දේශපාලනඥයන් අයිති කාටද?

තරඟයක්, අපේක්ෂකයෙක් හෝ යම් වැඩපිළිවෙලක් පිළිබඳ වාර්තාවක් සකස් කරන විටදී බොහෝ විට අභියෝගය වන්නේ සත්‍ය ලෙසම අදාල මූලික අන්තර්ගතය කුමක්දැයි හඳුනාගැනීමයි.

පහත ප්‍රශ්නවලට පිළිතුරු දීමෙන් ඔබට බොහෝ විට ඔබේ ආරම්භ ගත හැකි වනු ඇත.

· ඉහළම දායකත්වය සපයන්නේ කවුද?

· කුමන ආකාරයේ අනුග්‍රාහකයන් සිටීද? ඔවුන් කුඩා පරිත්‍යාශීලීන් (පුද්ගලයින්) හෝ සංස්ථා, කම්කරු සංගම්, වෙළඳ ප්‍රජාවන්, විවිධ වෘත්තීන් විය හැකිය.

· මුදල් ලැබෙන්නේ යම් කර්මාන්තයකින් (උදාහරණයක් ලෙස ඖෂධ, නැව්ගත කිරීම) හෝ වෙනත් අයගෙන්ද?

· මුදල් ලැබෙන්නේ කොහෙන්ද? අපේක්ෂකයකුගේ අරමුදල්වලින් වැඩි ප්‍රමාණයක් ලැබෙන්නේ ඔහුගේ හෝ ඇයගේ මැතිවරණ කොට්ඨාශයට පිටතින්ද?

තමාගේම මුවින්

දේශපාලන මුදල් ලැබෙන්නේ කොතැනකින් ද යන්න පිළිබඳ අදහසක් ලැබුණු පසු, එය සම්මුඛ සාකච්ඡා සඳහා කාලයයි. ඊට ඇතුලත් විය හැකි පුද්ගලයන් විය හැක්කේ

· අපේක්ෂකයින් හෝ ඔවුන්ගේ ප්‍රචාරක නිලධාරීන්

· ප්‍රමුඛ අපේක්ෂකයින් වෙනුවෙන් ඉදිරිපත් වන කැපී පෙනෙන පරිත්‍යාගශීලීන්

· දේශපාලන විද්‍යාඥයින් – ජාතික මට්ටමේ පුද්ගලයන් හෝ ප්‍රාදේශීය දේශපාලනයේ ප්‍රවීණයන් විය හැක

· වත්මන් ගැටළු සම්බන්ධයෙන් අදහසක් ඉදිරිපත් කළ හැකි හිටපු දේශපාලනඥයන්

රැවටිලි සහගත තත්ත්වයන් සහ දැනුවත් විය යුතු වෙනත් දේ

පරිත්‍යාගශීලීන්ගේ සිට දේශපාලඥයින් දක්වා පමණක් නොව බලධාරීන් එකිනෙකා අතරද දේශපාලන පරිත්‍යාග බොහෝ විට ගලා යන්නේ අනපේක්ෂිත ආකාරයන්ගෙනි. එමෙන්ම මුදල් අනිවාර්යයෙන්ම දේශපාලකයාගේ ගෙදරින් ගෙනෙන්නේ නැත. එය අන්තර්ජාතිකව හෝ වෙනත් ඕනෑම තැනක සිට පැමිණිය හැකිය.

· දේශපාලකයන්ට බොහෝ විට තමන්ගේම සහචරයන් සහ දෙවන පෙළක් සිටින අතර ඔවුන් එකිනෙකාට මුදල් ලබා දෙයි. එය සැමවිටම පැහැදිලි, විවෘත සහායක් නොවේ. ඇසට හසු නොවන බොහෝ දේ ඇත.

· අනුග්‍රාහකත්වයන් සඳහා බොහෝ විට දේශපාලනඥයන්ගේ තනතුරු ස්වභාවය හා බැඳුණු රටාවන් දක්නට ඇත. ඔවුන් එකිනෙකාගේ රුචිකත්වයන් සංයෝජනය වන ආකාරය නිරීක්ෂණ කරන්න. සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ඖෂධ වෙළඳාම්, කෘෂිකර්මාන්තය සහ පළිබෝධනාශක වෙළඳාම, ඉදිකිරීම් සමාගම් සහ මාර්ග සංවර්ධනය.

· සෘජු සාක්ෂි නොමැතිව, දේශපාලනඥයෙකු පරිත්‍යාගයක් භාර ගැනීම මගින් ඔහුගේ හෝ ඇයගේ ඡන්දය මිලට ගෙන ඇති බව ඔබට පැවසිය නොහැක. සම්බන්ධතා පෙන්වා දීම එක් දෙයක්, නිගමනයන්ට එළඹීම තවත් දෙයක්.

වාර්තාකරණයන් සඳහා ඉඟි

“දේශපාලනයේ මුදල්” ගැන කතා ඩොලර් සහ රුපියල් මත රඳා පවතී. නමුත් මිනිසුන් – දේශපාලනඥයන්, විශාල අනුග්‍රාහකයන්, ඡන්ද දායකයින් – ඕනෑම බලගතු දේශපාලන කතාවක අත්‍යවශ්‍ය අංගයක් බව අමතක නොකරන්න.

මතක තබා ගත යුතු තවත් දේ

· ඉලක්කම්වලට ජීවය දීමට නම් ඒවා විස්තරාත්මකව ඛණ්ඩනය කරන්න. අපේක්ෂකයෙකු දිනකට කොපමණ මුදලක් රැස් කරන ලද්දේද? ප්‍රචාරක කටයුතු සඳහා දිනකට (අනෙකුත් සියළු වියදම් වලින්) කොපමණ මුදලක් වැය වේද?

· වාර්තාකරණය සරලව සිදු කරන්න. ඉලක්කම්වලින් ප්‍රේක්ෂකයින්ගේ මනස වෙහෙසට පත් නොකරන්න. ඡේද තුළ සඳහන් කරන සංඛ්‍යා උකහා ගැනීමට පාඨකයන්ට අපහසු බව මතක තබා ගන්න. සාමාන්‍යයෙන් ලැයිස්තුවක් ලෙස ගලපා ඉදිරිපත් කිරීම වඩාත් සාර්ථක වන්නේ එබැවිනි.

ගෝලීය විමර්ශනාත්මක ජනමාධ්‍ය ජාලය

Hot this week

The Diplomat, the Chameleon, the Bloodhound: Understanding Newsroom Personalities

Investigative journalists are a bit peculiar. Many of us...

Dilrukshi Handunnetti Delivers Presidential Address at MICC 2026

CIR Co-founder Dilrukshi Handunnetti delivered the Presidential Address at...

Shifting sands, sinking communities 

Beneath the Sands, published in 2023, is a collaborative...

Seven years later, Easter Sunday attack verdict brings long-awaited convictions

Speed Read Ending a five-year trial, a Colombo High Court...

Sri Lanka’s campaign finance law shows higher compliance but transparency lags

Speed read Sri Lanka’s campaign finance law has produced high...

Topics

The Diplomat, the Chameleon, the Bloodhound: Understanding Newsroom Personalities

Investigative journalists are a bit peculiar. Many of us...

Dilrukshi Handunnetti Delivers Presidential Address at MICC 2026

CIR Co-founder Dilrukshi Handunnetti delivered the Presidential Address at...

Shifting sands, sinking communities 

Beneath the Sands, published in 2023, is a collaborative...

Seven years later, Easter Sunday attack verdict brings long-awaited convictions

Speed Read Ending a five-year trial, a Colombo High Court...

Sri Lanka’s campaign finance law shows higher compliance but transparency lags

Speed read Sri Lanka’s campaign finance law has produced high...

Call for Applications: 2027 Ochberg Fellowships

Ends on Wed, Oct 21, 2026 2:30 AM The GCJT...

AI women, political deepfakes and Facebook’s failure

Colombo— What began as a disturbing experiment in manufacturing...

DBS Jeyaraj, remembering a journalist who kept truth alive

David Buell Sabapathy Jeyaraj (DBS) left behind more than...

Related Articles

Popular Categories