ආයතන සහ ඒවායේ හිමිකරුවන් විමර්ශනය

සමාගම්/ ආයතන ගැන අධ්‍යයනය වෘත්තීය හෝ ආධුනික වේවා විමර්ශකයන්ට ඇති දැඩි අභියෝගයන්ගෙන් එකකි. අවාසනාවකට මෙන්, මේවායේ සැබෑ අයිතිකරුවන්ගේ අනන්‍යතාවය නීත්‍යානුකූලව සඟවා ගැනීමට අවස්ථාව තිබේ. සතුටුදායක කාරණය වන්නේ සමාගම් ගවේෂණය සඳහා විවිධාකාර ප්‍රවේශයන් තිබීමයි. මේ අතර ඇත්තේ,

· නොමිලේ පිවිසිය හැකි දත්ත පද්ධති

· දායකත්ව දත්ත දත්ත පද්ධති

· නිල වාර්තා

· ආයතනික වෙබ් අඩවි

· අධිකරණ වාර්තා

· අන්තර්ජාල සෙවුම්

අන්තර්ජාතික නිදහස් සම්පත්

ලාභ නොලබන කණ්ඩායම් ගණනාවක් විසින් සමාගම් රජයට ලබා දිය යුතු වාර්තා එක්රැස් කරයි. එවැනි නිල ආයතනික එකතු බොහෝ විට “ලේඛනාගාර (registries)” ලෙස හැඳින්වේ.

එවැනි ඉහළ මට්ටමේ එකතු කීපයක් පහත දැක්වේ:

OpenCorporates යනු මිලියන 150කට අධික සමාගම් පිළිබඳ තොරතුරු ඇතුලත් විවෘත දත්ත මූලාශ්‍රයකි. ඒ සඳහා ජාතික මට්ටමේ ව්‍යාපාර ලියාපදිංචි ලේඛන වලින් දත්ත ලබාගෙන ඇත. සමාගමක සංස්ථාපිත දිනය, එහි ලියාපදිංචි ලිපිනයන් සහ අධ්‍යක්ෂවරුන්ගේ සහ නිලධාරීන්ගේ නම් වැනි දේ එම දත්ත පද්ධතිය හරහා සැපයිය හැකිය. සමාගම් අතර ඇති සම්බන්ධතා පෙන්වා දීමට ද එයට හැකියාව ඇත. ආයතනික වැඩසටහන් පිළිබඳ දත්ත සමුදායක් ද මේ වන විට සකස් කරමන් පවතී.

සංවිධානාත්මක අපරාධ සහ දූෂණ වාර්තාකරණ ව්‍යාපෘතිය මගින් අනුග්‍රහය දක්වන විමර්ශනාත්මක දත්ත පුවරුව සතුව සමාගම් ද ඇතුළුව ලොව පුරා දත්ත මූලාශ්‍ර අයිතම මිලියන ගණනක් තිබේ. සෑම දත්ත සමුදායක්ම මහජනයාට පරිශීලනය කළ නොහැකි නමුත් පරීක්ෂා කළ හැකි බොහෝ දේ එහි තිබේ.

විමර්ශනාත්මක මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මුතිය (ICIJ) විසින් පවත්වා ගෙන යන Offshore Leaks දත්ත පද්ධතිය, අක්වෙරළ සමාගම් සහ භාර 785,000කට ආසන්න ප්‍රමාණයක් පිළිබඳ මුදා හැරුණු රහස්‍ය ලේඛන මත පදනම් වූ ආයතනික තොරතුරු දත්ත ගබඩාවකි. අක්වෙරළ සමාගමට, රටට හෝ යම් අධිකරණ බල ප්‍රදේශයකට අදාළ පුද්ගල නාම, සමාගම් සහ ලිපින මගින් මෙම දත්ත පද්ධතියේ සෙවුම් සිදු කළ හැක. පැනමා පත්‍රිකා මත පදනම්ව විමර්ශනාත්මක මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මුතිය විසින් ඉදිරිපත් කළ වාර්තාවන් පරිශීලනය බොහෝ රසවත් වනු ඇත. පැනමාවෙන් ඔබ්බට: ලොව රහස්‍ය අධිකරණ බල සීමාවන්ගේ දොරගුළු විවර කිරීම ද පරිශීලනය කරන්න.

ලෝක බැංකුවේ STAR (සොරකම් කළ වත්කම් ප්‍රතිසාධනය සඳහා වූ මුලපිරීම) වැඩසටහනට ඇතුළත් වන ප්‍රතිලාභ ලබා ගත් හිමිකරුවන් සහ වෙනත් අදාළ පාර්ශ්ව හඳුනා ගැනීමට ගත යුතු පියවර පෙන්වා දෙන රටවල් 23 ක් සඳහා වන ප්‍රතිලාභ හිමිකාරිත්ව මාර්ගෝපදේශ ප්‍රයෝජනවත් පසුබිම් තොරතුරු සපයනු ඇත.

වාණිජ මූලාශ්‍ර

සමාගම් සහ ආයතන පිළිබඳ පෞද්ගලික දත්ත පද්ධති බොහෝ ප්‍රමාණයක් ඇති නමුත් ඒවායින් වැඩි ප්‍රමාණයක් සඳහා ගාස්තු ගෙවා දායකත්වයක් ලබා ගැනීම අවශ්‍ය වේ. එහෙත් සමහර පුස්තකාල හරහා එවැනි දත්ත පද්ධති සඳහා නොමිලේ ප්‍රවේශය ලබා ගත හැකිය.

දීර්ඝ කාලීනව පවත්වාගෙන යන එක් දත්ත පද්ධතියක් වන්නේ D&B Hoovers ය. එයට අයත් නිදහස් වෙබ් අඩවිය මගින් එක්සත් ජනපදයේ සහ සමහර විදේශයන්හි පිහිටි සමාගම් දහස් ගණනක සරල විස්තර ප්‍රමාණයක් සපයයි. Nexis හි ද දායකත්ව සේවාව මගින් සවිස්තරාත්මක තොරතුරු ප්‍රමාණයක් සපයනු ලබයි.

දායකත්ව සේවාවන් සපයන වෙනත් ප්‍රධාන සංස්ථාපනයන් වන්නේ Arachnys, ORBIS, Bureau van Dijk, Bloomberg, PrivCo (එක්සත් ජනපද පුද්ගලික සමාගම් ව්‍යාපාර සඳහා මූලාශ්‍රයක්), Thomson Reuters, LexisNexis, සහ DueDil ය. සංවර්ධනය වෙමින් පවතින රටවල් කෙරෙහි වැඩි අවධානයක් සඳහා, Sayari බලන්න.

විවිධාකාර තොරතුරු මාලාවන් පිළිබඳ යම් අදහසක් ලබා ගැනීමට, හාවඩ් ව්‍යාපාර විශ්වවිද්‍යාලයය (Harvard University Business School) වැනි ව්‍යාපාර පිළිබඳ විශ්වවිද්‍යාලයන්හි පුස්තකාල වෙබ් අඩවි පරීක්ෂා කරන්න.

රජයේ නිල ලියාපදිංචි ලේඛන

බොහෝ විට සමාගම් සහ ආයතන රජයේ ලියාපදිංචි කිරීම අත්‍යවශ්‍ය වේ. එහෙත් බොහෝ විට ඒවා පිළිබඳ අවම සහ නොමඟ යවන තොරතුරු සහිතව ලියාපදිංචිය සිදු කර තිබීමට හැකිය.

එවැනි තොරතුරු හඳුනා ගැනීම සඳහා පරීක්ෂා කරන්න:

· Commercial-Register යනු ස්විස් පර්යේෂකයන් විසින් පවත්වාගෙන යනු ලබන ජාතික ලේඛන ලැයිස්තුවකි.

· එක්සත් රාජධානියේ සමාගම් නියාමනය සිදු කරන Companies House විසින් ද ලොව පුරා ඇති සමාගම් ලැයිස්තුවක් පවත්වාගෙන යයි.

සමහර විශාල ආර්ථිකයන් ආශ්‍රිත සම්පත් සංග්‍රහයන්

එක්සත් ජනපදය

සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව විසින් එහි EDGAR පද්ධතිය තුළ තොරතුරු, අනිවාර්ය ගොනු කිරීම් ඇතුළුව, එක්රැස් කරනු ලැබේ. එහි අන්තර්ජාල සෙවුම් පද්ධතිය හරහා සමාගමක ලියාපදිංචි නිවේදන, සංස්ථා ප්‍රකාශ, කාලාවර්තන වාර්තා, අවසන් ගිණුම් වාර්තා වැනි තොරතුරු පිරික්සා බැලීම සඳහා ඉඩ සලසයි. සමාගමේ විගණනය කරන ලද මූල්‍ය ප්‍රකාශන ඇතුළුව සමාගමේ ව්‍යාපාර සහ මූල්‍ය තත්ත්වය පිළිබඳ සවිස්තරාත්මක දළ විශ්ලේෂණයක් වන වාර්ෂික 10K වාර්තාවෙන් ගවේෂණය ආරම්භ කරන්න. EDGAR විසින් විදෙස් අයිතියක් සතු එහෙත් එක්සත් ජනපදය වෙත වරින් වර වාර්තා ගොනු කිරීමට අවශ්‍ය වන ජාත්‍යන්තරව ලියාපදිංචි සහ වාර්තාකරණ සමාගම්වල වාර්ෂික ලැයිස්තුවක් ද පවත්වාගෙන යයි.

බොහෝ ව්‍යාපාර ඩෙලවෙයාර් ප්‍රාන්තයේ සංස්ථාගත කර ඇත, එබැවින් ඩෙලවෙයාර් ආයතන අංශය විමර්ශනයක් ඇරඹීම සඳහා සුදුසු වනු ඇත. කෙසේ වෙතත්, ඒ මගින් ප්‍රතිලාභ ලැබෙන හිමිකරුවන් පිළිබඳ දත්ත රැස් නොකරන අතර, “සමාගම් සංස්ථාපනය කිරීමේ නියෝජිතයින්ට” නාමික අධ්‍යක්ෂවරුන් ලෙස ක්‍රියා කළ හැකිය. (Transparency International පැහැදිලි කිරීම බලන්න.)

රාජ්‍ය ලේකම්වරුන්ගේ ජාතික සංගමයට ඔබව සියලුම රාජ්‍ය වෙබ් අඩවි වෙත ගෙන යා හැක (ප්‍රාන්තයක් තෝරා ගැනීමෙන් පසු පහළින් කුඩා මුද්‍රණයෙන් “මාර්ගගත ව්‍යාපාරික සේවා” ලෙස දක්වා ඇත). එහිදී ඔබට කැලිෆෝනියා සංස්ථා සෙවුම සහ නිව් යෝර්ක් සංස්ථා සහ ව්‍යාපාරික ආයතන දත්ත ගබඩාව වැනි ස්ථාන වෙත සබැඳි සොයා ගත හැක. එක්සත් ජනපද රජයේ කොන්ත්‍රාත්කරුවන් මෙම සබැඳිය මගින් ලබා ගත හැක.

එක්සත් රාජධානිය

සමාගම් නිවස (Companies House) පහත දැක්වෙන සමහර විස්තර සපයයි:

· සමාගම් තොරතුරු, උදාහරණයක් ලෙස ලියාපදිංචි ලිපිනය සහ සංස්ථාපිත දිනය

· වත්මන් සහ ඉල්ලා අස්වූ නිලධාරීන්

· ලේඛන වල ඡායා සටහන්

· උකස් ගාස්තු දත්ත

· පෙර සමාගම් නම්

· බංකොලොත් තොරතුරු

කැනඩාව

SEDAR යනු 1997 ජනවාරි මස ආරම්භ වූ පොදු සමාගම් ලියාපදිංචි කිරීම් සඳහා වන කැනඩාවේ වෙබ් අඩවියයි.

ප්‍රංශය

Infogreffe මූලික සමාගම් තොරතුරු ප්‍රංශ භාෂාවෙන් නොමිලේ සපයයි.

ජර්මනිය

සමාගම් ලේඛනය විවිධ භාෂාවලින් නොමිලේ සෙවුම් කිරීමට ඉඩ සලසයි. එහෙත් සමහර ලේඛන සඳහා මුදල් වැය වේ.

චීනය

“ජාතික ව්‍යවසාය ණය තොරතුරු ප්‍රචාරණ පද්ධතිය” වෙත ප්‍රවේශ විය හැක. චීන දත්ත පරීක්ෂාව මගින් එක්රැස් කර ගත හැකි තොරතුරු පිළිබඳ විස්තරයක් මෙහි සඳහන් වේ.

වෙනත් මූලාශ්‍ර

වෘත්තීය පර්යේෂකයන් විසින් දිගින් දිගටම සිදු කරනු ලබන යෝජනා කිහිපයක් මෙන්න:

· සමාගම් නිලධාරීන් සහ අධ්‍යක්ෂවරුන් සොයන්න. ගෝලීය විමර්ශනාත්මක ජනමාධ්‍ය ජාලයේ 2017 සම්මන්ත්‍රණයේ ඉදිරිපත් කිරීමක් වන හිටපු සේවකයින් සොයාගැනීමේ ඇතුළත් ක්‍රම පරිශීලනය කරන්න.

· මාධ්‍ය වාර්තා සොයන විට, ව්‍යාපාර සහ විශේෂ වාර්තාකරණ වෙත අවධානය යොමු කරන්න. ඒවා සොයා ගැනීමට, Ulrich’s Periodicals නාමාවලිය හෝ වෙළඳ ප්‍රකාශන වැනි දායකත්ව සේවා වෙත ප්‍රවේශය ලබා ගැනීමට උත්සාහ කරන්න.

· සමාගමේ ලිපිනය සහ දුරකථන අංකය සොයා බලන්න.

· ආයතනික අනුග්‍රාහකත්වයන් යනු තොරතුරු සඳහා සැඟවුණු ප්‍රවේශ මාර්ගයක් විය හැක. එක්සත් ජනපදයේ, CitizenAudit, ProPublica හි Nonprofit Explorer, සහ Guidestar බලන්න. එක්සත් රාජධානිය සඳහා Open Charities සහ CharityBase බලන්න.

· පරිසර දූෂණය හෝ මිනිස් ජාවාරම පිළිබඳ ක්‍රියාකාරී රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධ කර ගනිමින් ඔවුන් සතුව ඇති තොරතුරු මොනවාදැයි සොයා බලන්න.

· Violation Tracker යනු එක්සත් ජනපදයේ ආයතනික විෂමාචාරය පිළිබඳ සෙවුම් යන්ත්‍රයකි.

සොයා බැලීමට සුදුසු තවත් නිල ආයතන

රජය සහ වාණිජ අංශය අතර අන්තර් ක්‍රියාකාරීත්වයක් සහිත සෑම අවස්ථාවකදීම පොදු විස්තර වාර්තාවක් ජනනය වීමට ඉඩ තිබේ.

රජය සමඟ සමාගමක අන්තර්ක්‍රියා සොයා බැලිය යුතු වෙනත් ස්ථාන පිළිබඳ යෝජනා කීපයක් පහත දැක්වේ.

· ඉඩම් අයිතිය – නම් සහ විස්තර

· ඉඩම් සංවර්ධනය – ගොඩනැගිලි, කලාපකරණය, විශේෂ බලපත්‍ර.

· පාරිසරික නියාමනය – විසර්ජන බලපත්‍ර, විමෝචන වාර්තා, බලාත්මක කිරීමේ ක්‍රියාමාර්ග.

· කම්කරු නියාමනය – වෘත්තීය ලියාපදිංචි කිරීම්, කම්කරු ආරවුල්.

· අධිකරණ වාර්තා – ආයතනය විසින් සහ ආයතනයට විරුද්ධව සිදු කෙරෙන නඩු පැවරීම්.

· මූල්‍ය නියාමනය – තොරතුරු ගොනු කිරීම් හෝ බලාත්මක කිරීම.

· බුද්ධිමය දේපල – පේටන්ට් බලපත්‍ර සහ වෙළඳ ලාංඡන ලියාපදිංචි කිරීම්.

· රජයේ කොන්ත්‍රාත් – ලංසු සහ ප්‍රදාන වාර්තා.

· රජයේ සහනාධාර – ගෙවීම් පිළිබඳ වාර්තා.

· දේශපාලන පරිත්‍යාග – බලධාරීන්ට ලැබෙන අනුග්‍රාහකත්වයන්.

· ලොබි ලියාපදිංචිය – බලපෑම පිළිබඳ හෙළිදරව් කිරීම්.

සමාගම ක්‍රියාත්මක වන්නේ කුමන ක්ෂේත්‍රයකදැයි සිතා බැලීම අදාළ තොරතුරු සොයා ගැනීමට හේතු පාදක විය හැක. ව්‍යාපාරයට බලපාන නීති සහ රෙගුලාසි මොනවාද සහ කුමන ලේඛන කටයුතු සම්බන්ධ ද යන්න සලකා බලන්න. මෙම සම්බන්ධතා ප්‍රදේශය සහ ව්‍යාපාර වර්ගය අනුව සුවිශේෂී ලෙස වෙනස් වනු ඇත. එහෙත් අවැසි තොරතරු සඳහා සුදුසු මඟ පෙන්වීම් සැපයිය හැකිය.

සමහර නිල ක්‍රියාමාර්ග හෝ නිල ක්‍රියාමාර්ග සඳහා වන ඉල්ලීම් රජයේ ප්‍රකාශනවල පිළිබිඹු විය හැකිය. යුරෝපය සඳහා රජයේ ගැසට් පත්‍රය වඩාත් හොඳින් ඉදිරිපත් කෙරෙන Open Gazettes බලන්න.

ගෝලීය විමර්ශනාත්මක ජනමාධ්‍ය ජාලය

Hot this week

The Diplomat, the Chameleon, the Bloodhound: Understanding Newsroom Personalities

Investigative journalists are a bit peculiar. Many of us...

Dilrukshi Handunnetti Delivers Presidential Address at MICC 2026

CIR Co-founder Dilrukshi Handunnetti delivered the Presidential Address at...

Shifting sands, sinking communities 

Beneath the Sands, published in 2023, is a collaborative...

Seven years later, Easter Sunday attack verdict brings long-awaited convictions

Speed Read Ending a five-year trial, a Colombo High Court...

Sri Lanka’s campaign finance law shows higher compliance but transparency lags

Speed read Sri Lanka’s campaign finance law has produced high...

Topics

The Diplomat, the Chameleon, the Bloodhound: Understanding Newsroom Personalities

Investigative journalists are a bit peculiar. Many of us...

Dilrukshi Handunnetti Delivers Presidential Address at MICC 2026

CIR Co-founder Dilrukshi Handunnetti delivered the Presidential Address at...

Shifting sands, sinking communities 

Beneath the Sands, published in 2023, is a collaborative...

Seven years later, Easter Sunday attack verdict brings long-awaited convictions

Speed Read Ending a five-year trial, a Colombo High Court...

Sri Lanka’s campaign finance law shows higher compliance but transparency lags

Speed read Sri Lanka’s campaign finance law has produced high...

Call for Applications: 2027 Ochberg Fellowships

Ends on Wed, Oct 21, 2026 2:30 AM The GCJT...

AI women, political deepfakes and Facebook’s failure

Colombo— What began as a disturbing experiment in manufacturing...

DBS Jeyaraj, remembering a journalist who kept truth alive

David Buell Sabapathy Jeyaraj (DBS) left behind more than...

Related Articles

Popular Categories