Wednesday, May 13, 2026
24.5 C
Colombo

අන්තර්ජාලය තුළ වැඩිපුර දෙයක් හොයන හැටි

2021 මැයි මාසයේදී GIJN විසින් අන්තර්ජාල විමර්ශණයේ ප්‍රමුඛ ජාත්‍යන්තර විශේෂඥයෙකු වන පෝල් මයර්ස් සමඟ වෙබ් සම්මන්ත්‍රණ දෙකක් පවත්වන ලදී. බී.බී.සියේ සේවය කරන පොල් මයර්ස් ගෝලීය විමර්ශණාත්මක මාධ්‍යවේදීන්ගේ  සම්මන්ත්‍රණවල විශාල ජනප්‍රියත්වයක් ලබා ගත්තෙකි.  මිනිසුන් පිළිබඳ තොරතුරු හාරා ගැනීම සඳහා හොඳම මෙවලම් සහ උපාය මාර්ග පිළිබඳ ඔහුගේ ඉඟි බෙදා ගත්තේය. ඔහුගේ ඉඟි පත්‍රිකාව පහත ඇත. එය 2021 අප්‍රේල් මාසයේදී යාවත්කාලීන කරන ලදී.

සැලකිය යුතුයි –

නිෂ්පාදන සහ සේවා ගැන සඳහන් කිරීම අනුමත කිරීමක් නොවන බව සැලකිය යුතුය. එවැනි  වෙනත් නිෂ්පාදන සහ සේවා ද පවතින බව සලකන්න.

ගූගල් (Google) මඟින් පුද්ගලයින් සොයා ගැනීම:

වඩාත් ඵලදායී ලෙස ගූගල් භාවිත කිරීම පිළිබඳ මූලික කරුණු

සෙවීමට උත්සාහ කරන පදය සමඟ උද්ධෘත ලකුණු භාවිත කිරීමෙන් හෝ පදයකට පෙර සෘන ලකුණක් භාවිත කිරීමෙන් ඔබේ සෙවුම සම්බන්ධයෙන් අනවශ්‍ය අංශවලට සෙවීම යොමුවීම වළකාළයි.

උදාහරණයක් ලෙස, Michael Jordan වෙනුවට “Michael Jordan” සොයන්න. මෙමගින් ඔබට ලෝක ප්‍රකට පැසිපන්දු තරුව වන මයිකල් ජෝර්ඩන්  පිළිබඳ පිටු ලැබෙන බව සහතික කරනු ඇත. එසේ නොමැති වුවහොත්  ජෝර්ඩන් සහ මයිකල් නම් සඳහන් වෙනත් පිටු ද ප්‍රදර්ශනය වනු ඇත.

ඔබේ සෙවීමට  හෝ යන්න එනම් කැපිටල් ඉංග්‍රිසි අකුරුවලින් OR යන්න තුළින් නම්‍යශීලී බවක් එක් කළ හැකිය.  සෙවීම්වලට විකල්පයක් දෙමින් “OR” යන වචනය එකතු කිරීමෙන් සෙවුමක් විනාශ වීමෙන් වලකී.  උදාහරණයක් ලෙස apple OR android ලෙස යෙදිය හැකිය.

“යම් වෙබ් අඩවියක් පිළිබඳව නිශ්චිත ව සොයන්නේ නම් “site:”උපසර්ගය සමඟින් ඔබට ඔබේ සෙවුම විශේෂිත වසමකට යොමු කළ හැකිය.

උදා. ඉන්දියානු රජයේ වෙබ් අඩවියේ කොවිඩ් පිළිබඳ සියලු සඳහන් සොයා ගැනීමට, සොයන්න – site:gov.in COVID.

ඔබට pdf ගොනු පමණක් සෙවීමට අවශ්‍ය වන්නේ නම් සෙවුමේ ext:pdf යොදා  ගූගල් හි සෙවිම් කළ හැකිය. ඔබ එම ලේඛනයේ තිබූ වචන කිහිපයක් දන්නේ නම්, ඒවා ගූගල් හි උපුටා දැක්වීම්වලට දමා, එම ලේඛනය සඳහා වෙනත් මූලාශ්‍ර තිබේදැයි බලන්න.

කාල තරණය:

සමහර අවස්ථාවලදී අන්තර්ජාල වේදිකාවෙන් මකා දමන ලද ඇතැම් තොරතුරු යළි ලබා ගැනීමට අවශ්‍ය විය හැකිය. ඒ සඳහා ද මෙවලම් තිබේ. මකා දැමූ ට්වීට් එකක්, වෙබ් අඩවියක් හෝ ෆේස්බුක් ගිණුමක් වැනි අන්තර්ජාලයෙන් ඉවත් කර ඇති තොරතුරු මේ අයුරින් මෙම මෙවලම් භාවිතයෙන් යළි ලබා ගත හැකිය.

සෙවුම් යන්ත්‍ර හැඹිලි (කෑෂ් Caches)

තොරතුරු මෑතක දී මකා දමා තිබුණද  තවමත් ගූගල් සෙවුමක එය පෙන්නුම් කරන්නේ නම්  සෙවුම් ප්‍රතිඵලවල එහි ඇතුළත් කිරීමට යාබද කුඩා කළු ත්‍රිකෝණය මත ක්ලික් කිරීමට උත්සාහ කරන්න. මෙය ඔබට සෙවුම් යන්ත්‍රයේ හැඹිලියේ  (Caches) ගබඩා කර ඇති පිටපතකට ප්‍රවේශය ලබා දෙනු ඇත.

පහත රූපය බලන්න එහි ෆේස්බුක් පිටුව මකා දමා තිබුණද, පිටපතක් තවමත් ගූගල්හි හැඹිලියේ පවතී.

දින පරාසය සෙවීම්

සමහර පෞද්ගලික තොරතුරු පසුකාලීන ප්‍රවෘත්ති ආවරණය මගින් වැළලිය හැකිය. විශාල ප්‍රවෘත්තියක් මතුවීමට පෙර කාලය වෙත ආපසු යාමට, “මෙවලම්” මත ක්ලික් කර කාල පතන කොටුවෙන් (time drop-down box) දින පරාසයක් තෝරන්න:

ලේඛනාගාර

මකා දැමූ සමාජ මාධ්‍ය පළ කිරීම් සහ ගිණුම් සොයා ගැනීමට Archive.is විශේෂයෙන් සුදුසුය.

සහ Wayback Machine, www.archive.org, වෙබ් අන්තර්ගතය නැවත ගෙන ඒමට විශිෂ්ටය.

රූපය අනුව සෙවීම

පින්තූරයක් අන්තර්ජාලයෙන් සොයාගත හැකි ස්ථානය හඳුනා ගැනීමෙන් රූපයේ සිටින පුද්ගලයා හඳුනා ගත හැකි තොරතුරු වෙත ඔබව ගෙන යා හැකිය.

ගූගල්හි (Google) හි  Google Image හි සෙවුම් කොටුවේ ඇති කැමරා නිරූපකය මත ක්ලික් කිරීමෙන් Google Reverse Image search සොයා ගත හැකිය.

නිවැරදි පුද්ගලයා හඳුනා ගැනීම

අප සොයන ඇතැම් නම් ඉතා සුලබ විය හැකිය. එනම්  ඒකම නම පවතින කීප දෙනකු සිටිය හැකිය. එසේම ඇතැම් නම් අසම්පූර්ණ විය හැකිය. එවැනි අවස්ථාවලදී එන පහත සඳහන් ගැටලු ගැන සිතන්න:

නම: අක්ෂර වින්‍යාසය, කෙටි යෙදුම්, වෙනත් හෝඩියේ අක්ෂර පරිවර්තනය, ඔවුන්ට ඔවුන්ගේ අනෙක් දෙමව්පියන්ගේ වාසගම, විවාහයෙන් පසු වෙනස් කිරීම, අද්විතීය පරිශීලක නාම භාවිතා කළ හැකිය.

සබඳතා: මිතුරන්ගේ ලැයිස්තුවේ සිටින පවුලේ සාමාජිකයන්, විවිධ ජාල හරහා එකම මිතුරා.

රැකියාව: රැකියාව, සමාගම, පෙර රැකියාව.

සම්බන්ධිත ස්ථාන: ඔවුන් ඉපදුණේ කොහේද, ඔවුන් වැඩ කරන්නේ කොහේද?

විද්‍යුත් තැපැල් ලිපිනය: ආකෘතියක් අනුගමනය කරන කාර්යාල ඊමේල් ලිපින සොයා ගැනීමට වෙබ් අඩවිවලට හැක.

පුද්ගලයාගේ පෙනුම කෙබඳුද යන්න මෙන්ම ඔහුගේ රුචිකත්වයන්, හේතු සහ විනෝදාංශ ගැනද සිතන්න.

මිනිසුන් පිළිබඳ පර්යේෂණ මෙවලම්

සමහර සබැඳි සම්පත් පුද්ගලික දත්ත සෙවිය හැකි සම්පතක් බවට රැස් කරයි. Pipl Pro, Spokeo, ආදිය, පුද්ගල පර්යේෂණ සඳහා වෙනම කැපූ වෙබ් අඩවි වන අතර ඔබේ විමර්ශන විෂය පිළිබඳ පෞද්ගලික තොරතුරු රාශියක් සපයයි. Pipl දුරකථන අංකය, ඊමේල් නම සහ වෙනත් සාධක මගින් සෙවිය හැකිය. Spokeo සමහර පැතිවලින් සමාන නමුත් එක්සත් ජනපද පුරවැසියන් කෙරෙහි අවධානය යොමු කරයි.

සමාජ මාධ්‍ය සෙවීම

මිනිසුන්ට ඔවුන්ගේ ජීවිතයේ විවිධ පැති සඳහා විවිධ සමාජ ජාල තිබේ. එක එක්කෙනාට වෙනස් අනුගාමිකයෝ සිටිති.

සියලුම වේදිකා මත, Google වෙනුවට විශේෂිත වේදිකාවල ඔබගේ අභ්‍යන්තර සෙවුම් පෙට්ටි ආරම්භ කරන්න; එය ස්වකීය දත්ත ගබඩාවට සෘජු සම්බන්ධතා ඇති අතර, වඩාත් යාවත්කාලීන ප්‍රතිඵල ලබා දිය හැකිය.

සමහර සමාජ ජාල, උදාහරණයක් ලෙස Instagram, ඉතා ප්‍රාථමික සෙවුම් යන්ත්‍ර ඇත. ඔබේ Google සෙවුම් පෙට්ටියට site:instagram.com එක් කිරීමෙන් වඩා හොඳ ප්‍රතිඵල සඳහා Google හරහා Instagram සොයන්න.

ට්විටර් සෙවීම්

Twitter ඉතා ප්‍රයෝජනවත්, නම්‍යශීලී උසස් සෙවුම් පෝරමයක් ඇත. අනෙකුත් සම්පත් ද ඇත, ඇතුළුව:

Tweepsect යම් ගිණුමක ටිව්ටර් අනුගාමිකයන් (ෆලෝවර්ස්)  අනුගමනය කළ දේ (ෆලෝස් )  පෙන්වනු ඇත.

Followerwonk ගිණුම් දෙකක හෝ තුනක අනුගාමිකයින් සංසන්දනය කරයි.

Tweetbeaver සතුව ප්‍රයෝජනවත් ට්විටර් සෙවුම් මෙවලම් රාශියක් ඇත.

ඔබගේ සෙවුමට අදාළ හැෂ් ටැග් හඳුනාගැනීම ඔබට උදවු විය හැකිය.

ෆේස්බුක් හි සෙවීම්

ෆේස්බුක් ගිනුම්වල කණ්ඩායම් සහ පිටු වලට ඔවුන්ගේම සෙවුම් කොටු ඇත. ඒවා  විශේෂිත පළ කිරීමක් සොයා ගැනීමට උදවු කරයි.

Facebook හි පුද්ගලයින් ටැබ් එක එහි වඩාත්ම ප්‍රයෝජනවත් විශේෂාංග වලින් එකකි. ඔබට නමක් සෙවීමට පවා අවශ්‍ය නැත. ඔබ සොයන ආකාරයේ පුද්ගලයා පිළිබඳ තනි අකුරක් සහ විස්තර කිහිපයක් ඇතුළත් කරන්න. උදාහරණයක් ලෙස, ඔබට හුදෙක් වෘත්තියක්, සමාගමක්, නගරයක් හෝ විශ්ව විද්‍යාලයක් සෙවිය හැකිය.

ඔබට ඔබේ සෙවුමට අදාළ අංශ සඳහන් කිරීමට ඉඩ සලසන පිටුවේ වම් පස ඇති තේරීම් (Filters) සොයාගත හැකිය.

ෆේස්බුක්  තුලින් සොයන සෙවුම් තවත් පුබල ලෙස මිරිකා ලබා ගැනීිමට භාවිත කළ හැකි වෙබ් අඩවියක් වන්නේ  www.graph.tips ය. නිදසුනක් ලෙස දින පරාසයන් සැකසීම හෝ පෝස්ටරයේ පරිශීලක හැඳුනුම්පත සඳහන් කිරීම ඊට නිදසුනකි.  

පෝස්ට් ටැබය ඔබට ෆේස්බුක් පෝස්ට්වල මූල පද සෙවීමට ඉඩ සලසයි. ප්‍රභවයක්, දිනයක් නියම කිරීමට සහ Facebook කණ්ඩායම් සෙවීමට පෙරහන් ඔබට ඉඩ සලසයි.

කවුරුහරි Facebook මත යමක් පළ කර ඇති බවට ඔබට අදහසක් තිබේ නම්, ඉහළ දකුණේ ඇති කුඩා තිත් තුන මත ක්ලික් කරන්න, ‘ edit history’ බලන්න, එවිට ඔබට පෙර අනුවාද දැක ගත හැකි වනු ඇත.

සම්පූර්ණ පළ කිරීමක් අතීතයට ගෙන ගොස් ඇති බවට ඔබ සැක කරන්නේ නම්, ඔබේ කර්සරය Facebook පළ කිරීම අසල ඇති කුඩා ඔරලෝසු නිරූපකය මත තබා ගන්න, එය එය එකතු කළ දිනය හෙළි කරයි:

LinkedIn ලින්ක්ඩ්ඉන් සෙවීම්

LinkedIn සමාජ ජාලය තුළ අපූරු සෙවුම් ක්‍රියාකාරිත්වයක් ඇති අතර සෙවුම් පෙට්ටියේ පුද්ගලයෙකුගේ වත්මන් සහ පෙර කළ රැකියා පිළිබඳ අවබෝධයක් ලබා දෙයි.

සෙවුම් කොටුවට ” enter” ක්ලික් කරන්න. ඔබ පුද්ගලයන් සොයන්නේ නම්, විකල්පයක් ලෙස ” people” තෝරන්න. ඉන්පසු LinkedIn හි සම්පූර්ණ ක්‍රියාකාරීත්වය මුදා හැරීමට ” more filters” තෝරන්න.

Instagram සෙවීම්

සෙවීමට තරමක් අපහසු, නමුත් ඔබේ ඉලක්කය තරුණ නම් හෝ ඔබ විශේෂිත ජන විකාශයකට අදාළ ගැටලුවක් විමර්ශනය කරන්නේ නම් ඉතා අගනේය.

Picuki.com යනු Instagram හි ඵලදායී සෙවීම් ලබා දෙන වෙබ් අඩවි වලින් එකකි. ඉන්ස්ටග්‍රෑම් පින්තූර සම්පූර්ණ ප්‍රමාණයෙන් පිටපත් කර විවෘත කිරීමට ඉඩ සලසයි.

ප්‍රකාශන හිමිකම (C) පෝල් මයර්ස් 2021. වැඩි විස්තර සඳහා, පොල් මයර්ස්ගේ ට්විටර් ගිණුම වන @paulmyersbbc අනුගමනය කරන්න.

පෝල් මයර්ස් යනු බී.බී.සීයේ විමර්ශණ සඳහා සහය නැමැති ව්‍යාපෘතියේ ප්‍රධාන උපදේශකයා වේ. ඔහු වසර 20 කට ආසන්න කාලයක් අන්තර්ජාල පර්යේෂණවල නියැළි සිට ඇති අතර සේවය කර ඇති අතර සියවස ආරම්භයේ සිට සෙසු මාධ්‍යවේදීන් පුහුණු කර ඇත. මයර්ස් ඔහුගේ බීබීසී වැඩවලින් පිටත UNDP, ලෝක බැංකුව, ගාඩියන්, CNN සහ තවත් බොහෝ විමර්ශණ කණ්ඩායම්වල විමර්ශකයන්ට උදව් කර ඇත. ඔහු Researchclinic.net වෙබ් අඩවිය පවත්වාගෙන යයි.

මූලාශ්‍රය

This story was originally published by the Global Investigative Journalism Network (GIJN)

Hot this week

Sri Lanka Airbus probe shaken by ex-CEO’s death

Speed Read Ex-CEO of SriLankan Kapila Chandrasena found dead under...

Sri Lanka’s Treasury heist exposes gaps in debt management system and 24/7 security shield

Speed Read: A debt payment to Export Finance Australia was...

Sri Lanka hit by fuel storage capacity, not supply

Speed read Sri Lanka’s fuel system is constrained by limited...

Sri Lanka’s air quality crisis: where data gaps meet drifting pollution

Speed read In Sri Lanka, air quality consistently deteriorates between...

Toxic fallout: Mercury fears, substandard coal and a governance crisis converge at Norochcholai

Speed read Mercury(hg) concerns linked to substandard coal at the...

Topics

Sri Lanka Airbus probe shaken by ex-CEO’s death

Speed Read Ex-CEO of SriLankan Kapila Chandrasena found dead under...

Sri Lanka hit by fuel storage capacity, not supply

Speed read Sri Lanka’s fuel system is constrained by limited...

Sri Lanka’s air quality crisis: where data gaps meet drifting pollution

Speed read In Sri Lanka, air quality consistently deteriorates between...

GIJN Launches Global Academy of Investigative Journalism

The Global Investigative Journalism Network (GIJN) has launched the...

Easter 2019: A tragedy foretold and still unresolved

Seven years ago, on 21 April 2019, sun dawned...

Sri Lanka’s Bumpy Road to a Political Reset

Sri Lanka is navigating a fragile political transition following...

Related Articles

Popular Categories