Wednesday, May 13, 2026
27 C
Colombo

විමර්ශණාත්මක මාධ්‍යවේදීන්ගේ මෙවලම් පෙට්ටියට – ක්‍රවුඩ් ට්‍රයැන්ගල් සහ එකෝසෙක් සමඟ සමාජ මාධ්‍ය අන්තර්ගත ගැන සෙවීම

විමර්ශණාත්මක මාධ්‍යවේදීන් සඳහා වන සඳහා නවතම ඉඟි සහ මෙවලම් සහිත GIJN මෙවලම් පෙට්ටිය (The GIJN Toolbox, ) වෙත සාදරයෙන් පිළිගනිමු. මෙම සංස්කරණයේදී අප බලාපොරොත්තු වන්නේ සමාජ මාධ්‍ය භාවිත කරන්නන් විසින් තම ගිණුම්වලට ඇතුළු කරනු ලබන, ඔවුන් විසින් නිපදවන ලද වීඩියෝ ඡායාරූප වැනි  ඕනෑම ආකාරයක අන්තර්ගතයක් සොයා ගැනීමට වාර්තාකරුවන්ට භාවිතා කළ හැකි විවිධ මෙවලම්  ගවේෂණය කිරීමටය.   ටිව්ටර්,(Twitter)  ෆේස්බුක් (Facebook) රෙඩිට් (Reddit)වැනි සමාජ ජාල වැනි අඩවිවල අන්තර්ගතය සොයා ගැනීමට ක්‍රවුඩ් ට්‍රෑන්ගල් සහ එකෝසෙක් යන මෙවලම් භාවිත කරන්නේ කෙසේද යන්න පිළිබදව හැදෑරීම වැදගත් වේ. 2019 ෆේස්බුක් විසින් සෙවීම් අක්‍රිය කළ ග්‍රාෆ් සර්ච් පහසුව හේතුවෙන් විමර්ශකයන්ට ඔවුන් සොයන දේ පහසුවෙන් සොයා ගැනීමේ හැකියාව දැඩි කර ඇතත් විමර්ශණාත්මක මාධ්‍යවේදීන්ට ෆේස්බුක් අන්තර්ගතය උරා ගැනීමට භාවිත කළ හැකි වෙනත් මෙවලම් ද අපි විස්තර කරන්නෙමු.

ක්‍රවුඩ් ට්‍රෑන්ගල් (CrowdTangle) –  සමාජ මාධ්‍ය පරිශිලකයන් විසින් නිපදවන ලද අන්තර්ගත සෙවීමේ ඓතිහාසික මෙවලම

මෙය සමාජ මාධ්‍යවල ජනප්‍රිය අන්තර්ගතයන් සොයා ගැනීමට මාධ්‍යවේදීන්ට භාවිතා කළ හැකි මෙවලමකි. ෆේස්බුක් ( Facebook) හි වැරදි තොරතුරු විමර්ශණය කිරීමේ අරමුණින් එහි පුළුල් ලෙස ව්‍යාප්ත වූ අන්තර්ගතයන් සොයන වාර්තාකරුවන්ට නිදසුනක් ලෙස  BuzzSumo හෝ Facebook සතු මෙවලමක් වන  CrowdTangle දෙස බැලීමට අවශ්‍ය විය හැකිය. මෙම මෙවලම් භාවිත කරන්නන්ට  සමාජ ජාල තුළ වැඩිපුරම බෙදා ගත් සහ සම්බන්ධිත  අන්තර්ග හඳුනාගැනීමට සේම ඊට  සම්බන්ධිත ෆේස්බුක් පිටු, ට්විටර්  ගිණුම් සහ තවත් බොහෝ දේ හඳුනා ගැනීමට උපකාර කරයි.

ක්‍රවුඩ් ට්‍රැන්ගල් යනු සමාජ මාධ්‍යවල පොදු අන්තර්ගතයන් සමඟ සිදුවන දේ නිරීක්ෂණය කිරීම, විශ්ලේෂණය කිරීම සහ වාර්තා කිරීම පහසු කරවන, ෆේස්බුක් (Facebook) විසින් නිපදවන ලද පොදු තීක්ෂණ බුද්ධි මෙවලමකි.” ක්‍රවුඩ් ට්‍රෑන්ගල් CrowdTangle සතුව නොමිලේ ගූගල් ක්‍රෝම් දිගුවක් ඇත. එය අවශ්‍ය අයකුට  ලබාගත හැකිය.  නමුත් ඇත්තේ සීමිත ක්‍රියාකාරීත්වයකි. ක්‍රවුඩ් ට්‍රෑන්ගල් හි කේන්ද්‍රස්ථානය භාවිත කරන්නන්ට ෆේස්බුක් පොදු පිටු, සමූහ සහ පොදු ඉන්ස්ටාග්‍රාම් (Instagram) ගිණුම් අඩංගු දත්ත සමුදායක් විමර්ශණයට ලක් කිරීමේ හැකියාව ලබා දෙන වේදිකාවකි.

කෙසේ වුවත් ක්‍රවුඩ්ට්‍රෑන්ගල් මේ වන තෙක් ලබා ගෙන නොමැති අයට එය භාවිත කිරීම පහසු වන්නේ නැත. එයට හේතුව මෙම මෙවලම   සීමිත නව හවුල්කරුවන් සංඛ්‍යාවක් පමණක් ඇතුළත් කළ හැකි බවට එහි වෙබ් අඩවිය අනතුරු අඟවන නිසාය. නමුත් දැනටමත් ප්‍රවේශය ඇති අය හෝ මෙවලම ක්‍රියා කරන ආකාරය ගැන වැඩිදුර ඉගෙන ගැනීමට කැමති අය සඳහා, අපි මෙම වේදිකාවේ මූලික කරුණු සහ  සමාජ මාධ්‍ය පරිශීලකයන් විසින් නිර්මාණය කරන ලද සමාජ මාධ්‍ය අන්තර්ගතයන් සෙවීමට එය භාවිතා කරන්නේ කෙසේද යන්න ගැන සලකා බැලීම වැදගත්ය.

පළමුව සැලකිල්ලට ගත යුතු කරුණක් වන්නේ  ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම්  හි පවතින සියලුම පොදු ආයතන අනිවාර්යයෙන් ක්‍රවුඩ් ට්‍රයැන්ගල් වේදිකාවේ නොපැවතීමේද ඉඩක් පවතින බවය. කෙසේ වුවද  මෙම මෙවලම ස්වයංක්‍රීයව පොදු ෆේස්බුක් පිටු සහ කණ්ඩායම් 100,000ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක්, අනුගාමිකයින් හෝ සාමාජිකයින් සමඟ එකතු කරයි . ඇමෙරිකා  එක්සත් ජනපදයෙන් පිට පවතින මෙවැනි සමාජ ජාල සමූහ ගිනුම් මේ සඳහා ස්වයංක්‍රියව එකතු වීමට නම් ඒවායේ එකක  සාමාජිකයින් 2,000 ක් සිටීම පමණක් අවශ්‍ය වේ. ක්‍රවුඩ් ට්‍රෑන්ගල් හි පර්යේෂණ සහ තාක්ෂණික ප්‍රධානී නයොමි ෂිෆ්මාන්  පවසන පරිදි  වේදිකාව ස්වයංක්‍රීයව අනුගාමිකයින් 75,000ක් හෝ ඊට වැඩි ගණනක් සහිත සියලුම පොදු ඉන්ස්ට්‍රග්‍රාම් (Instagram) ගිණුම් සහ තහවුරු කරන ලද ෆේස්බුක් සහ ඉන්ස්ටාග්‍රාම් පොදු පැතිකඩ එකතු කරයි. කෙසේ වෙතත් මෙය භාවිත කරන්නන්ට  ඕනෑම පොදු ෆේස්බුක් පිටුවක් හෝ කණ්ඩායමක් මෙන්ම කැමති, අනුගාමිකයින් හෝ සාමාජිකයින් ඕනෑම ප්‍රමාණයක් සහිත ඕනෑම ඉන්ස්ටාග්‍රාම් (Instagram) ගිණුමක් අතින් එකතු කළ හැකිය.

ක්‍රවුඩ් ට්‍රයැන්ගල්  හට Reddit සහ ට්විටර් ගිණුම් ද (Twitter) සෙවිය හැකිය. නමුත් එම කාර්යය සඳහා ක්‍රවුඩ් ට්‍රයැන්ගල් භාවිත කරනවාට වඩා  එකෝසෙක්  Echosec හෝ ඊටත් වඩා හොඳ ට්වින්ට් (TWINT) වැනි විවෘත කේත කේතීකරණ මෙවලම් හෝ RStudio සඳහා rtweet පැකේජය භාවිතා කිරීමට කැමැත්තෙමි. මන්ද? ඔබ වාණිජ තෙවන පාර්ශ්වයක් විසින් තේරීමකට ලක් නොකළ අමු දත්ත ලබා ගන්නා බව ඔබ දන්නා බැවිනි. (Twitter දත්ත සීරීමට rtweet භාවිතා කරන්නේ කෙසේද යන්න පිළිබඳ නිබන්ධනයක් සඳහා, මිසුරි විශ්ව විද්‍යාලයේ මයිකල් ඩබ්ලිව් කෙර්නී විසින් මෙම වැඩමුළුව බලන්න.)

දැන් අපි ක්‍රවුඩ් ට්‍රයැන්ගල්  (CrowdTangle) යනු කුමක්දැයි දන්නා නිසා, එය භාවිත කරන්නේ කෙසේදැයි ගවේෂණය කරමු.

පසුගිය මාස 12 තුළ ෆේස්බුක් පිටු හෝ සමූහවල  පළ කරන ලද භාවිත කරන්නන් විසින් නිර්මාණය කරන ලද අන්තර්ගතයන් ගැන සලකා බැලීම වැදගත්ය.

රූපය: CrowdTangle

අපට ෆේස්බුක් තුළ හමුවන යම් නිශ්චිත අන්තර්ගතයක් මුලින්ම ෆේස්බුක් වෙත පළ කළේ කවුද කවදාද යන්න අපට මෙම මෙවලමින් විමසිය හැකිය. එසේම එය මුල් වරට සමාජ මාධ්‍ය අතර බෙදා හැරියේ (ශෙයාර් කළේ) හෝ ඒ පිළිබඳව තීරණය කළේ කවුරුන්ද යන්න සොයා බැලීමට  උනන්දු විය හැකිය.

ඔබට පළ කිරීමක් සඳහා දත්ත .csv ගොනුවකට බාගත කළ හැකිය: ගොනුව බාගැනීමට ක්‍රවුඩ් ට්‍රයැන්ගල් හි  (CrowdTangle) හි  ඉහළ දකුණු කෙළවරේ ඇති ඊතලය ක්ලික් කර “Download CSV ” තෝරන්න.

රූපය: CrowdTangle

ක්‍රවුඩ් ට්‍රයැන්ගල්  විසින් මෙම විශේෂිත අන්තර්ගත කොටස ලබා ගත් අවස්ථා සියල්ල පිළිබඳ තීරණය කිරීමට ඔබට මෙම තොරතුරු භාවිත කළ හැකිය.

මෙවලම මඟින් යම් පළ කිරීමකට අදාළ ඉතිහාස දත්ත ලබා දෙන්නේ එය පළමු වරට මෙම පළ කිරීමකට ඇතුළු වීමෙන් පසුව පමණක් බව සටහන් කර ගැනීම වැදගත්ය. එහෙත් අදාළ ෆේස්බුක් පෝස්ටුව පළ වූ පළමු අවස්ථාවේ සිට නොවේ.

යම් අන්තර්ගත කොටසක් මුලින්ම සමාජ ජාලය තුළ පෙනෙනන්ට පටන් ගත් දා පිළිබඳව යම් වැටහීමක් ලබා ගැනීමට මෙය ප්‍රයෝජනවත් විය හැක.

අවවාදයයි: CrowdTangle හට භාවිත කරන්නන් විසින් නිපදවන ලද අන්තර්ගත කොටසක් පැමිණියේ කොහෙන්දැයි නිශ්චිතව අනාවරණය කර ගත නොහැකිය. නමුත් එය ඔබට එහි ප්‍රභව තහවුරු කර ගැනීමට නිවැරදි දිශාවට ගෙන යා හැකිය. එය සමාජ මාධ්‍යවල පැතිරෙන්නට පටන් ගත් ආකාරය පිළිබඳ වැදගත් තොරතුරු ලබා දෙයි.

වැඩිදුර වාර්තාකරණයට නිශ්චිත අන්තර්ගතයක් පැමිණියේ කොහෙන්ද යන්න තීරණය කිරීමට හැකි වේ. (මෙය විමර්ශනය කිරීමට ඔබට භාවිතා කළ හැකි අනෙකුත් මෙවලම් අතර අපි පහත විස්තර කරන නිදහස් සහ විවෘත මූලාශ්‍ර මෙවලම් සහ කැනේඩියානු මාධ්‍යවේදියෙකු සහ වැරදි තොරතුරු විශේෂඥ ක්‍රේග් සිල්වර්මන් GIJN සඳහා කතාවක විස්තර කළ Hoaxy ඇතුළත් වේ.)

ෆේස්බුක් හි වැළලුණු භාවිත කරන්නන් විසින් නිපදවන ලද අන්තර්ගත සොයා ගැනීම

ඇතැම්  විමර්ශණවලදී  පුළුල් ලෙස බෙදාගත් ජනප්‍රිය අන්තර්ගතයන් සෙවීමට මාධ්‍යවේදීහු උත්සාහ නොකරති. ඇත්තටම ඔවුන් කරන්නේ බොහෝ විට ඊට ප්‍රතිවිරුද්ධ දෙයයි. ඔවුන් සොයන්නේ, ඇත්ත වශයෙන්ම අමතක කර දැමුණු සහ වැලලුණු අන්තර්ගතයන් කෙරෙහිය.

කෙසේ වෙතත්, විමර්ශකයින් කෝප ගන්වමින්  ෆේස්බුක් ආයතනය  2019 දී කළේ එහි අන්තර්ගත සෙවීමේ ග්‍රාප් සර්ච් (Graph Search) ප්‍රවේශය අවහිර කිරීමයි. එයින්  පෙර තිබූ  බොහෝ සෙවුම් කාර්යයන් අක්‍රිය විය. නමුත් අපට තවමත් සෙවුම් එකතු කළ හැකිය. දඩයම දිගටම කරගෙන යාමට අපි පහත විස්තර කර ඇති මෙවලම් පැනීමේ ලක්ෂ්‍යයක් ලෙස භාවිතා කිරීමට නිර්දේශ කරමු. ෆේස්බුක් හි සෙවුම් වේදිකාව පරිපූර්ණ නොවන බව මතක තබා ගන්න; එය ඔබගේ සෙවුම් නිර්ණායකවල සෑම ප්‍රතිඵලයක්ම අනිවාර්යයෙන්ම පෙන්වන්නේ නැත. මෙය විශේෂිත සිදුවීමක් හෝ පුද්ගලයෙකු විමර්ශනය කිරීමේදී ඔබ සොයන දත්ත සොයා ගැනීම අතිශයින් දුෂ්කර විය හැකිය..

අතීතයේදී ෆේස්බුක් හි මෙවැනි පළ කිරීම් සෙවීම සඳහා ග්‍රාෆ් යූස් ( මෙවලම් කිහිපයක් භාවිත විය.  Facebook Graph Searcher වැනි මෙවලම් බොහෝ විට ෆේස්බුක් යූආර්එල් (URL ) ව්‍යූහය වෙනස් කිරීම්වලට ලක් කිරීමෙන් විශේෂිත පරිමිතින්ට අනුකූල අන්තර්ගතයන් පවතින්නේද යන්න විමසිය හැකිය.

පැරණි ෆේස්බුක්  URL ව්‍යුහය තුළ, ඔබට ග්‍රාප් සර්ච්  භාවිතයෙන් සම්පූර්ණ නිශ්චිත සෙවුමක් සකස් කළ හැකිවිය. එහෙත් ෆේස්බුක් එය අත්හිටුවා ඇති බැවින් තවදුරටත් එසේ කළ නොහැකිය.

 ඔබ සොයන දේ සොයා ගැනීමට ඔබට ටිකක් අමාරුවෙන් සොයා ගත යුතුය. Facebook හි ඇල්ගොරිදම  ඔබ සොයන බව සිතන ප්‍රතිඵලවලට ප්‍රමුඛත්වය දෙන බව සටහන් කර ගැනීම වැදගත් වේ. එබැවින් ඔබේ විමර්ශනයට අදාළ අන්තර්ගතය සොයා ගැනීමට ඔබට විවිධ සෙවුම් සංයෝජන අනුචලනය කිරීමට සහ උත්සාහ කිරීමට සිදු විය හැකි බව මතක තබා ගන්න.

කවුද පෝස්ට් කළේ? (Who Posted What? ) යනු පරිශීලකයින්ට ෆේස්බුක් ලිපිනයක් Facebook ID  සොයා ගැනීමට ඉඩ සලසන නිදහස් මෙවලමකි. එය ඔබට නිශ්චිත පරිශීලකයෙකුගේ පළ කිරීම් සහ ඡායාරූප සඳහා graph.tips මත සෙවීමට භාවිතා කළ හැකිය. මෙම මෙවලම යම් දිනක, මාසයක හෝ අවුරුද්දක නිශ්චිත මූල පද පිළිබඳ පළ කිරීම් සෙවීමට එය භාවිත කරන්නන්ට ඉඩ සලසයි. උදාහරණයක් ලෙස යමකු  2017 අප්‍රේල් 9 වෙනිදා සිරියාවේ ඉඩ්ලිබ් ප්‍රාන්තයේ සර්මින් හි ගුවන් ප්‍රහාරයක් ගැන තොරතුරු සෙවීමට උත්සාහ කන්නේ යි සිතන්න.  ගුවන් ප්‍රහාරය සිදු වූ නගරය සඳහා වන  අරාබි වචනය ගෙන එය Who Posted What? යන්නට දැමිය යුතුය.  එම මූල පදය සඳහා අදාළ ප්‍රහාරය සිදුූ දිනයට අදාළව සෙවිය යුතුය.

නිදසුනක් ලෙස යම් විදේශ රටක ගුවන් ප්‍රහාරයක් එල්ල වි ඇතිනම් මේ පිළිබඳව සමාජ මාධ්‍ය ජාලා අවුස්සන මාධ්‍යවේදීන් සොයන්නේ වැඩි වශයෙන් බෙදා හැරීමකට ලක් නොවූ අප්‍රකට අන්තර්ගතයන් වෙතය. එවැනි අවස්ථාවලදී ක්‍රවුඩ්ට්‍රයැන්ගල් වැඩි ප්‍රයෝජනයක් නැති මෙවලමක් බවට පත් වන්නේ එය බොහෝ විට වැඩි වශයෙන් ප්‍රචාරයට ලක් වූ අන්තර්ගතයන් කෙරෙහි සෙවීම් පිළිබඳව ඉලක්ක ගත වී පවතින නිසාය.

පහත ඡායාරූපයේ දැක්වෙන්නේ ඊට අදාළව මට ලැබෙන ප්‍රතිඵලයයි.එය තවදුරටත් එය තහවුරු කිරීම සඳහා පොරොත්තුවේ සිටී.

ෆේස්බුක් මේ වනවිට ග්‍රාෆ් සර්ච්  හරහා සෙවුම් හැකියාව අඩු කර ඇතත්, තවදුරටත් භාවිත කරන්නන් සමාජ ජාලවලට නිපදවන ලද අන්තර්ගතයන් පිළිබඳව යම් තාක් දුරකට සොයා බැලීමේ හැකියාව ඇත.

ඒ ඉහත ලැයිස්තුගත කර ඇති මෙවලම් සහ Loránd Bodó ගේ  සමාජ මාධ්‍ය සෙවුම් යන්ත්‍රය වැනි විවෘතව පවතින මෙවලම් හරහා හෝ ගෙවීම් සහිත මෙවලම් හරහා ඔබ සොයන අන්තර්ගත  සොයා ගැනීමට තවමත් ක්‍රම තිබේ.මෙහිදී  Echosec, X1 Social Discovery, සහ Samdesk, වැනි මෙවලම් මිල අධික විය හැකි වුවද අදාළ අන්තර්ගත සොයා ගැනීමට එය උදව් කරයි.

රූපය: Whopostedwhat.com

උසස් Google සෙවීම් භාවිතා කිරීම් සඳහා වන තවත් ඉඟියක් වන්නේ ගූගල් ඩෝර්කින් ය. (Google dorking) ය.   GIJN වෙබ් අඩවියේ සහ වෙනත් තැන්වල මේ පිළිබඳව බොහො දේ ලියැවී ඇති බැවින් අපි මෙහි විස්තරාත්මකව නොයන්නෙමු. නමුත් ෆේස්බුක් අන්තර්ගතය සෙවීමට ගූගල් භාවිතා කිරීම Facebook හි නේටිව් සර්ච්  (native search) භාවිතා කිරීමට වඩා ඵලදායී විය හැකිය.

2020 අගෝස්තු විස්කොන්සින් හි කෙනෝෂා විරෝධතාවලට අදාළව ෆේස්බුක් හි පළ කිරීම් සඳහා මා සෙවූ ගූගල් ඩෝක් එකක ඉක්මන් උදාහරණයක් මෙන්න. මෙන්න මගේ සෙවුම් විමසුම:

Echosec: භාවිත කරන්නන් නිපදවන අන්තර්ගත සොයා ගැනීම සඳහා බලවත් වේදිකාවක්

එකෝසෙක් Echosec යනු ට්විටර් Twitter, යූ ටියුබ්  YouTube, රෙඩිට් Reddit,මීඩියම්  Medium, Gab, Discord, 4chan වැනි සමාජ මාධ්‍ය වෙබ් අඩවි සහ රුසියානු සමාජ මාධ්‍ය අඩවි වන කොන්ටැක්ටේ  VK (VKontakte) සහ ඔඩ්නෝක්ලැස්නිකි OK (Odnoklassniki) වැනි සමාජ මාධ්‍ය අඩවිවලින් ලබා ගන්නා ගෙවන මෙවලමකි.

 උනන්දුවක් දක්වන නිශ්චිත බූ ගෝලීය ප්‍රදේශයක් නිර්ණය කිරීම තුළින්  (AOI) යම් නිශ්චිත ප්‍රදේශයක් සමාජ ජාල තුළ දක්වා ඇති ප්‍රදේශ තුළ  පළ කර ඇති දේවල් සෙවීමට ඔබට ඉඩ සලසයි.

භාවිත කරන්නන්ට  මවුසයක් භාවිතයෙන් සිතියම  මත තමන් උනන්දුවක් දක්වන ප්‍රදේශය සලකුණු කිරීමෙන්   හෝ සෙවුම් කොටුව තුළ එය ටයිප් කිරීමෙන් සෙවීමට අදාළ ස්ථානයක් ඇතුළු කළ හැකිය.

ඇමෙරිකානු ජනාධිපති  ඩොනල්ඩ් ට්‍රම්ප්ට එම ප්‍රදේශය හරහා යාමට ඉඩ දීම සඳහා ශාන්ත ජෝන් දේවස්ථානය සහ ලෆායෙට් චතුරශ්‍රය අතර ප්‍රදේශයේ විරෝධතාකරුවන්ට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළ ජූනි 1 වන දින වොෂින්ටන්, ඩීසී හි සිදුවීමට අදාළ වීඩියෝ සොයා ගැනීමට ඔබ උනන්දු යයි සිතන්න.

කළ යුත්තේ අදාළ  ප්‍රදේශය වටා මම දළ රවුමක්  ඇඳිමයි.  ඉන්පසු “ට්‍රම්ප්” යන මූල පදය එක් කර කාලය පෙරීමකට ලක් කළ යුතුය.  ඒ  අපට අවශ්‍ය වන්නේ ජුනි 1 හෝ ඊට පසුව පමණක් නිසාය. එයින් . Echosec සොයා ගන්නා දේ මෙන්න:

රූපය: Echosec

එහි ප්‍රතිඵල රැසක් ඇති බව පෙනී යයි. අපි ලෆායෙට්  චතුරශ්‍රය වටා ඇති නිශ්චිත ප්‍රදේශයට සොයන කල එම ප්‍රදේශයේ සොයා ගත් අවම වශයෙන් විවිධ YouTube වීඩියෝ 10ක් ඇති බව පෙනේ.

රූපය: Echosec

Echosec සොයාගත් වීඩියෝ වලින් එකක උදාහරණයක් මෙන්න:

රූපය: Echosec

මාධ්‍යවේදීන්ට සමාජ මාධ්‍ය පළවන වීඩියෝ හෝ ඡායාරූප වැනි අන්තර්ගතයන් සොයා ගැනීමට මෙම මෙවලම භාවිතා කළ හැකිය. එමෙන්ම ඔවුන්ට භූ ස්ථානගත කිරීමට සහ කාලානුක්‍රමික කිරීමට එනම්, වීඩියෝව පිළිවෙළින්  අදාළ භූ ස්තානයේ ස නිශ්චිත වෙලාව තුළ  සැබවින්ම රූගත කර ඇත්තේ ද යන්න එයින් තහවුර කර ගත හැකිය.  මෙය අන්තර්ජාලයේ පළ කරන ලද ඡායාරූපයක් හෝ වීඩියෝවක් සත්‍යද යන්න තහවුරු කිරීමේ පළමු පියවරවලින් එකකි. සමාජ මාධ්‍ය භාවිත කරන්නන් විසින් නිපදවන ලද අන්තර්ගතයන් නිවැරදි ද යන්න තහවුරු කරන්නේ කෙසේද යන්න පිළිබඳ වැඩිදුර පුහුණුව සඳහා  මූලික සහ උසස් මට්ටමේ පුහුනුවක් දෙන  වැරදි තොරතුරු සමඟ සටන් කරන ලාභ නොලබන සංවිධානයක් වන  First Draft ලබා දෙන  පාඨමාලා බලන්න.

එකෝසෙක් පද්ධති වේදිකාව Echosec Systems Platform වෙත ප්‍රවේශ වීම සඳහා ගෙවිය යුතු මිල ආකෘතිය බොහෝ දුරට රඳා පවතින්නේ සේවාලාභියා-සේවාදායක පදනම මතය. Echosec Systems GIJN සාමාජික Bellingcat වැනි ජනමාධ්‍ය සංවිධාන සමඟ අතීතයේ වැඩ කර ඇත; මාධ්‍යවේදීන්ට මෙහි Echosec විකුණුම් කණ්ඩායම සමඟ ආදර්ශන ඇමතුමක් වෙන්කරවා ගැනීමට ආරාධනා කෙරේ. මීට අමතරව, ග්‍රාහකයින්ට එකෝසෙක් අත්‍යවශය කරුනු (Echosec Essentials) පුහුණු පාඨමාලාවට නොමිලේ ප්‍රවේශය ලැබේ.

මෙවලම් පෙට්ටිය පිළිබඳව මෙම සංස්කරණයට ඇතුළු කළ කරුණු දැනට ප්‍රමාණවත් යයි සිතමු.  තොරතුරු සත්‍යාපනය කර ගැනීම  සඳහා NASA වෙතින් දුරස්ථ සංවේද දත්ත භාවිතා කිරීම, සමාජ මාධ්‍ය හරහා සමාන පරිශීලක නාම සොයා ගැනීම, මුහුණු හඳුනාගැනීමේ මෘදුකාංගය සහ ගූගල් නිව්ස් ඉනිෂියේටිව් (Google News Initiative) වෙතින් පින්පොයින්ට් Pinpoint නමින් නව මෙවලමක් පිළිබඳ තොරතුරු ළඟදීම එලිදැක්වීමට සූදානම් වෙමු.

නිර්දේශිත සබැඳි

  • Social media timestamps infographic from First Draft
  • Mining the Social Web: Data Mining Facebook, Twitter, LinkedIn, Instagram, GitHub, and More, 3rd Edition (available for purchase on Amazon)
  • Social Media Search Strategies from Loránd Bodó’s blog

Additional Reading

My Favorite Tools: Malachy Browne

GIJN’s Resource Center: Fact-Checking & Verification

Online Investigative Techniques — GIJN Webinars and Workshops with Henk van Ess

ලිපියෙහි රචකයා

බ්‍රයන් පර්ල්මාන්

බ්‍රයන් GIJN හි සහකාර සංස්කාරකවරයෙකි. ඔහු උසස් ඩිජිටල් වෝහාරික විද්‍යාව, දත්ත විද්‍යාව සහ විවෘත මූලාශ්‍ර ශිල්පීය ක්‍රම භාවිතා කරමින් මානව හිමිකම් උල්ලංඝන පර්යේෂණ සඳහා විශේෂඥයෙකි. ඔහු බර්කෙලේ උපාධි විද්‍යාලයයේ  (Berkeley Graduate School of Journalism) හි උපාධිධාරියෙකු වන අතර Berkeley Law හි මානව හිමිකම් මධ්‍යස්ථානයේ හිටපු කළමනාකරුවෙකි.

මූලාශ්‍රය

This story was originally published by the Global Investigative Journalism Network (GIJN)

Hot this week

Sri Lanka Airbus probe shaken by ex-CEO’s death

Speed Read Ex-CEO of SriLankan Kapila Chandrasena found dead under...

Sri Lanka’s Treasury heist exposes gaps in debt management system and 24/7 security shield

Speed Read: A debt payment to Export Finance Australia was...

Sri Lanka hit by fuel storage capacity, not supply

Speed read Sri Lanka’s fuel system is constrained by limited...

Sri Lanka’s air quality crisis: where data gaps meet drifting pollution

Speed read In Sri Lanka, air quality consistently deteriorates between...

Toxic fallout: Mercury fears, substandard coal and a governance crisis converge at Norochcholai

Speed read Mercury(hg) concerns linked to substandard coal at the...

Topics

Sri Lanka Airbus probe shaken by ex-CEO’s death

Speed Read Ex-CEO of SriLankan Kapila Chandrasena found dead under...

Sri Lanka hit by fuel storage capacity, not supply

Speed read Sri Lanka’s fuel system is constrained by limited...

Sri Lanka’s air quality crisis: where data gaps meet drifting pollution

Speed read In Sri Lanka, air quality consistently deteriorates between...

GIJN Launches Global Academy of Investigative Journalism

The Global Investigative Journalism Network (GIJN) has launched the...

Easter 2019: A tragedy foretold and still unresolved

Seven years ago, on 21 April 2019, sun dawned...

Sri Lanka’s Bumpy Road to a Political Reset

Sri Lanka is navigating a fragile political transition following...

Related Articles

Popular Categories