රාවණා ඇල්ල රළු වෙයි – පුවත අසත්‍යයක්

මූලාශ්‍රය – monara.com

2024.ඔක්තෝම්බර්.12 දින පස්වරුවේ පළ කර තිබු මෙම පුවත අසත්‍ය පුවතකි. https://monara.com/sri-lanka/ravana-falls-becomes-rough

පුවතේ දැක්වෙන ආකාරයට බණ්ඩාරවෙල සහ ඒ අවට ප්‍රදේශවලට අධික වර්ෂාපතනයක් ලැබී නොමැති අතර රාවණා ඇල්ල රළු ස්වභාවයක් ගෙන ඇති බවක් දක්නට නොමැත.

මේ පිළිබඳව තවදුරටත් අප බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යාස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ඊ. එම්. එල්. උදය කුමාර මහතාගෙන් සිදු කළ විමසීමේ දී ඔහු සදහන් කළේ 2024 ඔක්තෝම්බර් 12 දින රාවණ ඇල්ල ජල පෝෂක ප්‍රදේශයන්ට සැලකිය යුතු මට්ටමක වර්ෂාපතනයක් ලැබී නොමැති බවත් ඇල්ල – වැල්ලවාය මාර්ගයේ ගල් පෙරළීමේ හෝ පස් කඳු කඩාවැටීමේ අවධානමක් පිළිබඳව මෙතෙක් කිසිදු තොරතුරක වාර්තා වී නොමැති බවයි. එමෙන්ම බදුල්ල දිස්ත්‍රික්කය සදහා ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් නිකුත් කළ  නායයෑම් අනතුරු ඇඟවීම් ද මේ වන විට ඉවත් කිරීම්ට කටයුතු කර ඇති බවයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඔක්තෝම්බර් 12 දිනට අදාලව අධික වර්ෂාවෙන් බලපෑමට ලක් වු දිස්ත්‍රික්ක ලෙස වාර්තා කර තිබුනේ කොළඹ, ගම්පහ, කළුතර, රත්නපුර, කෑගල්ල, ගාල්ල, කුරුණෑගල, මහනුවර, කිළිනොච්චිය, පොලොන්නරුව හා හම්බන්තොට යන දිස්ත්‍රික්ක කිහිපයයි.

මූලාශ්‍රය – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

කොළඹ, ගම්පහ, කළුතර, රත්නපුර, කෑගල්ල, ගාල්ල, කුරුණෑගල හා නුවර එළිය යන දිස්ත්‍රික්ක 08 ක් සදහා ආපදා කළමණාකරන මධ්‍යස්ථානය නායයාමේ  අනතුරු අගවා තිබුනත් එහිද බදුල්ල දිස්ත්‍රික්කය ඇතුළත් නොවේ.

මූලාශ්‍රය – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

කිසිසේත්ම සිදුව නොමැති කරුණක් මතුකර දක්වමින් පුවත් වාර්තා කිරීමෙන් ඇල්ල – වැල්ලවාය මාර්ගය භාවිතා කරන්නන් හා එම ප්‍රදේශයේ ජනතාව දැඩි අපහසුතාවට පත්වේ.  

මධ්‍ය කඳුකරයෙන් බටහිර ප්‍රදේශයන්ට මේ වන විට ලැබෙන අධික වැසි තත්ත්වය නිසා ආපදා තත්ත්වයක් මතුව තිබුණ ද මධ්‍ය කඳුකරයෙන් නැගෙනහිර පිහිටි ප්‍රදේශවලට එවැනි පීඩාකාරී තත්ත්වයක් මෙතෙක් වාර්තා වී නැත. අතිශය විවිධත්වයකින් සහිත භූ විෂමතාවක් ඇති ශ්‍රී ලංකාවේ කාළගුණ තත්ත්වයන් සහ ආපදා තත්ත්වයන් වාර්තා කිරීමේ දී නිසි අවබෝධයකින් යුක්තව නිවැරදි කරුණු වාර්තා කිරීම අතිශය වැදගත් වේ.

මේ අනුව 2024 ඔක්. 12 දින පස් වරුවේ මොණරා (Monara) පුවත්පතේ වෙබ් පිටුවේ පළ කර තිබූ පුවත  මහජනතාව නොමග යවන සුලු අසත්‍ය පුවතකි. හිමිකරුවකුද නොදක්වා ඒ සමග පළකර තිබු ඡායාරූපයද මීට වසර පහකට පෙර 2019 වසරේ ගනු ලැබූවකි.

මොණරා වෙබ් පිටුවේ පළ කර තිබූ ඡායාරූපය

අප කළ නිරීක්ෂණයන්ට අනුව පැහැදිළි වූයේ එම පුවතට අදාළව පළකර තිබූ ඡායාරූපය 2019 සැප්. 24 Daily Mirror වෙබ් පිටුවේ පළ කර තිබූ ඡායාරූපයෙන් සමීපව (zoom) ලබා ගත් කොටසක් බවයි.   https://www.dailymirror.lk/caption_story/Ravana-Ella-changes-colour/110-17502

එම ඡායාරූපයෙන් අප සමීප කර (zoom) ලබා ගත් ඡායාරූපය,  

   

Daily Mirror වෙබ් පිටුවේ පළ වූ පළමු ඡායාරූපය

2024 ඔක්තෝම්බර් 13 රාවණා ඇල්ල දර්ශනය වු අයුරු

2024 ඔක්තෝම්බර් 13 රාවණා ඇල්ල දර්ශනය වු අයුරු – ඡායාරූපය – අජිත් ඈපා

සංචාරක ආකර්ෂණය දිනාගත් ඇල්ල නගරයට දකුණු පළාතේ සිට ඇති පහසුම ප්‍රවේශ මාර්ගය  ඇල්ල – වැල්ලවාය මාර්ගයයි. කඳුකර ප්‍රදේශයක පිහිටා ඇති ඇල්ල – වැල්ලවාය මාර්ගය වසා දැමුවහොත් ඇල්ල ප්‍රදේශයට ළඟාවීමට පහසු විකල්ප මාර්ගද නොමැත. එවන් තත්වයක මෙලෙස වැරදි පුවත් පළකිරීම මහජන පීඩාවක් මෙන්ම සංචාරක ව්‍යාපාරයටද සිදුකරන්නේ අගතියකි.

මෙම පුවත හුදෙක්ම වර්තමානයේ දිවයිනේ විවිධ ප්‍රදේශයන්ට ඇදහැලෙන වර්ෂාව හා පවතින අයහපත් කාලගුණික තත්ත්වයන්ට සමගාමීව පුවත්පත වෙනුවෙන් මහජන ආකර්ෂණය ලබා ගැනීමේ අපේක්ෂාවෙන් යුතුව පල කරන ලද පුවතකි.  ඉහත අප සිදු කළ නිරීක්ෂණයට අනුව “රාවණා ඇල්ල රළු වෙයි: ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රිය ධාවනය පරිස්සමින්” යන ශීර්ෂයෙන් යුතුව ඉදිරිපත් කර තිබූ පුවත සහ ඒ සමග පළ කර තිබූ ඡායාරූපය මහජනයා නොමග යවන සුළු අසත්‍ය තොරතුරු බව පෙනී යයි.

Hot this week

After Sri Lanka’s gambling ban, state agencies sent conflicting signals, research finds

Speed Read TRCSL blocked 24 unlicensed gambling websites on 4...

Meet Our Trainers

We are happy to introduce our expert panel of...

Sri Lanka launches first major crackdown on offshore betting, expert call for broader enforcement

Speed Read Sri Lanka blocked access to 24 unlicensed offshore...

How Does Rising Heat in Asia Impact Your Organs?

.heat-story{ max-width:...

Displaced by disaster, Nepal’s Chepang community faces violence and human trafficking

Marginalized communities who were repeatedly displaced by floods and...

Topics

After Sri Lanka’s gambling ban, state agencies sent conflicting signals, research finds

Speed Read TRCSL blocked 24 unlicensed gambling websites on 4...

Meet Our Trainers

We are happy to introduce our expert panel of...

Sri Lanka launches first major crackdown on offshore betting, expert call for broader enforcement

Speed Read Sri Lanka blocked access to 24 unlicensed offshore...

Displaced by disaster, Nepal’s Chepang community faces violence and human trafficking

Marginalized communities who were repeatedly displaced by floods and...

Center for Investigative Reporting joins Global SafeBox Network

The Center for Investigative Reporting (CIR) Sri Lanka has...

The Easter Bombings: Anatomy of a State Failure

At 8:27 on the morning of April 21, 2019,...

Investigation exposes offshore betting networks thriving on Facebook despite Sri Lanka’s new gambling law

Speed Read: 10,813 Facebook records analyzed. Identified four betting-branded Facebook...

Related Articles

Popular Categories