මැතිවරණ හෙළිදරව් කිරීම් කරා

  • ප්‍රචාරණ ව්‍යාපාර, සිවිල් සමාජ සංවිධාන සහ නීතිය බලගැන්වීම වටා මානව මූලාශ්‍ර සංවර්ධනය කිරීම. ඔබ වෙනුවෙන් දත්ත විශ්ලේෂණය කළ හැකි පිරිස් හඳුනා ගන්න.
  • සමාජ මාධ්‍ය සහ දත්ත පද්ධති භාවිතා කරමින් අපේක්ෂකයින්ගේ මූල්‍ය සහ දේශපාලන සබඳතා විමර්ශනය කරන්න (ප්‍රයෝජනවත් වන දේශීය සහ විදේශීය දත්ත පද්ධති සොයන්න)
  • ජාත්‍යන්තර ඇඟිලි ගැසීම්, කලාපීය දේශපාලනික ලැදියාවන් සහ බලපෑම් වැනි මැතිවරණයට ඇති තර්ජන හඳුනා ගන්න. විශ්වාසදායක මූලාශ්‍ර මගින් අනතුරු හැඟවීම් සිදු කර ඇත්නම්, ප්‍රජාතන්ත්‍ර විරෝධී ප්‍රහාරයන් පිළිබඳ නිමිති පිළිබඳව සක්‍රිය පරීක්ෂාවක යෙදෙන්න.
  • අඛණ්ඩ සහ නිර්භීත දේශපාලන වාර්තාකරණයක් හරහා අකටයුතු නාදකයන් (whistleblowers) වෙතින් රහස්‍ය තොරතුරු ලබා ගන්න. එමෙන්ම, ලේඛන හුවමාරුව සඳහා Protonmail සහ සන්නිවේදනය සඳහා Signal ‌කේතනය කරන ලද මාධ්‍යයන් භාවිතා කිරීම මගින් තොරතුරු සපයන්නන්ගේ විශ්වාසය ඉහල නංවන්න.
  • ඔබ විමර්ශනය කරන ක්‍රියාව මගින් ජනිත කරනා දේශපාලන සංවාද, දුස්තොරතුරු සහ බලපෑම් විභවයන් පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම සඳහා සමාජ මාධ්‍ය සෙවුම් මෙවලම් (search tools) භාවිතා කරන්න.
  • ඔබ අනාවරණය කරන කරදරකාරී බලපෑම්කාරකයන් සම්බන්ධයෙන් වඩා හොඳ මූලාශ්‍ර හෝ ගැඹුරු අවබෝධයක් ලබා ගැනීම සඳහා ප්‍රවෘත්ති කාමර සහ ලාභ නොලබන ආයතන සමඟ සහයෝගයෙන් කටයුතු කරන්න. විමර්ශනාත්මක වාර්තාවන් සඳහා බොහෝ විට කණ්ඩායම් ක්‍රියාකාරීත්වය අවශ්‍ය වේ.
  • ශ්‍රී ලංකාවේ මැතිවරණ නීති, ව්‍යවස්ථාමය ප්‍රතිපාදන, මාර්ගෝපදේශ වැනි මැතිවරණ ආශ්‍රිත නීති සහ රෙගුලාසි පිළිබඳ පුහුණුවක් ලබා ගන්න. එමෙන්ම සිදුවිය හැකි නීති උල්ලංඝණයන් පිළිබඳ පරීක්ෂා කරන්න.
  • පුද්ගලයන් හමුවී සම්මුඛ සාකච්ඡා ලබා ගැනීම සඳහා ඇවිද යන්න. මැතිවරණ රැළි සහ පොදු සිද්ධීන් ආශ්‍රිත ප්‍රචාරණ කටයුතුවලට සමීප විය හැකි ඕනෑම අභ්‍යන්තර මූලාශ්‍රයක් – රියදුරන්, අරක්කැමියන් සහ ප්‍රචාරක ඡායාරූප ශිල්පීන් ඇතුළුව –  සටහන් කර ගන්න. ප්‍රචාරක කාර්ය මණ්ඩලය සමඟ කටයුතු කරන නුහුරු මුහුණුවල ඡායාරූප ලබා ගෙන ඉදිරි විශ්ලේෂණ සඳහා තබා ගන්න.
  • ක්‍රියාධරයන් හඳුනා ගැනීමට සහ ලුහුබැඳීමට විවෘත මූලාශ්‍ර (open-source) මෙවලම් භාවිතා කරන්න. ඔබේ මූලාශ්‍ර විසින් හඳුනා නොගත් බාහිර “මැතිවරණ උපදේශකයින්” සිටීදැයි බලන්න.
  • යම් විෂමාචාරයක් හේතුවෙන් මැතිවරණය වෙනස් වීමට ඇති හැකියාව හෝ මින් පෙර පැවති අන්තර්ජාතික මැතිවරණ වලදී සමාන උපක්‍රම මගින් මැතිවරණය විකෘති වූ ආකාරය නිරූපණය කිරීමට විශේෂඥයින් සහ දත්ත විශ්ලේෂකයින් අමතන්න.
  • මැතිවරණයකදී විශාල හෙළිදරව්වක් සඳහා, ඔබට කිසිදු දත්ත ගබඩාවක සොයාගත නොහැකි ප්‍රාථමික තොරතුරු ලබා ගැනීමට හොඳින් ස්ථානගත කර ඇති මානව මූලාශ්‍රයක් හෝ සැඟවුණු තොරතුරු/ දත්ත නොදැනුවත් අනාවරණය වීමක් (leak) අවශ්‍ය වේ.
  • අදාල දත්ත සත්‍යාපනය කිරීමට සහ තවදුරටත් ගවේෂණය කිරීමට සහ පුද්ලයන් මත පරායත්ත වීම වලක්වාලන මෙවලම් භාවිතා කිරීමට ඔබට සිදු වනු ඇත.
  • මුදා හැරණු රහස්‍ය තොරතුරු වාර්තාකරුවන් අතට පත් වන්නේ කෙසේද? ඩිජිටල් පියසටහන් නොකෙරෙන බැවින් රහස්‍ය තොරතුරු ‌පෞද්ගලිකව හුවමාරු කර ගැනීම වඩාත් සුදුසු වේ. එහෙත් එම තොරතුරු සෘජුව ලබා ගැනීමේදී ඔබගේ මූලාශ්‍රය උවදුරකට හෙලීමට ඉඩ ඇති බැවින් තොරතුරු ඔබ විසින්ම ලබා ‌නොගෙන අතරමැදියෙකු හරහා ලබා ගැනීමට සැලකිලිමත් වන්න.

ගෝලීය විමර්ශනාත්මක ජනමාධ්‍ය ජාලය

Hot this week

The Diplomat, the Chameleon, the Bloodhound: Understanding Newsroom Personalities

Investigative journalists are a bit peculiar. Many of us...

Dilrukshi Handunnetti Delivers Presidential Address at MICC 2026

CIR Co-founder Dilrukshi Handunnetti delivered the Presidential Address at...

Shifting sands, sinking communities 

Beneath the Sands, published in 2023, is a collaborative...

Seven years later, Easter Sunday attack verdict brings long-awaited convictions

Speed Read Ending a five-year trial, a Colombo High Court...

Sri Lanka’s campaign finance law shows higher compliance but transparency lags

Speed read Sri Lanka’s campaign finance law has produced high...

Topics

The Diplomat, the Chameleon, the Bloodhound: Understanding Newsroom Personalities

Investigative journalists are a bit peculiar. Many of us...

Dilrukshi Handunnetti Delivers Presidential Address at MICC 2026

CIR Co-founder Dilrukshi Handunnetti delivered the Presidential Address at...

Shifting sands, sinking communities 

Beneath the Sands, published in 2023, is a collaborative...

Seven years later, Easter Sunday attack verdict brings long-awaited convictions

Speed Read Ending a five-year trial, a Colombo High Court...

Sri Lanka’s campaign finance law shows higher compliance but transparency lags

Speed read Sri Lanka’s campaign finance law has produced high...

Call for Applications: 2027 Ochberg Fellowships

Ends on Wed, Oct 21, 2026 2:30 AM The GCJT...

AI women, political deepfakes and Facebook’s failure

Colombo— What began as a disturbing experiment in manufacturing...

DBS Jeyaraj, remembering a journalist who kept truth alive

David Buell Sabapathy Jeyaraj (DBS) left behind more than...

Related Articles

Popular Categories