විමර්ශනාත්මක වාර්තාකරණ මධ්‍යස්ථානය සහ BOOM Live එක්ව දේශීය මාධ්‍යවේදීන් හට තොරතුරු සත්‍යාපනය පිලිබඳ පුහුණුවක් – ජූනි 10 වැනිදා ඇරඹේ

සත්‍යාපනය සඳහා වන ජාත්‍යන්තර ජාලය (IFCN) සමග BOOM Live සහ විමර්ශනාත්මක වාර්තාකරණ මධ්‍යස්ථානය (CIR) එක්ව ශ්‍රී ලංකාවේදී ප්‍රථම වරට පවත්වනු ලබන තොරතුරු සත්‍යාපනය පිලිබඳ පුහුණු වැඩසටහන 2021 ජූනි මස 10 වන දින ආරම්භ කිරීමට කටයුතු සංවිධානය කර ඇත.

මෙය සිංහල, දෙමළ හා ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම පැවැත්වෙන පුහුණු පාඨමාලාවකි.

මෙම මාර්ගගත පුහුණු වැඩසටහ‌නේදී අංකිත වෝහාරික මෙවලම් (digital forensic tools) භාවිතයෙන් වචන, රූප, දෘශ්‍ය සහ ශ්‍රව්‍ය අන්තර්ගතයන් සනාථ කිරීම සඳහා නිසි පුහුණුවක් සැපයේ. පැහැදිලි පදනමක් මත තොරතුරු සත්‍යාපන ඉල්ලීම් කිරීම සහ ගෝලීය ප්‍රමිතීන්ට අනුව වාර්තා කරන ආකාරය පිළිබඳව ද පුහුණුවක් ද සැපයේ.

මෙම වැඩසටහනේ මූලිකාංගය වන්නේ අනුබලය සැපයීමයි. මේ අනුව තොරතුරු සත්‍යාපනයෙහි නිරත වන හෝ නිරත වීම සඳහා උනන්දුවක් දක්වන ආයතන සත්‍යාපනය සඳහා වන ජාතන්‍යන්තර ජාලයේ සහතික ලත් සාමාජිකත්වය ලබා ගැනීම සඳහා මාර්ගෝපදේශකත්වය සැපයීම සහ ඊට සුදුසු පහසුකම් සැලසීමේ නායකත්ව කාර්යාවලියක් ඊධධඵ සහ විමර්ශනාත්මක වාර්තාකරණ මධ්‍යස්ථානය එක්ව ස්ථාපිත කරනු ඇත. වැඩසටහනේ අවසාන අදියරේදී සත්‍යාපනය සඳහා වන ආචාරධර්ම සබැඳුණු සිද්ධි අධ්‍යයන වාර්තාකරණයක්ද සිදු කිරීමට බලාපොරොත්තු වේ.

නොමිලේ සහභාගිවීම සඳහා අවස්ථාව සැලසෙන මෙම වැඩසටහන සඳහා තරඟකාරී ක්‍රියාපටිපාටියක් මගින් සුදුසු අයදුම්කරුවන් තෝරා ගැනේ.

සත්‍යාපනය සඳහා වන ජාත්‍යන්තර ජාලයේ සහතිකලත් සාමාජිකත්වය දරන BOOM Live (boomlive.in) ආයතනයේ මූලස්ථානය ඉන්දියාවේ මුම්බායිහි ස්ථාපනය කර ඇත. ‌මෙම සම්මානලාභී සංවිධානය රටවල් තුනක (ඉන්දියාව, බංග්ලාදේශය, මියන්මාරය) භාෂා හතරකින් (ඉංග්‍රීසි, හින්දි, බංග්ලා, බුරුම) තොරතුරු සත්‍යාපනය කිරීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කරයි.

ශ්‍රී ලංකාව සහ දකුණු ආසියානු කලාපය තුළ ගවේෂණාත්මක පුවත්පත් කලාවේ විශිෂ්ටත්වය ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගත් විමර්ශනාත්මක වාර්තාකරණ මධ්‍යස්ථානය (cir.lk) ශ්‍රී ලංකාවේ පළමු ගවේෂණාත්මක වාර්තාකරණ මධ්‍යස්ථානයයි.

සත්‍යාපනය සඳහා වන ජාත්‍යන්තර ජාලය IFCN (poynter.org/ifcn) යනු ලොව පුරා විසිරුණු සත්‍යාපනය සඳහා දායක වූවන් ඒකාබද්ධ කිරීම සඳහා කැප වූ පොයින්ටර් ආයතනයේ ඒකකයකි.

Hot this week

The Diplomat, the Chameleon, the Bloodhound: Understanding Newsroom Personalities

Investigative journalists are a bit peculiar. Many of us...

Dilrukshi Handunnetti Delivers Presidential Address at MICC 2026

CIR Co-founder Dilrukshi Handunnetti delivered the Presidential Address at...

Shifting sands, sinking communities 

Beneath the Sands, published in 2023, is a collaborative...

Seven years later, Easter Sunday attack verdict brings long-awaited convictions

Speed Read Ending a five-year trial, a Colombo High Court...

Sri Lanka’s campaign finance law shows higher compliance but transparency lags

Speed read Sri Lanka’s campaign finance law has produced high...

Topics

Call for Applications: 2027 Ochberg Fellowships

Ends on Wed, Oct 21, 2026 2:30 AM The GCJT...

AI women, political deepfakes and Facebook’s failure

Colombo— What began as a disturbing experiment in manufacturing...

DBS Jeyaraj, remembering a journalist who kept truth alive

David Buell Sabapathy Jeyaraj (DBS) left behind more than...

Related Articles

Popular Categories