Sign in Join
  • Home
  • Stories
    • Global
    • South Asia
    • Thematic
    • Digital Storytelling
    • Electoral Integrity
    • Environment
    • International Labour Migration
    • Media Literacy
    • Pluralism/ Social Cohesion
    • Public Health
  • Authenticator
    • Fact Checks and Debunks
  • Resource Center
Sign in
Welcome!Log into your account
Forgot your password?
Create an account
Privacy Policy
Sign up
Welcome!Register for an account
A password will be e-mailed to you.
Privacy Policy
Password recovery
Recover your password
Search
Logo
  • Home
  • Stories
  • Authenticator
  • Resource Center
Instagram
Linkedin
X
  • About CIR
  • Events
  • Opportunities
Subscribe
Logo
Subscribe
Logo
Saturday, October 3, 2026
26.7 C
Colombo
  • About CIR
  • Events
  • Opportunities
type here...
Facebook
Instagram
X
Youtube
  • Home
  • Stories
    • AllGlobalSouth AsiaThematicDigital Storytelling
      Environment

      Shifting sands, sinking communities 

      Developing Story

      Can’t sleep, feels drained? Extreme heat may be affecting your mental health

      Public Health

      How Does Rising Heat in Asia Impact Your Organs?

      Big Story

      As cases surge in Sri Lanka, schools and religious institutions become main dengue mosquito breeding grounds

  • Authenticator
    • AllFact Checks and Debunks
      Authenticator

      රැකියා විරහිත තරුණයන්ට රජයෙන් රුපියල් 50,000 ක් ලබාදෙන බවට වන පුවත අසත්‍යකි.

      Authenticator

      රාවණා ඇල්ල රළු වෙයි – පුවත අසත්‍යයක්

      Authenticator

      හිටපු ජනපති රනිල් ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති ධූරයට පත්වූවායැයි කියන සමාජ ජාලා ප්‍රචාරය සත්‍ය නොවේ.

      Authenticator

      2024 ஜனாதிபதித் தேர்தல்; ‘றோ’ கருத்துக்கணிப்புக்களை மேற்கொண்டதா?

  • Resource Center

Hot topics

  • About CIR
  • Events
  • Opportunities
Instagram
Linkedin
X

Events

Dilrukshi Handunnetti Delivers Presidential Address at MICC 2026

0
CIR Co-founder Dilrukshi Handunnetti delivered the Presidential Address at...

DBS Jeyaraj, remembering a journalist who kept truth alive

0
David Buell Sabapathy Jeyaraj (DBS) left behind more than...

Sri Lanka’s first training on reporting extreme heat

0
CIR, in partnership with UNFPA, concluded what we believe...

Across Borders, Journalists Find Shared Challenges in Environmental Crisis Reporting

0
From August 17–19 in Kalutara, CIR, in partnership with...

CIR, UNFPA to host Sri Lanka’s first-ever journalist training on extreme heat

0
To support Sri Lankan journalists to better understand extreme...

Authenticator

රැකියා විරහිත තරුණයන්ට රජයෙන් රුපියල් 50,000 ක් ලබාදෙන බවට වන පුවත අසත්‍යකි.

0
ශ්‍රී ලංකා තරුණ සවිබල ගැන්වීමේ අරමුදලේ වැඩසටහන 2024 යන...

රාවණා ඇල්ල රළු වෙයි – පුවත අසත්‍යයක්

0
2024.ඔක්තෝම්බර්.12 දින පස්වරුවේ පළ කර තිබු මෙම පුවත අසත්‍ය...

හිටපු ජනපති රනිල් ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති ධූරයට පත්වූවායැයි කියන සමාජ ජාලා ප්‍රචාරය සත්‍ය නොවේ.

0
කරුණු-පිරික්සුම් වාර්තාව: 2024 ඔක්තෝම්බර් 4 - වේලාව පස්වරු 5:00 ජනාධිපතිවරණයෙන්...

2024 ஜனாதிபதித் தேர்தல்; ‘றோ’ கருத்துக்கணிப்புக்களை மேற்கொண்டதா?

0
2019ஆம் ஆண்டும் ஜனாதிபதித் தேர்தல் தொடர்பில் கருத்துக்கணிப்புக்களை இந்தியாவின் புலனாய்வு அமைப்பான...

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය ගැන රෝ ඔත්තු සේවයේ සමීක්ෂණය පිළිබඳ අශෝක අබේසිංහගේ ප්‍රකාශය මහජනතාව නොමඟ යවයි.

0
ශ්‍රී ලංකාවේ ඉදිරි ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කරන...

Opportunities

Call for Applications: 2027 Ochberg Fellowships

0
Ends on Wed, Oct 21, 2026 2:30 AM The GCJT...

Applications now open for SAWM-SL digital equity AI training workshops

0
COLOMBO – Applications are now open for Digital Equity...

“டிஜிட்டல்சமத்துவம் – செயற்கைநுண்ணறிவு ” பயிற்சிப் பட்டறைகளுக்கான விண்ணப்பங்கள் கோரல்

0
இலங்கை தெற்காசிய பெண்கள் ஊடக அமைப்பினால் ஏற்பாடு செய்யப்பட்டுள்ள இந்த பயிற்சிப்...

SAWM-SL ඩිජිටල් සමානාත්මතා AI පුහුණු වැඩමුළු සඳහා  අයදුම්පත් දැන් විවෘතයි

0
දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී...

Application Call: Reporting on Environmental Crises

0
17–19 August 2026, Kalutara, Sri Lanka Asia is increasingly affected...

Resource Center

Guide to Investigating Tech and AI in Modern Warfare 

0
When historians look back on the wars of the...

Holding the Power of Big Tech Accountable

0
by Sandrine Rigaud • March 24, 2026 Editor’s Note: This is the...

GIJN Guide to Investigating Foreign Lobbying

0
by Andrew Lehren and Nikolia Apostolou • June 4, 2025 Table of Contents What Is...

‘Not Too Late To Regulate AI,’ Says Empire of AI’s Author Karen Hao

0
Author Karen Hao argues that while the cost of...

How Non-Coding Journalists Can Build Web Scrapers With AI — Examples and Prompts Included

0
By Kuek Ser Kuang Keng & Federico Acosta Rainis, Pulitzer...

Home Thematic Electoral Integrity දල්ලට යට වූ ගැහැණිය, කොල්ල කන මැතිවරණ
  • Thematic
  • Electoral Integrity
  • Pluralism/ Social Cohesion
  • Stories

දල්ලට යට වූ ගැහැණිය, කොල්ල කන මැතිවරණ

By
Lasantha De Silva
-
August 16, 2020
0
1302
Facebook
X
Pinterest
WhatsApp

    ජූලි 14 ආගරපතන ප්‍රදේශයේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු සිදුකරමින් සිටි ස්වාධීන අපේක්ෂිකාවක වන අනූෂා චන්ද්‍රසේකරන්ගේ ආධාරකරුවන් හා කඳුරට ජනතා පෙරමුණේ ආධාරකරුවන් අතර ගැටුමක් සිදු වූ අතර පොලිස් විමර්ශනද සිදු විය. අනූෂා චන්ද්‍රසේකරන් හිටපු අමාත්‍යවරයෙකු වන ටී. චන්ද්‍රසේකරන්ගේ දියණියයි. කඳුරට ජනතා පෙරමුණ ඇගේ පියාගේ නිර්මාණයක් වූ දේශපාලන පක්ෂයයි. මෙවර ඇය ඉන් පාර්ලිමේන්තු මැතිවරණයේ අපේක්ෂත්වය ඉල්ලා සිටි නමුත් නොලැබුණු අතර අවසානයේදී එහි පුරුෂමූලික දේශපාලනය හා ගැටෙන්නටද සිදු විය. සාමාන්‍යයෙන් සිංහලයන් අතර දේශපාලනය කරන පක්ෂයක නම් පිය උරුමයේ අනුකම්පා ඡන්ද උදෙසා හෝ ඇය ඉල්ලා සිටි අපේක්ෂකත්වය ලැබෙන්නට තිබුණු නමුත් ආරුමුහම් තොණ්ඩමාන් මිය ගිය සැණින් පුත්‍රයාට අපේක්ෂකත්වය ලැබුණු ආකාරයට පියා මිය ගිය අනූෂාට අපේක්ෂත්වය නොලැබීම වතුකර දේශපාලනයේ ස්ත්‍රීපුරුෂ සමාජභාවීය ගැටලුව පෙන්නුම් කරයි.  ඔවුන් වීරාභිවාදන ගයන දකුණු ඉන්දියාවේදී ජයලලිතලා බලයට පත් වුවද ලංකාවේදී මෙසේ වන්නේ ගැහැණියට නොහැක නැතිනම් අයිතියක් නැත යන පරිකල්පනය නිසා බව සමාජ පර්යේෂිකා එන්.වී. මුණසිංහ පවසයි.

    1949 පාර්ලිමේන්තු මැතිවරණ සංශෝධන පනත මගින් එවක ජාතික ජනගහණයෙන් සියයට 10ක් පමණ වූ ඉන්දීය සම්භවයක් සහිත වතු කම්කරු ජනයාගේ ඡන්දය දීමේ අයිතියට අදාල වන ඔවුන් මෙරට පුරවැසියන් නොවේය යන තීන්දුව ගන්නා ලදී. එන්.එම් පෙරේරා, කොල්වින් ආර් ද සිල්වා වැනි නායකයන්ගේ වාමාංශික පක්ෂ හා තවත් ස්වාධීන සිංහල බෞද්ධ මන්ත්‍රීවරු කිහිප දෙනෙකු මේ අයිතිය උදුරා ගැනීමේ පනතට විරුද්ධව ඡන්දය භාවිතා කරද්දී ආණ්ඩුවේ ඇමති ධූරයක් දැරූ ද්‍රවිඩ සංගමයේ පී.ජී පොන්නම්බලම් ඊට පක්ෂ වීම ඉතිහාසය තුළ වෙනමම ආකාරයකට කියවා ගත යුතුය. කෙසේ වෙතත් ඉන් දශක කිහිපයකට පසුව ඔවුන්ගෙන් උදුරා ගැණුනු ඡන්ද අයිතිය දේශපාලන පොර පිටියේ බලය අල්ලා ගැනීමේ ප්‍රයෝගකාරී වැඩපිළිවෙලක කොටසක් ලෙස පුරවැසිකම ප්‍රදානය කරමින් අත් කර දුන්නද ඒ වනවිට වතුකර ජනයාගේ ජනගහණ සංයුතිය සිරිමා ශාස්ත්‍රී ගිවිසුම ප්‍රකාරව වෙනසකට භාජනය වී තිබුණේ ය. ඉන්දියානු සම්භවයක් සහිත ලාංකික දෙමළ ජනයාගෙන් සියයට 80ක් පමණ වතුකරයේ ජීවත් වන නමුත් එකී ගිවිසුම හේතුවෙන් ඉන් සැළකිය යුතු ජනගහණයක් නැවත ඉන්දියාව බලා සංක්‍රමනය වී තිබුණාහ. ලංකාව තවදුරටත් තමන්ගේ මව්බිම ලෙස සළකා මෙරට රැඳුණු පිරිස අතරින් සියයට 51.3ක් නුවරඑළිය දිස්ත්‍රික්කයේද, සියයට 18ක් බදුල්ල දිස්ත්‍රික්කයේද, සියයට 8.5ක් මහනුවර දිස්ත්‍රික්කයේද පදිංචිව සිටින අතර මාතලේ, රත්නපුර, මාතර හා ගාල්ල දිස්ත්‍රික්කවල වතු ආශ්‍රිතව සුලු පිරිසක් ජීවත් වෙති. පසුව වාමාංශික ව්‍යාපාරයෙන් හා ගුණසිංහගේ කම්කරු ව්‍යාපාරයෙන්ද මුක්ත වූ වතුකරයේ දේශපාලනය කලක් රජුන් තනන්නා ලෙස විරුදාවලී ලැබ සිටි සෞම්‍යමූර්ති තොණ්ඩමාන් විසින් ජේ.ආර් වෙත පවරා දෙමින් පුරවැසිකම හා ඡන්ද අයිතිය දිනා ගනු ලැබීය. 2012 වසරේ ජනසංගණන දත්තවලට අනුව 4.4ක් වූ වතුකරයේ ජනගහණය නියෝජනය කරමින් බදුල්ල හා නුවරඑළිය දිස්ත්‍රික්කවලින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 07 දෙනෙකුවත් පත් වීම නොවැළැක්විය හැකි වූ අතර ඌව හා මධ්‍යම පළාත් සභාවල අනිවාර්ය ඇමති ධූර දෙකක් සමග මන්ත්‍රී ධූර කිහිපයක් වතුකරය නියෝජනය කරන අපේක්ෂකයන් දිනා ගනී. එසේම මධ්‍යම හා ඌව පළාත්වල මෙන්ම සබරගමුව හා දකුණු පළාත්වල පළාත්පාලන ආයතන ඇතමක සභික ධූර දිනා ගැනීමේ අවස්ථාවද වතුකරයේ ජනයාට විවෘතව තිබේ. එහෙත් එහිදී වතුකරයේ ජනයා යනු හුදෙක් පුරුෂයන් මිස මේ දක්වා වචනයේ පරිසමාප්ත අර්ථයෙන් වතුකරයේ කාන්තාවක් ලෙස හැඳින්විය හැකි කිසිම ස්ත්‍රියක් ලංකාවේ පාර්ලිමේන්තුවට පත් ව හෝ ප්‍රධාන පක්ෂයකින් නාමයෝජනා ලබා දී නැත. පළාත් සභාවල තත්වයද එයම වෙද්දී හාවා හඳ දකින්නාක් මෙන් පළාත්පාලන ආයතනවල සීමිත අවස්ථා හිමි වීම පිළිබඳ ආයාසයෙන් සොයා ගත හැකි නිදර්ශන ඇත.

    ඒ කැමැත්ත ඇත්තක්ද

    වයෝවෘද්ධ වේලු අම්බිගා මාතාව වතුකරයේ කාන්තාවකි. කලක් වතු කම්කරු කතක ලෙස ජීවිකාව ගෙන ගිය ඇය දැන් හපුතල බණ්ඩාරවෙල මහා මාර්ගය ආසන්නයේ කුඩා එළවලු තට්ටුවක හිමිකාරියක් ලෙස වෙළඳාමේ යෙදෙයි. දේශපාලනයේ නිරත වීම නුහුරු අත්දැකීමක් ලෙස සළකන ඇගේ මතකයේ අන්දමට පසුගිය පළාත්පාලන මැතිවරණයේදී ඡන්දය ඉල්ලීම සඳහා කාන්තාවන් දෙතුන් දෙනෙකු පැමිණි අතර දෙමළ කතා කළත් ඔවුන් වතුකරයේ කාන්තාවන් නොවේ. පළාත් සභා ඡන්ද විමසීමකදී හෝ පාර්ලිමේන්තු මැතිවරණයකදී, කාන්තාවන් වතුකරය නියෝජනය කරමින් ඉදිරිපත් වීම තබා ක්‍රියාකාරීව දේශපාලනයේ නිරත වීම පවා ඇයට විමතියට හේතුවක් වනු නොඅනුමානය. “ලොකු පක්ෂ එක්ක එකතු වෙච්ච කාට හරි තමයි අපි ඡන්දය දෙන්නෙ. ඒ අය වෙනුවෙන් මහින්ද මහත්තයයි, සජිත් මහත්තයයි හපුතලේට ආවා. අපිට හිතා ගන්නවත් බැහැ ගැහැණු අය දේශපාලනේ කරන්නේ මොකටද කියලා. අපි ගෑණු, අපේ පිරිමි කියන විදියට අපි ඡන්දෙ දෙනවා” ඇය පවසයි.      පුෂ්පරාණි හපුතලේට නුදුරු වත්තක තේ දලු නෙළන්නියකි. ”ගෙදර එක්කෙනා කියන විධියට තමයි අපි ඡන්දෙ දෙන්නෙ. හැබැයි ඒකෙන් අපිට හොඳක් වෙන්නෙ නැති බවත් අපි දන්නවා. පහුගිය කාලෙ මගේ අර්ථසාධක වංචා කරලා තිබ්බා. ඒත් ඒ ගැන කතා කරන්නවත් අපිට කවුරුවත් නැහැ. අපිට පිරිමි ගාවට යන්න බැහැ. අනික කොහොමත් එයාලා ලොක්කො” ඇය පවසයි. පුෂ්පරාණි පෙන්වා දෙන අන්දමට වතුකරයේ දේශපාලන පක්ෂ යනු වෘත්තීය සමිතියයි. එහි නායකයෝ දේශපාලන නායකයෝ ය. ඔවුන්ගේ අනුක්‍රමික ධූරාවලිය ප්‍රකාරව සිටින නායකයන් නැතිනම් තලවර්ලා ඡන්දය දැමිය යුත්තේ කාටදැයි සිය අනුගාමිකයන්ට හා ඔවුන්ගේ බිරින්දෑවරුන්ට කියා දෙති.

    සංගීතා ඇන්තනී කුමාර්

    අධ්‍යාපන මට්ටම හා සමාජ මාධ්‍ය බලපෑම ආදිය මත තරුණ ජනගහණය අතර මේ තත්ත්වය වෙනස් වෙමින් පැවතියද බොහෝ තැන්වල පවතින වතුකර සම්ප්‍රදාය මෙයයි. සංගීතා ඇන්තනී කුමාර් බණ්ඩාරවෙල ජීවත්වන ඉංග්‍රිසි ගුරුවරියකි. ඇයට වතුකරයේ ගැහැණුන්ගේ ජීවන පීඩාවන් පිළිබඳ පුළුල් අත්දැකීම් ඇත. සංගීතා පෙන්වා දෙන අන්දමට 1949 දී අහිමි කෙරුණු ඡන්ද අයිතිය හා පුරවැසි කම නැවත ලැබුණද වතුකර ස්ත්‍රියට නිදහසේ ඡන්දය දීමේ අවස්ථාව හිමි වන්නේ නැත. “සමහරවිට ලංකාවෙ හැම ගම්බද ගැහැණියකගේම තත්ත්වය මේක වෙන්න පුලුවන්. එහෙම නැත්නම් සිංහල, මුස්ලිම් ගැහැණුන්ගෙ ඉරණමත් මේක වෙන්න පුලුවන්. ඒත් වතුකරයේදී තත්ත්වය තවත් බරපතලයි. ගැහැණු අය දෙවැනි පංතියේ වගේ. ඒකට බලපානව ගැහැණු ගැන තියෙන සාම්ප්‍රදායික ආකල්ප. ගැහැණු අයට ලැබිලා තියෙන අඩු අධ්‍යාපනය, ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය එහෙමත්. ඉතිං මොකද වෙන්නෙ දේශපාලන කණ්ඩායම් තලවර්ලා හරහා පිරිමින්ට දෙන පණිවිඩය එයාලා බලෙන් ගෙදරට ගේනවා. ඉතිං කාන්තාවෝ ගෙදර පිරිමි බලපෑම් කරන විදියට ඡන්දය දෙනවා” යැයි පවසන සංගීතා ඉතා වැදගත් කරුණක් අවධාරණය කරන්නීය. එනම්, වතුකරයේ ස්ත්‍රීය ඡන්දය භාවිතා කරන්නේ පිරිමින්ගේ වුවමනාවට නම් එය සැබෑ ජනමතය නිරූපණයක් ලෙස සළකන්නේ කෙසේද යන්නයි. “ඡන්ද දෙන පිරිමින්ගෙ වැඩපිළිවෙල ඇතුළෙ කාන්තාව ගැන සඳහනක් නැහැ. ගෑණුන්ගෙ වුවමනා ගැන බලන්නෙත් නෑ. සමහරවිට පිරිමින්ට අරක්කු දීලා ඡන්ද ගන්නවට ගෑණු කැමති නැහැ. ඒත් එයාලට වෙන කෙනෙකුට ඡන්දෙ දෙන්න බැරි විදිහට මානසික බලපෑම් වෙනවා නම් කොහොමද හැබෑ කැමැත්ත ප්‍රකාශ වුණා කියන්නෙ.

    තීරණ ගන්නේ පිරිමි

    මත විමසීමකට යොදාගත් නියැදියකින් සියයට හැට හතරක පිරිසක් ප්‍රකාශ කර තිබුණේ ස්ත්‍රීයට දේශපාලනය අනවශ්‍ය බවයි.  තවත් සියයට විසිතුනක් ප්‍රකාශ කර තිබුණේ පුරුෂයින්ගේ මතයට මුල් තැන දිය යුතු බවයි

    වතුකරයේ සමාජ ක්‍රියාකාරිකයෙකු වන පස්සර ඌව ශක්ති පදනමේ නඩේසන් සුරේශ් පවසන්නේ මෙම තත්ත්වයට හේතුව පුරුෂ මූලික වෘත්තීය සමිති ක්‍රියාකාරීත්වය බවයි. අවසන්වරට පැවති පළාත්පාලන මැතිවරණයේ සියයට විසිපහක අනිවාර්ය කාන්තා කෝටාවක් පැවතියද වතුකරය සම්බන්ධයෙන් එය සිහිනයක් වූ බව ඔහුගේ මතයයි. සුරේශ් පවසන්නේ වතුකරයේ ජනයා ඡන්දය දිය යුත්තේ කා හටදැයි තීරණය කිරීම පවා පුරුෂයන්ට අයත් කාර්යයක් වෙද්දී කාන්තාවගේ දේශපාලන සහභාගිත්වය යනු පුරුෂයන්ට වුවමනා අන්දමට ඡන්දය දීම පමණක් බවයි. එසේ වූ කල තමන් ඡන්දය ඉල්ලීම හෝ සක්‍රිය දේශපාලනයේ නිරත වීම අස්වාභාවික දෙයක් ලෙස කාන්තාවන්ටද පෙනෙනු ඇත. “දැන් මේකෙ අපි දකිනවා විශාල ගැටලුවක්. කෙනෙකුට කියන්න පුලුවන් ඇයි මිනිහා කියන පලියට ඡන්දෙ දෙන්නෙ. හැබැයි අපි මේ කතා කරන්නේ පුරුෂ මූලික සමාජයක ගැහැණිය ගැන. මේ මිනිස්සු ආවෙ දකුණු ඉන්දියාවෙ අන්තයටම පුරුෂ මූලික ගම්වල ඉඳලා. ඔවුන්ට තවම ඒකෙන් මිදෙන්න බැහැ. සිංහල ගම්වලදි කාන්තාවො මරණාධාර සමිති විදිහට හරි සංවිධානය වෙලා ඉන්නවා. වතුකරයේ තවම එහෙම නැහැ. කාන්තාවට දේශපාලන සාක්ෂරතාවය අඩුයි. ඒක ලබාදෙන වැඩපිළිවෙලක් නැහැ. දලු කඩමින් ඉද්දි කංගානි අහනවා උඹලා කාටද මේ පාර ඡන්දෙ දෙන්නෙ. ගැහැණු කාගෙ හරි නම කිව්වම උඹලා මගේ මලෛ මිනිස්සු. වැඩක් කරගන්න ඕන නම් අහවලාට ඡන්දෙ දීපල්ලා කියලා. තව කාරණයක් තියෙනවා හරිම වැදගත්. මේ මිනිස්සුන්ට තවම මැතිවරණයක වැදගත්කම තොරෙන්නෙ නැහැ. එයාලා ලියුම් කරදහිවලින් පුරවැසියො වුණ අය. උඹලට පුරවැසිකම, ඡන්ද අයිතිය, අයිඩෙන්ටිය, ගෙදරක් දෙනවා කියන පොරොන්දුවටයි ඡන්දය වෙන්දේසි කළේ. ඉතිං අර බල දේශපාලනයේ ගොදුරු වෙන්නෙ ගැහැණු. මේකෙන් වෙන්නෙ ඡන්දයේ හැබෑ ජනමතය යටපත් වීම” යනුවෙන්ද පවසන සුරේශ් පෙන්වා දෙන්නේ මැතිවරණයක පැවතිය යුතු සුපිළිපන්න ගුණය ඉන් අහෝසි වන බවයි. “අන්තිමට අපි දකින්නෙ විකෘති ප්‍රථිපලයක්. අපි පිළි ගන්නවා ඒක හරි කියලා. නමුත් දේශපාලන සාක්ෂරතාව නැති සමාජයක් එක්ක කරන සෙල්ලමකට වැඩි දෙයක් එතැන නැහැ.”

    නඩේසන් සුරේශ්

    මේ තත්ත්වය පිළිබඳව අප කළ විමසුමකදී නම හෙළි නොකළ මුල් පෙළ වෘත්තීය සමිතියක තලවර්වරයෙකු පැවසුවේ කාන්තාවන් සඳහා වෙන් වූ හෝ ඔවුන්ට මුල් තැනක් ලැබෙන දේශපාලන ව්‍යාපාර වතුවල නොමැති බවයි. එසේම තමන් පවා හිතන්නේ කාන්තාව කළ යුත්තේ නිවසේ වැඩ කිරීම මිස දේශපාලනය කිරීම නොවන බවද ඔහු අප හා පැවසුවේය. ඉන්දියාවේදී ජයලලිතා කළ දේශපාලනය ගැන  විමසූ කළ දෙන්නට පිළිතුරක් ඔහු වෙත නොවීය.

                ගනේෂන් මහාදේවන්

    නමුණුකුල වෙසෙන සමාජ ක්‍රියාකාරිකයෙකු වන ගනේෂන් මහාදේවන්ද මෙම ගැටලුව පිළිබඳ විවෘතව අදහස් දක්වන්නෙකි. උගත් තරුණියන් අතර පමණක් යම් තරමක වෙනසක් සිදුවෙන අන්දම දක්නට ලැබුණද ඔවුන්ද විවාහ වූ පසු පුරුෂයාට නතු විය හැකි බව ඔහු පෙන්වා දෙයි. “ඉස්සෙල්ලා මේ කාන්තාවෝ තමන්ගෙ ස්වාමි පුරුෂයා කියන විදියට ඡන්දෙ දුන්නා. දැන් ඉගෙන ගත්ත පුතෙක් ඉන්නවානම් එයා කියන විදියට ඡන්දෙ දෙනවා. වෙලා තියෙන වෙනස ඒක විතරයි” යැයි පවසන ඔහුගේද අදහස මැතිවරණයකදී සැබෑ ජනමතය නිරූපණය වන්නට මේ තත්ත්වය බාධාවක් බවයි.

    මේ වනවිට වතුකර  කාන්තාව යම් පමණකින් අධ්‍යාපනය ලබන්නට හෝ මාධ්‍ය ඔස්සේ දැනුවත් වන්නට හැකි පසුබිමක සිටියද තේ දල්ලට මෙන්ම පුරුෂයාටද යට වූ ඇයට තවත් කාලයක් පිරිමි පාර්ලිමේන්තු යැවීම සඳහා කතිර ගැසීමෙන් පමණක් සෑහීමට පත්වන්නට සිදු වනු ඇත. එවැනි පසුබිමක කළ හැක්කේ කුමක්ද යන්න අප විමසුවේ සුරේශ් නඩේසන්ගෙන් හා එන්.වී. මුණසිංහ ගෙනි. ඔවුන්ට අනුව කළ යුත්තේ වතුකර ජනයාට දේශපාලන සාක්ෂරතාව ලබාදීමයි. ඔවුන් පොරොන්දු දේශපාලනයෙන් මුදවා ගැනීම හා මැතිවරණයක ඉලක්කය රට පාලනය කරන පිරිස තෝරා ගැනීම මිස තොරොම්බල් තෑගි දෙන්නන් තෝරා ගැනීම නොවන බව කියා දීමද ඊට ඇතුළත් ය. එමෙන්ම කාන්තාවන් සංවිධානාත්මක ශක්තිය ඇත්තියන් බවට පත් කිරීමේ සිවිල් සංවිධාන කාර්යය වතුකරයට වුවමනා බවද ඔවුන්ගේ මතයයි.

    Facebook
    X
    Pinterest
    WhatsApp
      Previous articleCIR dialogue series #5: Ethics of Covid-19 media coverage in Sri Lanka
      Next articleClaiming undue credit: Do we owe politicians for just doing their jobs?
      Lasantha De Silva
      Lasantha De Silva
      Logo
      • About CIR
      • Events
      • Opportunities

      Center for Investigative Reporting (CIR) is Sri Lanka’s first investigative journalism center aimed at promoting excellence in investigative journalism within Sri Lanka and the South Asian region.

      Company

      • Contact Us
      • Terms of Use
      • Privacy Policy

      We are member of

      Newsletter

      Get important news delivered directly to your inbox and stay connected!

      Write to us - editor@cir.lk, cir@cir.lk

      2024 © All Rights Reserved. Center for Investigative Reporting

      Facebook
      Instagram
      TikTok
      Twitch
      X
      WhatsApp