Wednesday, May 13, 2026
24.5 C
Colombo

සෞඛ්‍ය සේවා පිළිබඳ විමර්ශනාත්මක වාර්තාකරණයේදී අවධානය යොමු කළ යුතු කරුණු 10 ක්

අප දන්නා ඉතිහාසයේ ඇති වූ දැවැන්තම ගෝලීය මට්ටමේ  සෞඛ්‍ය අර්බුදය  කොවිඩ් වසංගතයයි. මේ වනවිට පාඨකයෝ කොවිඩ් සම්බන්ධ පුවත්වලට දැඩිව යොමු වී සිටිති. කොවිඩ් එන්නත් පිළිබඳව පුවත්වලට ඇබ්බැහිව සිටිති. කලක් උසාවි සිදුවීම් වාර්තා කරමින් සිටි මාධවේවදීන් විශාල පිරිසක් අද ඒ වෙනුවට වෛද්‍ය පර්යේෂණ වාර්තා කරන සෞඛ්‍ය වාර්තාකරුවන් පිරිසක්  බවට පත් ව ඇත. පසුගිය මාස ගණනාවක් පුරා මාධ්‍යවේදීන්ට ලොකුම ප්‍රවෘත්ති නිර්මාණය කළේ කොවිඩ් වෛරස වසංගතය, එයින් ඇතිව තිබෙන ආර්ථික අභියෝග, සමාජීය ප්‍රශ්න ඇතුළු විවිධ අර්බුදයි. මේ හේතුවෙන් මාධ්‍යවේදීන්ට ඉතා යුහුසුළුව කටයුතු කරන්නට සිදුවුණේ මෙම එක් එක් අංශ තුළින් නිර්මාණය වන ප්‍රවෘත්ති තුළින් ජනතාව ඉක්මනින් දැනුවත් කිරීම සඳහාය.

මෙසේ කටයුතු කරන මාධ්‍යවේදීන් උදෙසා ගවේෂණාත්මක මාධ්‍යකරණය සඳහා වන ගෝලීය ජාලය ද මේ වනවිට සෞඛ්‍ය වාර්තාකරණය පිළිබඳව අංගසම්පූර්ණ මාර්ගෝපදේශයක් සකස් කර ඇත. එය මෙම ජාලය වෙනුවෙන් සකස් කරන ලද්දේ Re-Check.ch,  (https://www.re-check.ch) නම් ලාබ ලැබීමේ අරමුණකින් තොරව පවත්වානෙ යන සෞඛ්‍ය තොරතුරු ගවේෂණයේ සහ සෞඛ්‍ය සම්බන්ධ කටයුතු පිළිබඳව සිතියම්ගත කිරීමේ  සංවිධානයේ නිර්මාතෘන් වන කැතරින් රිවා සහ සෙරිනා  ටිනාරි දෙපළ විසිනි.

ඔවුන් විසින් සකසන ලද මෙම මාර්ගෝපදේශය COVID-19 වසංගතයේ වර්තමාන තත්ත්වය ප්‍රවණතා,  එන්නත හා ඖෂධ සංවර්ධනය, වෛද්‍ය අධ්‍යයන, මේ සම්බන්ධව එන ආයතනික බලපෑම් සහ  අදාළ කටයුතු සඳහා යම් යම් පාර්ශ්වවල පවතින සම්බන්ධතා පිළිබඳව සොයා බැලීමට මාධ්‍යවේදීන්ට කඩිනම් පාඨමාලාවක් සපයයි.

ගෝලීය වසංගතයක් තුළ රටක ජාතික සෞඛ්‍ය පද්ධතියට සිදුවන බලපෑම පිළිබඳව මෙන්ම මෙම වසංගතයට එරෙහිව නිර්මාණය කර ඇති එන්නත් හෝ ඖෂධවල සාර්ථකත්වය පිළිබඳව විමසිල්ලලෙන් සිටින මාධ්‍ය‍වේදීන්ට මෙම අධ්‍යයන උපකරණ ඉතා පහසුවක් සහ ප්‍රයෝජනවත් බවක් දක්වයි. ඔබ මෙවැනි වාර්තාකරණයක යෙදෙන මාධ්‍යව්දියකු නම් පැය දෙකක් පමණ කාලයක් මිඩංගු කර ඔවුන් විසින් සකසන ද මෙම මාර්ගෝපදේශය කියවීම මෙම වසරේ තම වෘත්තීය අබිවෘද්ධිය වෙනුවෙන් කෙරෙන ලොකු ආයෝජනයක් වනු ඇත. බා ගත කිරීම සඳහා

(https://4djy83s2swr22ty8mwjq954a-wpengine.netdna-ssl.com/GIJN-Guide-Investigating-Health-Medicine.pdf)

මෙම මාර්ගෝපදේශයේ කතුවරුන් මෙසේ කියා ඇත.

“සෞඛ්‍යය පිළිබඳව සොයා බැලීම සහ වාර්තාකරණය  සංකීර්ණ හා අභියෝගාත්මක ය. මෙම ක්ෂේත්‍රය තුළ වාර්තා කිරීම යන්නෙන් අදහස් කරන්නේ දීර්ඝ  ලේඛන කියවීම සහ වෛද්‍ය විද්‍යාවේ සංකීර්ණ විෂය කරුණු  පිළිබඳව හොඳින් දැන හඳුනා ගැනීමයි. එසේම සංඛ්‍යාලේඛන පිළිබඳව අවබෝධ කර ගැනීම ද එහිම කොටසකි. ඒ නිසා මේ අංශය පිළිබඳව ඉගෙනීමේ වක්‍රය දැඩි විය හැකි නමුත්, ගවේෂණාත්මක පුවත්පත් කලාවේ මෙම විශේෂිත ක්ෂේත්‍රය තුළ ඔබට කිසි විටෙකත් වාර්තාකරණයන්  අහවර වන්නේ නැත.

කොවිඩ් වසංගතය වාර්තාකරණයේදී ගවේෂණාත්මක මාධ්‍යෙව්දියකු  ලෙස ඔබ මූලිකව අවධානය යොමු කළ යුතු කරුණු 10ක් ‍මෙම මාර්ගෝපදේශනය පදනම් කරගෙන මෙසේ සටහන් කරමු.

  1. ඕනෑවට වඩා සරලව ගන්න එපා

කොවිඩ් වසංගතය සමග පවතින වර්තමාන ලෝක තත්ත්වය තුළ කිසිදු දෙයක් සරල හෝ  සාමාන්‍ය නැත. විශේෂයෙන් විවිධ කර්මාන්ත ක්ෂේත්‍ර හෝ රජය විසින් ලබා දෙන තොරතුරු පිළිබඳව විචක්ෂණශීලීව අවධානය යොමු කළ යුතුය. ඔවුන් විසින් දෙනු ලබන සාක්ෂි සහ සහ දත්ත ස්වාධීනව අගයන්න. තොරතුරු තහවුරු කර ගැනීමේ මූලාශ්‍ර භාවිත කර එය තහවුරු කර ගන්න.සෑම විටෙකම සිත තබා ගත යුතු කරුණක් වන්නේ සෞඛ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් නිරතන්තරයෙන් නිර්මාණය වන තොරතුරු තුළ යම් යම් පාර්ශ්වවලට හිතවාදී හෝ යම් යම් න්‍යාය පත්‍රයන් ඒ පසුපස පැවතීමය. අපට රට රටවල් සංසන්දනය කිරීම අපහසු විය හැකිය. එසේම වෙනස්කම් හා ව්‍යාකූල සාධක යම් භූමිකාවක් ඉටු කළ හැකි බැවින් අපට වාර්තාකරණයේ යම් අන්තරායන්ට ගොදුරු විය හැකිය.

  1. කොවිඩ් සම්බන්ධයෙන් ගො නැගී ඇති ආකෘති පිළිබඳව  විශේෂයෙන් සැලකිලිමත් වන්න.

වසංගතයේ මුල් අවදියේදී මේ සම්බන්ධයෙන් විවිධ  ආකෘති ගොඩ නැගුණේ කොවිඩ් වෛරස වසංගතය පිළිබඳව ප්‍රමාණවත් දත්ත තොරතුරු නොමැති පසුබිමකය. එසේම මෙවැනි වසංගතයක් සෑමදාම ඒකාකාරීව ඒකියව පවතින්නේ නැත. එය වෙනස් වන තරමක් අවුල් සහගත වන අතර ඊළඟ මොහොතේදී කුමක් වන්නේද යන්න  පිළිබඳව ස්ථිර පුරෝකථනයක් කිරීම අසීරුය.

  1. දැනට පවතින නවතම සහ හොඳම විද්‍යාත්මක දත්ත මත පිහිටා කටයුතු කරන්න.

ගෝලීය කොවිඩ් අර්බුදය ඉතා විශාල වශයෙන් පර්යේෂණවලට පාදක වී ඇත. එම පර්යේෂණ වාර්තා ඉතා වේගයෙන් ප්‍රකාශයට පත් වෙයි. මෙයින් බොහොමයක් පර්යේෂණාත්මක තොරතුරු ප්‍රකශහයට පත් වන්නේ නිසි ඇගයිම් විවරණ ක්‍රියාවලියකට යටත් වීමෙන් නොවේ. මේ දිනවල වෛද්‍ය පර්යේෂණ සම්බන්ධයෙන් ලෝකයේ බොහෝ තැන්වලින් හඬ නැගෙයි. වෙද්‍ය විද්‍යාව පිළිබඳව ප්‍රාමාණික දැනුමක් නොමැති මාධ්‍යෙව්දියකුට මෙම පර්යේෂණ තොරතුරු පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම අසීරුය. වෛද්‍ය පර්යේෂණ පිළිබඳව සැලකීමේදී එහිදී ගෝලීය වශයෙන් පිලිගැනෙන ස්වර්ණමය ප්‍රමිතිය වන්නේ අහඹු ලෙස පාලනය කරන කණ්ඩායමක් සමඟ සැසඳෙන පර්යේෂණ ක්‍රියාවලියකි. කෙසේ වුවද මෙවැනි පර්යේෂණ තොරතුරු ලබා ගැනීමේ අවස්ථා සීමා සහිත වන බැවින් සෙසු පර්යේෂණ පිළිබඳව විමසීමේදී එහි අධ්‍යයන ආකෘතිය පිළිබදව විශේයෙන් මාධ්‍යෙව්දීන් සැලකිලිමත් විය යුතුය.

  1. සන්දර්භය සපයන්න

ඔබ ඉදිරිපත් කරන ඕනෑම සංඛ්‍යා ලේඛනයක් අර්ථවත් වන්නේ එය ඊට අදාළ සංදර්භය තුළ  තැබුවාහාත් පමණි.  නිදසුනක් ලෙස, කොවිඩ් 19 සංඛ්‍යාන  හෝ සංඛ්‍යාලේඛන අසාමාන්‍ය හෝ සාමාන්‍ය යැයි යෝජනා කිරීමට මත්තෙන්  වෛරස් ආසාදනයේ සන්දර්භය තුළ එහි යථාර්ථය පිළිබඳව අවබෝධයක් තිබිය යුතුය.

නැතහොත් රෝගියාගේ සෞඛ්‍යයට එයින් ඇති විය හැකි ප්‍රතිඵල පිළිබඳව හෝ , ඕනෑම රෝහල් පසුබිමක රෝගියා කෙරෙන් පෙන්නුම් කරන රෝග ලක්ෂණ පිළිබඳව අවබෝධයක්, වැටහීමක් පැවතිය යුතුය.  එබැවින් නිර්මාණය වී ඇති තත්ත්වයකත් මෙතෙක් ලෝකය අත් නොදුටු සංසිද්ධියක්ද , නැතහොත් එම තත්ත්වය සෞඛ්‍ය ක්ෂේත්‍රයට සුලබ පොදු  තත්ත්වයක්ද යන්න නිශ්චිතව අවබෝධ කර ගැනීමට අපට සංදර්භය පිළිබඳව මනා අවබෝධයක් තිබිය යුතුය.

  1. පුළුල් ජනතා පරාසයක් තුළ පවතින දැනුම පිළිබඳව අවධානය යොමු කොට ඒ තොරතුරු ඥානවන්තව භාවිත කරන්න.

ඔබට  සෞඛ්‍ය වාර්තාකරණයේදී පුළුල් පරාසයක ප්‍රයෝජනවත් මෙන්ම විභවයක් සහිත මූලාශ්‍ර ඇසුරු කිරීමට අවස්ථාව ලැබෙයි. වෛද්‍යවරුන්, සෞඛ්‍ය සේවාවට සම්බන්ධ සෙසු වෘත්තිකයන්, නියාමකයන්, වෛද්‍ය පර්යේෂකයන්, රෝගී අයිතිවාසිකම් පිළිබඳව පෙනී සිටින්නන්, ඖෂධ සමාගම් ඒජන්තයින් ඇතුළු විවිධ පුද්ගලයෝ  එහිදී අපට සම්බන්ධ වෙති. එහිදී සැම විටෙකම විවිධ විශේෂඥයින්ට කතා කිරීම වැදගත්ය. නිදසුනක් ලෙස කොවිඩ් 19 ගැන කතා කිරීමේදී බෝවන රෝග පිළිබඳව වසංගතවේදියකු සහ එන්නත් ආරක්ෂාව පිළිබඳ වසංගතවේදියකු සමඟ කතා කිරීම වැදගත්ය. ඔවුන් මෙම ගෝලීය සෞඛ්‍ය ගැටලුව ව්‍යාප්ත වීම පාලනය සම්බන්ධයෙන් මෙන්ම කළමනාකරණය සම්බන්ධයෙන් සිටින විද්වතුන්ය.

නමුත් අප පරෙස්සම් සහගත විය යුතු තැනක් තිබේ. දිගින් දිගටම මෙවැනි කාර්යයන්හි නියැළෙමින් සිටින විද්වතුන් සම්බන්ධයෙන් අපට විශ්වාසය තබා  කටයුත කළ හැකිය.

 එසේ වුවද අපට මූලාශු වන අප සහජයෙන්ම විශ්වාස කරන විවිධ ව්‍යාපාර සහ කර්මාන්ත නායකයින්,රජයේ හෝ ලෝක සෞඛ්‍ය සංවිධානය වැනි ජාත්‍යන්තර ආයතනවල පුද්ගලයින් ගේ තොරතුරු මූලාශු කර ගැනීමේදී ඔවුන් අදාළ ක්ෂේත්‍ර කෙරෙහි දක්වන පක්ෂපාතී භාවය පිළිබඳව ඉතා කල්පනාකාරීව ක්‍රියා කළ යුතුය.

  1. උපකල්පන මත පිහිටා කටයුතු නොකරන්න

අද වාර්තාකරුවන් කරන සුලබ වැරැද්දක් වන්නේ දුර්වල විද්‍යාත්මක සාධක මත වැරදි නිගමනයන් මත වාර්තා කිරීමය.  අප අමතක නොකළ යුතු දෙයක් වන්නේ මෙම අර්බුදය පුරාවට රජයයන් සහ මාධ්‍ය චිත්තාවේග වර්ධනය වන ආකාරයෙන් කටයුතු කර ඇති බවය. එසේ වුවද ගවේෂණාත්මක මාධ්‍යෙව්දියකු නිතරම සංසුන් සිසිල් මනසකින් යුතුව කටයුතු කළ යුතුය.

එසේම තවත් සැලකිය යුත කරුණක් වන්නේ සෞඛ්‍යය පිළිබඳව පළවන ඇතම් වාර්තා දෝෂ සහිත සහ නොමඟ යවන සුළු  ඒවා වීමේ ඉඩක් පැවතීමය. කිසිදු සාධකයක් සාක්ෂියක් නොමැතිව රජයේ හෝ අදාල කර්මාන්ත ක්ෂේත්‍රයේ මාධ්‍ය නිවේදන මත එම වාර්තා පළවෙයි. එසේ වුවද ඔබ මේ පිළිබඳව සවාධීනව  ගවේෂණාත්මකව විමසා බැලිය යුතුය.

  1. සායනික ප්‍රතිඵල, ඒවායේ විවිධ අදියර මෙන්ම  එයින් ලැබෙන ප්‍රතිඵල පිළිබඳව නිසි අවබොධයක් පැවතීම වැදගත්

සායනික අත්හදා බැලීම්වල විවිධ මට්ටම් මොනවාද සහ එහිදී අපට හෙළි කළ සහ නොහැකි දේ වාර්තාකරුවන් තේරුම් ගත යුතුය. විශේෂයෙන් පර්යේෂණාත්මක වාර්තා පිළිබඳ මාධ්‍ය  නිවේදනවල තොරතුරු නොව පර්යේෂණ ජර්නල හෝ පත්‍රිකාවල පවතින තොරකුරු මත පිහිටා කටයුතු කිරිම වැදගත්ය.

  1. නරක පුද්ගලයා සෙවීමේ ආඛ්‍යානය ප්‍රශ්න කරන්න

අප ගවේෂණයේදී සුපුරුදු ආකාරයෙන් නරක පුද්ගගයන් සොයන්නේ නම් ඇතැම් විට ඔබ ට වැරදෙන්නට පුළුවන. යමකු පැළිබඳව වැරදි ලෙස කියවියමක් ලැබිය  ඔබට මෙම ක්ෂේත්‍රයේ මනා අත්දැකිම් ලබා ගත් විට මෙම කාරණය කෙතරම් සරලද යන්න හඳුනා ගත හැකිය. ඔබ ගැඹුරින් ගවේෂණය කිරීමේදි රෝගින්ගේ පැත්තේ සිට ගන්නේ ඉතා සුළු පිරිසක් බවත් බහුතරය විවිධ න්‍යාය පත්‍ර මත පිහිටා කටයුතු කරන බවත් හඳුනා ගත හැකි වනු ඇත. එබැවින් මේ පිළිබඳව අවබෝධයෙන් කටයුතු කළ යුතුය.

  1. දැවැන්තයන්ගේ හැසිරීම්  ප්‍රශ්න කරන්න

මෙම අර්බුදය තුළද ඖෂධ කර්මාන්තකරුවන්ගේ බලපෑම ඉතා බහුලය. එසේම වෛද්‍ය අලෙවිකරණයද අහස උසට නගිමින් පවතී. තවද  මෙම තත්ත්වය හමුවේ ඖෂධ කොපමණ ප්‍රමාණයක් ප්‍රයෝජනවත් වේද යන්න සහ වෙනත් අහිතකර බලපෑම් ඇති කළ හැකි ඖෂධ මොනවාද යන්න පිළිබඳවද විමසිය යුතුය. වෛද්‍ය සඟරාවල පළ වූ සාක්ෂි ඇතුළුව සියල්ල ප්‍රශ්න කරන්න.

මෙහිදී වටහා ගත යුතු කරුණක් වන්නේ ඇතැම් ජෛව වෛද්‍ය පර්යේෂණාත්මක සඟරා යම් ව්‍යාපාර ආකෘතියක් තුළ පළ කිරීමය. එහි වෙළෙඳ දැන්වීම් අන්තර්ගතයන් ගේ බලපෑමට ලක්ව පැවතිය හැකි අතර බොහෝ විට ඒවා යලි යළි මුද්‍රණය කොට ඉලක්ක ගත කොටස් වෙත බෙදා හැරීම සිදු කෙරෙයි. අදාළ ප්‍රකාශන යළි මුද්‍රණ සඳහා මුදල් ගෙවන්නේ අදාළ කර්මාන්තකරුවන් වන අතර එය බෙදා හරින්නේ ඔවුන්ගේ අලෙවිකරණ අරමුණු වෙනුවෙනි.ඒ පිළිබඳව ඔබට යම් අවබෝධයක් තිබිය යුතුය.

  1. ඖෂධ සහ එන්නත් ගැන ගැඹුරින් සොයන්න 

භාවිතා කෙරෙන විශේෂිත  ඖෂධයක් හෝ එන්නතක් අනුමත කිරීමේ ක්‍රියාවලියේ සියලු විස්තර දෙස හොඳින් බලන්න. එහි ප්‍රමිතිය සපුරා ඇත්දැයි තක්සේරු කර ගත යුතුය. එසේම අනුග්‍රාහකයා යම් සහනයක් ලබා ගත්තේ නම්   නිදසුනක් ලෙස, නියාමකයින් විසින් සමාගමට ඖෂධයේ සාර්ථකත්වය  පෙන්වීමට ඉඩ දී ඇත්තේ ප්‍රධාන ඉලක්කය ආමන්ත්‍රණය කිරීමේ ඵලදායීතාවය මත නොව ඒ වෙනුවට වෙනත් ආදේශක වූ ඉලක්කයක් මතය.

මෙම ඖෂධයේ අතුරු ආබාධ සහ අනුමත කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව ගවේෂණාත්මක මාධ්‍යෙව්දියකු ප්‍රශ්න කළ යුතුය.

මූලාශ්‍රය

This story was originally published by the Global Investigative Journalism Network (GIJN)

Hot this week

Sri Lanka Airbus probe shaken by ex-CEO’s death

Speed Read Ex-CEO of SriLankan Kapila Chandrasena found dead under...

Sri Lanka’s Treasury heist exposes gaps in debt management system and 24/7 security shield

Speed Read: A debt payment to Export Finance Australia was...

Sri Lanka hit by fuel storage capacity, not supply

Speed read Sri Lanka’s fuel system is constrained by limited...

Sri Lanka’s air quality crisis: where data gaps meet drifting pollution

Speed read In Sri Lanka, air quality consistently deteriorates between...

Toxic fallout: Mercury fears, substandard coal and a governance crisis converge at Norochcholai

Speed read Mercury(hg) concerns linked to substandard coal at the...

Topics

Sri Lanka Airbus probe shaken by ex-CEO’s death

Speed Read Ex-CEO of SriLankan Kapila Chandrasena found dead under...

Sri Lanka hit by fuel storage capacity, not supply

Speed read Sri Lanka’s fuel system is constrained by limited...

Sri Lanka’s air quality crisis: where data gaps meet drifting pollution

Speed read In Sri Lanka, air quality consistently deteriorates between...

GIJN Launches Global Academy of Investigative Journalism

The Global Investigative Journalism Network (GIJN) has launched the...

Easter 2019: A tragedy foretold and still unresolved

Seven years ago, on 21 April 2019, sun dawned...

Sri Lanka’s Bumpy Road to a Political Reset

Sri Lanka is navigating a fragile political transition following...

Related Articles

Popular Categories