Wednesday, May 13, 2026
24.5 C
Colombo

ඔබේ ඊළඟ විමර්ශනයේදී වේබැක් මැෂින් අන්තර්ජාල මෙවලම භාවිතය සඳහා හෝඩුවාවන් කීපයක්

“සියලු දැනුම වෙත විශ්වීය ප්‍රවේශය” සිය මෙහෙවර ලෙස ගත් ලාබ අපේක්ෂාවෙන් තොර අන්තර්ජාල ඩිජිටල් පුස්තකාලයක් වන ඉන්ටනෙට් ආකයිව් (Internet Archive) මේ වසරේදී සිය 23 වැනි වසර සමරයි. දිනකදී ප්‍රකට  වෙබ් අඩවි පිවිසුම් ලිපින බිලියනයකට වඩා ප්‍රමාණයක් ගබඩා කර ගනිමින් නැවත පරිශීලනය සඳහා සපයන වේබැක් මැෂින් (Wayback Machine) සම්බන්ධයෙන් එය වඩාත්ම ප්‍රසිද්ධියක් උසුලයි.

නොමිලේ භාවිතා කළ හැකි වේබැක් මැෂින් මෙවලම ජනමාධ්‍යවේදීන්, පර්යේෂකයින්, කරුණු-පිරික්සුම්කරුවන් (Fact Checkers), සමාජ ක්‍රියාකාරීන් සහ සාමාන්‍ය ජනතාවට විසින් දිනපතා විවිධාකාරයෙන් භාවිතා කරනු ලැබේ. මෙම පහසුකම පිළිබඳ ලිපි දහස් ගණනක් සම්පාදනය කර තිබේ. නැතහොත් එම සේවාවන් පරිශීලනය කර තිබේ. සත්‍ය වශයෙන්ම, ගෝලීය විමර්ශනාත්මක ජනමාධ්‍ය ජාලයේ (GIJN) 2020 වසර සඳහා වන මාගේ ප්‍රියතම මෙවලම නම් වැඩසටහන් මාලාවේදී ලොව ප්‍රමුඛ පෙළේ විමර්ශනාත්මක මාධ්‍යවේදීන් ගණනාවක් විසින් සිය ප්‍රධානතම මෙවලම ලෙස මෙම වේබැක් මැෂින් නම් කර තිබිණි.

සිය ඉදිරි විමර්ශනයේදී වේබැක් මැෂින් මෙවලම අත්හදා බැලීම සඳහා උනන්දුවක් දක්වන වාර්තාකරුවන් වෙනුවෙන් කෙරෙන හඳුන්වාදීමක් පහත දැක්වේ.

වෙබ් පිටු යොමුව (URL) සංරක්‍ෂණය කිරීම

ඔබ යම් වෙබ් අඩවියක මූලාශ්‍ර කරගනිමින් ලිපියක් පළ කර ඇති අවස්ථාවක එම වෙබ් අඩවියේ හිමිකරු විසින් එම වෙබ් අඩවියේ මූලික පිටු කීපයක් හෝ වෙබ් අඩවියම ඉවත් කළ හොත් සහ එම වෙබ් පිටු සංරක්‍ෂණය කර නොමැති නම් එම මූලාශ්‍ර සදාකාලිකවම අහිමි වී යා හැකිය. එවැනි තත්ත්වයක් වලක්වා ගැනීමට ඔබ කටයුතු කළ යුතුය.

සෑම දිනකදීම වේබැක් මැෂින් හි “Save Page Now” සේවාව භාවිතා කරමින් වෙබ් පිටු මිලියන ගණනින් සංරක්ෂණය කෙරේ. ගෙවීමකින් තොර සංරක්ෂණ ගිණුමක් හිමි ඕනෑම අයෙකුට මෙම ක්‍රමවේදය හරහා වෙබ් පිටු ලිපින සංරක්ෂණය සඳහා සලකුණු කිරීමට හැකි අතර වෙනත් බාහිර වෙබ් අඩවි පිටු පවා සංරක්ෂණය කළ හැකිවේ. එමෙන්ම එලෙස සංරක්ෂණය කළ වෙබ් පිටු පිළිබඳ සංරක්ෂණ වාර්තාවක් තම ඊමේල් ලිපිනයට ගෙන්වා ගැනීමට හැකියාව ද ඇත.

මෙහි තාක්ෂණික කොටස මෙන්න: සංරක්ෂණය කිරීම සඳහා අවශ්‍ය වෙබ් පිටු ලිපින ලැයිස්තුවක් තිබේ නම් ඒවා ගූග්ල් ෂීට් (Google Sheet)  “A තීරුවේ සඳහන් කර “Save Page Now” සේවාව හරහා සංරක්ෂණය කර ගන්න.  එහිදී එම ගූගල් ෂීට් ලේඛනයේ බී, සී සහ ඩී යන තීරු වල මෙම සංරක්ෂණයට අදාළ කේතය (code), සංරක්ෂිත වෙබ් පිටු ලිපින සහ මෙම වෙබ් පිටු මේ වන විටත් සංරක්ෂණය කර ඇති ද යන බවට සංකේතාත්මක ලකුණක් සටහන් වේ.

එක් වෙබ් පිටු ලිපිනයක් පමණක් සංරක්ෂණය කිරීම සඳහා වන තවත් විකල්පයක් වන්නේ අදාල ලිපිනය spn@archive.org වෙත ඊමේල් පණිවුඩයක් හරහා “capture outlinks” විෂයය සහිතව යැවීමයි. නැවත එ් පිළිබඳ ඊමේල් වාර්තාවක් ලැබෙනු ඇත.

තවද, වැඩි තාක්ෂණික පරිචයක් පෙන්වන්නන් සඳහා වේබැක් මෙවලම මගින් පරිගණක ක්‍රමලේඛනය සඳහා අතුරු මුහුණතක් හෙවත් පරිගණක වැඩසටහනක් ඔබ වෙත සැපයෙන අතර ඒ හරහා දැනට ඔබ සතු මෘදුකාංග සමග ඒකාබද්ධ කිරීමට හෝ හෝ නව වැඩසටහන් සකස් කිරීමේ දී ඒවා ස්වංක්‍රීයව මෙහෙයවීමට අවස්ථාව සලසා දෙනු ලැබේ. සැන් ෆ්‍රැන්සිස්කෝ නුවර පදනම් කරගත් ගෝලීය ජනමාධ්‍ය ක්ෂේත්‍රය ශක්තිමත් කරලීම සඳහා වන ලාභ නොලබන තාක්ෂණික ආයතනයක් වන මීඩාන් සිය චෙක් නමැති සේවාව වේබැක් මෙවලම සමග ඒකාබද්ධ කිරීම මේ සඳහා එක් නිදසුනකි.

අධිලේඛනගත කර ඇති වෙබ් පිටුවල විවිධ සංස්කරණයන්ගේ වෙනස්කම් සැසඳීම

එකම වෙබ් පිටුවක සංස්කරණයන් දෙකක් අතර වෙනස් කම් හඳුනා ගැනීමට සහ ඉදිරිපත් කිරීමට ඔබට අවශ්‍යතාවක් ඇතිවී තිබුණිද? සමහරවිට යම් ආයතනයක් හෝ පුද්ගලයෙක් සිය වෙබ් අඩවියේ වෙනස්කම් සිදු කර ඇති ආකාරය හෝ එම පිටුවේ වචන අනුවර්තනයට ලක්වී ඇති ආකාරය කෙසේද? එය වේබැක් මෙවලමේ ‘changes’ අංගය මගින් සිදු කළ හැකිය.

මෙය අත්හදා බැලීමට, ඕනෑම සංරක්ෂිත වෙබ් පිටු ලිපිනයක් වේබැක් යන්ත්‍රයේ මුල් පිටුවේ ඇති Search වෙත ඇතුළත් කරන්න. ඉන්පසු changes තෝරන්න.

එවිට විවිධ දිනයන් සහ වේලාවන්හි සංරක්ෂිත අනුවාද ලැයිස්තුවක් ඔබට පෙන්වනු ඇති අතර  එක් සංරක්ෂිත වෙබ් පිටු ලිපිනයක වෙනස් වීම් ස්වභාවය නිරූපණය කිරීම සඳහා අදාල වෙනස්කම් විවිධ වර්ණ කේත මගින් දක්වා ඇත. ඉන්පසු, එක් වෙබ් පිටු ලිපිනයක් වේලාවන් දෙකකදී ලබා ගත් අනුවාද තෝරා ගත් හොත් ඒවා එකෙනෙකට සටහන් කොට ඒවායේ එකිනෙකට වෙනස් කොටස් නිල් සහ කහ පැපැහැයෙන් ඉදිරිපත් කෙරේ.  බ්‍රිතාන්‍ය දේශපාලන ලිපි බ්ලොග්කරුවකු මෙන්ම  සහ දේශපාලන උපදේශකයෙකු වන ඩොමිනික් කමින්ස් ඉතිහාසය නැවත ලිවීමට උත්සාහ කළ ආකාරය පෙන්වීමට මෙම අංගය භාවිතා කළ අතර එය පහත රූප සටහන් මගින් දක්වා තිබේ.  

රූපය (තිර-දර්ශනය): බ්‍රිතාන්‍ය අගමැතිගේ හිටපු ප්‍රධාන උපදේශක ඩොමිනික් කමින්ස් විසින් සිය බ්ලොග් සටහනට (වමේ) කූට අන්තර්ගත එකතු කිරීම (නිල් පැහැයෙන්, දකුණු පස) වේබැක් මෙවලමේ “Changes” අංගය මගින් හඳුනාගත් ආකාරය.

අධිලේඛන පිළිබඳ තීව්‍ර සෙවුම්

වේබැක් මෙවලම තුළ වෙබ් පිටු ලිපින සංරක්ෂණය කළද, ඒ එක් එක් පිටුවේ වචන සුචිගත කර නැති බැවින් අදාල වචන පදනම් සෙවුම් පහසුකම ලබාදිය හැකි අතුරු මුහුණතක් ලෙස මෙම මෙවලම යොදා ගත නොහැක. ඒ් අනුව අධිලේඛන තුළ සෙවුම් කිරීමට බලාපොරොත්තු වන වෙබ් පිටු ලිපිනය නිවැරදිව පරිශිලකයන් විසින් දැන සිටිය යුතුය. කෙසේ වෙතත්, තෝරා ගත් විශේෂිත අධිලේඛන එකතුවක් සඳහා වෙබ් පිටු ආශ්‍රිත විවිධ පාර-දත්ත සුචිගත කිරීමේ ක්‍රියාවලියක වේබැක් ඉංජිනේරුවරුන් මේ වන විට නියැලී සිටී (මෙවැනි සුවිශේෂී අධිලේඛන එකතු සම්බන්ධයෙන් වැඩි තොරතුරු ඉන්ටර්නෙට් ආකයිව් මුල් පිටුවේ දැක්වේ.)   

වේබැක් යන්ත්‍රය සමඟ API භාවිතා කිරීම

API (Application Programming Interface) යන්න පරිගණකයක හෝ පරිගණක වැඩසටහන් දෙකක් අතර සබඳතාව හරහා කාර්යයන් කිහිපයක් සිදු කර ගැනිමක් ලෙස සරලව හැඳින්විය හැකිය.

“Save Page Now” සේවාව හරහා සංරක්‍ෂණය කිරීම සඳහා API එකකට අමතරව, විශේෂිත URL සංරක්‍ෂණය කර ඇත්දැයි බැලීමට වේබැක් යන්ත්‍රය විමසීමට API භාවිතා කළ හැකිය.

එහි බොහෝ සේවාවන් මෙන්, වේබැක් එහි  භාවිතා කිරීමේ වාර ගණනට යම් සීමා දමන්නේ නැත. කෙසේ වෙතත්, එය ඉඳහිට එහි තදබදයන් සිදුවිය හැකිය. එවැනි අවස්ථාවකදී  යම් ගැටලුවක් පැන නැගුණහොත් ඊ මේල් පනිවිඩයකින් හෝ  ටිව්ටර් ගිණුමට එවන සෘජු පනිවිඩයකින් අදාළ ගැටලුව පිළිබඳව දැනුවත් කළ හෝ මාධ්‍යවේදීන් ගේ පහසුව පිණිස එම ගැටලු වහා නිරාකරණය දීමට වේ බැක් යන්ත්‍රය සැදී පැහැදී සිටි.

සංරක්ෂිත පිටු වලට සන්දර්භය (Context) එකතු කිරීම

ඕනෑම සංරක්ෂිත ලේඛනයක්  පිළිබඳව බැලූ බැල්මට  පැහැදිළි අවබෝධයක් ලබා ගැනීමට නම් එහි සන්දර්භය පිළිබඳව සහ ප්‍රභවය පිළිබඳව  පූර්ණ අවබෝධයක් ලැබීම වැදගත්ය.

වඩාත් කාර්ය බහුල අවධියක එය මනසේ තබා ගනිමින් අපගේ සංරක්ෂිත සම්පත් වඩා හොඳින් අවබෝධ කර ගැනීමට අනුග්‍රාහකයන්ට උපකාර කිරීම සඳහා වේබැක් යන්ත්‍රයට  සන්දර්භ පිළිබඳව බැනර් එක් කිරීමට පටන් ගෙන ඇත. සංරක්ෂිත වෙබ් පිටුවක් ඉවත් කළ විට හෝ දන්නා පර්යේෂණ සංවිධානයක් විසින් පිටුව ලියා ඇති විට මෙම වර්ගයේ බැනර් භාවිතා කළ හැකිය.

වෙබ් පිටුවක් සාදන එක් එක් සංරක්ෂිත URL වල ප්‍රභවය එම පිටුව පිළිබඳ අවබෝධය සඳහා තීරණාත්මක විය හැකිය. නිදසුනක් ලෙස, සංරක්ෂිත වෙබ් පිටුවක ඇති ඇතැම් පින්තූර පිටුවේ ඇති අනෙකුත් අංග මෙන් එකවර හා දිනයෙහි ග්‍රහණය කර ගෙන තිබේද? සංරක්ෂිත සෑම URL ප්ලේබැක් පිටුවකම ඉහළ දකුණේ ඇති “About this capture” සබැඳිය ක්ලික් කිරීමෙන් ඔබට එම තොරතුරු දැකිය හැකිය.

අපගේ ලේඛනාගාරයේ ඒකාග්‍රතාව කෙරෙහි අප දක්වන සැලකිල්ල සහ අවධානය සහ වසර ගණනාවක් තිස්සේ අප රැකගෙන ඇති විශ්වසනීයත්වය සහ  අප තුළ පවතින  විනිවිදභාවය, වේබැක් යන්ත්‍රය කෙරෙහි ජනතාව තුළ ඇති සමස්ත විශ්වාසය සඳහා දායක වී ඇත.  ඒ නිසා වේබැක් යන්ත්‍රයේ ගබඩා කර ඇති සාක්ෂි මේ වනවිට  ලොව පුරා අධිකරණ මඟින් ද පිළිගනු ලබයි.

අපගේ “විශේෂාංගය සමඟ ඔබ විසින් සාදන ලද ලේඛනාගාරයට සන්දර්භය එක් කිරීම ගැන සලකා බැලීමට ඔබ කැමති නම්, කරුණාකර “Save Page Now ට පිවිසිය හැකිය.

බ්‍රව්සර් දිගු

සෑම පරිශීලකයකුගේම පහසුව පිණිස සෆාරි, ෆයර්ෆොක්ස් සහ ක්‍රෝම් සඳහා බ්‍රව්සර් දිගු මෙන්ම iOS සහ ඇන්ඩ්‍රොයිඩ් සඳහා විශේෂයෙන් සැකසූ  ජංගම යෙදුම් (Mobile apps) ද ඇත. විශේෂ සේවාවක්  ලෙස වෙබ්  අත්දැකීම් සඳහා සුපිරි පහසු වේබැක් මැෂින් සහාය සඳහා අන්තර්ජාල වෙබ් අඩවි දෝෂ තත්ත්ව (404වනි) හඳුනාගෙන එම බ්‍රව්සර එනම් සෙවුම් යන්ත්‍රවලට පහුවෙන් වේ බැක් යන්ත්‍රය වෙත ඇතුළු වීම සඳහා අප Brave සෙවුම් යන්ත්‍රය සමඟ එක්ව විශේෂ වැඩපිළවෙළක්ද සකසා ඇත.

අප මේ සංකීර්ණ කතා සියල්ල ගැන සලකා බැලුවද අවසනායේ කිව යුත දෙයක් ඇත. එනම් ඔබට අපගේ අන්තර්ජාල ලේඛණාගාරයට පිවිසීම හෝ  එහි වේබැක් යන්ත්‍රය භාවිත කිරීම විද්‍යුත් තැපෑලක් හෝ ට්විටර් සෘජු පනිවිඩයකින් පමණක් කළ හැකි තරමේ සරල කටයුත්තකි.

එබැවින් අප ඉල්ලා සිටින්නේ මෙය කරුණාකර භාවිත කරන ලෙසය. භාවිත කිරීමේදී ඔබට එන  ප්‍රශ්න, යෝජනා , දෝෂ සහ අඩුපාඩු මෙන්ම සාර්ථකත්යේ කතාචද අප සමඟ බෙදා ගැනීම අපට මහත් ශක්තියකි. අපට විශේෂයෙන් අවශ්‍ය වන්නේ අපගේ සේවාවන් ගැන ඔබ අකමැති දේ හෝ අප වැඩිදියුණු කළ යුතු යැයි ඔබ සිතන ලක්ෂණ හෝ එකතු කිරීමය. එමඟින් මාධ්‍යවේදීන්ගේ අවශ්‍යතා හා ඕනෑඑපාකම්වලට  සහාය වන වඩා සේවයක් කිරීමට අපට ලබා දිය හැකිය.

 ඔබ දැන ගත යුතුම තවත් දෙයක්

පොදු වෙබ් අඩවි බොහොමයක් සංරක්ෂණය කිරීමට අමතරව, අන්තර්ජාල ලේඛනාගාරය අපගේ අන්තර්ජාල ලේඛනාගාරව සේවාව හරහා මිලියන 25 කට අධික  පර්යේෂණාත්මක පත්‍රිකා ඇතුළු වෙනත් විද්වත් ලිපි  එකතුවක් සංරක්ෂණය කර ලබා දෙයි .  එමෙන්ම   මිලියන 30 කට ආසන්න විද්‍යුත් පොත් ප්‍රමාණයක් අන්තර්ජාලය හරහා කියවීම , බාගත කිරීම බැහැරට ලබා ගැනීමේ වැඩපිළිවෙළක් මේ තුළ ඇත. එසේම පැය මිලියන ගණනක් සංරක්ෂිත රූපවාහිනී ප්‍රවෘත්ති (අවුරුදු 10 කට වඩා වැඩි කාලයක් සඳහා ස්ථාන දුසිම් ගණනක්) සම්බන්ධිත සංවෘත ශීර්ෂ  පූර්ණ-පෙළ සුචිගත කිරීම හරහා සෙවිය හැකිය.එයද මෙහි පවතින තවත් අගය වැඩි කරන ලද සේවයකි.

මෙම පරිවර්තනයට පසුබිම් කර ගත්තේ වේබැක් යන්ත්‍රයේ කළමනාකාර ලෙස වසර පහක් තිස්සේ කටයුතු කරන මාක් ග්‍රැහැම් විසින් ලියන ලද Tips for Using the Internet Archive’s Wayback Machine in Your Next Investigation ලිපියයි. ඩිජිටල් මාද්‍යකරණය සම්බන්ද අත්දැකීම් සහිත මාද්‍යෙවදියකු වන ඔහු කලක් එන්බීසී පුවත් සේවයේ ඩිජිටල් අංශය භාර ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරයා ලෙසින්ද කටයුතු කර ඇත්තෙකි.

මූලාශ්‍රය

This story was originally published by the Global Investigative Journalism Network (GIJN)

Hot this week

Sri Lanka Airbus probe shaken by ex-CEO’s death

Speed Read Ex-CEO of SriLankan Kapila Chandrasena found dead under...

Sri Lanka’s Treasury heist exposes gaps in debt management system and 24/7 security shield

Speed Read: A debt payment to Export Finance Australia was...

Sri Lanka hit by fuel storage capacity, not supply

Speed read Sri Lanka’s fuel system is constrained by limited...

Sri Lanka’s air quality crisis: where data gaps meet drifting pollution

Speed read In Sri Lanka, air quality consistently deteriorates between...

Toxic fallout: Mercury fears, substandard coal and a governance crisis converge at Norochcholai

Speed read Mercury(hg) concerns linked to substandard coal at the...

Topics

Sri Lanka Airbus probe shaken by ex-CEO’s death

Speed Read Ex-CEO of SriLankan Kapila Chandrasena found dead under...

Sri Lanka hit by fuel storage capacity, not supply

Speed read Sri Lanka’s fuel system is constrained by limited...

Sri Lanka’s air quality crisis: where data gaps meet drifting pollution

Speed read In Sri Lanka, air quality consistently deteriorates between...

GIJN Launches Global Academy of Investigative Journalism

The Global Investigative Journalism Network (GIJN) has launched the...

Easter 2019: A tragedy foretold and still unresolved

Seven years ago, on 21 April 2019, sun dawned...

Sri Lanka’s Bumpy Road to a Political Reset

Sri Lanka is navigating a fragile political transition following...

Related Articles

Popular Categories