍රායලයේ සාත්තු සේවය සදහා තෝරා ගත් පිරිස්ද, ජපානයේ කෘෂිකර්මාන්තය සදහාද,දකුණු කොරියාවේ නාවුක යාත්‍රා අළුත්වැඩියා කිරීමේ පාඨමාළාවන්ද විදේශ සේවා නියුක්ති කාර්යංශය විසින් මේ වන විට ආරම්භ කර පවත්වා ගෙන යයි.මෙම පුහුණූ පාඨමාලාවන් සදහා ජිනරතන පුහුණූ මධ්‍යස්ථානයේ මෙන්ම හෝටල් පුහුණු පාසලේ සහාය ලබා ගැනීමටද විදේශ සේවා නියුක්ති කාර්යංශය කටයුතු කර ඇත.

2022 වසර තුළ විදෙස් ගත රැකියා සදහා අප රටේ ශ්‍රමිකයින්ට පහත ආකාරයට ඇබෑර්තු ලැබී ඇත.

වෘත්තීයඇබෑර්තු ප්‍රමාණය.පිටත්ව ගිය ප්‍රමාණය.
ටෙක්නීෂන් ඔටෝ A/C22901
ගෘහ කුක් (කාන්තා)25,061112
හෙද (කාන්තා)1,36252
වේටර් (ගැහැණු/පිරිමි)80509
රියදුරු (ගොවිපල)1000
ගෘහ රියදුරු3,27485
මේසන්3,041625
වඩු(ෂටරින්)78607
ඉලෙක්ට්‍රීෂන්2,886812
ගෘහ හෙද(පිරිමි)3,86001
පිරිසිදු කරන්නියන්(ගැහැණු)5,0161.091
පිරිසිදු කරන්නන්(පිරිමි)2,6081,025

(මුලාශය: විදේශ සේවා නියුක්ති කාර්යංශය)

මේ ආකාරයට විදේශ ගත වීමට පෙර කිසියම් වෘත්තීයක් සම්බන්ධයෙන් නිපුනතාවයක් ලබා දීමෙන් බලාපොරොත්තු වන්නේ “අතරමං නොවී කතරින් එතෙර වීම” බව විදේශ සේවා නියුක්ති කාර්යංශය සදහන් කර සිටී.

මේ  ආකාරයට ඉසුරු සොයා විදේශ ගත වන්නන් වැඩි වන්නට පටන් ගෙන ඇති බවක් දක්නට ඇතැයි මහා බැංකු වාර්තාවක් පෙන්වා දෙයි.ඒ අනුව පසුගිය 2022 වසරට වඩා ගෙවී ගිය කාලය තුළ පමණක් 154.4% ක පිරිසක් රැකියා සදහා පිටත්ව ගොස්  ඇති බවද එම වාර්තාවේ සදහන් වේ.එසේ පිටත්ව ගොස් ඇති අයගෙන් 60.1% ක් පිරිමි ශ්‍රමිකයින් වීමද විශේෂත්වයකි.

ජූඩ් සමන්ත

මෙම වාර්තාව 2023 අගෝස්තු මස 29 දින Getpeak වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් කරන ලද වාර්තාවක උපුටනයකි.

Hot this week

Why so many of Dhaka’s children remain on the streets

Hunger and violence push children from home. Drugs, criminal...

The Diplomat, the Chameleon, the Bloodhound: Understanding Newsroom Personalities

Investigative journalists are a bit peculiar. Many of us...

Dilrukshi Handunnetti Delivers Presidential Address at MICC 2026

CIR Co-founder Dilrukshi Handunnetti delivered the Presidential Address at...

Shifting sands, sinking communities 

Beneath the Sands, published in 2023, is a collaborative...

Seven years later, Easter Sunday attack verdict brings long-awaited convictions

Speed Read Ending a five-year trial, a Colombo High Court...

Topics

Why so many of Dhaka’s children remain on the streets

Hunger and violence push children from home. Drugs, criminal...

The Diplomat, the Chameleon, the Bloodhound: Understanding Newsroom Personalities

Investigative journalists are a bit peculiar. Many of us...

Dilrukshi Handunnetti Delivers Presidential Address at MICC 2026

CIR Co-founder Dilrukshi Handunnetti delivered the Presidential Address at...

Shifting sands, sinking communities 

Beneath the Sands, published in 2023, is a collaborative...

Seven years later, Easter Sunday attack verdict brings long-awaited convictions

Speed Read Ending a five-year trial, a Colombo High Court...

Sri Lanka’s campaign finance law shows higher compliance but transparency lags

Speed read Sri Lanka’s campaign finance law has produced high...

Call for Applications: 2027 Ochberg Fellowships

Ends on Wed, Oct 21, 2026 2:30 AM The GCJT...

AI women, political deepfakes and Facebook’s failure

Colombo— What began as a disturbing experiment in manufacturing...

Related Articles

Popular Categories