මයික්‍රෝ කැබ් නඩත්තු කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය විශාල මුදලක් වැය කරයි

By Rahul Samantha Hettiarachchi

සෞඛ්‍ය මධ්‍යස්ථාන තුනක් කැබ් රථ 03ක් නඩත්තුකිරීම සඳහා රුපියල් මිලියන 8.14ක්

  හම්බන්තොට දිස්ත්‍රික්කයේ සුරියවැව , වීරකැටිය  සහ තිස්සමහාරාම යන ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා මධ්‍යස්ථාන සදහා 2009 දී දේශීය ව්‍යවසායක මයික්‍රෝ කාර්ස් (පුද්ගලික) සමාගම විසින් කොරියාවෙන් ගෙන්වන ලද  අමතර කොටස්  මගින් සකස්කරන ලද  මයික්‍රෝ ඇක්ටියොන් දිවිත්ව  කැබ් රථයක් මිල දී ගැනීමේ පරමාර්ථය වූයේ දේශීය ව්‍යාපාරයට උදව් කිරීම ය.

  නමුත් ඉතා ඉක්මනින් ප්‍රාදේශීය  සෞඛ්‍ය සේවා මධ්‍යස්ථානවල තාක්ෂණික නිලධාරීන් විසින් වාහනවල නඩත්තු පිරිවැය වාහනයේ මුල් පිරිවැයට වඩා වැඩි වන බව සොයා ගන්නා ලදී.

රුපියල් මිලියන 3.5 පමණ මිලකට මෙම කැබ් රථ මිලදී ගෙන ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා මධ්‍යස්ථාන වෙත ලබා දී   තිබෙන අතර පසුගිය වසර 10 තුල මෙම කැබ් රථ නඩත්තුවට පමණක් රුපියල් මිලියන 08 කට වඩා( 8,145,098.46 ) වැඩි මුදලක් ගෙවා තිබෙන බව තොරතුරු දැනගැනීමේ පනත මගින් සිදුකළ  සොයා බැලීමේදී අනාවරණය විය.

 2018 වසරේදී පමණක්  සූරියවැව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය  යටතේ පවතින PB 7069 දරන කැබ් රථය මාස 10කුත් දින 20 ක් , වීරකැටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය යටතේ පවතින PB 7908 දරන කැබ් රථය මාස තුනකුත් දින 03 ක් , තිස්සමහාරාම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය තුල තිබෙන PB 7098 දරන කැබ් රථය මාස තුනක කාලයක් විවිධ  අලුත්වැඩියා  කටයුතු වෙනුවෙන් ගරාජ්වල තැබීමට සිදුව තිබේ . එමෙන්ම 2018 වර්ෂයේදී පමණක්  මෙම කැබ්  තුනෙහි අලුත්වැඩියා කටයුතු වෙනුවෙන් පමණක් රුපියල් ලක්ෂ තිස් හතක (රු3781521) මුදල් වැයකර තිබේ.  WP PB -7069, WP PB -7098, සහ WP PB -7908 යන ලියාපදිංචි අංක සහිත කැබ් රථ මිලදී ගත් දින සිට 68 වතාවකට වඩා  වැඩි වාර ගණනක් අලුත්වැඩියා කර තිබෙන බවද එම තොරතුරු  මගින් හෙළි වේ.

මෙම දත්ත විශ්ලේෂණයේදී එක් කැබ් රථයක් අලුත්වැඩියා කිරීමේ කටයුතු වෙනුවෙන්  වසරක් සදහා රුපියල් ලක්ෂ දෙක හමාරකට අධික මුදලක් වැයකර ඇති බව පෙනී යයි.  ඒ අනුව පසුගිය වසර 10 තුලදී PB 7069 යන කැබ් රථය නඩත්තු කිරීම සදහා රුපියල් 2483763.87ක මුදලක්ද ,PB 7908 යන කැබ් රථය නඩත්තු කිරීම සදහා රුපියල් 2779406.14 ක මුදලක්ද ,PB 7098 යන කැබ් රථය නඩත්තු කිරීම සදහා රුපියල් 2881928ක මුදලක් ද යොදවා තිබෙන බව අනාවරණය වේ.

මෙම කැබ්රථ මයික්‍රෝ සමාගමේ SUV වර්ගයේ නිපැයුමක් වන අතර  ලීටර් 2.0 ධාරිතාවෙන් යුත් ඉන්ටර් කූලර් ටර්බෝ ඩීසල් එන්ජිම(3rd Generation VGT A200XVT) අශ්ව බල 141 හා මිනිත්තුවට වට 4000ක බලයක් උත්පාදනය කරයි. ගියර් 6කින් යුතු ස්වයංක්‍රීය / ටිප්-ට්‍රොනික් ගියර් පද්ධතිය හෝ ස්වයංක්‍රීය නොවන ගියර් 5කින් යුතු ගියර් පද්ධතියකින් සමන්විත වේ.  4 වීල් රථයක් වන මෙය ධාවනය වන අතරතුර 2 වීල් තත්වයට පත් කිරීමට හැකියාව ඇත.

   එමෙන්ම මෙම කැබ් රථ තුල සිදුවන නඩත්තු කටයුතු දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ තාක්ෂණික නිලධාරියාගේ අධීක්ෂණය හා තක්සේරු කිරීම් මත හම්බන්තොට සන්ධ්‍යා මෝටර්ස් යන පුද්ගලික ආයතනය මගින් හෝ අදාල කැබ්රථ නිශ්පාදන  ආයතනය මගින් සිදුකිරීමට කටයුතු සලසන බවයි කළ  විමසීමකදී  හම්බන්තොට දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක  දීපිකා පටබැදිගේ මහත්මිය කියා සිටියේ ,

 ඒ අනුව මේ සම්බන්ධයෙන් අදාළ නඩත්තු කටයුතු සිදුකරන ආයතන මගින් හා දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ අදාල කැබ්රථ පදවනු ලැබූ රියදුරන්ගෙන් කළ   විමසිකමදී ඔවුන් කියා සිටියේ මෙම කැබ්රථ තුල වැඩි වශයෙන් දෝෂ වාර්තා වනු ලබන්නේ එන්ජින් තුල බවයි .

  ”මෙම කැබ්රථ වල බොහොමයක් දෝෂ  වාර්තා වන්නේ ඉන්ජෙක්ටර්වල. එමෙන්ම  තවත් බොහෝ දෝෂ වාර්තා වෙනවා.  හරියට නඩත්තු කරන්නේ නැති වුනාම තමයි ගොඩක් දෝෂ එන්නේ ”යැයි  නඩත්තු කටයුතු සිදුකරනු ලබන ගරාජ් හිමියෙකු කියා සිටි අතර තම ව්‍යාපාර කටයුතු සදහා බාධා  ඇතිවිය හැකි නිසා තම නම පල නොකරන ලෙසද ඔහු ඉල්ලා සිටියේය.

  මේ ආකාරයෙන් අදාළ කැබ්රථ නඩත්තු කටයුතු සදහා යෙදවීම තුලින්  ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා මධ්‍යස්ථානයන්හි කටයුතු සඳහා විශාල බාධාවක් ඇති වී තිබේ. විශේෂයෙන්ම නඩත්තු හේතුවෙන් මාස කීපයක් ගරාජ්හි තැබීමට සිදුවූ අවස්ථා බොහොමයක් වේ. මෙම කාලය තුළ  සායන පවත්වාගෙන යාමේ අපහසුතාවන් මෙන්ම විවිධ රාජකාරි කටයුතුවලට ද මහත් සේ බාධා ඇතිවීම තුල සෞඛ්‍ය අංශයේ කටයුතු අඩාල වීම පමණක් නොව ඒ වෙනුවෙන් වෙනත් වාහන යොදා ගැනීම තුල සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට විශාල මුල්‍යමය පාඩුවක් තවත් අතකින් සිදු වේ.

මෙය හම්බන්තොට පමණක් නොවේ

කරුණු සොයා බැලීමේදී  මෙම පාඩුව සිදුවන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ පමණක් නොවේ. විශේෂයෙන්ම දිවයිනේ අනෙකුත් දිස්ත්‍රික්කයන්හි ඇති ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා මධ්‍යස්ථාන 50කට පමණ මෙම කැබ්රථ ලබා දී තිබේ. හම්බන්තොට දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා කාර්යාලය යටතේ පවතින මෙම කැබ්රථ නඩත්තු වියදම් මෙන්ම අනෙකුත් දිස්ත්‍රික්කයන්හි ඇති කැබ්රථ සඳහා යන නඩත්තු වියදම් ද සලකා බැලීමේ දී සෞඛ්‍ය අමාත්‍යාංශයට අලුතින් වාහන මිලදී ගැනීමට යෙදවිය හැකි තරම් මුදලක්, මේ වනවිට මෙම කැබ් රථ නඩත්තුව වෙනුවෙන් යෙදවීමට සිදුව තිබේ .

එමෙන්ම ටෙන්ඩර් මගින් වාහන මිලදී ගෙන විකිණීමේ ව්‍යාපාරයක නිරතවී සිටින ගම්පහ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු මෙන්ම මෙම වාහන භාවිත කරන්නෙකු වන ජි .කේ. ප්‍රේමතිලක මහතා කියා සිටියේ   ‘’නඩත්තු කරන්න ගියාම කෑලි ගන්න කොම්පැණියටම  යන්න ඕන ,ඒ ගිහිල්ලත් කෑලි ගෙනැල්ල දෙනකන් බොහෝ අවස්ථාවන්හි බලන් ඉන්න ඕන .’’

මයික්‍රෝ කාර්ස් (පුද්ගලික) සමාගම වැඩි කාලයක් අලුත්වැඩියා කිරීමේ කාලය පිළිබඳ චෝදනා ප්‍රතික්ෂේප කරයි

කෙසේ නමුත් මයික්‍රෝ කැබ්රථ සම්බන්ධයෙන් පැන නැගී ඇති මෙම ගැටළු සහගත නඩත්තු කටයුතු සම්බන්ධයෙන් කළ විමසීමකදී අදහස් දැක්වූ  එම සමාගමේ අමතර කොටස් සම්බන්ධයෙන් කළමනාකරු ලෙස සේවය කරනු ලබන අමිල පල්ලියගුරු මහතා කියා සිටියේ මෙම වාහන සදහා ඒ ආකාරයේ දෝෂ නොපවතින බවයි.

”ඇත්තටම මෙම කැබ් අපි දීලා තියෙන්නේ සෞඛ්‍ය අමාත්‍යංශයට විතරක් නොවේ. වෙනත් බොහෝ පාරිභෝගිකයන් ද  මෙම කැබ් භාවිත කරනවා. දැනටත් විවිධ ආයතන ඔය ආකාරයෙන් අලුත්වැඩියා කටයුතු කරගන්නවා. එය  එක් එක් වාහනයෙන් වාහනයට වෙනස් වෙනවා. මේක ඩිසල් වාහනයක් නිසා එවැනි අලුත්වැඩියා කටයුතු සදහා යන මුදල වැඩියි . ඒ වගේම වාහන වර්ගය  වෙනස් වෙනකොට අමතර කොටස් ප්‍රමාණයත්  ටිකක්  අඩුවෙනවා. එහෙම වුනත් සති දෙක තුනකින් එම අමතර කොටස් ගෙනත් දීමේ හැකියාව තියෙනවා .ඒ වගේම වාහනය කිලෝ මීටර් 5000 ක් ගියාම සර්විස් කරන්න ඕන එක මසකට දෙකක් උනත් වෙන්න පුළුවන්’’ බවයි ඔහු කියා සිටියේ ”

2018 වර්ෂයේ සේවයට වඩා වාහන ගරාජ්තුල

dav

කෙසේ නමුත් කරුණු සොයා බැලීමේදී අනාවරණය වුයේ හම්බන්තොට දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය යටතේ ඇති තිස්සමහාරාම ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ PB 7098යන අංක දරන මයික්‍රෝ කැබ් රථය 2018.12.19 වන දින අලුත් වැඩියා කටයුත්තක් සදහා මයික්‍රෝ සමාගමට භාර දී ඇතත් එය මේ වනතෙක් ලබා දීමට සමාගම අපොහොසත් වී තිබේ . ඒ සම්බන්ධයෙන් කණගාටුවද ප්‍රකාශ කරමින් 2019.07.15 දින ලිපි අංක HDH /GF යටතේ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විසින් මයික්‍රෝ සමාගමේ කළමණාකරු වෙත ලිපියක් ද යවා තිබේ .

මේ ආකාරයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ මිලියන ගණනක මුදල් වාර්ෂිකව ගිලගනිමින් ඇති මෙම කැබ්රථ සම්බන්ධයෙන් තවදුරටත් නිසි බලධාරීන්ගේ අවධානය නොමැති වුවහොත් සිදුවන්නේ සෞඛ්‍ය අමාත්‍යංශයට තවත් මිලියන ගණනක මුදල් අහිමිවීමකි.

මේ සම්බන්ධයෙන් කරුණු විමසීම සදහා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නි ආරච්චි සහ  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා සම්බන්ධ කරගැනීමට කීප අවස්ථාවකදීම උත්සහ කළත් එය ව්‍යර්ථ විය.

[This report was produced under the CIR Investigative Journalism Fellowship Program 2019/2020]

Hot this week

The Diplomat, the Chameleon, the Bloodhound: Understanding Newsroom Personalities

Investigative journalists are a bit peculiar. Many of us...

Dilrukshi Handunnetti Delivers Presidential Address at MICC 2026

CIR Co-founder Dilrukshi Handunnetti delivered the Presidential Address at...

Shifting sands, sinking communities 

Beneath the Sands, published in 2023, is a collaborative...

Seven years later, Easter Sunday attack verdict brings long-awaited convictions

Speed Read Ending a five-year trial, a Colombo High Court...

Sri Lanka’s campaign finance law shows higher compliance but transparency lags

Speed read Sri Lanka’s campaign finance law has produced high...

Topics

The Diplomat, the Chameleon, the Bloodhound: Understanding Newsroom Personalities

Investigative journalists are a bit peculiar. Many of us...

Dilrukshi Handunnetti Delivers Presidential Address at MICC 2026

CIR Co-founder Dilrukshi Handunnetti delivered the Presidential Address at...

Shifting sands, sinking communities 

Beneath the Sands, published in 2023, is a collaborative...

Seven years later, Easter Sunday attack verdict brings long-awaited convictions

Speed Read Ending a five-year trial, a Colombo High Court...

Sri Lanka’s campaign finance law shows higher compliance but transparency lags

Speed read Sri Lanka’s campaign finance law has produced high...

Call for Applications: 2027 Ochberg Fellowships

Ends on Wed, Oct 21, 2026 2:30 AM The GCJT...

AI women, political deepfakes and Facebook’s failure

Colombo— What began as a disturbing experiment in manufacturing...

DBS Jeyaraj, remembering a journalist who kept truth alive

David Buell Sabapathy Jeyaraj (DBS) left behind more than...

Related Articles

Popular Categories