කෑගල්ලේ ධම්මික වෙද මහතා ඇත්තටම කොරෝනා එන්නත විද ගත්තා ද?

කොරෝනාවට දේශීය බෙහෙතක් හැදු බව කියන ධම්මික බණ්ඩාර මහතා කොරෝනා එන්නතක් ලබාගන්නා ආකාරය දැක්වෙන ඡායාරූපයක් සමාජ මාධ්‍ය තුළ මේ දිනවල සැරිසරන්නේ ධම්මික බණ්ඩාර මහතාව උපහාසාත්මකව විවේචනය ද කරමිනි.

රටතුළ පැතිරගිය කොරෝනා වෛරස් තත්වය හමුවේ මෑත කාලීනව දැඩි සේ කතාබහට ලක්වූ කාරණාවක් වන්නේ කොවිඩ් වෛරසය සඳහා  ඖෂධයක් ලෙස කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් නිෂ්පාදනය කොට හඳුන්වා දුන් ”ධම්මික පැණිය” යි.

මේ සම්බන්ධයෙන් මුල් දිනවල දී දේශීය සොයා ගැනීමක් ලෙස සලකමින් සමාජ මාධ්‍ය තුළ ද යම් පිළිගැනීමක් එක්කර තිබුණත් 2020 දෙසැම්බර් මස 16වන දා ධම්මික බණ්ඩාර මහතා අනුරාධපුර අටමස්ථානාධිපති අති පූජ්‍ය පල්ලේගම සිරි නිවාස හිමියන් හට කොවිඩ් ඖෂධය  පූජාකොට  පසුව ශ්‍රී මා බෝධියේ ඉහළ මළුව වෙත ඖෂධය පූජා කිරීමට නොදීම හේතුවෙන් ධම්මික බණ්ඩාර මහතා “මම කාලි” යැයි පවසමින් ඇති වූ තත්වයත් සමග ධම්මික පැණිය කාලි පැණිය නමින් සමාජ මාධ්‍ය තුළ දැඩි කතා බහට ලක් විය.

මේ සම්බන්ධයෙන් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ආයතන මෙන්ම සමාජ මාධ්‍ය මගින් ද විවිධ අදහස් පළවන්නට විය. මේ  අතර සමාජ මාධ්‍ය තුළ ධම්මික වෙද මහතා දැඩි සේ විවේචනයට, උපහාසයට ලක්විය.

මේ ආකාරයෙන් කොරෝනා සඳහා බෙහෙත් හැදු  ධම්මික වෙද මහතා කොරෝනා වෛරසය සඳහා ලබාදෙන එන්නතක් ලබා ගන්නා ආකාරය දැක්වෙන ඡායා රූපයක් 2020.02.20 දින සිට  සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් පවතී. එහි ”හිමීට ඕං මම කාලිගේ අම්ම………  ” යනුවෙන් ද සටහන් කරමින් උපහාසත්ම අයුරින් මෙම ඡායා රූපය සමාජ මාධ්‍ය තුලට 2020.02.20 දින Chamil Rupasinghe යන අයගේ ෆේස්බුක් ගිණුම තුළින් පළකර තිබූ අතර එහි දී පැය 15ක දී 20 දෙනෙකුට අධික ප්‍රමාණයක් අතර මෙය ෂෙයා කර තිබුණි.

https://www.facebook.com/photo?fbid=2069639393170225&set=a.305070029627179

අදාළ  ඡායා රූපය සම්බන්ධයෙන් google reverse image search ඔස්සේ සිදුකළ සොයා බැලීමක දී අනාවරණය වූයේ  මෙම ඡායා රූපය ධම්මික වෙද මහතා හට එන්නත් සිදුකරන අවස්ථාවක් නොවන අතර එය 2020 දෙසැම්බර් 14වන දින වොෂිංටන්, ඩී. සී, සැන් ඩියාගෝ සහ සැන් ඇන්ටෝනියෝ හි එක්සත් ජනපද හමුදා ප්‍රජාව  සඳහා COVID-19 එන්නත ලබාදුන් අවස්ථාක දී වෝල්ටර් රීඩ් ජාතික මිලිටරි වෛද්‍ය මධ්‍යස්ථානයේ අභ්‍යන්තර ඖෂධ  සැපයුම්කරුවෙකු වන යුද හමුදා කපිතාන් (වෛද්‍ය) යෙසායා හෝර්ටන්ට COVID-19 එන්නත ලබා දෙන අවස්ථාවේ එම ඡායාරූපය ගෙන ඇත්තේ  ෆර්ඩිනැන්ඩෝ, ඩීඕඩී නැමති ඡායාරූප ශිල්පියෙකු විසින් බවයි.

https://www.health.mil/News/Articles/2020/12/15/Frontline-health-care-workers-among-first-in-DOD-for-COVID-19-vaccine

එමෙන්ම මෙහි ධම්මික වෙද මහතාගේ රුව ඇතුළත් ඡායාරූපය 2020 දෙසැම්බර් 23 සිට හිරු වෙබ් අඩවිය ,මවුබිම වෙබ් අඩවිය ,Lanka news web ,යන වෙබ් අඩවි ඇතුළු වෙබ් අඩවි රාශියක් මගින් ප්‍රකාශයට පත් ඡායාරූප බව තහවුරු වේ.

https://www.hirunews.lk/goldfmnews/257672/dhammika-covid-syrup-formula-gets-approval-no-state-sponsorship-video
https://mawbima.lk/news-more/75321

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් විමසීම සඳහා ධම්මික වෙදමහතාගේ දුරකථන අංකය සඳහා ඇමතුමක් ලබාගත්ත ද ඔහු ඒ සඳහා ප්‍රතිචාර නොදැක්වූ නමුත් ඔහුගේ දුරකථනය භාවිත කළ ඔහුගේ සමීපතමයෙකු කියා සිටියේ ”වෙද මහත්තයා එහෙම බෙහෙතක් විදගත්තේ නෑ ” යනුවෙනි. එමෙන්ම කෑගල්ල  ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරියෙකුගෙන් ද මේ සම්බන්ධයෙන් විමසූ විට ඔහු ද කියා සිටියේ ධම්මික වෙදමහතා යන අයට කිසිදු ආකාරයක කොරෝනා එන්නතක් ලබාදීමට කටයුතු කර නොමැති බවයි.

නිගමනය

මේ අනුව අපගේ විමර්ශණයෙන් පැහැදිලි වන්නේ “ධම්මික පැණිය” නමින් ප්‍රසිද්ධියට පත්වූ දේශීය ඖෂධීය පැණිය නිර්මාණය කළ කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා පසුගිය දා කොවිඩ්19 සඳහා වූ එන්නතක් ලබාගත් බව දැක්වීමට හුවමාරු වන ඡායාරූපයේ ඇත්ත වශයෙන්ම සිටින්නේ එක්සත් ජනපදයේ වෝල්ටර් රීඩ් ජාතික මිලිටරි වෛද්‍ය මධ්‍යස්ථානයේ අභ්‍යන්තර ඖෂධ  සැපයුම්කරුවෙකු වන යුද හමුදා කපිතාන් (වෛද්‍ය) යෙසායා හෝර්ටන් බවයි.

Hot this week

Sri Lanka’s campaign finance law shows higher compliance but transparency lags

Speed read Sri Lanka’s campaign finance law has produced high...

Call for Applications: 2027 Ochberg Fellowships

Ends on Wed, Oct 21, 2026 2:30 AM The GCJT...

AI women, political deepfakes and Facebook’s failure

Colombo— What began as a disturbing experiment in manufacturing...

DBS Jeyaraj, remembering a journalist who kept truth alive

David Buell Sabapathy Jeyaraj (DBS) left behind more than...

Survivors, sorrow, and the unyielding search in Nepal

On Sept.7, Nepali families performed the13th day funeral ituals...

Topics

Sri Lanka’s campaign finance law shows higher compliance but transparency lags

Speed read Sri Lanka’s campaign finance law has produced high...

Call for Applications: 2027 Ochberg Fellowships

Ends on Wed, Oct 21, 2026 2:30 AM The GCJT...

AI women, political deepfakes and Facebook’s failure

Colombo— What began as a disturbing experiment in manufacturing...

DBS Jeyaraj, remembering a journalist who kept truth alive

David Buell Sabapathy Jeyaraj (DBS) left behind more than...

Survivors, sorrow, and the unyielding search in Nepal

On Sept.7, Nepali families performed the13th day funeral ituals...

Guide to Investigating Tech and AI in Modern Warfare 

When historians look back on the wars of the...

Can’t sleep, feels drained? Extreme heat may be affecting your mental health

Speed Read Rising temperatures can disrupt sleep, increase fatigue and...

Related Articles

Popular Categories